මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.....
ආල වඩන කවි සින්දු ගොතන්නට ඉස්සර ඉදලම මං කවිකාරිලු...
මං කවිකාරිලු මං කවිකාරිලු...
දහසක් රස විදි කවි පද ගැයුමුත්..
ඒ එක කවියක් හිතේ රැදි නැත..
මගෙ සංසාරේ දුක් සනසාලන..
සෙනෙහස ගැන එක කවක් කියා නැත..
පින් නැතිදෝ එ කවිය කියන්නට මේ කවිකරිට මේ කවිකරිට
මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.........
මව් පදවිය ලද අම්මවරුනේ..
කොතෙකුත් දරුවන් මං නළවා ඇති..
මගේම දරුවෙක් නළවාලන්නට එක කවියක්වත් මං කියලා නැති..
පින් නැතිදෝ එ කවිය කියන්නට මේ කවිකරිට මේ කවිකරිට..
මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු.........
ගායනය- නිරංජලා සරෝජිනි