සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
11.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ ......

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ .....

    මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ ......

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    ගී තනුව - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
    දොල හඩන තුම් මං හන්දියේ
    කවුරු එනතුරු මග බලනවාද
    මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ

    උබේ දරුවා ගන්න කවුරුත් නොයන මූසල මණ්ඩියේ
    උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් අය ඇති නංගියේ
    උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් ඇති හන්දියේ
    සුරගනට අමතක වී දරුවන් හඩද්දී කුණු බක්කියේ

    උබ යකින්නක් වුනේ කොහොමද කියා දිපන් නංගියේ //

    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
    දොල හඩන තුම් මං හන්දියේ
    කවුරු එනතුරු මග බලනවාද
    මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ
     
    • Like
    Reactions: maheshsenadheera

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මදු චන්ද්‍ර යාමේ මෝදු වේ උන්මාදිනී රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මදු චන්ද්‍ර යාමේ මෝදු වේ........

    වරල සිකි පිල් සෙමෙර සලමින්
    නයන නිලුපුල් සුවඳ ඉසිමින්
    උරමඬල සියපත් වතින් නිති සරසා
    ප්‍රිය යහන හදවත තුලු සිරින් සදනූ

    දෙතොල මීවිත අමා පුදමින්
    දෙතනකලසින් පවස නිවමින්
    සිරියහන සුපහස් තනා පුළුලුකුලේ
    පති කුලයේ සුමිහිර සදා රැක වසනූ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මා ඉපදුනු මගේ රටට සේවය කරලා..
    ජීවිතයේ පරම සුවය සදහට සොයලා..
    රට වෙනුවෙන්
    දැය වෙනුවෙන්
    දා බිදු හෙලලා..
    පියවර පෙරමගට තබමු
    ජය ගී ගයලා..

    එඩිතර සිංහල විරුවන් ගිය මග යන්නේ..
    ඒ දස්කම් විස්කම් නෑ අමතක වෙන්නේ..
    ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ..
    අප ජීවත්වන රට සුරපුර හෙළයන්නෙ..

    මහවැලි කළු කැළණි මහා ගංගා හඩදී..
    බැස යන නාදෙට හැම රාවෙම ලොව පරදී..
    මහ වැව් දාගැබ් හැදුවේ අපමය පෙරදී..
    ඒ බව සිහිකොට පෙරටම දිවයමු පිබිදී.


     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විසදුමක් නැත ලෝකයේන් සමාවක් නැත ලෝකයේන්
    අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩ දී බලා සිටිමු

    මල් පියලි වන් අපේ හදවත් තබා ගිනිගෙන තලා කුළු ගෙඩියෙන්
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ

    අමෝ රාවත් අයෝමය වගේ රැගෙන සිව්දිග රැදෙන නුම් සතුරන්
    දෛවයේ යම් හාස්කමකින් හමු වුනොත් හමු වුනාවේ

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොර පුසෙක් ඤාව් ඤාව් බටු මියෙක් පටස් පටස්
    හොර පුසියි බටු මීයයි තරගෙට දිව්වා
    පුසී වැටිලා කිරි හැලියට මීයා වෑටිලා පැණි හැලියට
    අපිට හරි හිනා අපිට හරි හිනා

    පැණි බිමත් මත්වුන මියාත් පරාලේ උඩ වැනි වැනි උනි
    මට දැන් අහුවුනෝත් එකා මම එලෙව්වා හොර පුසා
    කිතු කිතු වලට ඉරා විසි කරනවයි කීවා

    මෙක ඇහිලා හොර පුසා කිරි හැලියේන් ඉහ උස්සා
    බැලුවා විතරයි ඌ දෙස………………..
    වහලෙන් පහළට වැටිලා තඩි වංගෙඩියක හැපිලා
    මහා තඩි වංගෙඩි කසයා කකුල ටිකත් පුච්චා ගෙන
    බටු මීයාට හැන්ගෙන්නට තැනක් කියනවා
    හොර පුසි කෙන්තියෙන් ඌව හොයනවා……///
    ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව්

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    කන කැස්බැනෙත බලා ඉන්නවා අහස දකින්නට විය සිදුරෙන්.......
    පෙරුම් පුරාගෙන අහස බැලුදා සද නැත අහසෙ අමාවකයි.......

    පියන් වසාලා අගුළු දමා තිබු
    දිවි මැදුරේ කවුළුවක් ඇරී
    සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
    බලා උනිමි එය තවත් නැතී
    තනි කම ඝනදුර නොනිමෙන කෙදුරුම
    යලි වජයන්නට වරම් ලැබි
    සුපුරුදු උරුමයේ සුළග වැදි යලි
    කවුලුව වැසුනා අගුලු වැටි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake..............

    මතකය නම් වූ මළපොත පෙරලා~
    මළගිය ඊයේ සිහිපත් කළ මැන..
    පැතූ පැතුම් අත් මිට මොළවාගත්~
    දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන..
    එහි මොනවද ඇත්තේ~
    කිසිත් නැත, හිස් බවෙකිය ඇත්තේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබෙන් තොර ලෝකයක්....

    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    ඔබෙන් තොර හීනයක්
    ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ....

    දකින හැම රූපයම
    ඔබේ රුව සේ පෙනෙ
    අසන හැම ගීයකම
    ඔබේ කටහඬ ඇසේ...

    සිහිනයෙන් සිහිනයට
    ඔබයි සැරිසරන්නේ
    ඇසිපියෙන් ඇසිපියට
    ඔබ පමණි සිටින්නේ...


     
    • Like
    Reactions: maheshsenadheera

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා........
    මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහිකරලා......

    දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....

    විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා...
    ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
    ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා....

    ඉමක් කොනක් නැති අහස වගේ....කෙළිලොල් දිවිය මගේ.......
    මලක් පිපී සුවදින් පිරැනාසේ මුහුනේ සිනහ රැදේ.....
    දුකක් සිතී දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ.....
    තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ...........

    දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....පොඩි කාලේ...........:yes::yes:;)

    ගායනය...ක්ලැරනස් විජේවර්ධන

    Nice
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    කළේ උකුලෙ තියාලා
    බුලත් විටක් හපාලා
    දසන් දෙපොල පෙන්නලා
    ටිකිරි සිනහව පාලා
    මම ඉන්නව දැකලා
    අනික් පැත්ත බලාලා
    යනවනෙ මහනුවර මැණිකෙලා //

    හිමිදිරියෙන් පිබිදෙන්නේ
    ගම්මානේ ඔපවන්නේ
    කළෙත් අරන් බැස යන්නේ
    දිය පුරවා ගෙට එන්නේ

    කළේ උකුලෙ තියාලා
    බුලත් විටක් හපාලා
    දසන් දෙපොල පෙන්නලා
    ටිකිරි සිනහව පාලා
    මම ඉන්නව දැකලා
    අනික් පැත්ත බලාලා
    යනවනෙ මහනුවර මැණිකෙලා

    ගායනය - ලා බම්බාස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    එනන යන්න නෙළුම් විලේ නෙළුම් කඩන්න
    නෙළුම් ඔබේ අත මට දෙන්න
    ලඟම තියෙන පියගැට පෙල දිහා බලන්න
    ඔබේ සිනිදු පාද තබන්න //

    හංස පැටව් ඉන්නවා මාළු පීනා යනවා
    කුරුලු නාඳ කරනවා රිලව් පිනුම් ගසනවා
    මල් පිපී තිබෙනවා බඹරු එහි පොර කනවා
    උයන් සිරිය විනෝදයෙන් නැලවී යනවා

    එනන යන්න නෙළුම් විලේ...

    අතන කුරුලු ජෝඩුවක් පෙම් ජවනිකා මවයි
    අප දිහාවේ බලයි අපට විහිළුවක් කරයි
    සුදු මං නුඹේ තමයි අප දෙදෙනා එක් වුනයි
    අනංගයා රජ කරන්නේ මෙවැනි තැන් වලයි

    එනන යන්න නෙළුම් විලේ...

    ගායනය - ලා බම්බාස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
    කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි //

    සුනිල් ජලේ රණ හංසිය වාගේ
    ලළිත ගමන සිත නලවයි මගේ //
    සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ
    මිණි පහන ඔබයි කන්ද උඩරටේ //

    උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
    කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි

    තෙල් මල් ගෙන දළදා මන්දීරේ
    වඳින්න යයි පියගැටපෙල පාරේ //
    ඔබ දිහා බලන එක බැල්මට වැවේ මල් පිපේ
    මනමාලි ඔබයි කඳුකරේ අපේ //

    උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
    කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි

    නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
    මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ //
    මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
    රූ රැජින තමයි මැණික සිංහලේ //

    උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
    කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
    ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි //

    ගායනය - ලා බම්බාස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් //

    නිදන ලොවෙන් දවස උදාවී
    සිහින මැදින් සතුට සිනාවේ
    නුරා දෙතොල් නුරා එයින්
    සුරා බඳුන් පුරා ගෙනේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම්

    හිරු ඇහැරී බලන වෙලාවේ
    සිහින මැදින් සතුට නිමා වේ
    හෙට උදයේ හිරු එලියේ
    සිහින ලොවේ සැපත නිවේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් //

    මන්ද රැඳෙනු තවත්
    මෙන්න උදය ඇවිත්
    නින්ද නොලබන අන්ද අඳුරෙන්
    ඇන්දු විදුලිය මෙන්

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් ///

    ගායනය - ලා බම්බාස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    දුප්පත් වෙලා මම කම්මලේ වෙහෙසෙනවා....

    මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නෑවුනා
    කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා //
    වෙහෙසීලා දුක් විඳලා කම්හලේ යකඩ තලා//

    පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා
    දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා
    යකඩ ගිනියම් කරලා ගොන්ට ලාඩම් හදලා
    ගැලට පණ උපදවලා දවසේ වැඩ අරඹාලා

    මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නෑවුනා
    කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා //

    දඬු අඬුව තද කලා යකඩෙ ඊට හයි කලා
    දෑත වාරුව යොදලා පීර කිරි කිරි ගානා
    පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා
    හැදුවෙ කම්මලෙ තියලා මාගේ වරුණෙ පෙන්නලා

    මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නෑවුනා
    කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා //

    අඩ ඇණය ඇද වෙලා යකඩ පට්ටම ගෙවිලා
    බර බාගෙ පෙරළිලා මා ලඟට පැමිණිලා
    මම වරුණෙ පෙන්නලා කඩි මුඩියේ වැඩ කලා
    බර බාගෙ නැගිටලා යලි යෑම අරඹලා

    මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නෑවුනා
    කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා //
    වෙහෙසීලා දුක් විඳලා කම්හලේ යකඩ තලා//

    ගායනය - ලා බම්බාස්