සිකුරිටි ජොබක් සෙට් වුණා

AnuradhaRa

Well-known member
  • සෙක්‍යුරිටි සර්විස් ප්‍රවයිඩින් කොම්පැණිය මොකක් ද?, ගාන නම් අය්යෙ හරිම හොඳයි ඉතින්. ‌බොහොම හොඳ තැනක් හම්බෙලා තියෙන්නේ. මම ටික දවසකට කලින් ටෙක් ඊවැල් එකක් කළා සෙක්‍යුරිටි සර්විස් ටෙන්ඩර් එකක, ඔය ගණන් දාලා තිබ්බ ඒවා රිජෙක්ට් වෙලා දවසට අටසිය ගානෙ එකක් තමයි ලංසුව දිනුවෙ. දැනට යන වෙනත් එකක් මේ, මේකෙ අපි ඒ ආයතනේට එක ෂිෆ්ට් එකකට 1012.50ක් ගෙවනව. ඒක අපෙ පොඩි ප්‍රාදේශීය ගබඩා දෙකක්. මේකෙත් සේවකයට ඉතින් අටසීයක් වගේ තමයි අතට යනව ඇත්තෙ.

    සෙක්‍යුරිටි රස්සාව කරද්දි අය්යෙ ඔයාලගෙ ඩියුටි රෝස්ටරයක් තියෙනවා, ඒකේ ඒ අය කියා දෙන හැටියට මාක් කරන්න ඕනෑ. පොතේ හැටියට නම් එක්කෙනෙක්ට පැය 12 ෂිෆ්ට් එකකට වඩා දිගට කරන්න බැහැ. නමුත් සමහර තැන්වල ඕවා පස්සේ පන්නන්නෙ නැහැ. ඒ නිසා සමහර අය එක දිගට පැය 24 වැඩ කරන තැන් තියෙනවා. (මම එහෙම තවත් සෙක්‍යුරිටි කන්ට්‍රැක්ට් එකක එකක පේමන්ට් එහෙමත් කරනවා)

    මතක ඇතුව හැමදාම රස්සාවට ආවා කියන අත්සන හෝ ඇඟිල්ල තැබීම කරන්න. ඒක පලවෙනි දේ. වෙලාව එහෙම හරියට දාන්න පොතේ නම් අත්සන් කරන්න තියෙන්නෙ. සමහර වෙලාවට අමතක වෙලා උදේට යන්න ඉඩ තියෙනවා. ආවාම එක්සයිටඩ් නිසා අත්සන් කරන්න අමතක වෙන්නත් පුලුවනි. ඒ නිසා යෑම ඒම අමතක නොකර සටහන් කරන්න. මොකද අමතක වෙලා තිබ්බොත් අය්යෙ අපිට පඩි කපන්නයි වෙන්නෙ. කරන්න දෙයක් නැහැ. මාසෙ අන්තිමට පැමිණීම ෆින්ගර් මැෂින් එකෙන් හෝ පොතෙන් නේ ගන්නෙ. සටහන් නොවී තිබුණොත් සුම්මා තමයි.

    සමහර තැන්වල ඉතින් ඇඟිලි සලකුණු මැෂින් එක් හෝ පොතේ ලිවීමක් නැහැ. පරණ විදිහට අර පෙට්ටියක් තියෙනවා පෙට්ටියෙ කොල රෝලක් මතු වෙලා තියෙනවා. ඒකේ අත්සන ගහලා ලීවරය ඇදලා දාන්න තියෙන්නෙ. එතකොට අත්සන ගහපු කොලේ වෙලාව ලියවිලා පෙට්ටිය ඇතුලට යනවා. ඒවා ගැන වද වෙන්න එපා ඒක ඒ අය කියලා දෙයි.

    ඕවෑ අය්යෙ පුරුදු වෙන චාටර් වැඩක් තමයි අරක්කු බිවිල්ලයි සිගරට් ගැහිල්ලයි. ඕක පුරුදු වෙන්න එපා. කියවන්න බැරි උනත් පොතක් හරි අරන් යන්ඩ. වැඩිය කතා කරන්න යන්න එපා. කෙල්ලෙක් නැද්ද, බැඳලා නැද්ද වගේ කතා අහයි. ඕවට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ දුරුවලකම් එළියට එනවා. එවලෙට ආ ඇත්තද මල්ලි කියලා හාර අවුස්ස අවුස්ස පුද්ගලික කුණු ටික සේරම අහගෙන ඉඳල පස්සෙ උන් ඒවා ඩිස්කස් කරල විහිලුවට ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා අහද්දි බොරුවක් කියන්න අක්කා තාම බැඳලා නැහැ අම්මයි අක්කටයි බලන්න ඕනෙ ගෑණු ගත්තොත් ඕවා කරන්න වෙන්නෙ නැහැනෙ වගේ කතාවක් කියලා මග ඇරලා දාන්න.

    ඔයාලාගේ ඩියුටි ගත්තාම ආයතනේ වැඩකරන අය දොරවල් වහලා යතුරු එයාලාම දෙනවා නම් ඒ යතුරු භාර ගන්න එක, කරන්න ඕනි. ඒ යතුරු ටික අරන් එතන ක්‍රමවේදයට අනුව ආරක්ෂිතව තියන්න ඕනෙ. යතුරු දෙනකොට වගේම ගන්නකොට වෙලාව දාලා අදාල නිලධාරියා අත්සන් කරලයි දෙන්න ඕනෙ. දොරවල් අරින්නත් හැමෝටම බැහැ. යතුරු භාරගන්න අවසර තියෙන අය වෙනම ඉන්නව. කල් යද්දි ඔටෝ තේරෙයි. එක පාරට අලුතින් යන කෙනාට ඕවා දෙන්නෙ නැහැ. උදේ පාන්දර එන ආයතනේ අය හමු වුනොත් ගුඩ් මෝර්නින් කියන්ඩ. ආයතනේ ලොකු ලොක්කා වාහනේ යනකොට සැලුට් ගහන්න ඕනෑ. ඒවා සාමාන්‍ය සම්ප්‍රදායන් සෙක්‍යුරිටි අයගේ.

    සමහර තැන්වල දොර ජනෙල් වහන්න ඕනෙ ඔය අය. එතකොට එහෙම තැනක අය රෑ 9ට වගේ ඕටී කරලා යනවා නම් ආයතනේ සේරම දොර ජනෙල් වහලද බලලා, වැසිකිලි, වහපු කාමරවල මිනිස්සු ඉන්නවද, ලයිට් දාලාද බලලා ඒවා කරන්න ඕනෙ. නමුත් තැනින් තැනට ඒවා වෙනස්. ආයතනේ ඇතුලට හැමෝටම වාහන දාන්නත් බැහැ. ගෙනියන්නත් බැහැ. ගේට් පාස් කියලා දෙයක් තියෙනවා ගොඩක් තැන්වල. අවසර නැතිව වාහන එලියට ඇතුලට දාන්න බෑ. සමහර තැන්වල යන එන වාහන වල අංක පොතක ලියන්න තියෙනවා. නමුත් ඔයා යන්නෙ රෑ ෂිෆිට් එකට නම් ඕවා බොහොම අඩුයි.

    රෑට වටයක් දෙකක් ගිහින් එන්න වගේ තියෙයි. නියම රස්සාව ඉගන ගන්න කෙනෙක්ට නම්.. නරක පුරුදුවලට යන්න එපා. වැඩේ අල්ලගෙන යමු.

    යකෝ උඹ :baffled:

    මාරයිනෙ :love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    හවස 6 ඉඳං උදේ 6 වෙනකං
    කරන්ඩ දෙයක් නෑ. නිකං ඉන්ඩ විතරයි තියෙන්නෙ

    පොල්ගහක් හරි කමක් නෑ තියන්ඩලු ඕන :D

    දවසට 1000යි

    හෙට ඉඳං යන්ඩ බැලුවෙ.. කරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි

    Good luck. Give it a try. You can do it.:yes:
     

    AnuradhaRa

    Well-known member

  • දැං ගිහින් බොසාල දෙන්නෙක් හම්බෙලා ආවෙ

    අද හවස 5.30ට සේවයට වාර්තා කරන්ඩ කිව්ව

    හවස 6 - උදේ 6

    කීයක්හරි හොයාගන්ඩ පුලුවන් වුණොත් අර තුන්දෙනාට ආපහු සල්ලි දෙන්ඩ පුලුවන්.. :love:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒක හොඳයි මචන්. අනිවාර්යෙන් යන්න. උබේ ඔය ස්ට්‍රෙස්, anxiety සීන් අඩු කර ගන්න ඔය ස්ටෙප් එකත් ගොඩක් වටිනවා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දැං ගිහින් බොසාල දෙන්නෙක් හම්බෙලා ආවෙ

    අද හවස 5.30ට සේවයට වාර්තා කරන්ඩ කිව්ව

    හවස 6 - උදේ 6

    කීයක්හරි හොයාගන්ඩ පුලුවන් වුණොත් අර තුන්දෙනාට ආපහු සල්ලි දෙන්ඩ පුලුවන්.. :love:

    බය වෙන්න එපා...ඔයාට පුළුවන්.....:D:yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඒක හොඳයි මචන්. අනිවාර්යෙන් යන්න. උබේ ඔය ස්ට්‍රෙස්, anxiety සීන් අඩු කර ගන්න ඔය ස්ටෙප් එකත් ගොඩක් වටිනවා.

    බය වෙන්න එපා...ඔයාට පුළුවන්.....:D:yes:

    :love:
     

    AnuradhaRa

    Well-known member
  • ඒක හොඳයි මචන්. අනිවාර්යෙන් යන්න. උබේ ඔය ස්ට්‍රෙස්, anxiety සීන් අඩු කර ගන්න ඔය ස්ටෙප් එකත් ගොඩක් වටිනවා.

    ඔව් බං කරන්ඩ කිසි දෙයක් නෑ. ඇහැරල ඉන්ඩ විතරයි තියෙන්නෙ. ටෝච් එක අරං පැය බාගෙකට සැරයක් වගේ පොඩ්ඩක් කැරකිල එන්ඩ තියෙන්නෙ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර එක්සසයිස් අටමගුල විකුණලා ලැපක් ගනින්,,,:yes:

    ඊට පස්සේ ඔතන වෙන හැම ලබ්බම , උඹේ ඔලු ගෙඩියට එන හැම සිතුවිල්ලම මේ ත්‍රෙඩ් එකේ දාපං ... අපි සැනින් රිප්ලයි කරන්නනම්... :yes:
     

    AnuradhaRa

    Well-known member
  • අර එක්සසයිස් අටමගුල විකුණලා ලැපක් ගනින්,,,:yes:

    ඊට පස්සේ ඔතන වෙන හැම ලබ්බම , උඹේ ඔලු ගෙඩියට එන හැම සිතුවිල්ලම මේ ත්‍රෙඩ් එකේ දාපං ... අපි සැනින් රිප්ලයි කරන්නනම්... :yes:

    අලි අලි :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අර එක්සසයිස් අටමගුල විකුණලා ලැපක් ගනින්,,,:yes:

    ඊට පස්සේ ඔතන වෙන හැම ලබ්බම , උඹේ ඔලු ගෙඩියට එන හැම සිතුවිල්ලම මේ ත්‍රෙඩ් එකේ දාපං ... අපි සැනින් රිප්ලයි කරන්නනම්... :yes:

    අන්න එක හොදයි....රෙදි වනන්න ඔච්චරටම වටින එකක් ඔනි නැනෙ..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    ගොඩක් සතුටුයි මචං අනිවාර්‍යෙන්ම ඔය ජොබ් එකට පලයන් උඹට කට්ටක් කන්න උනත් කවදාවත් ජොබ් එක දාල යන්න එපා වෙන ජොබ් එකක් සෙට් කරගන මිසක් ජොබ් එකට ආදරේ කරපන් උඹේ ලෙඩ සනීප කරගන්න තියෙන හොඳම වැඩේ ජොබ් එකක් කරන එක හම්බෙන පඩියෙන් කාපන් බීපන් ලස්සනට ඇඳපන් අම්ම තාත්තට සලකපන් ගානක් ඉතුරු කරපන් කසුන කිව්ව වගේ ලැපක් හරි හොඳ පෝන් එකක් හරි අරන් පලයන් කම්මැලි කම නැති කරගන්න මදුරු කොයිල් එකක් අරන් පලයං මතක ඇතිව උඹට ජය
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් සතුටුයි මචං අනිවාර්‍යෙන්ම ඔය ජොබ් එකට පලයන් උඹට කට්ටක් කන්න උනත් කවදාවත් ජොබ් එක දාල යන්න එපා වෙන ජොබ් එකක් සෙට් කරගන මිසක් ජොබ් එකට ආදරේ කරපන් උඹේ ලෙඩ සනීප කරගන්න තියෙන හොඳම වැඩේ ජොබ් එකක් කරන එක හම්බෙන පඩියෙන් කාපන් බීපන් ලස්සනට ඇඳපන් අම්ම තාත්තට සලකපන් ගානක් ඉතුරු කරපන් කසුන කිව්ව වගේ ලැපක් හරි හොඳ පෝන් එකක් හරි අරන් පලයන් කම්මැලි කම නැති කරගන්න මදුරු කොයිල් එකක් අරන් පලයං මතක ඇතිව උඹට ජය

    කොයිල් එකක් :yes: