සිංහල ගීත පද මාලා....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
    පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
    නද - ප්රේමසිරි කේමදාස
    හඬ - අමරසිරි පීරිස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිත සැලුනා


    ඇය හද ගැස්මේ සඟවා..
    සිහිනයකට පෙම් කරලා..
    දුක විතරක් තුරුලු කරන්..
    ඔහු යනවා ඈ සොයලා...//

    නුඹ වේ..මා හිමි කාරියේ..
    නුඹ වේ...මා පැතු ලෝකයේ..
    නුඹ වේ..මා දුටු සිහිනයේ..
    නුඹ වේ ..මගෙ මුලු ජීවිතේ...

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    ඔය දෙතොලෙ ආදරෙන්.. සිප ගන්න දැවටෙන්න..
    පැහැදුල් නුවන් සඟලේ..මට ඉන්න ඉඩ දෙන්න..
    සියපතක පෙති අතරේ.. දැනෙන සුව විඳ ගන්න..
    කවදාද ඔබ එන්නේ...මගෙ හිතට සැනහෙන්න..

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    • Artists- Udaya, Amila & Ishan ft Thusith
    • Album- Roosiri (Centigradz)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිත සැලුනා


    ඇය හද ගැස්මේ සඟවා..
    සිහිනයකට පෙම් කරලා..
    දුක විතරක් තුරුලු කරන්..
    ඔහු යනවා ඈ සොයලා...//

    නුඹ වේ..මා හිමි කාරියේ..
    නුඹ වේ...මා පැතු ලෝකයේ..
    නුඹ වේ..මා දුටු සිහිනයේ..
    නුඹ වේ ..මගෙ මුලු ජීවිතේ...

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    ඔය දෙතොලෙ ආදරෙන්.. සිප ගන්න දැවටෙන්න..
    පැහැදුල් නුවන් සඟලේ..මට ඉන්න ඉඩ දෙන්න..
    සියපතක පෙති අතරේ.. දැනෙන සුව විඳ ගන්න..
    කවදාද ඔබ එන්නේ...මගෙ හිතට සැනහෙන්න..

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    • Artists- Udaya, Amila & Ishan ft Thusith
    • Album- Roosiri (Centigradz)

    11.gif
    11.gif
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා //

    ගහ කොළද මල් පිපේ

    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ

    දුක හාදු දෙන...


    නන්නාදුනන ලෙසේ

    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    දුක හාදු දෙන...


    ගායනය.... ගුණදාස කපුගේ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න //

    අතින් අතට යන යෙහෙළියනේ

    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා එය කෙලසන්න

    අප ජීවිතයේදී හැම මොහොතක්

    විමසිලිමත් වෙන්න
    නිසසල දිය ඇළ මතුපිට ලස්සන
    නොව ගැඹුරක් දන්න
    ආදරේ කරන්න පෙර යහළුව
    දෙවතාවක් සිතන්න

    යුවතියකට ඔබ.....


    ගායනය.... Billy Fernando

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දිනෙක රන් සළු පළදා
    සඳ නැගි මේලාවෙන්
    පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
    පෙම් දොලාවෙන් //

    ඇසුරු කළ කම්පන හා සැනිසිලි පස මිතුරු

    ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
    නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
    සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු

    දිනෙක රන් සළු....


    වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා

    පවස සන්සිදවන ලෙස දිය උල්පත් හරවා
    පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
    ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

    දිනෙක රන් සළු....


    ගායනය....මිල්ටන් මල්ලවාර්ච්චි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ආයෙත් මෙනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් කියන්නේ නෑ ආයේ
    ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
    ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

    කුලීගෙදර තාමත් මට හෙවනයි

    තනිකම සින්නක්කර නිවනයි //
    නුඹ ලැබුනානං නෑ මේ ලෙඩ දුක්
    කසාය නොව මං අද බොන්නේ සරුවත්

    ආයෙත් මෙනවත්....


    කලදක්වත් තෙත් නොවූ හිතක් ගැන

    කප්පරකට පැතු උතුම් පැතුම් //
    පලදෙන්නේ නැති එක සත්තයි දැන්
    ඔයින් ගියා ඇති රසබර ආල කෙරැම්

    කසාය නොව මං අද බොන්නේ සරුවත්

    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
    නුඹට ලියූ හොර ලියුම් අපරාදේ
    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

    සංගීත් විජේසූරිය

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......


    ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් ..//
    පෙම්පත් පොතින් පොතට යන්නා
    ලයිෂන් තියෙන නිසා ජවුසන් නටන නිසා
    සිකුරුටි අහක බලා ඉන්නා


    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......

    බාගෙට සැලුම් දොරින් රින්ගා.......

    මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ.....//
    එකපිට එකපිට හී විදිනා
    සිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා
    ටියුෂන් පුවත අසන් සොදිනා....

    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......

    බාගෙට සැලුම් දොරින් රින්ගා.......

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    පායන සදේ සීතල රැයේ
    පෝය වගේ හිනහෙන්නේ
    නාදෙට නුබේ සැලුනා මගේ
    හර්දේ නුඹටයි පූජා කලේ


    රංගන රගනා උකුලේ සැලෙනා
    තාලෙට නැලවෙයි මා හර්දේ
    හීපද සීපද තාලෙට නටනා
    මා මන බැන්දේ ඒ හින්දා


    පායන සදේ සීතල රැයේ
    පෝය වගේ හිනහෙන්නේ....


    හංස වෙසින් නුඹ රගනා විලාසේ
    ඉවසිලි නෑ මගෙ හිත මැණිකේ


    හංස වෙසින් නුඹ රගනා විලාසේ
    ඉවසිලි නෑ මගෙ හිත මැණිකේ
    කන්න අදින්නට දෙන්නම් සදා මං
    නවතාපන් නුඹෙ නැටුම නගේ


    පායන සදේ සීතල රැයේ
    පෝය වගේ හිනහෙන්නේ....


    ලස්සන නුඹෙ රූප ස්භාවේ
    මට විතරක් නම් මගෙ මැණිකේ...


    ලස්සන නුඹෙ රූප ස්භාවේ
    මට විතරක් නම් මගෙ මැණිකේ
    රංග සභාවට යන්න එපා නුඹ
    මට විතරයි ඔය නැටුමෙ අගේ


    පායන සදේ සීතල රැයේ
    පෝය වගේ හිනහෙන්නේ
    නාදෙට නුබේ සැලුනා මගේ
    හර්දේ නුඹටයි පූජා කලේ


    රංගන රගනා උකුලේ සැලෙනා
    තාලෙට නැලවෙයි මා හර්දේ
    හීපද සීපද තාලෙට නටනා
    මා මන බැන්දේ ඒ හින්දා


    පායන සදේ සීතල රැයේ
    පෝය වගේ හිනහෙන්නේ....


     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......


    ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් ..//
    පෙම්පත් පොතින් පොතට යන්නා
    ලයිෂන් තියෙන නිසා ජවුසන් නටන නිසා
    සිකුරුටි අහක බලා ඉන්නා


    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......

    බාගෙට සැලුම් දොරින් රින්ගා.......

    මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ.....//
    එකපිට එකපිට හී විදිනා
    සිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා
    ටියුෂන් පුවත අසන් සොදිනා....

    බාගෙට සැලුම් දොරින් රින්ගා
    නාගෙන ඕඩිකොලොන් රුන් ගා
    එක්තැම් ගෙවල් වලින්
    ඉරිදට පියාබනා ටියුෂන්
    කුමාරියෝ සොයනා.......

    බාගෙට සැලුම් දොරින් රින්ගා.......

    :rolleyes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල් පෙරහැර එන්නා සේ හිදිමී
    ඔබ මහද පුරා ඇවිදින සුව විදිමි
    ගැල් පෙරහැර යන්න සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විදිමී
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති
    යලි හිත හදා ගමි සදහට පතා එමී
    හබා එමී සදා ඔබම පතමි


    නිල් තරු බිම වැටිලා සේ දුටිමි
    ඔබෙ නෙතු සගලේ එලි සේරම දුටිමි
    නිල් එලි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි


    සද රැජිණිය වඩිනා සේ දුටිමි
    හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
    පෙරහැර මා හැරගිය බව දුටිමි
    ඔබ මා ලග නැවතී ඇතිබව දුටිමී
    ඒ සැප නිමක් නැති තාමත් පමා නැති
    ඔබෙ සිත බදා ගමි සදහට සිනා සෙමී
    සිනා සෙමි සදා ඔබම පතමි


    නිල් තරු බිම වැටිලා සේ දුටිමි
    ඔබෙ නෙතු සගලේ එලි සේරම දුටිමි
    සද රැජිණිය වඩිනා සේ දුටිමි
    හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී


    ගැල් පෙරහැර යන්න සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විදිමී
    පෙරහැර මා හැරගිය බව දුටිමි
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති
    යලි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමි
    හබා එමී සදා ඔබම පතමි


    මල් පෙරහැර එන්න සේ දුටුවා
    ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා
    පැරහැර මා හැරගිය බව දුටුවා
    ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා


    තන නා...................නේ.......................

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
    ආල හැගුම් මෝරන යාමේ
    පාළුවේ ආල හැගුම් මෝරන යාමේ //

    සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා
    තව මොහොතින් අදුර ගලාවී
    ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ
    මා තනිවී සිහින මවාවී

    මගේ පුංචි කුමාරි....

    රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී
    කල්ප සතක් මට දැනුනාවේ
    කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
    ඔබ නොලසා ඉන්න දයාවී

    මගේ පුංචි කුමාරි....


    ගායනය.... මිල්ටන් මල්ලවාර්ච්චි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මේ මැයි ලහ යට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතුකැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා

    මැයි මාසේ එක සැන්දෑ වරුවක

    සීතල වැහිපොද වැටෙන වෙලේ
    ආදර වියොවක් සිතින් එබෙන සඳ
    වැහැපෙද සේ නෙතු කඳුළු සැලේ
    වැහැපෙද සේ නෙතු කඳුළු සැලේ

    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ

    මැයි මල් පිපුණත් රකට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

    මේ මැයි ලහ යට.....


    ගායනය.... මිල්ටන් මල්ලවාර්ච්චි

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යලි දකින තුරා
    රැවි පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ
    යලි මගෙ සවනට වැටෙන තුරා
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරණ ඔබේ හිත

    මෙතරම් සැසෙලෙන්නැතුව ඇති
    ඔබෙ මගේ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන

    නොපීරූ පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි සිතා
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ භවය පුරා

    සිත්තම් කරමින් මනසේ....

    ගායනය.... දයාන් විතාරන