සිංහල ගීත පද මාලා....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නුඹ නාඬන් මල් බිසෝ
මම ඉන්නම් කෝලම් නට නට…
දොර නාරින් මල් බිසෝ
තනි වෙන්නම් මායම් කර කර…
හිත ගාවින් ඉන්නදෝ
ඔය ළමැදේ ගෝමර බල බල…
වැට මායිම් පැන්නදෝ
ඉඟ නෙරියේ පොටවල් ගැන ගැන…

රාං කුරුළු රෑනේ
මම වෙන්නද කුමාරයා…
වාං දමන සීතේ
දොළ දෙන්නම් කුසුම් තියා…
ජමනාරං ගහ පිටි පස්සට හිමිහිට ඇදෙන්න මගේ බිසෝ…
නුඹ තාමත් ගෙයි උළුවස්සට හේත්තු වීලද මගේ බිසෝ…

නුඹ නාඬන් මල් බිසෝ…

නුඹ නාඬන් මල් බිසෝ
මම ඉන්නම් කෝලම් නට නට…
දොර නාරින් මල් බිසෝ
තනි වෙන්නම් මායම් කර කර…
හිත ගාවින් ඉන්නදෝ
ඔය ළමැදේ ගෝමර බල බල…
වැට මායිම් පැන්නදෝ
ඉඟ නෙරියේ පොටවල් ගැන ගැන…

ගායනය - ක්‍රිශාන් (ඉන්ෆාස්)


 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
එක යායට මල් පීදුනු දුනුකේ
පාර දිගේ කනින් කනට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ...//

රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි…//
සුලං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට…

එක යායට…

ගොපළු කොලුගෙ බට නළාව
සංගීතය මවන අතර…//
දොළේ ගිහින් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට…

එක යායට…//….

ගායනය - සනත් නන්දසිරි


 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා…
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල තියා…
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා…
දෑත ළයේ බැඳ අවසන් ගමනද
සොඳුරිය මට නොකියාම ගියා…

දෑස් කවුළුපත් පළා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්…
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්…
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්…
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්…

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා…
දෑත් ළයේ බැඳ අවසන් ගමනද
සොඳුරිය මට නොකියාම ගියා…

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ…
ඊයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ…
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එකහිත් ඇත්නම්
වී අප ඉපදෙමු එකට ප්‍රියේ…

එදා මෙදා තුර…

ගායනය - සනත් නන්දසිරි

 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
රිදී තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවෙ
නුඹයි ලඳේ…

රන් මීවිත පුරවා…

තිසරුන් පිරී
වන විල් සැදී
පැවසූ හැඟුම් ආදරේ…//
සිසිලේ වෙලී
පවනේ ඇදී
පණ මෙන් බැඳී
මා හා රැඳේ…

රන් මීවිත පුරවා…

කඳුලේ වෙලී
අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ…//
සඳකැන් රිදී
තෙරපී රැඳී
ගෙන යා නොහී
වැතිරී හිඳී…

රන් මීවිත පුරවා…

ගායනය - මර්වින් පෙරේරා

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි

    රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
    කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි


    දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
    ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි

    බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
    පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි

    බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
    හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි



     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    [FONT=&quot]රාණි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුකර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජී[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]වාගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලාලා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]රීමික්ස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෝක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දමන්නා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]
    I Pod [/FONT][FONT=&quot]ගෙනල්ලා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Lap Top[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලාලා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Facebook [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිදල්ලා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කාලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙවීලා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ලෝකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැරීලා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]රීමික්ස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොරක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවිල්ලා[/FONT][FONT=&quot].....[/FONT]


    :D:rofl:
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ආදර මධුර අතීතේ
    ඔබයි සංගීතේ
    මගේ හද මන්දීරේ මේ…
    රසවන්තී මිහිරී…//

    ආදර මධුර අතීතේ…

    පැතුම් විලේ කුසුම් පිපේ
    සුසුම් මැදින් ආදරයේ…
    ශෘංගාර මධුලෝල ජීවනයේ…//

    ආදර මධුර අතීතේ…

    සැලෙන බඳේ එතෙමි ලඳේ
    මිහිර පතා ආදරයේ…
    චලලෝචනී ප්‍රේම ආකරයේ…//

    ආදර මධුර අතීතේ…//

    ගායනය - එච්. ආර්. ජෝතිපාල

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ආදරයෙන් මා හදවත එතෙන ලතා
    ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා…//

    දිගින් දිගට නිල් වරලස මුදන්නියා
    නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා
    රුවින් රුවට විලි නෙත් සිත් බඳින්නියා
    දොරින් දොරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා…

    ආදරයෙන්…

    පාන්දරින් මල් පිපෙනා බඹරු දනී
    සිහින් තුසර පිනි වැටෙනා අහස දනී
    සෙමින් විහඟ ගී මැවුනා පවන දනී
    නුඹට බැදුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී…

    ආදරයෙන්…//

    ගායනය - අබේවර්ධන බාලසූරිය[FONT=&quot]

    [/FONT]

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ආදරයෙන් මා හදවත එතෙන ලතා
    ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා…//

    දිගින් දිගට නිල් වරලස මුදන්නියා
    නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා
    රුවින් රුවට විලි නෙත් සිත් බඳින්නියා
    දොරින් දොරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා…

    ආදරයෙන්…

    පාන්දරින් මල් පිපෙනා බඹරු දනී
    සිහින් තුසර පිනි වැටෙනා අහස දනී
    සෙමින් විහඟ ගී මැවුනා පවන දනී
    නුඹට බැදුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී…

    ආදරයෙන්…//

    ගායනය - අබේවර්ධන බාලසූරිය[FONT=&quot]

    [/FONT]

    :yes::yes::yes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ආදරේට හාදුවක් තරම්
    ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්
    ජීවිතයේ පළමු පෙම තරම්
    කාටත් නෑ මතක් වෙන යමක්…//

    පාසල් ප්‍රේමය සනාතන
    මතකය සිහි වේවි සුන්දර
    තාමත් හදවතේ ගැඹුරෙම
    කුළුඳුල් ප්‍රේමයයි පෙම්බර…//

    ආදරේට හාදුවක් තරම්…

    නෑඹුල් නාඹර අතීතෙක
    හසරැලි හමු වේවි මල්බර
    කාගෙත් යෞවනේ සිහිනය
    කුළුඳුල් ප්‍රේමයයි සුන්දර…//

    ආදරේට හාදුවක් තරම්…//

    ගායනය - සතිෂ් පෙරේරා


     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අදින් පසුව නෑ අප හමු වන්නේ
    මේ අවසන් දිනයයි…
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිම වෙයි…

    අදින් පසුව නෑ…

    වරද මගේදැයි වරද ඔබේදැයි
    නොඅසමි ඔබගෙන් මතු දවසේ…//
    එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
    නන්නාඳුනනා අය විලසේ…

    අදින් පසුව නෑ…

    කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
    සියල්ල නිම වන මේ මොහොතේ…//
    පිසින්න අවසර දෙන්න ලඳේ මට
    අවසන් කඳුලත් ඔය දෙනෙතේ…

    අදින් පසුව නෑ…//

    ගායනය - පුන්සිරි සොයිසා




     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඈත එපිට ගම්මානෙන් නැඟ එන
    බට ලී හඬ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතු වෙද
    ඇය නිදි නොමැති පැලේ…

    ඈත එපිට…

    මළානිකව හඳ එළිය ගලා එන
    අම්බලමක හෙවනේ…//
    බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
    දැල්වෙන එළිය බඳේ…

    ඈත එපිට…

    වේදනාව නෙතු අගට ගලාලා
    ඉකි ලන නිහඬ රැයේ…//
    නීල නුවන් තරු කැට බොඳ වෙනවා
    කාටත් හොර රහසේ…

    ඈත එපිට…

    ගායනය - සනත් නන්දසිරි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී
    ඈ මට හමු වූවා…
    සුපිපුනු වන මල් සුවඳ හමද්දී
    ඈ මට හමු වූවා…

    ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී

    රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී…//
    හිරු අවරට ඇදුනා…
    පාළුව තනිකම රජයන විටදී…//
    ඈ මට හමු වූවා…

    ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී
    ඈ මට හමු වූවා…
    ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී…

    සුසිනිඳු සළුවක් සුලඟට ඇඹරී…//
    රහසක් මට කීවා…
    සුදු මුදු වැල්ලේ සිටියදි තනි වී
    ඈ මට හමු වූවා…

    ඇවිළුනු ගිනි දැල්…

    ගායනය - සනත් නන්දසිරි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලඳේ…

    බමරෙකු වන්නට නොහැකිව ලතවෙන
    මා අබියස ඔබ නෙළුම නොවේ…
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අබියස ඔබ සයුර නොවේ…

    අවසර නැත මට…

    ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
    බැරි කම මිස ඔහු සිහින ලොවේ…
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ…

    අවසර නැත මට…

    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි උනාද මේ දං දීපේ
    සිල් ගත්තා පිං කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ…

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වානේ…
    දැහැමි සිති පහන් තියා මහ බෝ සෙවනේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන්සරණේ…

    බුදුන් දැක නිවන් දකින්න…

    බාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
    කරුණා කෙරුවා පේවී මුනි සිරි පාදේ…
    සැදැහැ සිතින් නිවන් පතා දළඳා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ…

    බුදුන් දැක නිවන් දකින්න…

    ගායනය - චාමර වීරසිංහ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    දීපාවලී දාට දීපාවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන්…
    සිංහල හාලෙ බතට ආසම මාළු පිනි අරන්
    ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්…

    වෙඩි සද්දයට බයෙන් දරු කැක්කුමත් හිත දරන්
    මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්…
    දැන් ගිනි අඩු වෙලා ගිහින්
    පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්…

    කෝවිල ලඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
    නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්…
    දැන් තරහා නිවී ගිහින්
    තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්…

    දීපාවලී දාට…

    ගායනය - අසංක ප්‍රියමන්ත

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    දේවදාර ගස් අතරින්
    එබී බලන සඳවතියේ
    මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ…
    මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ…//

    පුංචි ළදැරියක වාගේ
    මා සුරතේ දැවටීලා
    ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා…//

    දේවදාර ගස් අතරින්…

    මියුරු සරින් ඈ මා හා
    තෙපලූ ඒ ප්‍රාර්ථනා
    සුළඟේ පා වී ගිය දා මා තනි වූවා…//

    දේවදාර ගස් අතරින්…//

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමු වේ නම්
    සිතැඟි ඉවසා වේදනාවෙන්
    ආදරේ මා පවසන්නම්…//

    බැඳි ආදරේ සඟවා හිතේ
    නොකියා මෙමා උන්නා…
    ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
    හඬනා හැඟුම් පෙන්නාලයි
    ආදරෙන් අමතා…

    දිනෙක මතුදා…

    ඉරණම් ලෙසින් වෙන් වී මගෙන්
    හෙට හෝ ඔබත් යාවී…
    තනි වූ මගේ පෙම් චේතනා
    මට රෑ රිදුම් දේවී හදේ
    පසුතැවී කඳුලේ…

    දිනෙක මතුදා…

    ගායනය - අබේවර්ධන බාලසූරිය

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    දුක කියන්න ඔබ මා ලඟ නෑ
    දුක අහන්න මම ඔබ ලඟ නෑ…
    කියන්න හිත ගොඩක් දේ ඇතී
    දකින්න පිං කලත් පව් ඇතී…

    හිනාව තොල් මත තියලා
    ගියාට කඳුලැල් පුරවා…
    සාප දෙන්න මට බැරුවා
    මුලු හදින්ම පෙම් කෙරුවා…

    දුක කියන්න…

    පාළොස්වක පෝය දාට
    හිනැහෙන සඳ හරි ලස්සන…
    මගෙ හිත අඬ අඬ ඉල්ලන
    පිංබර සෙනෙහස දෙනවද…

    දුක කියන්න…

    ගායනය - අජිත් මුතුකුමාරණ