*සිත* ගැන හැදින්වීමක්.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Kohoma gattath me video danne ube hithatama neda :baffled:

    විඩියෝ එක දාන්නේ මගේ හිතටමයිද, නැද්ද කියලා ඔයා දැනගන්නේ කොහොමද? දැනගන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618

    Dan uba karanne amba gaha tiyenawada nedda kiyala danne netuwa video dana ekada
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    අඹ ගහ තියෙනවද, නැද්ද කියලා දැනගන්න පුලුවන්ද?
    Owne.itin tiyenawa kiyala gathoth upadana rupa.ne kiyal gatthath upadana rupa.oya attama tiyenwada nedd denaganna puluwand berida kyana eka moda kathawakne ban
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Owne.itin tiyenawa kiyala gathoth upadana rupa.ne kiyal gatthath upadana rupa.oya attama tiyenwada nedd denaganna puluwand berida kyana eka moda kathawakne ban

    උපාදාන රූප කියන්නේ?

    ඇයි තියෙනවද නැද්ද කියලා අහපු එක මෝඩ කතාවක් වෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    උපාදාන රූප කියන්නේ?

    ඇයි තියෙනවද නැද්ද කියලා අහපු එක මෝඩ කතාවක් වෙන්නේ?
    Ne abha gaha tiyenwqda nedda kiyala denaganna puluwanda ahana eka.ekko tiyenawa nattan ne.tiyenawa kiyala gannawa nattan ne kiyala gannawa.ita wada mokadda etana.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ne abha gaha tiyenwqda nedda kiyala denaganna puluwanda ahana eka.ekko tiyenawa nattan ne.tiyenawa kiyala gannawa nattan ne kiyala gannawa.ita wada mokadda etana.

    ඉතින් එතන වෙන සිද්ධිය දිහා බලපන් හැම දේම ටයිප් කරලා පෙන්නන්න බැ. එහෙම ගන්න එක අවස්ථාවක් වත් හරි හෝ වැරදි වෙන්න නැත්තම් නිත්‍ය වෙන්න පුලුවන්ද?

    අඹ බව හෝ අඹ නොවන බව නිත්ය වශයෙන් පවතින්න පුලුවන්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    @Fiona Dabare @Emios
    සිතට මෙහෙම හැඳින්වීමක් තියෙනවා දර්ශනවාදයේ ( Philosophy )

    Renee Descartes කියන ප්‍රංශ දර්ශනවාදියා දවසක් තර්ක කරණවා සිත ගැන මෙහෙම,

    යම් දෙයක් මා මුලාවට පත් කරනවානම් වේ දෙය සැබෑවටම නොතිබිය යුතු දෙයක් විය යුතුයි. ( මිරිඟුව ගැන සිතා )

    සිහින මගින් කයෙහි සිතෙහි පැවැත්ම මුලාවට පාත් කරයි, සිහිනයක් අපට සත්‍ය සේ හැඟෙයි, නමුත් එය හුදු සිහිනයකි.

    යම් පුද්ගලයෙක් මාගේ සිතෙහි සිතිවිලි පාලනය කරනවා නම් මගී සිත සැබෑවටම නො පවතින දෙයක් යුතු විය යුතු ය. ( Devil )

    මෙසේ තර්ක කරන විට ඔහුට අවසානයේ සිතී ගියේ ...

    මෙලෙස සිත තිබේ ද, නො ති බේ ද යන වග තර්ක කිරීමට නම් ... මා හට සිතක් තිබිය යුතුයි,

    එම නිසා සිත සැබෑවටම පවතින ( Reality ) වේ.

    බුදු දහමේ, අභිධර්මය සිත පරමාර්ථයක් හැටියට දක්වනවා, සිත කියලා දෙයක් තිබේ, විද්‍යමාන යැයි කියා දක්වා ඇත.

    මගේ පරණ අභිධර්ම note පොතෙන් උපුටා ගන්නා ලදී. 😅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙලෙස සිත තිබේ ද, නො ති බේ ද යන වග තර්ක කිරීමට නම් ... මා හට සිතක් තිබිය යුතුයි,

    එම නිසා සිත සැබෑවටම පවතින ( Reality ) වේ.

    බුදු දහමේ, අභිධර්මය සිත පරමාර්ථයක් හැටියට දක්වනවා, සිතා කියලා දෙයක් තිබී යැයි කියා.

    ඔයා හිතන්නේ මොකක්ද?
    තියෙනවද, නැද්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    ඇයි එහෙම කියන්නේ?
    1. බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබෙනවා අභිධර්මයේ - ශ්‍රද්ධාව

    2. තිබේද නැද්ද කියා තර්ක කිරීමට සිතක් තිබිය යුතුය - මට හිතෙන දේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    1. බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබෙනවා අභිධර්මයේ - ශ්‍රද්ධාව

    පරමාර්ථ කියන්නේ ඔයාට දැන්ට අදාල දෙයක් නෙමෙයි. දැනට ඕක දෘස්ටියක් විතරනේ. දැන් තියෙන ප්‍රශ්නේ දැන් විසදගන්න ඕනේ, එතකොට තමයි පරමාර්ථය දකින්න පුලුවන් වෙන්නේ.

    2. තිබේද නැද්ද කියා තර්ක කිරීමට සිතක් තිබිය යුතුය - මට හිතෙන දේ

    තර්ක කරනවා කියන්නේ.. හරි හිතනවා කියමු.

    ඔයා ඉපදුන දවසේ ඉදන් මේ වෙනකන් දැනගත්ත නැති දෙයක් ගැන ඔයාට *හිතන්න* හෝ *තර්ක කරන්න* පුලුවන්ද?
    අලුත් පාටක්? එතකොට දැන් හිත නැද්ද?

    Dukak tiyenawa widina kenek ne
    Sithak tiyenawa sithana kenek ne

    දුකක් තියෙන්නෙත් දුක විදින කෙනෙක් ඉන්න නිසා සහ සැප තියෙන නිසා.
    සැපක් තියෙන්නෙත් සැප විදින කෙනෙක් ඉන්න නිසා සහ දුක තියෙන නිසා.

    හෙවනැල්ල තියෙන්න, ගහත් ඕනේ, අව්වත් ඕනේ..
    ඔය දෙකෙන් එකක්හරි නැතුව හෙවනැල්ල තියෙයිද?
    ------ Post added on Aug 7, 2025 at 12:09 AM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    ඔයා ඉපදුන දවසේ ඉදන් මේ වෙනකන් දැනගත්ත නැති දෙයක් ගැන ඔයාට *හිතන්න* හෝ *තර්ක කරන්න* පුලුවන්ද?
    අලුත් පාටක්? එතකොට දැන් හිත නැද්ද?
    එහෙම තර්ක කරන්න හිතෙන්න විදිය ක් නෑ නේද මට ඒ ගැන සංඥාවක්, චෛතසිකයක් ගෝචර වුණේ නැත්නම් ...

    අපි දන්නේ නැති, අත් දැකල නැති දෙයක් දෙයක් ගැන කොහොමද, අපි තර්ක කරන්නේ, සිතන්නේ.

    මම සිතනවා පෞද්ගලිකව සිත කියන්නේ අප උපන්දා සිට වර්තමාන මෙම සිතුවිල්ල සිතන තෙක් අප අත්දැකනු ලැබූ චිත්ත චෛතසික එකතුවක් කියලා. සසර පුරුද්දත්, සසරින් රැගෙන එන චිත්තසඤ්ඤාත් ඇති.

    මම හිතනවා සිත කියන්නේ Memory Chip එකක් වගේ කියලා. අපි අත්දකින චිත්ත චෛතසික ඒකේ ගබඩා වෙනවා. ඒ අනුව අපි ජීවිතයේ තීරණ ගන්න පෙලඹෙනවා, සමහර විට pre installed software වගේ එනවා ඇති සසර පුරුදු, වැඩීම්, කර්ම විපාක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙම තර්ක කරන්න හිතෙන්න විදිය ක් නෑ නේද මට ඒ ගැන සංඥාවක්, චෛතසිකයක් ගෝචර වුණේ නැත්නම් ...

    එකතමයි පරමාර්ථෙයි, අවිද්‍යාවෙයි වෙනස. පරමාර්ථය ගැන දැනට කතා කරන්න බැරි හේතුවත්. ඔයාට පෙන්නේ රූපේ (පරමාර්ථය) නෙමෙයි, රූපේට දාපු අර්ථය.

    හරි, අඹ ගහ ඇත්තටම තියෙනවා හෝ නැහැ කියන එක ගැන තර්ක කරන්නේ හෝ හිතන්නේ කොහොමද ඔයා?

    reply එක දාලා තියන්න හෙට කතා කරමු, නිදි මතයි දැන්.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    හරි, අඹ ගහ ඇත්තටම තියෙනවා හෝ නැහැ කියන එක ගැන තර්ක කරන්නේ හෝ හිතන්නේ කොහොමද ඔයා?
    ශ්‍රද්ධාව ... මම හිතනවා පරමාර්ථ හැර අනෙක් සියලු දේ ප්‍රඥප්ති, සැබෑවට නොතිබෙන දේ, අවිද්‍යාමාන දේ කියලා.

    ප්‍රඥාවට ගෝචර වෙලා නෑ, නුවණින් විමසා බලා ඒ බව තනිව තේරුම් ගැනීමට තරම් දැනීමක් මට නෑ.

    ඔයා කියනවා වගේ අවිද්‍යාව වෙන්න ඇති සමහරවිට.

    -------------------------------------------------------------------------------------

    සංයුත්ත නිකාය
    ඛන්ධක වග්ගෝ
    4.1.3. විඤ්ඤාණ සුත්තං
    4.1.3. විඤ්ඤාණය ගැන වදාළ දෙසුම
    304. සාවත්ථියං....

    304. සැවැත් නුවර දී .....................

    චක්‌ඛුවිඤ්‌ඤාණං භික්ඛවේ, අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී. සෝතවිඤ්‌ඤාණං අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී. ඝානවිඤ්‌ඤාණං අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී. ජිව්‌හාවිඤ්‌ඤාණං අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී. කායවිඤ්‌ඤාණං අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී. මනෝවිඤ්‌ඤාණං අනිච්‌චං විපරිණාමී අඤ්‌ඤථාභාවී.

    පින්වත් මහණෙනි, ඇසේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසයේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිවේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. කයේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. මනසේ විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.

    යෝ භික්ඛවේ, ඉමේ ධම්‌මේ ඒවං සද්‌දහති අධිමුච්‌චති, අයං වුච්‌චති සද්‌ධානුසාරී, ඔක්‌කන්‌තෝ සම්‌මත්‌තනියාමං, සප්‌පුරිසභූමිං ඔක්‌කන්‌තෝ, වීතිවත්‌තෝ පුථුජ්‌ජනභූමිං. අභබ්බෝ තං කම්‌මං කාතුං, යං කම්‌මං කත්‌වා නිරයං වා තිරච්‌ඡානයෝනිං වා පෙත්‌තිවිසයං වා උපපජ්‌ජෙය්‍ය. අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්‌තිඵලං සච්‌ඡිකරෝති.

    පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනී නම්, ශ්‍රද්ධාවෙහි බැසගනී නම්, මොහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.

    යස්‌ස ඛෝ භික්ඛවේ, ඉමේ ධම්‌මා ඒවං පඤ්‌ඤාය මත්‌තසෝ නිජ්‌ඣානං ඛමන්‌ති, අයං වුච්‌චති ධම්‌මානුසාරී, ඔක්‌කන්‌තෝ සම්‌මත්‌තනියාමං, සප්‌පුරිසභූමිං ඔක්‌කන්‌තෝ, වීතිවත්‌තෝ පුථුජ්‌ජනභූමිං. අභබ්බෝ තං කම්‌මං කාතුං, යං කම්‌මං කත්‌වා නිරයං වා තිරච්‌ඡානයෝනිං වා පෙත්‌තිවිසයං වා උපපජ්‌ජෙය්‍ය. අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්‌තිඵලං සච්‌ඡිකරෝති.

    පින්වත් මහණෙනි, යමෙකුට මේ ධර්මයන් ඔය ආකාරයෙන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් තිබෙනවා නම්, මොහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒතාක් ම (සෝවාන් වන තුරු) ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.

    යෝ භික්ඛවේ, ඉමේ ධම්‌මේ ඒවං ජානාති ඒවං පස්‌සති, අයං වුච්‌චති සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්‌බෝධිපරායනෝති.

    පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, ඔය ආකාරයෙන් දකිනවා නම්, මොහුට කියන්නේ සෝවාන් කෙනා කියලයි. අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන් ම ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.

    සාදු! සාදු!! සාදු!!!

    වි
    ඤ්ඤාණ සූත්‍රය නිමා විය.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විය.

    ඔය මන් අහපු දේට උත්තරේ නෙමෙයි. පොතක කෑල්ලක්..
    ඔය තේරෙන්නැති බාසා පැත්තකින් දාලා සරල සිංහල උදාහරනයට සාපෙක්ෂව ගනින්.

    ශ්‍රද්ධාව ... මම හිතනවා පරමාර්ථ හැර අනෙක් සියලු දේ ප්‍රඥප්ති, සැබෑවට නොතිබෙන දේ, අවිද්‍යාමාන දේ කියලා.

    ප්‍රඥාවට ගෝචර වෙලා නෑ, නුවණින් විමසා බලා ඒ බව තනිව තේරුම් ගැනීමට තරම් දැනීමක් මට නෑ.

    ඔයා කියනවා වගේ අවිද්‍යාව වෙන්න ඇති සමහරවිට.

    මෙතන තේරුම් ගන්න නෙමෙයි කියන්නේ, තේරුම් ගන්නවා කියන එකම fundamentally වැරදියි, ඔතන ප්‍රශනේ තියෙන්නේ අවුරුදු 30 විතර ඒකම කරපු උබල කොහෙන් ගියත් යන්නේ එතෙන්ටම වෙන එක.

    සැබැවට තියෙන හෝ නොතියෙන දෙයක් ගැන, නැත්තම් ඔයා හදුන්වන විදිහට, පරමාර්ථයක් හෝ ප්‍රඣප්තියන් ගැන දැනගන්න පුලුවන්ද?

    රූපය - මේක තමයි පරමාර්ථය. මේක ගැන මෙහෙම නෙමෙයි කොහොමවත් කතා කරන්න බැහැ. ඒ මේක ඇත හෝ නැත නිසා නෙමෙයි.

    නාම-රූපය > ගහ

    උබට ගහ, *ගහක්* වෙන්නේ නාමය නැත්තම් අර්ථය තමයි උබ දකින්නේ නැතුව රූපය, නැත්තම් පරමාර්ථය නෙමෙයි. පරමාර්ථයක් ගැන කතා කරන එකම විහිලුවක්.
    උබ දැනට දැකලා නැති, දන්න බාශාවකින් හෝ අහල තියෙන භාශාවතින් හෝ අහලා තියෙන ශබ්දයකින් එහා දෙයන් උබට හිතන්න/ හිතෙන්න/ දැනගන්න පුලුවන්ද පරමාර්ථයේ??

    මේ ඔක්කොම උබ හදාගත්ත දේවල් කලින්. සංස්කරන. අවිද්‍යා + සංඛාරා දෙක හැම තිස්සෙම අතීතය. අතීතය කියලා වචන අර්ථය ගන්න එපා මොකද *උබ* ඉන්නේ මොහොතේ විතරයි. පරමාර්ථය, අඹ ගහ වෙද්දි තමයි ඒ ගැන දැනගත්ත උබ ඉපදෙන්නෙත්, පවතින හෝ නොපවතින අඹ ගහ නැත්තම් ලෝකය ගොඩ නැගෙන්නෙත්. ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය නිසා තමයි, නිවි නිවි පත්තු වෙන ලයිට් එකක් නොනිමී එකදිගට පත්තු වෙවී තියෙනවා වගේ පේන්නේ. ඒ මොහොතේ උබ ඉන්නෙත් අවිද්‍යාව නිසා නැතුව උබ ඉන්නවා නෙමෙයි.

    රූපය දැනගන්නේ *අඹ ගහ කියලා* හරි නැත්තහ් උබ දැනට අහපු, දැකපු දේකින් හරි, එහෙම විතරමයි උබට *දැනගන්න* පුලුවන්.. උබ මොකක් හරි තේරුම් ගන්න හැම වේලේම වෙන්නේ ඕකමයි. තේරුම් ගත්ත දේක *හරි* හෝ *වැරැද්දක්* හම්බෙන්නේ ඒ නිසා. ඒ අනුව දෘස්ටිය සකස් කරනවා අන්ත පරිශීලනය කරන්න.

    අඹ ගහ ඇති හෝ නැති බව ක් කවදාවත් දැනගන්න බැහැ, අඹ ගහම සංස්කරනයක් වෙච්ච තැන. අරමුන සමග අදාල *අඹ බව* පටිච්ච වෙන නිසා තමයි රූපය අඹ ගහ කියලා දැන ගන්නේ. මේ *අඹ* දැනගන්න පුලුවන් *අඹ නොවීමට* සාපේක්ශව විතරයි.
    කොස් ගහක් පේද්දි අඹ ගහක් කියලා දැනගැනීම ඇති වෙන්නැහැනේ?

    ඔය අඹ බව හා අඹ නොවන බව තමයි දෙපැත්ත මාරු වෙවී පෙනීම සමග එකක් පටිච්ච වෙලා දැනගැනීම ඇති වෙන්නේ.. මේකෙන් එක බව ක් නිත්යව පවතින්නැහැ.. දෙපැත්ත මාරු වෙවී ගලා යනවා.. මේ ක්‍රියාවලිය තමයි මොහොතේදි වෙන්නේ.. ඒක තමයි අනිත්‍යයි කියන්නේ..

    දැන් අඹ ගහ තියෙනවද? නැද්ද?
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999

    ඊයේ රෑ ඉදලා මේකට reply එකක් දාන්න කල්පනා කරනවා ඓත් click වෙන්නේ නෑ,
    සමහරවිට අවබෝධය මදි ඇති, Intellectual නැතුව ඇති

    මම ටික දවසක් අරන් reply එකක් දාන්නම්.

    I feel like something happening inside me.
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මෙතන තේරුම් ගන්න නෙමෙයි කියන්නේ, තේරුම් ගන්නවා කියන එකම fundamentally වැරදියි, ඔතන ප්‍රශනේ තියෙන්නේ අවුරුදු 30 විතර ඒකම කරපු උබල කොහෙන් ගියත් යන්නේ එතෙන්ටම වෙන එක.

    සැබැවට තියෙන හෝ නොතියෙන දෙයක් ගැන, නැත්තම් ඔයා හදුන්වන විදිහට, පරමාර්ථයක් හෝ ප්‍රඣප්තියන් ගැන දැනගන්න පුලුවන්ද?

    රූපය - මේක තමයි පරමාර්ථය. මේක ගැන මෙහෙම නෙමෙයි කොහොමවත් කතා කරන්න බැහැ. ඒ මේක ඇත හෝ නැත නිසා නෙමෙයි.

    නාම-රූපය > ගහ

    උබට ගහ, *ගහක්* වෙන්නේ නාමය නැත්තම් අර්ථය තමයි උබ දකින්නේ නැතුව රූපය, නැත්තම් පරමාර්ථය නෙමෙයි. පරමාර්ථයක් ගැන කතා කරන එකම විහිලුවක්.
    උබ දැනට දැකලා නැති, දන්න බාශාවකින් හෝ අහල තියෙන භාශාවතින් හෝ අහලා තියෙන ශබ්දයකින් එහා දෙයන් උබට හිතන්න/ හිතෙන්න/ දැනගන්න පුලුවන්ද පරමාර්ථයේ??

    මේ ඔක්කොම උබ හදාගත්ත දේවල් කලින්. සංස්කරන. අවිද්‍යා + සංඛාරා දෙක හැම තිස්සෙම අතීතය. අතීතය කියලා වචන අර්ථය ගන්න එපා මොකද *උබ* ඉන්නේ මොහොතේ විතරයි. පරමාර්ථය, අඹ ගහ වෙද්දි තමයි ඒ ගැන දැනගත්ත උබ ඉපදෙන්නෙත්, පවතින හෝ නොපවතින අඹ ගහ නැත්තම් ලෝකය ගොඩ නැගෙන්නෙත්. ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය නිසා තමයි, නිවි නිවි පත්තු වෙන ලයිට් එකක් නොනිමී එකදිගට පත්තු වෙවී තියෙනවා වගේ පේන්නේ. ඒ මොහොතේ උබ ඉන්නෙත් අවිද්‍යාව නිසා නැතුව උබ ඉන්නවා නෙමෙයි.

    රූපය දැනගන්නේ *අඹ ගහ කියලා* හරි නැත්තහ් උබ දැනට අහපු, දැකපු දේකින් හරි, එහෙම විතරමයි උබට *දැනගන්න* පුලුවන්.. උබ මොකක් හරි තේරුම් ගන්න හැම වේලේම වෙන්නේ ඕකමයි. තේරුම් ගත්ත දේක *හරි* හෝ *වැරැද්දක්* හම්බෙන්නේ ඒ නිසා. ඒ අනුව දෘස්ටිය සකස් කරනවා අන්ත පරිශීලනය කරන්න.

    අඹ ගහ ඇති හෝ නැති බව ක් කවදාවත් දැනගන්න බැහැ, අඹ ගහම සංස්කරනයක් වෙච්ච තැන. අරමුන සමග අදාල *අඹ බව* පටිච්ච වෙන නිසා තමයි රූපය අඹ ගහ කියලා දැන ගන්නේ. මේ *අඹ* දැනගන්න පුලුවන් *අඹ නොවීමට* සාපේක්ශව විතරයි.
    කොස් ගහක් පේද්දි අඹ ගහක් කියලා දැනගැනීම ඇති වෙන්නැහැනේ?

    ඔය අඹ බව හා අඹ නොවන බව තමයි දෙපැත්ත මාරු වෙවී පෙනීම සමග එකක් පටිච්ච වෙලා දැනගැනීම ඇති වෙන්නේ.. මේකෙන් එක බව ක් නිත්යව පවතින්නැහැ.. දෙපැත්ත මාරු වෙවී ගලා යනවා.. මේ ක්‍රියාවලිය තමයි මොහොතේදි වෙන්නේ.. ඒක තමයි අනිත්‍යයි කියන්නේ..

    දැන් අඹ ගහ තියෙනවද? නැද්ද?
    ලොකු හරයක් මෙතන තියෙනව ... ත්‍රිපිටක, අභිධර්මය... අරක මේක කිය කිය මෙතන වැළලෙන අය මේක දෙතුන් පාරක් කියවන්න වටිනව...
    Well said (typed) malli 🙏
     
    • Like
    Reactions: Fiona Dabare