සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
    තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමුනොවන බව දනිමි
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    සුපෙම් හැඟුම්......
    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
    පියදසුනකි තනි හිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
    සුපෙම් හැඟුම්......
    Title : Supem Hagum Oben Epa
    Singer : Pradeepa Dharmadasa & Lakshman Wijesekara
    Lyrics : Kapila Kumara Kalinga
    Music : Rohana Weerasinghe
    :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා .......//:(:(


    ආල හැඟුම් දෙන
    කොමල හිනාවෙන්
    මාගේ පැතුම් ලොව සසල කළාසේ
    නීල නුවන් වැටි
    පැලවරිගුන් ඔය
    තවත් ලොවක් ඔබ
    එළිය කලාවේ

    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා .......//


    එකම වරක් හෝ
    නෙත සනසන්නට
    ආශාවෙන් මා
    ඔබ දෙස බලලා
    එකම වරක් නොව
    ඒක හෝරාවක
    දහස වරක් මා
    මනසින් ඇඩුවා



    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා .......//
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අම්බරේ දිලී දිලී


    තාරකා මිලාන වී
    හද රුවන් තොරන් දැවී
    පැතූ විමන් ගරා වැටී

    දෑස අන්දකාර වී
    ඈත මෑත පාවෙවී....//
    ආසාවෙ සිහින සාගරේ
    රැල් නැගි රුවල් බිදේ.....//

    අම්බරේ.........

    ජිවිතේ සුරා විතින්
    රගයෙන් නුරා මතින්...//
    රගා රැගුම් හමාර වි
    අවන්හලෙ ගිමන්පොලෙ...//

    ටි. එම්. ජයරත්න
     
    • Like
    Reactions: DAMER and chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සිසිල ඉසින
    දීය දෝතක් බොන්නට තහනම්
    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද
    එ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්
    කියන්න

    මලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සිසිල ඉසින
    දීය දෝතක් බොන්නට තහනම්
    සහන ගීතිකාවක් සේ ජීවිතයේ ගීම් නිවුවද
    එ ගීයේ සොදුරු වදන් කොදුරනු කෙලෙසින්
    කියන්න

    මලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සිසිල ඉසින
    දීය දෝතක් බොන්නට තහනම්

    ගායනය - අමරසිරි පීරිස්​
     

    wind_angel

    Member
    Jan 11, 2016
    10
    2
    0
    Singa
    මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.....
    ආල වඩන කවි සින්දු ගොතන්නට ඉස්සර ඉදලම මං කවිකාරිලු...
    මං කවිකාරිලු මං කවිකාරිලු...

    දහසක් රස විදි කවි පද ගැයුමුත්..
    ඒ එක කවියක් හිතේ රැදි නැත..
    මගෙ සංසාරේ දුක් සනසාලන..
    සෙනෙහස ගැන එක කවක් කියා නැත..
    පින් නැතිදෝ එ කවිය කියන්නට මේ කවිකරිට මේ කවිකරිට

    මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.........

    මව් පදවිය ලද අම්මවරුනේ..
    කොතෙකුත් දරුවන් මං නළවා ඇති..
    මගේම දරුවෙක් නළවාලන්නට එක කවියක්වත් මං කියලා නැති..
    පින් නැතිදෝ එ කවිය කියන්නට මේ කවිකරිට මේ කවිකරිට..

    මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.........

    ගායනය- නිරංජලා සරෝජිනි
     
    • Like
    Reactions: DAMER

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මොර සුරන මහා වරුසාවේ



    [FONT=&quot]මොර සුරන මහා වරුසාවේ [/FONT]
    [FONT=&quot]එක දවසක ඇය හා අවේ [/FONT]
    [FONT=&quot]සද රානියේ නුඹ නාඩන් [/FONT]
    [FONT=&quot]ඇය නෑ දැන් මේ ගම්මානේ //[/FONT]

    [FONT=&quot]තරු පායන මල්පෙති පවනේ ගඟ ඇයිමේ ඇතට ඇදුනේ [/FONT]
    [FONT=&quot]හඳ පාන වැදී උන පඳුරේ අපේ ආදර ලෝකයේ මැවුනේ [/FONT]
    [FONT=&quot]කෝ එදා පැලෑන්දු මුදුවේ පුන් කාන්තිය නැඅද ළඳුනේ[/FONT]
    [FONT=&quot]සද රනියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මොර සුරන මහා වරුසාවේ [/FONT]
    [FONT=&quot]එක දවසක ඇය හා අවේ [/FONT]
    [FONT=&quot]සද රානියේ නුඹ නාඩන් [/FONT]
    [FONT=&quot]ඇය නෑ දැන් මේ ගම්මානේ //[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුදු මල් පෙති පරදන මුහුණේ මුතු කඳුළැලි කවුරුද මැවුවේ [/FONT]
    [FONT=&quot]එන පෝයට පන්සල පාලුයි මම කවුරු දකින්නද එන්නේ [/FONT]
    [FONT=&quot]කෝ එදා පැලෑන්දු මුදුවේ පුන් කාන්තිය නැඅද ළඳුනේ[/FONT]
    [FONT=&quot]සද රානියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ [/FONT]

    [FONT=&quot]මොර සුරන මහා වරුසාවේ [/FONT]
    [FONT=&quot]එක දවසක ඇය හා අවේ [/FONT]
    [FONT=&quot]සද රානියේ නුඹ නාඩන් [/FONT]
    [FONT=&quot]ඇය නෑ දැන් මේ ගම්මානේ //[/FONT]


    Original eka hoyaganna beriwima gena kanagatuwa .....
     
    • Like
    Reactions: DAMER

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    නැවතී මෙතෙකින්
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
     
    • Like
    Reactions: DAMER