සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔරුව මගේ තොටුපළ නුඹගේ
    අවසර දීපන්නේ..
    නුඹේ අවසරේ ලැබූ සැනින්
    තොටුපළේ නුඹේ..
    මමයි මගේ ඔරුවයි නවතින්නේ

    සීතල දිය රැළි සෙනෙහස කැන්ඳන්
    තොටුපළට ලඟාවී නුඹට හොරෙන්
    දොඩනා මැසිවිලි නෑසුනා වගේ
    නුඹ කාටද මුමුණන්නේ
    කාටද මුමුණන්නේ

    රුවල් බිඳි තනිවූ දින ඔරුවේ
    ඔබ සිතට මුවාවී ඉකිබිඳිමින්
    හසරක් නොපෙනෙන මේ රුදු දියඹේ
    කොතැනද නවතින්නේ
    කොතැනද නවතින්නේ

    ඔරුව මගේ..

    Nanda Malini-Oruwa Mage.mp3
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනේ ඔබ කෙරේ එලෙසමයි

    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බෑදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනෑහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

    නිහඩ කල්පනා .....................

    අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසි දිනේ
    ඔබේ සිතේ සමා දෙනු මෑනේ ලදේ පා සෙනේ
    හදවතින් විදී වේදනා සුසුම් පා වුනේ
    නෑතිවදෝ අපේ සිත් ඒදා ලෙසින් යාවුනේ

    නිහඩ කල්පනා ........................;)


    ගායනය~එඩ්වඩ් ජයකොඩි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මලක් වුනේ ඈයි නුබ මට
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඈයි නුබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පවන්
    දල්වනු කෙලෙස.... කියන්

    .....................
    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිවුවද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුණනු කෙලෙසින්..... කියන්

    ........................
    මලක් වුනේ ඈයි නුබ මට
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඈයි නුබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්



    ගායනය~අමරසිරිපීරිස්
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔබ ගාව මම ඉන්නෙමි.......
    සුසුමන් වගෙ යා වේමි......
    තනියෙ තුරුල්වී
    මුමුණ සුපෙම් ගී
    රැ සීතලේ ලංවේවි
    තරුමල් කඩා දෙන්නෙමි......
     
    • Like
    Reactions: maheshsenadheera

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැති
    මට පෙන්නලා ආලේ හැටි
    නුඹ දුන්නු දුක හොදටම ඇති//

    ඉදුවර නුවන් දෑලේ වැටී පැගී
    දැහැනේ වෙලී උන්මාද වුයේ මා
    වෙනෙකෙකූ දිහා බැලුමට යලි
    මට නෙත් නැතැයි කෙදු‍රැවේ කවුරුන්දෝ

    ආදරය සුන්දර........................

    පුළුවර තාලා වීණා බදින් දැවැටී
    රතගැලි බැදී නින්නාදයේ අනුරා
    හද ස්වර තලා කම්පිත‍ වේවි
    මට පවා මා නැති කලේ කවුරුන්දෝ

    ආදරය සුන්දර...........................


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    දුර ඈත සමනල් වියේ මා
    සසල කල යුවති
    සිත් බැදී සෙනේ මා සිර කරන්
    මිතු දම අපේ පැවති
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැති
    අද ගිහින් ඈතට පියබලා මා ජීවිතේ නැවතී. .....

    අන්දකාරේ මංමුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
    අරුත් පුරවා දෙනෙත් පාදා
    ඈ ලංවුනේ නොසිතු ලෙසේ
    උමතු වූ ආදරෙන් බැදී
    ගෙවුණු දින අද සිහිනෙකි
    පෙර වැරදි මා සතු වෙන්නැති
    දෙවියකු නොව මා මිනිසෙකි

    මිතුරු කැල හැම සතුරු වී ඈ
    මගෙන් උදුරා ගත් හැටි
    මුළු දිවිය සැනකින් නතර වී
    අදහනු නොහැකි සේ ඇද වැටි
    ඉරහද තරුත් ගස් වැල් විලුත්
    ගලවන්න මට සිතුනි
    නිල බල ඇතත් රජකම ලදත්
    දැන් මට කුමට ලදුනි
    පරම පිවිතුරු ආදරේ සසර දිග පැවති
    බිදක්වත් නෑ අඩු උනේ වැඩි උනා පමණි

    ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විදින බැව් තනි වී
    ඔබ දන්නේ නෑ එය දන්නවානම් යන්නේ නෑ වෙන්වී
    යන්නේ නෑ වෙන්වී....


    ගායනය-අමිල පෙරේරා

    http://www.mediafire.com/?g42l6xt5xntlg03
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දුර ඈත සමනල් වියේ මා
    සසල කල යුවති
    සිත් බැදී සෙනේ මා සිර කරන්
    මිතු දම අපේ පැවති
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැති
    අද ගිහින් ඈතට පියබලා මා ජීවිතේ නැවතී. .....
    niyamay machan:)
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සඳේ ඔබ - රූකාන්ත ගුණතිලක

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ
    සිතේ දුක හිරූ නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා
    සොමි සඳ බැසලා
    මගෙ ලොව එලිය වෙලා

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ


    ඔබ තරු වට කර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගෙන් කිමද ඵලේ


    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයි කියන්න බෑ
    හිරු මා දැවුවත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ​

    link - http://www.mediafire.com/?hihwammmcyz
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ගැලු දිය කද හැපී බිදුනා
    තිසා වැවි බැමිමෙ
    ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැවි ඉවුරෙ....

    ඒදා සාලිය අසේකාවන් වගෙ අපි දෙන්නා
    මගුල් උයනෙ කෙරූ සක්මන් අදින් පසුනමි නෑ
    රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ

    ගැලු දිය කද...

    පැතලි රුවසෙ ඒකට ඉන්නට අපිට පිං නැති දා
    ඉසුරුමුණයෙ කිසිම අගයක් ඉතිං දැන්නමි නෑ ‍
    පවි කෙරුව හින්දා වෙන්ව යං නේහඩා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුමුදු වලාවක අදුර වෙලාගන
    නුබ මට දුන් කදුළු බිදු
    සිනා මලක් වී යලි යලි පිපියන්
    පෙම් කල සිතක මතු
    .......................

    සිහින හතක මැද පෙනී පෙනී නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා බිදින්නට සිතුම් දැහැන් බැදී
    සිත පව් පුරනු එපා
    ......................

    බබර ටුදට සුව මලක සුවද නොව
    මල් අග රැදුණු පැණි
    රුදුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    ......................

    :yes:චන්දන ලියනාරච්චි
    :yes:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

    ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගඟ හැඩයි කදිමයි
    දියට වන් කල එවන් ගඟුලම
    බිහිසුණුයි චණ්ඬයි...

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්...


    සුනිල් එදිරිසිංහ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මුදු මුහුණේ - කරුණාරත්න දිවුල්ගනේ සහ දීපි&#348

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...