සිංහල ගීත පද මාලා....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ගාළු කොටුවෙ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලා හිඳින්න…
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න…

ඈත එපිට ඉතිහාසෙන්
ප්‍රේම කතාවක් අරගෙන
ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න…
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න…

ගාළු කොටුවෙ…

හිරු මුහුදේ ගිලෙනා විට
රන්වන් පැහැ මද අඳුරේ
අත්වැල් බැඳගෙන සෙවනැලි වගේ හිඳින්න…
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න…

ගාළු කොටුවෙ…

ගායනය - කිංස්ලි පීරිස්


 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්…
මිණි පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්…//

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව සෝකයෙන් වැළපෙනවා…//
මං තාම මහා වැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා…

හන්තාන දෙසින් එන…

තනි වී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා…//
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
ඔබ හිඳිනු ඇතැයි නිකමට හිතෙනා…

හන්තාන දෙසින් එන…

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
කරදරයක් නම් මා නුඹ හට
අවසරයි ඉතින් සමුගෙන යන්න
යළි ඕනැ වුනොත් මගේ සෙනෙහස
අවසරයි මගේ ලඟ නවතින්න

අමනාප වුනත් නුඹ මා එක්ක
අමනාප වෙන්න බෑ නුඹ එක්ක…//
හැමදාම සෙනෙහසින් ලඟ ඉන්න
මට අවසර නැද්ද කියන්න…//

කරදරයක් නම්…

නුඹ ඈත ගියත් තව කා එක්ක
මට ඈත යන්න බෑ පලි ගන්න…//
ඔබ ගාව සෙනෙහසින් දැවටෙන්න
මට අවසර නැද්ද කියන්න…//

කරදරයක් නම්…//

ගායනය - සතිෂ් පෙරේරා



 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
කරඹ යායේ ලවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙලුම් පිපුනේ…//
නුඹ බලන්නයි අරුන්දතී…

කරඹ යායේ ලවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී

ඇල් හේන දෙපසේ මල් සුවඳ අතරේ
සහන් සුව දැනුනේ…
පූදින නා මල සේ මා
කෝමල හසරැලි පාලා
නුඹ නෙතු මුන ගැසුනේ…

කරඹ යායේ…

ගිනි අව්ව නිවිලා සිත සනසාලා
වසන්තයයි එන්නේ…
රන්වන් මාලා දාලා
රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ…

කරඹ යායේ…//

ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)


 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
කෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා…
මගෙ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා…

කිසිවෙකු කිසි විට
අදහන්නේ නැත ඔබ වැරදිය කියලා…
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා…

කෙසේ කියන්නද…

සෙනෙහස බිඳුනද
මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා…
මවිසින් ඔබ අත්හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා…

කෙසේ කියන්නද…

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි



 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මලින් බර වී වසන්තය මනරම්
නෙතු ඇඳි ගිය එක මලයි මට නම්
කියා ගන්නට සිතට නැහැ ඉවසුම්
මල වැලක අමුනා ඔබට ගෙන එන්නම්

හුදෙකලා බව දැනේ මට දැන් දැන්
බලන සැමතැන ඔබ මැවෙයි සිතුවම්
සිහින් වැසිදිය පොදක් වී වත්
ඔබ වෙතට එන්නට අනේ ඇත්නම්…

මලින් බර වී…

පුංචි සිහිනයෙ තියන් හැර යන්නම්
හදේ සිතුවිලි මුදා තනි වෙන්නම්
මේ සුසුම් හඬ ඇසෙනවා නම්
යන්නෙපා ඔබ මගෙන් මොහොතක් වත්…

මලින් බර වී…

ගායනය - සතිෂ් පෙරේරා

 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මලින් පිරී ගිය විසල් වනේ
පියා සලා යන කුරුල්ලනේ
මගේ ප්‍රියාදරි සොයා ගොසින්
හිතේ තියෙන දුක කියවු අනේ…

ඇය දැක ගන්නට පිබිදුනු නෙත් යුග
රෑ යාමෙත් නැහැ පියවෙන්නේ…
සිසිල තුරුළු කර එන මුදු මද නල
ඇයගේ සුවඳයි ගෙන එන්නේ…

මලින් පිරී ගිය…

කරල් කපන කල දර අහුලන කල
දිය ගෙන එන කල බඩවැටියේ…
පියුමෙහි හිර උනු බමරෙකු විලසට
මා ඇය ලඟ තනියට හිටියේ…

මලින් පිරී ගිය…

තෙල් මල් අරගෙන පෝ දින පන්සල්
ගිය හැටි මට දැන් සිහි වෙනවා…
අද ඔබ තැනකය මා තව තැනකය
මගෙ හදවත දැන් වැලපෙනවා…

මලින් පිරී ගිය…

ගායනය - එච්. ආර්. ජෝතිපාල


 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සිතින් අදිනවා ආපසු යන්න නොදී ..


    සිතින් අදිනවා ආපසු යන්න නොදී ..
    අස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකි
    යන්නම ඕනැ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ අයි එව්වේ අලුත් වේවි

    දුරත් දුකත් අමුනගෙන එක නුලේ
    ගෙනා දුරත් ඇති ඒකයි දුක් වෙන්නේ
    දුරින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මමත් මට නුඹ විතරයි වගේ

    හද ගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    සොයාගන්න තුරු ඉන්නවාද රහසින්
    තරු සිදුරක් නැ අහසට සඳ ඇවිදින්
    මගේ හිත ආයේ කොතනද අලුත් ඉරක්


    ගායනය: චන්දන ලියනාරච්චි
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සිතින් අදිනවා ආපසු යන්න නොදී ..


    සිතින් අදිනවා ආපසු යන්න නොදී ..
    අස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකි
    යන්නම ඕනැ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ අයි එව්වේ අලුත් වේවි

    දුරත් දුකත් අමුනගෙන එක නුලේ
    ගෙනා දුරත් ඇති ඒකයි දුක් වෙන්නේ
    දුරින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මමත් මට නුඹ විතරයි වගේ

    හද ගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    සොයාගන්න තුරු ඉන්නවාද රහසින්
    තරු සිදුරක් නැ අහසට සඳ ඇවිදින්
    මගේ හිත ආයේ කොතනද අලුත් ඉරක්


    ගායනය: චන්දන ලියනාරච්චි


    :yes::yes::yes::D
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මම නම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්…
    දෙනෙත පියාගෙන කියන්න මුමුණා
    එක වදනක් හෝ කෝල ලෙසින්…
    වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
    ඉර හඳ පමණයි කවදත් උන්නේ…

    මම නම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්…

    ඉඳුල් මගේ නෙත මුලින්ම නුපුරා
    මා හා හිනැහුනු අහිංසකාවී…
    අදත් එදා මෙන් දකින්න ඇත් නම්
    මට පෙම් කළ මුදු නිසංසලාවී…
    මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ
    පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ…

    මම නම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්…

    පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
    ලෝකය යනතක ගමනේ යද්දෙන්…
    පුංචි දැරිය යුවතියක උනාදෙන්
    මගේ බොලඳ හිත මට තිබුනාදෙන්…
    ලොවට බයේ ඇයි ජීවත් වන්නේ
    දුරින් නොවේ ඔබ ලඟයි හිඳින්නේ…

    මම නම් ආසයි…

    ගායනය - සනත් නන්දසිරි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මියුරුසරින් මං ගයනා කව් සීපද සින්දු
    අහං ඉන්න මල් එතනෝ මල් හී සර කැන්දු...//

    රෑ තුන් යම පැල්පත තුල නුඹ තනියෙන් ඉන්නේ
    හිතේ දුකට කියන කවිය තාමත් නෑසෙන්නේ…
    නෙතේ කඳුළු වැහි වැහැලා කම්මුල් රතු වන්නේ
    මුවේ සිනා මල් කැකුළක් කවදද මට දෙන්නේ…

    මියුරුසරින්…

    රනින් මාල නෑ ගෙල වට මුතු පොට පළඳන්නම්
    ඉනට හවඩි නැහැ බඳ වට සුදු මල් ගවසන්නම්…
    ඉහට වියන් නෑ තරු මල් වියනින් සරසන්නම්
    නවම් මහේ හඳපානේ කැන්දාගෙන යන්නම්…

    මියුරුසරින්…//

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    නාඹර ගොයමට රහස් කියාලා
    ළා හිරු හිනැහේ…කිරණ හලාලා…
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා…

    මගෙ පිය සටහන් අඳුනන ඔබෙ නෙත
    හිමිදිරියේ දුටු සුබ දසුනයි…
    කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
    ඔබ ගැන මතකය මද පවනයි…

    නාඹර ගොයමට…

    බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
    ගමේ කුඹුර මදහස පෙන්වයි…
    මංගල සිරියෙන් කරල් කපන දා
    හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි…

    නාඹර ගොයමට…

    ගායනය - ගුණදාස කපුගේ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඔබ මා හමු වුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී
    මගෙ ලඟ තනියට ඉනු මැනවී…//

    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල…//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී…//

    ඔබ මා හමු වුන…

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි…//
    සිතින් දරාගෙන මා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී…//

    ඔබ මා හමු වුන…

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පාට පාට හැන්දෑව වගේ පායා
    හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින්
    හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින්…

    ඔබෙන් දුටුව සෙනෙහස
    සිතුවමක සිර වෙලා…//
    ඉකිබිඳී රැය පුරා…//

    පාට පාට…

    අපෙන් වැටුනු කඳුලක
    මතකයක නැවතිලා…//
    නෙතු දෑල බොඳ වෙලා…//

    පාට පාට…

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පේරැස් මුද්ද දෙන්න පුංචි වැඩියි ඇඟිලි නුඹේ
    හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ
    හෝ පලු වනන්තරේ…////

    ඇවිදින් මාල ගිරවු වැඩපල ලඟට නුඹේ
    දන්නා තරම් සින්දු කියාවි වතුර වගේ
    ඒවයෙ තේරුම් නෑ කිසි පොත පතක අපේ…//

    පේරැස් මුද්ද දෙන්න…

    ලස්සන කුමාරයින් දොර ඇර හීන කඩේ
    හරි ලාබයි කියාවි පඩි දෙන දාට නුඹේ
    ඒ හැම ණයටයි පොලිය අපේ…//

    පේරැස් මුද්ද දෙන්න…

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පිපාසයට දොළකින් දිය බිඳක් ගත්තට
    හිතේ තියෙන ලෙංගතුකම අඩු වෙනවාද
    ඔබේ නමට හිතේ පිපුනු ඒ පෙම් කුසුම
    තාමත් පෙර ලෙසමයි එහි නෑ කිසි වෙනස

    සිද්ධ වෙච්ච ඒ දේ ගැන නිතර කිය කිය
    රිදවන්නේ ඇයි ඔබ මගෙ හිත වරින් වර
    පිලිගත්තෙමි මගෙන් වෙච්ච පුංචි වැරැද්ද
    තවමත් ඇයි මුවා වෙලා සිත් වලාවට…//

    පිපාසයට…

    පෙරුම් පුරාගෙන තැනු අපෙ පෙම් මාලිගය
    විසුණු වෙලා යන්න දෙන්න එපා කිසි දින
    වසන්තය ඇවිත් පුබුදයි අපේ පෙම් ලොව
    විරසකකම් ඇයි ඔච්චර හිතේ මං ගැන…//

    පිපාසයට…

    ගායනය - සතිෂ් පෙරේරා

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
    නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ…//

    මල් ගොමු පිස එන මද නල අතර මඟකදී
    මා එන මඟ වළකන්නට බලා උනි රැඳී…//
    දසත සැරි සරා සෙව්වෙමි ගුවන් තල අරා
    නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා…

    පියාපත් සලා…

    සෙවන ලදිමි තුරු ගොමු වල එය නොවේ සුවේ
    ගිමන නිවන මහද අරන තුරුල ඔබ ප්‍රියේ…//
    දසත සැරි සරා සෙව්වෙමි ගුවන් තල අරා
    නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා…

    පියාපත් සලා…//

    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රතු රෝස මල් යායක් පිපිලා
    අද දිනය උදා වීලා
    ආදර සිත් සතුටින් පිරිලා
    සෙනෙහස පවසනවා…

    පූජනීයයි ආදරේ
    පිවිතුරුයි මේ ආදරේ
    සුන්දරයි මේ ආදරේ
    නිමක් නැති මේ ආදරේ…//

    ඈත අහසේ පියඹා යන්නම්
    තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්…//
    පුර හඳේ ඔබෙ රුව සතපන්නම්
    මගේ සෙනෙහස ඔබට පුදන්නම්…//

    පූජනීයයි ආදරේ…//

    හනික ඔබ සොයලා දිව එන්නම්
    සිතේ දහසක් දේ පවසන්නම්…//
    ලොවට රහසේ ලං වී ඉන්නම්
    ජීවිතේ ඔබ නමින් පුදන්නම්…//

    පූජනීයයි ආදරේ…//

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු