සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ...

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

ආදරේ මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

-Kasun Kalhara-
 

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    රහසේ හඩනා අප හෑගුම්
    ලොව නෑ දන්නේ අප පෑතුම්
    ලා සදු පායනා රෑයේ
    දිලිසේ..... තරු සේ.....
    තනිවී තෑවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බෑදී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඩනා….

    සද රෑ සිහිනේ සෙවනෑල්ල සේ වෙලී
    ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බෑදී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඩනා…..

    කෑලරන්ස් විජේවර්ධන
     
    • Like
    Reactions: maheshsenadheera

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ආදරේට කියන කතා බොලද උනාට
    සාගරේක ගෑඹුර දෑනේ නොවෙද ඔයාට

    තටු සිදිලා වෑලපෙනවා
    සිත බිදිලා හිනෑහෙනවා
    මල් ඈතුරූ සුව යහනේ
    මල් අතුරා පවන් සෑලූ
    ආදරවන්තයින් පෙලූ
    බොලද කතා....

    ආදරේට කියන කතා.....

    මල් ගොමුවේ රූ සෙවනේ
    හමුවෙනවා වෙන්වෙනවා
    උයන්කොනේ අවන්හලේ
    උයන්කොනේ හමුවෙනවා
    අවන්හලේ වෙන්වෙනවා
    බොලද කතා....

    ආදරේට කියන කතා....

    කෑලරන්ස් විජේවර්ධන
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    දෑස පියාගත් කල මට මෑවෙන්නෙ ඔබෙ රුව
    ඈත කදුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඩ
    කුමාරියේ.... අමතක නොවේ...
    ලස්සන රුවේ... සිත සෑනසුවේ...

    අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
    ඈත නිල් වලල්ලේ නෙත් රෑදවුනු මොහොතේ
    සිත කෑලඹුනේ ඈයි නොම දෑනේ
    කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොදී

    රළින් රළ හෑපී පෙන කෑටි විසිරෙනු දෑකලා
    නිම් නොවූ සිතේ සතුටින් හසරුල් පිරිලා
    මතකය මගේ අවදී උනේ
    ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොදී

    කෑලරන්ස් විජේවර්ධන
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කෑට පොදි
    සිරි සිරි ගා සෑලුනා..... පිණි කෑට බිදුනා....

    නෑගුනු සීත වාරුළී
    නිවුනු මිහිරි ගොපලු ගී
    ලිහිණි හඩින් මන්දාරම
    ලිහිණි හඩින් මන්දාරම
    සිරි සිරි ගා සෑලුනා..... පිණි කෑට දිලුනා....

    ඈත එපිට…….

    ලයට තුරුලු පාලුවෙන්
    මී දුමින් වෙලා ගොසින්
    හදෙහි ඈදී පින්තාරුව
    හදෙහි ඈදී පින්තාරුව
    බොද වෙලා ගොසින්.... බොද වෙලා ගොසින්....

    ඈත එපිට……

    කෑලරන්ස් විජේවර්ධන
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කදුලින්ම ගෑයු පෙම් ගීතේ

    කදුලින්ම ගෑයු පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනාසි...සිනාසි
    පෙම් මා හද ගිනි ජාලාවො
    ඔබ හිනැහුනි මා හැඩුවේ නේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මෙ දුක ඔබටත් නොදැනීදෝ

    රෑ දුටු සීනෙ ඔබ රග දුන්නා
    ගැයු ගැයු ගීතෙ ඔහු ඔබ උන්නා
    ආදර ලෝකෙ ඔබ මට පෙන්වා
    දවසක රහසේ ඔබ කොයි ගියාදෝ....
    එ දීනේ පටන් කුමාරී............
    හද ගීය මගේ හඩාවී හඩාවී
    ඔබ හිනැහුනි මා හැඩුවේ නේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මෙ දුක ඔබටත් නොදැනීදෝ

    ඔබ ගිය දවසේ හිරු සදු ගිලුනා
    මට මගෙ ලෝකෙ අදුරුයි දැනුනා
    සීත සමුදුරේ ගිනියම් වූවා
    එය දැක මිහිරේ ඔබ නම් සිනාසේ
    එ දීනේ පටන් කුමාරී............
    හද ගීය මගේ හඩාවී හඩාවී
    ඔබ හිනැහුනි මා හැඩුවේ නේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මෙ දුක ඔබටත් නොදැනීදෝ


    නුවන් ගුණවර්දන:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොසැලෙන්න කඳුළක් දෑසින්...

    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ//

    රිදවන්න සැමදා හඬනා
    හද මේ වගේ

    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ


    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ//


    නොසැලෙන්න කඳුළක්...

    පායා ඈතට පාවුණේ
    මායා සිහිනය සේ//

    නොසැලෙන්න කඳුළක්...

    -යොහාන් අර්ජුන-
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ//

    රිදවන්න සැමදා හඬනා
    හද මේ වගේ

    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ


    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ//


    නොසැලෙන්න කඳුළක්...

    පායා ඈතට පාවුණේ
    මායා සිහිනය සේ//

    නොසැලෙන්න කඳුළක්...

    -යොහාන් අර්ජුන-
    patta siduwaaaaaaaaaa :cool::cool::cool:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කවුරුදෝ අර කවුලුවෙන් සිනාසි එබිකම් කලේ

    කවුරුදෝ අර කවුලුවෙන් සිනාසි එබිකම් කලේ
    එ සිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගන මට තලන්නද
    ඈ හිනා වෙන්නෙ

    ඉතින් මට බෑ ඈත යන්නට
    එ නුවන් රැහැනින් මිදිලා
    කවුලුවෙ දොර හදෙන් ඇරගන
    නෙත් ලගින් ඉන්නම්

    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්
    කවුලුවෙ දොර
    හදෙන් ඇරගන
    නෙත් ලගින් ඉන්නම්


    සනත් නන්දසිරි:confused:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගේ සිගිති අත ගෙන ඔබෙ අතින්

    මගේ සිගිති අත ගෙන ඔබෙ අතින්
    ගෙන ගල් කුරෙන් ලියවා
    උඩ ඇදි වටකුරු අකුරු තුලින් මා
    මුලු ලොකය දුටුවා
    පියානෙනි.......පියානෙනි

    ඇකයෙ තබා මගෙ පුංචි හොඩි පොත
    ඔබ උකුලෙ හිද අකුරු කියන සද
    මගෙ හිසට ඔබෙ සුසුම් පබන් වැද
    ලද සුව සිහිලස මට සිහි වෙයි අද

    මගේ සිගිති අත..............

    හැම අතකින් මා ඔබට සමානය
    යන බස යම් මුවකින් ලද හැකි නම්
    මට ලද හැකි ඉහලම සම්මානය
    එයයි දයාබර මගේ පියානෙනි

    සෞමය කුමාර යාපාබණ්ඩාර
     
    • Like
    Reactions: DAMER

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉර නෑ වෙනස් වෙලා

    ඉර නෑ වෙනස් වෙලා
    සද නෑ වෙනස් වෙලා
    ඉර හද දිවුරා පොරොන්දු වූ ඔබ
    ඇයි අද වෙනස් වෙලා
    මා නම් ලදුනෙ තව නැ වෙනස් වෙලා

    ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර
    වදන් දිගේ ආ දිගු ගමනේ
    විඩා නිවන්නට නවාතැනක් විය
    සොදුරිය ඔබෙ හද පෙර දිනයේ

    ඉර හද යට මා තනිකර දමලා
    තව හිතකට පිය මනින පැයේ
    සොදුරිය මොහොතක් නැවතී
    ඔබෙ හිත ඔබටම කීකරු නෑ

    නිමල් ගුණසේකර

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව...

    බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ලතැවුල් වින්දා දෝ
    අපිට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුණාදෝ

    සමුගෙන යන දා දහසක් දේ අපෙ
    දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ළඟ තනි වේ දෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ලතැවුල් වින්දා දෝ
    අපිට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුණාදෝ

    සමුගෙන යන දා දහසක් දේ අපෙ
    දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ළඟ තනි වේ දෝ
    11.gif