රත්න ශ්රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන.මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්.ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ.දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා.පොඩියට සුදු කොඩියකුත් පේනවලු.මහා විලාපයකුත් ඇහෙනවලු.ඇඟ සසල වෙලා ගිය රත්න ශ්රී ඒ පැත්තට ගිහින් බැලුවාලු දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.
ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්.ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා.ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන.මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී..සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ.චන්ද්රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....
SOURCE : YOUTUBE
ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෛලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ
මට තියන ප්රශ්නය මේ සින්දුවෙ එන අන්තිම පේලියෙන් කියවෙන දේ...
"පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ"
එතකොට මේ කියන ගෑනු ලමයා සිය දිවි නසා ගෙන නෑහෑ.....
මේ තරුන ගෑනු ලමයා තරුනයකු සමගින් හොර රහසේ පෑන යාමක් තම්යි මට මේ සින්දුවෙන් හෑගෙන්නේ...
අනෙත් අයගේ අදහස කියනවද????