සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    නැලවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ
    සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ
    ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ
    නිදිය ගන්න පුතේ මවගෙ තුරුල්ලේ //

    සුමිහිරි ගීත ගයල් පුංචි තොටිල්ලේ
    බඩගිනි නිවන්න ලේ කිරි කර දුනෙනේ
    දුක සැප දෙක නොබලා නිදි නොලබා
    වෙහෙස දරන්නේ හොඳ අම්මා
    ආදරේ පෑවා බිළිඳු පුතේ

    නැලවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ
    සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ
    ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ
    නිදිය ගන්න පුතේ මවගෙ තුරුල්ලේ //

    සුමිහිරි ගීත ගයල් පුංචි තොටිල්ලේ
    බඩගිනි නිවන්න ලේ කිරි කර දුනෙනේ
    දුක සැප දෙක නොබලා නිදි නොලබා
    වෙහෙස දරන්නේ හොඳ අම්මා
    ආදරේ පෑවා බිළිඳු පුතේ

    නැලවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ
    සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ
    ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ
    නිදිය ගන්න පුතේ මවගෙ තුරුල්ලේ //

    ගායනය - ලා බම්බාස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
    නෙතඟින් බැලු විට සිරියාවයි
    සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි
    නිවසේ බැබළෙන පහන ඔබයි //

    ආලෝකය හැම දසතම පතුරා
    අප හද නලවන්නේ
    මේ හැම දෙයකින් ඔබ හට සුදු අය
    නිතරම පැරදෙන්නේ

    කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
    නෙතඟින් බැලු විට සිරියාවයි
    සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි
    නිවසේ බැබළෙන පහන ඔබයි

    ගමනේ බිමනේ කරුණා මුහුනේ
    නිතරම සිරිය රැදේ
    සුදු අය මෙන් නොව පින් පාටින් ඔබෙ
    සිරුරම ලෙළදෙන්නේ

    කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
    නෙතඟින් බැලු විට සිරියාවයි
    සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි
    නිවසේ බැබළෙන පහන ඔබයි //

    ගායනය - ලා ෆ්ලෙමින්ගෝස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    තරුණ ජීවිතේ අපේ විනොදයෙන්
    ගෙවන්න ඔනි සතුරු නොවී සාමයෙන්
    මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
    එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින් //

    සැලෙන මද පවන් පිනවන්න සිත් සතන්
    නොදුවන්න අප වෙතින් තරහයි ගියොත් ඉතින් //

    තරුණ ජීවිතේ අපේ විනොදයෙන්
    ගෙවන්න ඔනි සතුරු නොවී සාමයෙන්
    මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
    එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්

    සුකුමලය බොළඳිය තරුණ ලළන කොමලිය
    සියුමැලිය සොඳුරුය ඔය ගමන කදිමය //

    තරුණ ජීවිතේ අපේ විනොදයෙන්
    ගෙවන්න ඔනි සතුරු නොවී සාමයෙන්
    මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
    එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින් //

    ගායනය - ලා ෆ්ලෙමින්ගෝස්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ගම්බද ලළනී සුකුමාලී
    ගමටම ඔබ මනමාලී
    දැක්කොත් උදෙන්ම සීදේවී
    දවසම සෙත සෑදේවී //

    අර බලන්න සඳපානයි සොබන දිය ඇල්ලයි
    ඔබ දුටු විට ඉව අල්ලයි
    නිල් ඈත අහසේ අඩ සඳවන් ඔබෙ පටු නළලයි
    සුර ලොකෙ සුරංගනියො පරාදයි

    ගම්බද ලළනී සුකුමාලී
    ගමටම ඔබ මනමාලී
    දැක්කොත් උදෙන්ම සීදේවී
    දවසම සෙත සෑදේවී //

    ප්‍රේම කතා කියන්නම් සම්පත් සොය සොය දෙන්නම්
    දුක සැපේදි පණ වාගේ රකින්නම්
    සම්බෝලයි බතුයි රසට ඔබට අනලා කවන්නම්
    සැමදාම ඔබේ තනියට ඉන්නම්

    ගම්බද ලළනී සුකුමාලී
    ගමටම ඔබ මනමාලී
    දැක්කොත් උදෙන්ම සීදේවී
    දවසම සෙත සෑදේවී //

    ඔය මුකුත් එපා ඔබේ දුගී පැලේ මට සැපයි
    මුදල් හදල් ඉඩම් කඩම් මට හිඟයි
    අපි එක පැලකට යන්නෙ සුදෝ එන බක් මහටයි
    අපි වාගෙ අයට දෙවියන් පිහිටයි

    ගම්බද ලළනී සුකුමාලී
    ගමටම ඔබ මනමාලී
    දැක්කොත් උදෙන්ම සීදේවී
    දවසම සෙත සෑදේවී //

    ගායනය - ක්ලොයිඩ් ද සොයිසා
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ගොළු හදවත විවර කරන්න
    නොඉද හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න //

    මුවගින් සිනා නගනවා
    නෙතඟින් බැලුම් බලනවා
    ඉන් රහසක් පැවසෙනවා
    වගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න
    නොඉද හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න //

    දැඩි සෙනෙහසක් තියෙනවා
    එය හිත තුල තෙරපෙනවා
    ඔබ තනියම දුක් වෙනවා
    වාගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න
    නොඉද හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න //

    ගීයෙන් ඔබ අමතනවා
    මගෙ අදහස පවසනවා
    ඔබ නිහඬවම සිටිනවා
    මා හදවත වැලපෙනවා

    ගොළු හදවත විවර කරන්න
    නොඉද හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න //

    ගායනය - පෝල් ප්‍රනාන්දු
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා
    මට නිතරම පෙනෙනවා මැවීලා
    මාලා ඇවිත් ඔයා කනට මගේ ලං වෙලා
    කියන්නකො ආදරේ කියාලා
    මාලා මම ඔබ ගැනම සිතාලා
    අහසේ රන් මාලිගා තනාලා
    ඔයා මං ඔයාගේ යැයි පතාලා
    කියන්නකො ආදරේ කියාලා

    ලස්සන ගී ගයා රස කරලා
    මම එන්නම් සොයා සුදු මාලා
    අද සිට මං ඔයාගෙයි කියලා
    කියන්නකෝ මගේ සුදු මාලා

    සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා
    මට නිතරම පෙනෙනවා මැවීලා
    මාලා ඇවිත් ඔයා කනට මගේ ලං වෙලා
    කියන්නකො ආදරේ කියාලා
    මාලා මම ඔබ ගැනම සිතාලා
    අහසේ රන් මාලිගා තනාලා
    ඔයා මං ඔයාගේ යැයි පතාලා
    කියන්නකො ආදරේ කියාලා

    පෙම් ලොව සැරිසරා පියඹාලා
    ආවේ ඔබ සොයා සුදු මාලා
    ගෙල පලඳාලා මල් මාලා
    පිලිගන්නම් ඔයා සුදු මාලා

    සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා
    මට නිතරම පෙනෙනවා මැවීලා
    මාලා ඇවිත් ඔයා කනට මගේ ලං වෙලා
    කියන්නකො ආදරේ කියාලා
    මාලා මම ඔබ ගැනම සිතාලා
    අහසේ රන් මාලිගා තනාලා
    ඔයා මං ඔයාගේ යැයි පතාලා
    කියන්නකො ආදරේ කියාලා

    ගායනය - පෝල් ප්‍රනාන්දු
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සැඩ සුලං හමන්නේ සැර විදුලි කොටන්නේ
    පට පට ගාලා හෙන ගෙඩි පුපුරන්නේ
    රැළ්ල නැගෙන්නේ වැල්ලේ හැපී බිඳෙන්නේ
    ඔරුවෙ රුවල ඇකිලී යන්නේ

    මුහුදේ යමු මසුන් ගෙනෙන්න
    වතුරේ ඔරුව දියත් කරන්න
    අඹු දරු රුක ඉන්න අපට මාළු ලබා දෙන්න
    දෙවියනේ අප රුක ගන්න

    කළුවර වැටුනේ අවට අඳුර පැතිරුනේ
    ඈත තරුකා අන්න සැඟවි බලන්නේ
    පොල් ගහ මුදුනේ හෙමින් බස්සා හඬන්නේ
    මගේ හිතට බය ඇති වන්නේ

    මුහුදේ යමු මසුන් ගෙනෙන්න
    වතුරේ ඔරුව දියත් කරන්න
    අඹු දරු රුක ඉන්න අපට මාළු ලබා දෙන්න
    දෙවියනේ අප රුක ගන්න

    භයානකයි මුහුදූ යන අපගෙ ජීවිතේ
    දිය රකුසා බලා ඉදී යන යන පැත්තේ
    දිය රුල් මැද්දේ ඔරුව සැලෙයි දෙපැත්තේ
    උදව්වකට කෙනෙක් නොමැත්තේ

    මුහුදේ යමු මසුන් ගෙනෙන්න
    වතුරේ ඔරුව දියත් කරන්න
    අඹු දරු රුක ඉන්න අපට මාළු ලබා දෙන්න
    දෙවියනේ අප රුක ගන්න

    වාරකන් නිසා වෙරළේ අඬ අඬ ඉන්න
    දරු පවුලත් දමා යනවා මසුන් ගෙනෙන්න
    මුකුත් නොදන්න උන්ගේ දිවි රුක ගන්න
    අපට ලැබෙයි යහතින් එන්න

    මුහුදේ යමු මසුන් ගෙනෙන්න
    වතුරේ ඔරුව දියත් කරන්න
    අඹු දරු රුක ඉන්න අපට මාළු ලබා දෙන්න
    දෙවියනේ අප රුක ගන්න

    ගායනය - වොලී බෑස්තියන්
     
    • Like
    Reactions: rcccc and DAMER

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒදා මෙදා තුර කදුලට විවරවූ
    දෑස් පියන්පත් කවුලු වසා
    ලයේ ගලා ගිය සෙනේහයේ සුව
    සිනා පිරූ රත් දෙතොල් පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා................
    දෑත් ලයේ බැද අවසන් ගමනට
    සොදුරිය මට නොකියාම ගියා
    .............................................

    දෑස් කවුලු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත කවුරුවත් වෙතත් හිතත් මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
    ඔබෙ මුව දොවතත් සුවද පැනින්
    මාත් මගේ සිතටත් ඔබ සුවදයි
    ඈත් නොවේමැයි ඒ සුවදින්
    ........................................

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට නැගි
    ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොදුරිය ඔබ නැත
    ඇයි මෙ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අප ඉපදෙමු එකට ප්‍රියේ

    ...............................
    :(:(:(:(:(:(:(:(:(:(

    ගායනය-සනත් නන්දසිරි

    aduna
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් //

    ගායනය - ලා බම්බාස්

    11.gif
    11.gif
    11.gif
     

    S A R A N Y A

    Member
    Jan 23, 2013
    100
    4
    0
    සඳ මිදුලට එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    සඳ වතුරේ නලවා සතපා
    ඇය රෑ එළියේ සැගවී යනවා

    ඈ ඉන්නෙ සද රේණුවේ
    මා ඉන්නෙ මගෙ ලෝකයේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රෑ අහසේ තරු කැට පායා දිලුනා

    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනිවී සිතුවිලි සයුරේ වෙලුනා
    ................................

    තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
    සද කිරණින් ඔබෙ මුහුන සේදීලා
    ආදරයෙන් අපි පියමන් කල හැටි
    තරු කැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා............

    රෑ අහසේ.................

    ඔබෙ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක් පායා ඇති දිනයක
    පියමන් කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැදී තියනවා
    සිතට දැනෙනවා............


    රෑ අහසේ.................
    ලා........ලා............

    ආත්මා ලියනගේ
     
    • Like
    Reactions: DAMER

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    කඳුලු පිරිලා.. දෙනෙත තෙමිලා..
    සිනිදු හිත පෑරිලා...
    ඔබම සොයලා.. රැයම ගෙවිලා..
    සිහින අවතැන් වෙලා..
    හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා..
    තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා...
    රතුපාට වෙරලේ පා පොඩි තියා..
    පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා..
    හැබැහින්ද කිවුවේ ඔබ මගෙ තමා..
    තාමත් අතීතේ මා නැවතිලා...

     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sangeeth Wijesuriya............

    ~අම්මා~

    mother%27s-love-lg.jpg


    ~
    දන් දී පින් දී උදම් වී දම් සාරෙන් නෑවිලා~
    ..සම්මා සිත් පෑදුවා අම්මා...
    ~උස්වී දුක් ගී වැයෙද්දී හිස්වී ඇවිලී ගිනි~
    ..මං නැත්තම් කෑවෙ නෑ අම්මා..
    ~ඉන්ට නම් බෑ ඉතින් වන්දි දෙන්න~
    ..ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න..
    ~නිවනින් පේ විලා වේදනා~
    ..සේදිලා යනතෙක්ම..

    ~වාවාලා මිහිකත වාගේ~
    ..කැක්කුම් දෙන්නාලා දියවුණ රූපේ..
    ~සම රැළි වී කෙහෙ ගැලවී~
    ..කුදු වෙනවා නේ අම්මා..
    ~හද දනවා ඉවසනවා~
    ..ඔබ කියලා දී ඇත්තා සේ..

    ~දීඝායූ වැඩි වැඩි වේවා~
    ..දෙවියොත් දෑස් පාලා ලෙඩ දුරලාවා..
    ~කිරි එරවා යලි පොවලා~
    ..ලෙස ලං වෙනවා අම්මා..
    ~මට ලං වී සංසාරේ~
    ..සංහිඳවන්නේ අම්මා..

    ..හෝ හෝ අම්මා අම්මා අම්මා..
    ..මගෙ අම්මා අම්මා අම්මා..