සිංහල ජාතිකත්වය සහ සිංහල භාෂාව I

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    සිංහල ජාතිකත්වය සහ සිංහල භාෂාව I

    සිංහල ජාතිකත්වය සහ සිංහල භාෂාව

    භාෂාවක් වු කලි තත්ප්‍රතිබද්ධ ජනතාවගේ ධිමත්භාවය සහ ඥානපටුත්වය දක්වන මනා සංදර්ශනයකි. එයින් ලිඛිත පොත් පත්, ජාතික ඉතිහාසය සංජානනයට අසහයෝපකාරී වෙයි. කිසියම් ජාතියක අනන්‍යතාව භාෂාව මත රැදී පවත්නා සේම භාෂාවක විනාශය ජාතියේ විනාශය වන්නේය. එහෙයින් භාෂාවක් වනාහි ජාතිය සතු ප්‍රධාන සම්පත වශයෙන් ද එහි පඨන පාඨනය ජාති හිතෛශී වැදගත් කරුණු වශයෙන්ද සැලකිය යුතුයි.

    භාෂා ශාස්ත්‍රඥයෝ, ලෝකයේ විද්‍යමාන ප්‍රධාන භාෂාවන් ආර්ය, තුරාණ සහ සිමිටික් යයි කොටස් තුනකට බෙදා දක්වති. යම් යම් භාෂාවල එක සමාන ශබ්ද ඇතිවීම ඒ සියල්ල එක මූලයකින් උත්පතනය වුයේ යයි නිශ්චය කිරීමට ප්‍රමාණය නොවන්නා සේම ඒවායේ අසමාන වචන ඇතිවීම ද භාෂාව එක් මූලයකින් නොපැමිණියා යයි තීන්දු කිරීමට ප්‍රමාණවත් නොවේ. වෙනස් වෙනස් භාෂා කථා කරන ජාතීන් ගේ එක්ව වාසය ඒ අන්‍යොන්‍ය භාෂාවල වචන හුවමාරු කර ගැන්මට ආධාර වන්නා සේම එකම භාෂාව කථා කරන ජන සමුහයක් විභින්නව වෙන වෙන රට රාජ්‍ය වලට පැමිණී මෙන් ඒ භාෂාව අසමාන ශබ්ද ඇති භාෂා කීපයකට බෙදී යාම සිදු විය හැක.

    තවද නුතනයේ භාෂාව පිළිබද පෙර සදහන් කර බෙදීමෙන් ඔබ්බට ගොස්, භාෂාව, කථන සහ ලිඛිත ලෙසද තව දුරටත් බෙදා දක්වයි. එහිදීද ආර්ය පවුලේ භාෂා වල අක්ෂර මාලාව සම්බන්ධව කිසියම් වෙනස් කමක් දක්නට ලැබේ. ආර්ය භාෂා පවුල යුරෝපිය සහ ආසියාතික යයි බෙදා දැක්විය හැකි අතර යුරෝපිය භාෂාවල අක්ෂර සංඛ්‍යාව,
    ආසියාතික භාෂාවල අක්ෂර සංඛ්‍යාවට වඩා අඩු වෙයි. තවද යුරෝපිය ආර්ය භාෂා වල, වුවමනාවක් නැති අක්ෂරද සමහර විට දක්නා ලැබෙන අතර ශබ්දෝච්චාරණය, අක්ෂර අනුවම නොපවතී. තවද ආසියාතික ආර්ය භාෂා වල ශබ්දෝච්චාරණය, අක්ෂර අනුවම පවතින අතර අක්ෂර මාලාව යහපත් නියෝග පිට පිළිවෙලකට සකස්ක‍ර තිබේ. සිංහල භාෂාවේ අක්ෂර මාලාව ස්වර ව්‍යංජන ලෙස මෙන්ම දන්තජ මුර්තජ ලෙසම අක්ෂර මාලාව තුල බෙදා දක්වා ඇති අතර ඉංග්‍රීසි හෝඩියේ එසේ බෙදීමක් නොමැතිව දක්වා ඇත.මෙහිදී සදහන් කල යුතු වැදගත් කරුණ නම් පෙරදිග ව්‍යාකරණඥයෝ, බටහිර ව්‍යාකරණඥයට වඩා ඥානපටුත්වය ඉසුලු බව නොවේද?

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෙරදිග ව්‍යාකරණඥයෝ, බටහිර ව්‍යාකරණඥයට වඩා ඥානපටුත්වය ඉසුලු බව නොවේද?

    භාෂාවල් කියන්නෙ ඉබේ හැදෙන ජාතියක් නේද ? කවුරුත් මේක තමා අපේ භාෂාව කියල ඩිසයින් කරල පාවිච්චි කරන එකක් නෙවේ නෙ. නැද්ද ?
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මම ලිව්ව එක අයිත් මුල ඉදලා කියවපන්...උබ තේරුම් අරන් නෑ මං මොකක් ද කියන්නේ කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම ලිව්ව එක අයිත් මුල ඉදලා කියවපන්...උබ තේරුම් අරන් නෑ මං මොකක් ද කියන්නේ කියලා
    තේරෙන්නේ නෑ බන් මේ අමුතු වචන දාල ලිවම :baffled: සරල සිංහලෙන් ලියපන්කො :oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    තේරෙන්නේ නෑ බන් මේ අමුතු වචන දාල ලිවම :baffled: සරල සිංහලෙන් ලියපන්කො :oo:

    Miniha kiyanne ape bhashawa suddage bhashawa'ta wada superior kiyala , hina unmadaya kiyanne mewata thamai
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Nautical miles 3000k withara 40ft boat 1kaka jam pack wela koi wrlawe gilila mareida danne nathuwa mae rata atha aerala suddonge ratawal walata api yanne unta wada api hena loku jathiyak nisa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    උබේ අදහස ලිපියකින් ඉතිරිපත් කරපු එක ගොඩක් හොඳයි.

    ඒත් සන්නිවේදනය කරන්නේ ලිඛිත මාධ්‍ය පාවිච්චි කරලා නම් ඒකේ නිරවද්‍යතාව වගේම පැහැදිලි බවත් ප්‍රධාන සාධක දෙකක් කියලා මම විශ්වාස කරනවා

    "ධිමත්භාවය සහ ඥානපටුත්වය" කියන,

    මේ වචනඋබේ අත් වැරදීමක්ද,
    මේ වචන මම නොදන්න දේවල්ද,
    මේ වචන ශබ්ද කෝෂයට අළුත් වචන විදිහට එකතු කිරීමේ ප්‍රයන්තයක්ද,

    කියලා මට හිතා ගන්න බෑ බන්.
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    භාෂාවක අගයක් නොදන්නා මුධග්ග පුද්ගලයෙක් මම හීන මානයෙන් පෙලෙන්නෙක් යයි පැවසීම හාස්‍යට ලක්කර, තව දුරටත් සාකච්ජාවට බදුන් නොකර, නොතකා හරිය යුතු කරුණකි. මම යමක් ලියන්නේ බුද්ධිමත් පාඨකයන් විනා නුගත් හුදී ජන ප්‍රසාදය පිණිස නොවන බව සලකන්න....
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    උබේ අදහස ලිපියකින් ඉතිරිපත් කරපු එක ගොඩක් හොඳයි.

    ඒත් සන්නිවේදනය කරන්නේ ලිඛිත මාධ්‍ය පාවිච්චි කරලා නම් ඒකේ නිරවද්‍යතාව වගේම පැහැදිලි බවත් ප්‍රධාන සාධක දෙකක් කියලා මම විශ්වාස කරනවා

    "ධිමත්භාවය සහ ඥානපටුත්වය" කියන,

    මේ වචනඋබේ අත් වැරදීමක්ද,
    මේ වචන මම නොදන්න දේවල්ද,
    මේ වචන ශබ්ද කෝෂයට අළුත් වචන විදිහට එකතු කිරීමේ ප්‍රයන්තයක්ද,

    කියලා මට හිතා ගන්න බෑ බන්.

    නෑ මේක අත්වැරදීමක් නෙමෙයි...උබලට සිංහල තේරෙන්නේ නැත්නම් මම ඉංග්‍රීසියෙන් කියන්නම්

    " The Language of a people is a fair index to their genius and their intellectual capacity and its literature, a valuable key to their national history. "

    ධිමත්භාවය = බුද්ධිප්‍රභාව


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    නෑ මේක අත්වැරදීමක් නෙමෙයි...උබලට සිංහල තේරෙන්නේ නැත්නම් මම ඉංග්‍රීසියෙන් කියන්නම්

    " The Language of a people is a fair index to their genius and their intellectual capacity and its literature, a valuable key to their national history. "

    ධිමත්භාවය = බුද්ධිප්‍රභාව



    "ඥානපටුත්වය" කියන එක මට හිතා ගන්න පුළුවන්. ඒත් උබේ වචනයෙන්ම කියපන්කො :dull::dull:

    ඇත්තටම මචන් මම ගූගල් දෙයියන්ගෙනුත් ඔය වචන දෙක අහලා බැලුවා. දෙයියා පෙන්නුවෙත් කිරියේ උබ දාපු මේ නූල.