සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බොල් වී අහුරු වෙල් හුලගේ ගිය සේම

    බොල් වී අහුරු වෙල් හුලගේ ගිය සේම
    දීගෙක ගිහින් නුබ මටවත් නොකියාම

    දම් පැහැ කහට කජු පූහුලන් පිපි කාලෙ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුබ ඉද හිට දුටු වේලේ
    බැරි උනි කියා ගන්නට හිත බැදි ආලෙ..

    නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
    මෙ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
    පිටගම් ගොහින් මා අමතක උනත් නගේ
    අතමිට සරුව නුබ යහතින් ඉදින් නගේ

    බොල් වී අහුරු........:(


    W.D අමරදේව
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ...

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...

    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     

    ipushpe

    Member
    Oct 23, 2010
    105
    6
    0
    ඇතුගල පාමුල
    සිව් වසරක් තුල පෙම් සිහිවටනය

    සිව් වසරක් තුල පෙම් සිහිවටනය
    නෙතු කදුලක් වේවා ...
    මින් පසු කිසිදා කිසිම සැදාවක
    අප නොම හමුවේවා ....

    සිතල පව්වේ කදුරැළි යායේ
    සරසවි පායේ තුරු සෙවනැල්ලේ
    ඔබ මට අවනත පොඩි දරුවකු සේ
    සසර දිගේ ආ මේ දිගු ගමනේ
    ඉවත බලා ගමු නදුනනා සේ
    මින් මතු හමුවී අප දෙදෙනා

    සිව් වසරක් තුල...

    හිමගිරි සෙවණේ දිය සිරාවේ
    නාමල් යහනේ තරු මේලාවේ
    නිහඩව වැළපෙන ඒ පෙම් සටහන්
    මී දුම් සළුවක මැකී ගියාවේ
    ඉවත බලා ගමු නදුනනා සේ
    මින් මතු හමුවී අප දෙදෙනා

    සිව් වසරක් තුල...

    ගායනය - දයාරත්න රණතුංග
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට

    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
    සිහිනෙක දැවටී ඔබ එනවා
    සිත සිරකරලමි ඔබට නොඑන්නට
    සිතුවිල්ලක් වී ඔබ එනවා...



    අහසට ඔසවන විටකදී නෙත් යුග
    හිරු සඳු වී ඔබ හිනැහෙනවා
    මිහි මත පියකරු දසුනක් වේ නම්
    ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...



    පාළුව ඉවසා මා තනිවෙද්දී
    සුසුමක් වී පසුපස එනවා
    කල්පිත ලෝකේ ගී පොත පෙරළා
    ගීයක් වී ඔබ වැලපෙනවා...



    අහසත් පොළවත් ඔබම ද මාහට
    නැතුවද ඔබ මා හැරයන්නේ
    තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
    කෙදිනද ඔබ මා හමුවන්නේ...:(



    පුණ්‍යා කත්‍රිආරච්චි
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සාගර තරංගා...

    සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ ආදරේ ගීතයයි...

    මහ සමුදුරෙන් එහා
    මේ පුංචි නවාතැනේ

    දැල්වෙන
    පහන් සිලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ ආදරේ ගීතයයි...

    සිත ඉඟියකින් සැලී
    ගිනියම් දිගන්තයේ

    බොල් පිණි සුළං දැලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ ආදරේ ගීතයයි...

    -ජගත් වික්‍රමසිංහ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ නිදනා සීතල පොළවේ...

    ඔබ නිදනා සීතල පොළවේ
    මලක් පිපීලා නමක් නැති
    ඔපාදම බිම නැමී සිපගමි
    නුඹේ කිරි සුවඳයි අම්මේ
    අම්මා..අම්මා...

    වැවේ පතුලෙන් දොවාගත් පැන්
    පිරිත් පැන් සේ පොවාලා
    හොවා
    උකුලේ පුරා මාවිටි
    කුලී මාලිඟ තනාලා...
    අම්මා..අම්මා...

    ඇසේ ඇසිපිය වසා කඳුලට
    හිතේ දුක්ගිනි දරාලා
    මහා බොසත් පෙරුම් පිරුවේ
    අපේ බුදුබව පතාලා...
    අම්මා..අම්මා...

    -අජිත් බණ්ඩාර-
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...
    mara lassana sinduwak
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
    අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
    නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
    man ahala thiyana pattama ranaviru githaya..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    හිම මිදුම් වලාකුලේ
    මගෙ වේදනා අරන් ගියේ
    දෑසක් හඩවා වත මිලින වෙලා
    මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා
    සොයා එන්න මට වරම් නැති.....

    පුර හද පෑයු පින්බර මුහුනේ
    සුරතල් වූවා මැවී පෙනේ
    ලංකර ගන්නට මසිත හඩද්දී...//
    මා සනසන්නට වෙර දැරුවා

    ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
    මගේ ලොවක මා තනිවූවා
    අහිමි පෙමක් හමුවේ මා පැරදී...//
    එනමුදු ඔබ හට වැරදි නැති

    අතුල ශ්‍රි ගමගේ
    mekath lassanai
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඉවසන්නෑ - කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ - මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත පිළිගන්නෑ - ඔබ ඇගේ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්
    ඔබ සමුගෙන නෑ - ඇය සැනසූවත්
    ඔබ ඇයට ළගා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    (මේ මගේ හද සසල කල ගීතයක්...)
    nirosha apu mul dawas wala kiyapu sinduwa...mara widiyata hithata wadinawa
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
    තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමුනොවන බව දනිමි
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    සුපෙම් හැඟුම්......
    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
    පියදසුනකි තනි හිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
    සුපෙම් හැඟුම්......
    Title : Supem Hagum Oben Epa
    Singer : Pradeepa Dharmadasa & Lakshman Wijesekara
    Lyrics : Kapila Kumara Kalinga
    Music : Rohana Weerasinghe
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
    තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමුනොවන බව දනිමි
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම්......
    Title : Supem Hagum Oben Epa
    Singer : Pradeepa Dharmadasa & Lakshman Wijesekara
    Lyrics : Kapila Kumara Kalinga
    Music : Rohana Weerasinghe

    කෝ බන් ගීත විචාර කරපු ත්‍රෙඩ් එක?ඒක ආයිත් කරපන්කො