

mara lassana sinduwakමුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...
ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...
man ahala thiyana pattama ranaviru githaya..රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්
රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ
මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
mekath lassanaiහිම මිදුම් වලාකුලේ
මගෙ වේදනා අරන් ගියේ
දෑසක් හඩවා වත මිලින වෙලා
මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැති.....
පුර හද පෑයු පින්බර මුහුනේ
සුරතල් වූවා මැවී පෙනේ
ලංකර ගන්නට මසිත හඩද්දී...//
මා සනසන්නට වෙර දැරුවා
ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී...//
එනමුදු ඔබ හට වැරදි නැති
අතුල ශ්‍රි ගමගේ
nirosha apu mul dawas wala kiyapu sinduwa...mara widiyata hithata wadinawaසිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් - හඩන හැටි
සිත පෙමට මුළා වූ දා ඉදලා...
සිත ඉවසන්නෑ - කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ - මා පෙම් කෙරුවත්
සිත පෙමට මුළා වූ දා ඉදලා...
සිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් - හඩන හැටි
සිත පෙමට මුළා වූ දා ඉදලා...
සිත පිළිගන්නෑ - ඔබ ඇගේ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්
ඔබ සමුගෙන නෑ - ඇය සැනසූවත්
ඔබ ඇයට ළගා වූ දා ඉදලා...
සිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් - හඩන හැටි
සිත පෙමට මුළා වූ දා ඉදලා...
(මේ මගේ හද සසල කල ගීතයක්...)
ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා...
අම්මා..අම්මා...
-අජිත් බණ්ඩාර-

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිමි
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම්......
Title : Supem Hagum Oben Epa
Singer : Pradeepa Dharmadasa & Lakshman Wijesekara
Lyrics : Kapila Kumara Kalinga
Music : Rohana Weerasinghe
කෝ බන් ගීත විචාර කරපු ත්‍රෙඩ් එක?ඒක ආයිත් කරපන්කො


welaawa hoyaaganna amarui ban 
