සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නන්දා මාලිනී - කඩමණ්ඩියේ දොල අයිනේ

    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා :dull:

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
    කුසුම මොටද රන්වී රොන් ගන්න බැරී

    ගා - විශාරද නන්දා මාලිනී
    පද -ආචාර්‍ය සුනිල් ආරියරත්න
    ස - එච් එම් ජයවර්ධන
    link - http://www.mediafire.com/?dnurdz1ltyi
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මිල්ටන් මල්ලවාරච්චි - මේ මැයි ගහ යට

    මේ මැයි ගහ යට දවසක් දා..
    වැස්සට අපි උන්නා
    රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවණ දුන්නා
    අපට සෙවණ දුන්නා

    මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
    සීතල වැහිපොද වැටෙන වෙලේ
    ආදර වියෝවක් සිතින් එබෙන සඳ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුණත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ

    මේ මැයි ගහ යට..

    ගා - මිල්ටන් මල්ලවාරච්චි
    පද - ආචාර්‍ය අජන්තා රණසිංහ
    link - http://www.mediafire.com/?zwtmijonqjw
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හදේ කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හසරැහැනින් පෙලයි මා.......
    මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් ක්ශිත්ජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අදුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා ........තනිවෙනා මොහොතේ.....

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කදුලද සිදෙන්නට පෙර
    යදින්නම්....ඔබ මැකී යනු මතකින්.....

    :(:(

    සුනිල් එදිරිසිංහ

    one of My Favorite..
    Nice brother
    Keep it up...
    ++Rep
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙවාද පුතේ
    ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ
    ..........................

    හිතේ තියන පාලු ගතිය මගහරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
    අප දෙන්නා අදුරු ලොවක තනිකරදා පුතේ
    නුබෙ අම්ම දිව‍‍ය ලෝකේ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා...............
    සුර විමනට වැදී මගෙ රන්කද නිදී
    .................................

    තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති ගතේ
    ඔබ නැතිනම් මමද නැතැයි මැරී ඇතැයි සිතෙ
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන්දිනෙ
    මාහට දී ඔයා ඈ සුර ලොව ගියා.............
    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
    සුරවිමනට වැදී මගෙ රන්කද නිදී
    ..............................


    ගායනය-කේ. සේන
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පාට දේදුණු සේදිලා,
    ඈත කඳු යායේ,
    සීත රෑ සඳ පීදිලා,
    නීල තරු යායේ...
    නීල තරු යායේ...

    ඈ ළවන් තෙරේ,
    සෝ ගී සුසුම් නැගේ,
    මීදුම් වලා ලෙසින් පාවී,
    ඈතින් හැපී බිඳේ...

    පාට දේදුණු..,

    මා නුවණ් දියේ,
    පීනා නැගෙන් සඳේ,
    පායා දුරින් ඇදී ඈ මෙන්,
    පාවී නොයන් සඳේ...

    පාට දේදුණු..,

    link
    http://www.mediafire.com/?veqoey4i0eqooqx
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පි-බිරිද මගේ ඔබ
    ගැ-නෑ මා ඔබගේ බිරිද නොවේ
    දෑගිලි හුයකින් බැදිපමනින් මා
    ඔබගේ බිරිද නොවේ
    .................................

    පි-ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
    මා පෙම් කල අය මටද ලැබී නැත
    ගැ-මව්පිය නෑසිය ආසිරි ගී මැද
    දෑගිලි පමනක් එකට බැදී ඇත
    ............................

    පි-සිරුරින් එක තැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
    ගැ-ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද

    ගුනදාස කපුගේ සමග නන්දා මාලනී

     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මධු මල ලෙස - මිල්ටන් මල්ලවආරච්චි

    මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    මිහිරාවිය වෙටතයි...
    ඔබ සිහි කර කර ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි...


    අපමණ සිතිවිලි, බිහි වී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ...
    කොහොම පටන්ගෙන, මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ...

    කෙටියෙන් පවසමි, මගේ අදරියේ
    කීමට ඇති සැමදේ...
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...

    මධු මල ලෙස...

    හිත ගොළුවෙනවා, අත වෙව්ලනවා
    හදවත ගැස්සෙනවා...
    ලිපියෙහි කොලයට, මුහුණ යොමන විට
    නෙත් දෙක පිය වෙනවා...

    කෙටියෙන් පවසමි මගේ ආදරියේ
    කීමට ඇති සැමදේ...
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...
    ඔබට තවම මම ආදරෙයි...

    link
    http://www.mediafire.com/?9gnvy6b6fs6
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මලක මෙලෙක සිතාගන්න
    බැරි අතකින් මල් නෙලන්න
    එපා යාලුවේ..........
    සිතක මෙලෙක සිතාගන්න
    බැරි සිතකින් පෙම් කරන්න
    එපා යාලුවේ......//

    රුවට රුවේ මල් පිපුනට
    තරග වැදී මල් නෙලුවට...//
    මලට ආදරේ නැතිනම් මල මියයාවී
    ලොවේ ආදරේ නොලදුව පෙති ගිලිහේවී
    ..............................

    ආදරයක් නැති අතකින්
    මල් නෙලන්න බැරි හින්දයි...//
    හිස ඉහලින් පොකුරු පොකුරු පිං මල් පිපුනේ
    හිත ඉහලින් නෙලන්න බැරි පෙම් මල් පිපුනේ
    .............

    අබේවර්දන බාලසූරිය

    :yes::yes::yes:
     
    • Like
    Reactions: DAMER

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉස්සර බැදිපෙම සිත්වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න බැරි
    .....................

    ඔබ පියමන් කල සමනල මාවත
    මට යාගන්න බැරි
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී
    ...................

    මගෙ අසරන ලොව අද මා පමනයි
    එය සගවන්න බැරි
    එක් කල දෑගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුභාසිරි
    .......................

    සෝමසිරි මැදගෙදර

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුලගේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා....
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
    ..........................

    පාසැලේදී මා දිහා
    නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා
    නෑ සැබෑ උනේ......

    ගී පොතේදී මා ලියූ
    ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින්
    බැලූ බැලුම් ප්‍රියේ
    ...........................

    මිල්ටන් මල්ලවාඅරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    මිහිරාවිය වෙටතයි...
    ඔබ සිහි කර කර ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි...

    http://www.mediafire.com/?9gnvy6b6fs6

    මිල්ටන් මල්ලවාඅරච්චිගෙ ගෙ මම මුලින්ම ආස උන සින්දුව මේක තමා