සිංහල විකිපීඩියාවට දායක වෙමුද?
සිංහල විකිපීඩියාව ගැන බොහෝ දෙනා දන්නවා ඇති.
මෙය 2005 වසරේ ඇරඹි සුප්‍රකට විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂයේ සිංහල භාෂා සංස්කරණයයි. Link - http://si.wikipedia.org/
මෙහි දැනට පිටු 4,700 ක් පමණ ඇත.
සිංහලයාගේ අභිමානයේ සංකේතයක් වන්නේ අපගේ සිංහල භාෂාවයි. සිංහලෙන් ටයිප් කිරීම වර්තමානයේ කොහොමටවත් අළුත් දෙයක් ලෙස නොසැලකිය යුතුයි.
මුලින් ඉංග්‍රීසියෙන් කොටපු බොහෝ දෙනෙක් දැන් දැන් සිංහලට මාරු වෙනවා.
එවන් තත්වයක් යටතේ සිංහල විකිපීඩියාවේ ලිපි 4700 වැනි කුඩා සංඛ්‍යාවක් තිබීම මදිකමක් හැටියටයි මට හිතෙන්නේ. (මෙම සිංහල ලිපි 4700 අතර බාගෙට ලියන ලද ලිපිද තිබේ)
සිංහල විකිපීඩියාව දියුණු කිරීම සඳහා අපට බොහෝ දේ කළ හැකියි.
විශේෂයෙන්ම එළකිරියේ බ්ලොග් කරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට සිංහලෙන් ලිපි ලිවීම අළුත් දෙයක් නෙවේ.
මීට අමතරව ඕනෑම කෙනෙකුට තමන් ඉතා කැමති, ආදරය කරන, කතා කරන්නට කැමති මාතෘකා තිබෙනවා.
මේවායින් එකක් අරගෙන ලිපියක් ලියා විකිපීඩියාවට දැම්මොත් නරකද?
එතකොට දැනට බ්ලොග් වලට ලියපු ලිපි? ඒවා උනත් පල කරන්න පුළුවන්...
නමුත් මේ කරුණුත් සැලකිය යුතුයි.
බ්ලොග් එකක් තමන්ගෙ අඩවිය නිසා තමන්ට හිතුනු දෙයක් ලියන්න පුළුවන්. ඒත් විකිපීඩියාව කියන්නේ විශ්වකෝෂයක්. මේ නිසා ඊට වඩා වගකීමෙන් කටයුතු කල යුතු වෙනවා.
විකිපීඩියාවෙ සම්මත නීති රීති වලට අනුකූලව ලිවිය යුතුයි. වචන භාවිතයේදී වචන මාලාවකට(Glossary) එකකට අනුකූලව ලියන්න පුළුවන් නම් හොඳයි. කරුණු ලිවීම මිසක තමන්ගේ හැඟීම් නොලිවිය යුතුයි. පෞද්ගලික කාරණා, මඩ ගැසීම්, කුණුහරුප ලියන්න එපා. දේශපාලන මාතෘකා පවා ඉතාම මධ්‍යස්ථව හා හැඟීම් විරහිතව ලිවිය යුතුයි.
හැමෝම තමන්ට හැකි අයුරින් දායක උනොත් මේ ලිපි ගණන වැඩි කරගන්න හැකි වෙයි.
කොතැනින්ද අපි පටන්ගන්නේ?
මුලින්ම ඔබ විකිපීඩියාවේ ලියාපදිංචි විය යුතුයි.
ලියන්න ඉස්සෙල්ලා ටිකක් විකිපීඩියාවට පුරුදු වීම සඳහා sandbox එකේ මොනවහරි ලියලා පුරුදුවෙන්න.
ලියද්දි වදන් සකස්(Format) කරන්න ටිකක් දැනගත යුතු වෙනවා.
උදා- ඇල අකුරු ලිවීම, තද පාට අකුරු ලිවීම
ලින්ක් භාවිතය
තවත් විකිපීඩියා පිටුවක් ලින්ක් කිරීම
වෙනත් වෙබ් අඩවියකට ලින්ක් කිරීම
විකිපීඩියා උදව් පටුන - Link
නිති විමසන පැන (FAQ) - Link
මේව ටිකක් පුරුදු වුනාට පස්සේ තමන්ගේ ලිපියක් ලියා පල කරන්න පුළුවන්.
ඊට පස්සේ ඒ ලිපියට අනෙක් අය කරන වෙනස්කම්, සංස්කරණ ආදිය ගැන විමසිල්ලෙන් ඉන්න වෙනවා.