වීසා නැති සංචාරකයෝ -15 (සිටිකිච්චා)
නිල් බට්ටිකුරුල්ලා හෙවත් ඉන්දු නිල් සිටිකිච්චා හිමාල කඳු පන්තියේ ඊශාන දිග කොටස සිය නිජබිම කරගත් සත්ත්ව විශේෂයකි. ඉන්දියන් බ්ලූ රොබින් Indian Blue Robin ලෙස හෝ ඉන්දියන් බ්ලූ චැට් Indian Blue Chat ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන නිල් බට්ටිකුරුල්ලා සත්ත්ව විද්‍යාත්මකව ලුස්කිනිආ බෘන්නිආ Luscinia brunnea ලෙස හැඳින්වේ.
වනාන්තරවල බිම ගැවසෙමින් කෘමි සතුන් ආහාරයට ගන්නා නිල් සිටිකිච්චා ශීත සෘතුව ගත කිරීම සඳහා මෙරට තෙත් කලාපයට හා උඩරට කඳුකර වනා්නතර වලට පැමිණෙයි. ගේ කුරුල්ලකු තරම් වූ ප්‍රමාණයකින් වැඩෙන සිටිකිච්චාගේ කකුල් තරමක් දිගැති විම විශේෂත්වයකි.
සිරුරේ ප්‍රමුඛ වර්ණය කළු පැහැයට හුරු තද නිල් පැහැය වීම හේතුවෙන් නිල් සිටිකිච්චා ලෙස හැඳින්වේ. පියාපත් කෙලවර දුඹුරුවන්ය. ගෙල හා පපු පෙදෙස දිලිසෙන රන් දුඹුරු පැහැතිය. යටි බඩ හා ගුද පෙදෙස සුදු පැහැතිය. නිල් සිටිකිච්චා පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ සුදු පැහැති ඇහි බැම හේතුවෙනි.
ගැහැණු සතාගේ ගත තරමක් ඔලිව් දුඹුරු පැහැයට හුරුය. කිරිල්ලියගේ යටි කය ලා පාටය. ලා පැහැති කෙටි ඇහි බැමක් සහිත කිරිල්ලියගේ උගුරු පෙදෙස සුදුවන්ය.
වනාන්තර යටිගොන්නේ බිම ඉතා හොඳින් සැඟවී ඇති කෝප්ප ආකාරය කැදැල්ලක් තනයි. පාසි, වියලි තණකොළ, ලොම් යනාදිය නිලි සිටිකිච්චා අමුද්‍රව්‍ය ලෙස කැදැල්ලට යොදා ගනී. කිරිල්ලිය බිත්තර හතරක් පමණ දමයි. පැටවුන්ට කවා ඇති දැඩි කිරීමේ දී කුරුල්ලා ද තම කිරිල්ලියට සහයෝගය දක්වයි.
වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)
වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)
වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)
වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)
වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)
වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)
වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)
වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)
වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)
වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)
වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)
වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා)
වීසා නැති සංචාරකයෝ -13 (කළු සරටකුස්සා)
වීසා නැති සංචාරකයෝ -14 (නිල් නීලරාජයා )