සිංහල රජ කාලේ දසවධ දීලා මරපු හැටි
මරණ දඩුවම ගැන මේ දවස්වල කතාවෙන නිසා, සෙංකඩගල යුගයේ මරණ දඬුවම දුන් අයුරු විස්තරයක් මේ ලිපියේ තියෙනවා. ගොඩක් කරුණු අලුත් නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුන.
copyright: එස්.කේ. ජයවර්ධන, mawbima newspaper
සෙංකඩගල අග යුගයේ මරණ දඬුවම දුන් අයුරු පිළිබඳ සැඟවුණු රසමුසු තොරතුරු කීපයක් මෙසේය.
කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කල (1707 - 1739) රජුට විරුද්ධව කැරැලි ගැසු පට්ටිය බණ්ඩාර කටුගස්තොට තලවින්නේදී ගසක එල්ලා වැද්දන් පන්සීයක් ලවා විද මැරවූ බව මහාචාර්ය සුරවීරගේ "රාජාවලිය" අග එන රාජාවලිය අතිරේක පිටපතක සඳහන්ව ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජුට (1747 - 1782) විරුද්ධව කැරලි ගැසූ මොළදණ්ඩේ හා සමරක්කොඩි මරාදැමුවේ අම්පිටියේදීය. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය අනුව වරදකරු මැරීම සඳහා අත් පා බැඳ නගරයේ වීදි දිගේ ගෙන යනවිට මිනී මසට පුරුදු බල්ලෝ ඔහු පණපිටින් සිටියදී සිරුරේ කෑලි කඩා කෑමට පුරුදුව සිටියහ. වරදකරු අලින් ලවා පාගා මැරීම - වධක බිමේදී උල තබා මැරීම නොක්ස් චිත්‍රයට නඟා ඇත. වරදකරුට දඬුවම්දීම කාටත් දැකගත හැකි පරිදි උස්බිමකදී සිදුවිය. ජෝන් ඩොයිලිට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල පැරැණි බෝගම්බර වැව අසල කුඹුරක් වධක බිම විය. පෙර රජවරුන්ගේ කල විරල වූ ම්ලේච්ඡ දඬුවම් ඔහු ක්‍රියාත්මක කළ බව ඩොයිලි කියයි. ශ්‍රී වික්‍රම රජු පරණාතල අනුනාහිමියන් මෙන්ම මහාධිකාරම් පිළිමතලාවේද හිස ගසා මැරවීය. හෙන්රි මාර්ෂල්ගේ 'සිංහලේ' ග්‍රන්ථය අනුව මරා දැමීමෙන් පසු ඒ මළ සිරුරු ප්‍රදර්ශනය කිරීම - දම්වැල්වලින් එල්ලා තැබීම සිදුවිය. ෙදාස්තර නිහාල් කරුණාරත්නගේ 'මහනුවර එදා හා අද' ඉංග්‍රීසි ග්‍රන්ථය අනුව ප්‍රභූන් එල්ලා මැරුවේ පැරැණි බෝගම්බර වැව් ඉවුරේය. සාමාන්‍ය ජනයාගේ වධක බිම හුනුකොටුව විය. හුනුකොටුව පිහිටා තිබුණේ කටුකැලේ කිංස්වුඩ් විදුහල අසල බව ඔහු කියයි.
උඩරට කැරැල්ල දෙවැනි කාණ්ඩයේදී හා තුන්වැනි කාණ්ඩයේදී මරණ දඬුවම පැමිණ වූ අයුරු ගැන තෙන්නකෝන් විමලානන්ද විස්තරයක් කරයි. මරණ දඬුවම ඉටුකළ අය වධකයා - ගහළයා - ගං රැකවලා යන නම්වලින් හැඳින්විණි. මේ කාර්යය ඉටුකළ ගහළ ගම් දෙකක් මහනුවර අවට විය. කැළිකසළ ඉවතලීම - මළ සතුන් ඉවතලීම - දරුණු දඬුවම් දීම - හිස ගසා දැමීම - ඔවුන්ගේ රාජකාරී විය. කුලවත් ගම්වලට මෙන්ම මහවැලි ගඟෙන් මෙතෙර පැමිණීම ගහළයන්ට තහනම් විය. මරණ දඬුවම දීමේදී ඔවුන් විසින් රතු වස්ත්‍රයක් හැඳ රතු මල්දමක් කර දමා කඩුව අතින් ගෙන අවශ්‍ය කෙටි පොරව - තියුණු ආයුධ ගෙන යන ලදී. රජු මරණ දඬුවම පැනවූයේ "ඕකා හුනුකොටුවට තල්ලු කරපිය" යන විධානයෙනි. එවිට වරදකරු රතු වස්ත්‍රයක් අන්දවා වදමල් දමක් කරට දමා කොණ්ඩය ඉස්මුදුනට බැඳ වධ බෙර ගසමින් වීදි දිගේ ගෙන යෑම සිරිත විය. වීදි දෙපස රැස්ව සිටින අය ඔහුගේ කටට කෑම ජාති - දියර ජාති දුන්හ. වරදකරු වීදි දිගේ ගෙන යෑමට පෙර ඇඟේ හුනු ගෑම සිරිත විය. වධ පෙරහර වධක බිමට පැමිණි පසු ප්‍රභූ පවුල්වල අයට ඇස් නොවසා හිසකේ මුදුනට බැඳ කෙළින් සිටගෙන හිසට කඩු පහරදී මැරීමට අවසර විය. ප්‍රභූ පවුල්වල අය හිස ගසා දැමුවේ පැරැණි බෝගම්බර වැව් ඉවුරේය. අද කැප්පොටි පොළ බෝධිය ඇත්තේ 1818 කැප්පෙටිපොළ හිස ගසා දැමූ තැනයි. සාමාන්‍ය ජනයා ගන්නෝරුව හුනුකොටුවේදී හිස ගසා දැමිණ. වධක පෙරහරේ ගෙන ගිය පසු අතරමඟ මියයන අයගේ සිරුරු පසෙකට ඇද දැමීම සිරිත විය.
වධක බිමට ගෙන ගිය පසු හෙල්ලකින් ඇන උල තැබීම සිදුවිය. නැත්නම් කොළොම්බුවක් ලී කොටයක් උඩ හිස තබා බිම දණ ගසා ගැනීමට පෙර හිසකේ මුදුන්කර බැඳීම සිදුවිය. ක්‍රම දෙකකට හිස ගසා දැමීම සිදුවිය. හිසේ කනට ඉහළින් ඇති "කර්මේ" හෙවත් කපෝලයට කඩුවෙන් පහරදී මැරීම පළමු ක්‍රමයයි. කර්මෙට පහරදී වැඩිපුර මරා දැම්මේ ප්‍රභූ පවුල්වල අයයි. දෙවැනි ක්‍රමය ගෙලට කඩුවෙන් පහරදී කපා දැමීමයි. ලී කොටය මත හිස තබා ගැනීමට පෙර අත් පා බැඳ දැමීම සිරිත විය. හිස ගැසීමට පෙර වධකයා කඩුව ලෙළවමින් හිස් ගැසුම්කරු වටා වමට අඩියක් නැවත දකුණට අඩියක් තබමින් "දහරේ දිහෙරේ යිග්" කියමින් සමාව ඉල්ලමින් මේ වාක්‍යය ඉවර වෙනවාත් සමඟ ගෙලට කඩුවෙන් පහර දෙයි. නැත්නම් වරදකරු වටා තුන්වරක් කැරකෙමින් "ඕං දිරි දිරි...." යන වාසගමක් කියවා එකවර හිස ගසා දමයි. මහනුවර අවසාන ගහළයා භාවිත කළ කඩුව මහනුවර කටුගේ ඇත. එය නේපාලයේ කෝරා වර්ගයේ කඩුවක් බව පෙනෙයි.
ඇහැලේපොළ දරු පවුල ඝාතනයේදී රජු නාථ දේවාලය වැල් බෝධිය අසලදී ඒ දඬුවම දෙන හැටි පත්තිරිප්පුවේ සිට බලා සිටියේය. ලොකු බණ්ඩා බියේ සැඟවුණු අතර මද්දුම බණ්ඩා නිර්භීතව හිස් ගැසුම් කෑවේය. ආවේශව සිටි ගහළයා මවගෙන් කිරි බොමින් සිටි බාලයාම වූ ගැහැනු අතදරුවා මවගෙන් උදුරා ගෙන හිස ගසා දැමීය. ගැහැනුන් හිස ගසා දැමීම එදා නීතියෙන් තහනම් විය. ඊළඟට මව ලවා දරුවා වනේලා කෙටවීම සිදුවූ බව පෝල් ඊ. පීරිස් "ත්‍රිසිංහලේ" ග්‍රන්ථයේදී කියයි. අනතුරුව ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු ස්ත්‍රීන් හතරදෙනකුගේ අත්පා බැඳ වහල් ස්ත්‍රීන් ලවා තල්ලු කරමින් බෝගම්බර පැරැණි වැව තිබූ ස්ථානයට ගොස් ගෙල ගල් බැඳ ගිල්වූ හැටි "ත්‍රිසිංහලේ" ග්‍රන්ථය විස්තර දක්වයි. ඔත්තුකරුවන් අල්ලා ගත්විට ගහළයන් ඔවුන් බිම දමා තදින් පාගා අත් පොරෝ - මන්නා හා කඩු යොදාගෙන අත්පා කැබලිවලට කැපීම සිරිත විය. ඒ තුවාලවලට කටාරමක කකාරන දියරක් ගැල්වීම සිදුවිය.
එස්.කේ. ජයවර්ධන
http://mawbima.lk/55-94329-news-detail.html