සිංහල ගීත පද මාලා....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
රඳන්න බැහැනේ නෙළුම් කොලේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ මා තනි වේ යැයි සිතන්න බැහැනේ…//

කඳුළු සලන්නෝ සුසුම් හෙලන්නෝ…//
පලා ගියාවේ…
ඒ අය කවදා කොහෙදී හෝ
හති වැටී රැඳේවී…

රඳන්න බැහැනේ…

මල් හඳුනන්නෝ රොන් ගෙන එන්නෝ…//
හඬා වැටේදෝ…
පරවූ කුසුමන් දුටු විට බඹරුන් හඬා වැටේදෝ…

රඳන්න බැහැනේ…//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි


 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
රැලකින් තනි වී වන මැද සරනා
කැකුළු තුරුණු යාමේ…
ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ
මට ඔබගේ ප්‍රේමේ…//

හබල බිඳී ගොස් පෙරලෙන ඔරුවක්
ලෙස පාවෙන දිවියේ…
රුවල් ගසා දී ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ…

රැලකින් තනි වී…//

තුඩ තුඩ තබමින් නෙක නෙක පල වැල්
කවා පොවා සනහා…
පෙරුම් පුරනවද මතු බුදු වන්නට
මට දී රැකවරණා…

රැලකින් තනි වී…//

ගායනය - අබේවර්ධන බාලසූරිය

 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    නිල් උපුලී - මල් කැකුලී
    නිල් උපුලී - මල් කැකුලී
    මාගේ සිතේ - සැංගී නොයේ
    මිහිරාවියේ ආදරේ

    මා ජීවිතේ සංවේදනා

    පාවිලා යාවී - මල් මී වැහේවේ //
    ආරාධනා ඉඟි පෑවාදෝ - දෑසින් කියා පෙම් සුවේ

    නිල් උපුලී - මල් කැකුලී //


    මාගේ ළයේ පෙම් කල්පනා

    නෑවිලා යාවී - ඉන් මා සැහේවී //
    ආයාචනා ඉඟි පෑවදෝ - පෑහෙන්න ‍මේ ලොවේ

    නිල් උපුලී - මල් කැකුලී //
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රැල්ලෙන් රැල්ලට පා වෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ…//
    අඹු දරුවෝ මා දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා…

    යන්නම් ඈතට මේ කර දියරේ
    ඉරණම රෑ ගමනේ…
    දුර වෙරලේ මේ යාමේ
    සැතපේවා මගෙ දරුවෝ කඩමළු වූ පන් පැදුරේ
    තනිවේ මා…සාගරයේ…

    රැල්ලෙන් රැල්ලට…

    ලන්තෑරුම් එළි සුළඟට නිවුනා
    කම්පා වේ හද මා…
    මන්දාරම් වැහි ඈතින් එනවා
    මුහුදේ ජල කළඹා…
    අසරණයෝ…මා වාගේ
    දෙවියනි කෝ දිළිඳු මගේ
    රැකදේවා අසරණ මා…
    තනි වේ මා…සාගරයේ…

    රැල්ලෙන් රැල්ලට…

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)




     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රූස්ස ගහ ලඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ…
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ…

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමු වන්නට
    දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
    සිහින් නගරයකි ඔබ මා වෙන් කල…

    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    ඡායාවකි එය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා…

    රූස්ස ගහ ලඟ…

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)


     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සමා වෙන්න ඔබ මට දස දහස් වාරයක්
    අනාගතය ගැන මැව්වට සිහින රාශියක්
    දරා ගන්න බැරි තරමයි කඳුළු මට උනත්
    අපෙ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්…

    සිටියත් කාලයක් ඔබට හදින් ලං වෙලා
    ඔබෙ පරම්පරාවේ මහ කුල සිරිත් වැඩි වෙලා…
    අපි දෙපැත්තමට කෙරුවත් මං ආදරෙයි සදා
    මහ නිල් මැනිකද පළුදු උනේ අනේ මං නිසා…

    සමා වෙන්න…

    අවසර දෙන්නට බැහැ මට ඔබෙන් වෙන් වෙලා
    තනිකඩව ඉන්න රෑ සඳ දෙස හොරෙන් බල බලා…
    අමතක වෙයි කලකදි ඔයාට රත්තරන් මෙමා
    අමතක වෙන් නැහැ මට නම් ඔබ ගෙවෙන රෑ දිවා…

    සමා වෙන්න…

    ගායනය - අජිත් මුතුකුමාරණ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සමු ගන්නදෝ ආයෙ හමු වෙන්නදෝ
    අවසන් සිනාවෙන්ම වෙන් වෙන්නදෝ…//

    පෙරදා බැඳි ආදරේ
    හිරු සේ ගිලී සාගරේ…//
    මට බෑ ළඟින් ඉන්න ගොළු වූ ලෙසේ
    සැමදා සුසුම්ලන්න හැකිදෝ මෙසේ…

    සමුගන්නදෝ…

    මතුදා දෑතේ වෙළී
    පැතු සේ සෙනෙහේ බැඳී…//
    ලං වෙන්න හිනැහෙන්න පෙර සේ ඔයා
    කඳුලින් සුසුම් වැල්ල හඬමි කියා…

    සමුගන්නදෝ…//

    ගායනය - සනත් නන්දසිරි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනි දැල්
    ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්…//

    සඳ එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනෙක රහසින්…
    බැස නොයනු මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්…

    සඟවන්න එපා…

    සිලි සිලිය පවා සුලඟින්
    තනි වූවෙ ඔබේ සුවඳින්…
    මේ දිවිය අතර මඟකින්
    මඟ නතර නොකොට හිනැහෙන්…

    සඟවන්න එපා…//

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සීතලේ…නිසංසලේ…
    පාවී යන් පවන් රැලේ
    තුන් යාමේ…ඈ සොයා…
    ගීයක් වන්න ඇගේ සවන් යුග සරා…//

    සැරසේ ඈ සදා සමුගන්නට මා හදින්
    නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින්
    සමු ගන්නයි මා කඳුලින් කීවේ
    ගීයක් වන්න ඇගේ සවන් යුග සරා…

    සීතලේ…නිසංසලේ…

    සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්
    ගීයක් සීරුවෙන් මුමුනන්නද ගී පොතෙන්
    මහදේ පැතුමන් කඳුලින් නැහැවේ
    ගීයක් වන්න ඇගේ සවන් යුග සරා…

    සීතලේ…නිසංසලේ…

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සුළඟේ පා වී ඈතට යාවී
    මා සිතූ සිතුම්…
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්…
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්…

    පාසලේදි මා දිහා
    නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා
    නෑ සැබෑ වුනේ…

    සුළඟේ පාවී…

    ගී පොතේහි මා ලියූ
    ශෝක ගීතයේ…
    උල්පතයි ඔබේ නෙතින්
    හෙළූ බැලුම් ප්‍රියේ…

    සුළඟේ පාවී…

    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
    ඔබට ලං වී ලඟින් ඉන්නම් හිතින් හැමදාම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
    ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම

    ඔබව මට හරි දුර තමයි
    නමුදු මගෙ සිත ඔබ ලඟයි
    සොයා එන්නට මට හිතයි
    සුළඟ ඔබ ගැන තතු කියයි…//

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
    ඔබට ලං වී ලඟින් ඉන්නම් හිතින් හැමදාම…

    ඔබව සිහි වී සිත හඬයි
    කඳුළු නෙතු අග ඉකි ගසයි
    සිතේ සිතුවිලි ඔබ ගැනයි
    ඔබට මම හරි ආදරෙයි…//

    සුන්දරයි ඔබ…

    ගායනය - සතිෂ් පෙරේරා

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
    නීල වළා යාය සිසාරා…
    සඳපාන මුවා වී බලාන සීත පවන් ගී ගයාන
    පාළු රැයේ මා තනි වෙලා…

    ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
    පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
    සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
    දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා…

    තරු රෑන රිදී…

    මා තනි වූ පන් පැදුරේ අඳුර නිවාලා
    දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
    මා නොපෙළා තවම දිලේ හැඟුම් නිවාලා
    බාල සඳේ මා හැර යන් ඈත බලාලා…

    තරු රෑන රිදී…

    ගායනය - ගුණදාස කපුගේ

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න…
    මගෙ රත්තරන් අම්මේ…
    මං පඩි අරන් අද හෙට එන තුරු ගමට…
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට…

    වනන්තරේ මහ රූස්ස ගහ කොල
    බිමට සමතලා කර අම්මේ…
    රාස්සයින් වගෙ යන්ත්‍ර සුත්තර
    මහ සද්දෙන් යනවා අම්මේ…
    සිමෙන්ති කළු ගල්
    ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ…
    බලාන ඉන්නට දවසක් උඹවත්
    එක්කරගෙන එන්නම් අම්මේ…

    බින්තැන්නේ මහ දහ දුක් විඳලා
    මෙදා ගමට ආ දා අම්මේ…
    උඹේ අතින් මගෙ දෑතේ කරගැට
    අත ගාලා නාඬන් අම්මේ…
    මහියංගනයේ හේවිසියේ හඬ
    හැන්දෑවට ඇහුනම අම්මේ…
    සිල් අරගෙන උඹ ඉන්නා තාලය
    අනේ මතක් වෙනවා අම්මේ…

    වත්ත පහළ පොල් අතු අහුලන්නට
    උදෙන්ම යන්න එපා අම්මේ…
    උදේ රැයින් ඔය පිනි බාලා නුඹ
    ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ…
    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ
    ගම්මැද්දේ නොගිහිං අම්මේ…
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි
    මං එනතුරු ඉඳහං අම්මේ…

    ගායනය - මංජුල වර්ණකුලසූරිය (පෙර ගායනය - විජය කුමාරතුංග)

    downloadfilec.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
    මේ පොඩි ඇඳුම වියන්නේ....?
    මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
    කාටද ඇඳුම වියන්නේ..?

    මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
    ඊයේ ඉපැදුනු කුලුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ..!

    සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්ඳෑ යාමේ
    හැඩවැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ..
    දිලිසෙන ඇඳුම වියන්නේ...?
    සැන්ඳෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ...
    කාටද ඇඳුම වියන්නේ..?

    සැන්ඳෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ...
    මේ කුලුඳුල් දූ දීගෙට දෙන්නයි මංගල ඇඳුම වියන්නේ...!

    සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එලියේ..
    මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින් කාටද සලුව වියන්නේ...
    සීතල සලුව වියන්නේ..?
    කනකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ..?

    කනකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ...!!

    ගායනය - පන්ඩිත් අමරදේව