සිංහ ලේ පච්චයකින් පටන් ගත්තේ මෙහෙමයි
ටැටු කලාව ලෝකයේ ජනප්‍රියම කලාවකි. මේ කලාවට වයස අවුරුදු සිය දහස් ගණනක ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ රට හදන තැනද පළමු වතාවට ටැටෝ එකක සිතුවමක් කතා බහට ලක්විය. "සිංහ ලේ" යනුවෙන් සිංහයා සමග සිතුවම්කර තිබෙන ටැටූවක් මුහුණු පොත හෙවත් "ෆේස් බුක්" හී සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් සමග එය වාහනවලත් නොයෙකුත් තැන්වලත් ප්‍රසිද්ධයට පත්වීම නතර වුයේ දියවන්නාවේ පිහිටි පාර්ලිමේන්තු සභාගැබේය. තවමත් එය කරළියේ ඇති මාතෘකාවකි.
මේ සිංහලේ ටැටූව අහම්බයෙන් කරළියට පැමිණීමත් සමග එය දැන් සිංහල බෞද්ධයා වෙනුවෙන් වැඩක් කරන තරමටම ජනප්‍රිය වී තිබේ. එය ජාතිවාදය ඇවිස්සීමට පාරම්බාන උදවියට නම් මහත් රුකුලකි. ටැටෝවකින් ජාතිවාදය ඇවිස්සීමට හැකි නම් මේ ලෝකය එකම යුද පිටියක් බවට පත්ව දැන් වන විට අළු පමණක් ඉතිරිව තිබිය යුතුය. ඉංග්‍රීසි කාරයා ඉංගිලිෂ් කියා හෝ දෙමළ ජාතිකයා "ටැමිල්" කියා හෝ මුස්ලිම් ජාතිකයා "මුස්ලිම්" කියා හෝ ටැටූවක් ප්‍රසිද්ධියට පත් කළහොත් ඒ ගැන කිසිවකු කලබල විය යුතු නැත. ඒ ඔවුන්ගේ අනන්‍යතාවයය. ලෝකයේ ජනප්‍රිය තරු බොහොමයක් ටැටූවක් තම ශරීරයේ කොටා තිබේ. එය විලාසිතාවක් මිස ජාතිවාදයට රුකුලක් නොවන බව අපගේ හැඟීමයි.
හුදෙක් සිංහලයා යනු මෙරට සිටින ප්‍රධාන පුරවැසියාය. ඒ සිංහලකම රැකෙන්නේ සෑම ජාතිකයකටම, ආගමකටම ගරු කිරීම සහ ප්රජාතන්ත්රවාදය හිස් මුදුනින් පිළිගෙන දෙපයින් නැගී සිටිමින්, අචාර සම්පන්නව හා සද්භාවයෙන් ජීවිකාව ගෙන ගියහොත් පමණි.
දුටුගැමුණු රජතුමා එදා එළාර රජු මරා දමා සිංහල රට බේරාගත්තද සියලු ජාතීන්ට ගරු කිරීමේ කලාව දුටුගැමුණු රජු එදා රට වැසියන්ට කියා දුන්නේය. එළාර රජුගේ සොහොන් කොත ළඟින් යන විට හිස් වැසුම් ගලවා ඔහුට ආචාර කිරීමට දුටුගැමුණු රජතුමාද ක්‍රියා කර තිබේ. රට වැසියන්ද එය අනුගමනය කළේය. සැබෑ සිංහලකම එයම වනු ඇතැයි අපි සිතමු. දැන් සිංහලේ යනුවෙන් කරළියට ආ ටැටූව සිංහල ජාතියේ අභිමානය වෙනුවෙන් සංවිධානයක් බවට පත්වන්නට හෝ ඉන් සිංහල බෞද්ධයාට සේවයක් කිරීමට තරම් නිමිත්තක් බවට පත්ව තිබේ. මේ තිරය පිටු පස මැවුම්කරු නාමල් බණ්ඩාරය. තමාගේ සහෝදරයාගේ ටැටූ ෂොප් එක විවෘත කරන දිනයේදී ශරීරයේ සිතුවම් කරගත් සිංහලේ පච්චය පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටම ජනප්‍රිය වන්නට මුල් වූ නාමල් බණ්ඩාර "දිවයින ඉරිදා සංග්‍රහය" සමග මෙසේ දොඩමලු විය.
ප්රශ්නය - සිංහලේ පච්චයක් කොටල ජනප්‍රිය වෙන්න ඇත්තටම මොකක්ද හේතුව.
පිළිතුර - මම මේක ජනප්‍රිය වෙන්න කියල හිතාගෙන කරපු වැඩක් නෙමෙයි. මගේ තිබුණ ආශාවක් වෙනුවෙන් ඇඟේ කොටාගත් දෙයක්. මගේ සහෝදරයාගෙ ටැටූ ෂොප් එක විවෘත කරන දිනයේදී මේක මම ඇඟේ කොටා ගත්තා. ඒකේ පින්තූර දෙකක් විතර ෆේස් බුක් එකේ දැම්මා. එච්චරයි වුණේ. පස්සෙ තමයි ඒක ටිකෙන් ටික හැම තැනම ජනප්‍රිය වෙලා කතා බහට ලක් වුණේ.
ප්රශ්නය - සිංහලේ කියලම ටැටූවක් ගහන්න මොකක්ද විශේෂ හේතුව
පිළිතුර - සිංහලේ කියන්නෙ මගේ ජාතිය. මගේ ජාතියේ අනන්‍යතාවය වෙනුවෙන් ගොඩක් කල් ඉඳල මට මේක ගහන්න ආශාවක් තිබ්බා. මගේ අතේ තියෙන්නෙ කැමරාවක ටැටෝ එකක්. ඒක මගේ වෘත්තිය නිසා මම ඒක සිතුවම් කරගත්තා. මගේ පිටේ තියෙන්නෙ මගෙ දරුවගෙ පින්තූරය. ඒක මගේ හදවත. ඉතිං සිංහලේ කියන එකත් මම ගැහුවෙ මගේ ජාතියට තියෙන ආදරය නිසා.
ප්රශ්නය - සිංහලේ කියල ගහල ජාතිවාදියා කියල ගහපු එක ජාති වාදය ඇවිස්සීමට උල්පන්දමක් බවට ඇතමුන් චෝදනා කරනවා.
පිළිතුර - එහෙම හිතන කට්ටියට එහෙම හිතෙන්න පුළුවන් කියල මම පිළිගන්නවා. ඒ නිසා මම දැන් ජාතිවාදයා කියන එක ඉස්සරහින් අන්තවාදියාට ජාතිවාදියා කියල කොටා ගත්තා. ඒක තමයි සිංහලකම කියල මම විශ්වාස කරන්නෙ. අපි හැම ජාතියකටම ගරු කරන ජාතියක්. විශේෂයෙන් මම ජීවත්වන පරිසරයෙ ගොඩක් යහළුවන් ඉන්නෙ මුස්ලිම් සහ කතෝලික අය. ඒ වගේ මිත්රශීලීව අපි ජීවත් වෙන්නෙ.
ප්රශ්නය - කොහොම හරි සිංහලේ කතාව දැන් නැගලම යනවනෙ. ඔබටත් දැන් ඒ හරහා මොකක් හරි නිමිත්තක් තියෙනව නේද වැඩක් කරන්න?
පිළිතුර - මේ ජනප්‍රිය වීමත් සමග සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ නිසා ඒකට අපි දැන් සියලු වැඩ කටයුතු සූදානම් කරල ලබන 10 වැනිදා පොළොන්නරුව විහාරයකදී මුල් කටයුත්තට අත තියෙනවා.
ප්රශ්නය - මොනවගේ වැඩ පිළිවෙළක්ද සිංහලේ නාමය හරහා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
පිළිතුර - අපිට උදව් කරන්න කිහිප දෙනෙකු ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අයගෙ උදව් උපකාර මත අපේ සහයෝගයත් එක්ක දහම් පාසල්වලට දුවා දරුවන්ට පොත් සහ ත්‍යාග ලබාදී වැඩ පිළිවෙල පටන් ගන්නවා. පන්සලයි, වැවයි, දාගැබයි කියන සංකල්පය උඩ වැඩක් කරන්න ඉදිරියේදී උත්සහ කරනවා. දැනට ඒකට ගොඩක් කට්ටිය කැමැත්තෙන් ඉන්නවා.
ප්රශ්නය - ඒ කියන්නෙ සිංහලේ කියන සංවිධානයක් ආරම්භ කරන්නද අදහස
පිළිතුර - සංවිධානයක් කියල ඉදිරියේදී ඇතිවෙයිද කියන්න දන්නෙ නැහැ. දැනට අපි සිංහල බෞද්ධයා වෙනුවෙන් වැඩක් කරන්න 10 වැනිදාට මූලික පියවර තබනවා. ඒකෙන් කිසිම ජාතියකට හෝ ආගමකට පහරක් වදින්නෙ නැහැ. වෙනත් ජාතිවලට ආගම්වලට සේවා කරන්න සංවිධාන තිබුණට සිංහල බෞද්ධකම රැක ගන්න හෝ උදව් කරන්න සංවිධානයක් නැහැ. මේ හරහා හෝ එහෙම දෙයක් ඇති වුණොත් ලොකු දෙයක්.
Source : ඉරිදා දිවයින