සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    :rolleyes: වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.

    බමුණා ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වට, බුදුවෙන්න ගමන් කරන මාර්ගයක් වත්, ඒක කරන විදියක් වත් දන්නෙනේ නෑ නේ බන්. අනික බමුණෙක් ඒක කොහොම දැන ගන්නද? සාරසංඛ කල්ප ලක්ශයක් පාරමී පුරපු බෝධි සත්වයන්ටත් ඒක හොයා ගන්න අවුරුදු 6ක් ගියා. ඒ දවස් වල බමුණෝ හිතන් හිටියේ ශරීරයට දැඩි දුක දීමෙන් බුදු වෙනවා/විමුක්තියට පත්වෙනවා කියලයි. ඒක ඉතිං ඒ කාලේ තිබ්බ මිත‍යා මතයක්.

    ධම්සක්පැවතුම් සූත්‍රය දේශනා කරද්දි, කොණ්ඩඥ්ඥ බමුණා විතරක් මනුස්ස ලෝකයෙන් නිවන් දැක්කේ (සෝවාන් උනේ) සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුදුවෙන බව සැක හැර දැන් ගත්ත නිසා. හිතේ සැකයක් තිබ්බේ නෑ.
    අනිත් අය බණ අහුවට හිතේ පොඩි සැකයක් තිබ්බා, ඒකයි මාර්ග ඵල ලැබුවේ නැත්තේ. සැක හිතේ තියන් මග ඵල ලබන්න බෑ කියලා පොත්වල තියෙනවා.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    :no::no:මම කිව්වේ බුදුවෙන මාර්ගය ගැන නෙවෙයි. එක ඇඟිල්ලක් උස්සලා එච්චර විස්වාසයෙන් හිටපු බමුනටත් තමාගේ අනාවැකිය ගැන විශ්වාසය නැති වෙනවා...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනික මචන් ඔය ඉතිහාස කතාවෙන්මත් ඔප්පු වෙනවා ජෝඋතිශ්‍ය බොරුවක් කියල. මොකද බමුණෝ 108 දෙනාගෙන් 107 දෙනෙක් එක කතාවකුත් එක්කෙනෙක් විතරක් තව කතාවකුත් කියනවා කියන්නේ එතනනින්ම පැහැදිලියි ජෝඋතිෂ්‍ය කියන එක පැහැදිලි නිරවුල් දෙයක් නොවෙන බව. නිකමට හිතපන් මොකක් හරි ගණිතමය සමීකරණයක් ගැන. ඒ ගැන හසල දැනුමක් තියෙන හැමෝටම එන්න ඕනේ එකම උත්තරයක්. ඒත් ජෝඋතිෂ්‍ය එක එක්කෙනාට අනුව වෙනස්. ජෝඋතිෂ්‍ය නිවැරදි විද්‍යාවක් නම් එහෙම වෙන්න බෑ.
    108 න් 1 කෙනෙක් හරියට කිව්වා කියමුකො.එහෙම කියපු එක්කෙනාම සිදුහත් තවුසො දුශ්කරක්‍රියාව අත හැරල කෑම බීම ගන්න පටන් ගත්තම එහෙනම් මෙයාට බුදු වෙන්න බෑ කියල යන්න යනවා.තමන් කියපු අනාවැකිය තමන්ටම සුවර් නැති වෙලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    :no::no:මම කිව්වේ බුදුවෙන මාර්ගය ගැන නෙවෙයි. එක ඇඟිල්ලක් උස්සලා එච්චර විස්වාසයෙන් හිටපු බමුනටත් තමාගේ අනාවැකිය ගැන විශ්වාසය නැති වෙනවා...

    මාර්ගය පිට පැන්නා කියලා හිතලා නේද බුදු හාමුදුරුවන්ව අත හැරලා ගියේ? :)
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මාර්ගය පිට පැන්නා කියලා හිතලා නේද බුදු හාමුදුරුවන්ව අත හැරලා ගියේ? :)

    :P එහෙම පිට පැන්නත් තමුන්ගේ අනාවැකිය ගැන මිනිහට හිතන්න තිබුනනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    :P එහෙම පිට පැන්නත් තමුන්ගේ අනාවැකිය ගැන මිනිහට හිතන්න තිබුනනේ...

    උබ ඔය කියන්න හදන්නේ විශ්වාසය කියන්නේ stable දේයක් නෙවේ කියලනම්, මම ඒක පිලිගන්නවා. අවබොධය තම්යි ගොඩක්ම හොද. ඒ කලේ මොන අවබොධද බන්
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    උබ ඔය කියන්න හදන්නේ විශ්වාසය කියන්නේ stable දේයක් නෙවේ කියලනම්, මම ඒක පිලිගන්නවා. අවබොධය තම්යි ගොඩක්ම හොද. ඒ කලේ මොන අවබොධද බන්

    :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    108 න් 1 කෙනෙක් හරියට කිව්වා කියමුකො.එහෙම කියපු එක්කෙනාම සිදුහත් තවුසො දුශ්කරක්‍රියාව අත හැරල කෑම බීම ගන්න පටන් ගත්තම එහෙනම් මෙයාට බුදු වෙන්න බෑ කියල යන්න යනවා.තමන් කියපු අනාවැකිය තමන්ටම සුවර් නැති වෙලා

    1. මෙතනට ජෝතිශ්‍ය අදාළ නෑ. සාහිත්‍යයේ තියෙන්නේ ශරීර ලක්ෂණ ගැන පමණයි.

    2. "ශරීර ලක්ෂණ බලල අනාවැකි කීම" ගැන විතරක් කතා කරනව නම් 108 දෙනාම හරි කියල පිළිගන්න වෙනවා. සාහිත්‍යයේ තියන විදිහට අබිනික්මන් නොකළා නම් සත් දිනකින් චක්‍රරත්නය පහළ වෙනවා. අබිනික්මන් කළා නම් බුදු වෙනවා.

    3. ශරීර ලක්ෂණ බලල ලබා ගන්න යම් දැනුමක් තිබෙනවාද එම දැනුම ප්‍රත්‍යක්ශ එකක් නොවන බව පැහැදිළියි. එය පෘතක්ජනයන් අවිද්‍යාවෙන් භාවිතා කරන තවත් ශිල්පයක් පමණයි. ඒ නිසා බමුණාටම ඒ ගැන සැක සිතුනා.

    4. නමුත් අසිත තවුසා වැනි අයට කිසිම සැකයක් තිබිය නොහැකියි. ධ්‍යාන බලයෙන් ලැබෙන දැනුම ප්‍රත්‍යක්ශ එකක්.

    උදා- අප නිතරම කියන "අභිවාදන සීලිස්ස" ගාථාවේ නිධාන කතාව බලන්න. ඒ දරුවා මිය යන බව දැනගෙන බුදුන් හමුවට එව්වේ තාපසයෙක්. ඔහුටත් තිබුනේ ධ්‍යාන බලයෙන් ලබාගත් ප්‍රත්‍යක්ශ දැනුමක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජෝතිෂ්‍ය කියන එක ගැන එක එක අය එක එක විදිහට හිතාගෙන ඉන්නවා , මම නං හිතන්නේ ඕක මිනිසාගේ මනස එක්ක කරන පොඩි ප්‍රයෝගයක් , මේ සතිය ඇතුලත මේ රාශීන් මෙහෙම වෙනස් උනොත් උබට මෙහෙම වෙනවා කියල කවුරු හරි කිව්වොත් ඒක ඒ මිනිහගේ මනසේ තැන්පත් වෙනවා . ඊට පස්සේ ඒ සතිය ඇතුලත ඒක එහෙම සිද්ද වීම හෝ නොවීම ඒ මිනිහගේ විශ්වාසය අනුව තීරණය වෙනවා .
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    4. නමුත් අසිත තවුසා වැනි අයට කිසිම සැකයක් තිබිය නොහැකියි. ධ්‍යාන බලයෙන් ලැබෙන දැනුම ප්‍රත්‍යක්ශ එකක්.
    මෙතනට ධ්‍යාන බලයත් අදාළ නෑ. මොකද කොන්දග්න්ඥ බමුණා කිව්වේ ධ්‍යාන බලයකින් නෙවෙයි වෙන්න ඇතිනේ :P
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එළකිරි එකේම මම මේක කීප වතාවක් කියල ඇති... නමුත් බොහෝ බෞද්ධයන් මේක අමතක කරන නිසා ආයිත් කියනවා...

    බුදුන් වහන්සේ කෙනෙක් බුදු වෙන්නේ අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෙවෙයි. අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වීම අපේ ගෞතම බුදුන් වහන්සේට විඳින්නට සිදුවූ ඉතා අසාමාන්‍ය සිදුවීමක්.

    අපි නම් වලින් දන්න කිසිම අතීත බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නැහැ. අනාගතවංශ දේශනාවේ වත් එහෙම බුදු කෙනෙක් ගැන දැනගන්න නෑ. (මේ කාල සීමා වලට අයත් නොවන බුදුවරු ඉන්න ඇති.)

    මේ අසාමාන්‍ය සිදුවීම භාවිතා කරල කොණ්ඩඤ්ඤ බමුණාට හිනා වෙන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශණය වීමක් විතරයි.

    කොණ්ඩඤ්ඤ බමුණාට බුදු වරුන් ගැන යම් දැනුමක් තිබුනා නම් ඒ දැනුම අනිවාර්යයෙන්ම ධ්‍යානලාභී අයගෙන් ආපු එකක්. ධ්‍යානලාභී අයගේ දැනුමේ හැටියට බුදු වෙනවනම් මාසෙන් දෙකෙන් බුදු වෙන්න ඕන. කොහොමටවත් අවුරුදු ගණන් යන්න බෑ.

    ඉතින් අවුරුදු ගානක් ගියාම විශ්වාසය නැති වෙන එක අහන්නත් දෙයක්ද?

    (අපේ බුදුන් සම්බන්ධ අනික් අසාමාන්‍ය සිදුවීම - මාරයා ළඟට ඇවිත් තර්ජනය කිරීම.
    මේ සිදුවීම් වලට හේතු - පාරමිතා ශක්තියේ අඩුපාඩු.)
     
    :rofl::rolleyes:

    එහෙම අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කාර්ම විපාකයක් නිසලුනේ...පාරමිතා වල අඩුපාඩු කියලා නම් මම අසා නැත. බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ පාරමිතා අංග තුනම පරිපුර්ණව සම්පුරණ කරලා නේද??? නැතුව ඒ ඒ පාරමිතාව මෙච්චර මෙච්චර ප්‍රමාන වලින් සම්පුර්ණ කළා කියලා කොහේ හරි තියනවද එහෙම පාරමිතාවල අඩුපාඩු කියන්න???
    අනික මෙතන කොන්දග්න්ඥ බමුණද විහිලුවට ලක්වුණේ, එහෙම නැත්තම් කෙන්දරකාර්යින්ටද රිදුනේ කියල තමයි මට නම් සැක.....තව එකක් බුදු හාමුදුරුවෝ අවුරුදු 6ම දුෂ්කර ක්‍රියා කලේ නැහැ....
    දැන් නම් මේ thread එක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වෙලා තියෙන්නේ.....
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එළකිරි එකේම මම මේක කීප වතාවක් කියල ඇති... නමුත් බොහෝ බෞද්ධයන් මේක අමතක කරන නිසා ආයිත් කියනවා...

    බුදුන් වහන්සේ කෙනෙක් බුදු වෙන්නේ අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෙවෙයි. අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වීම අපේ ගෞතම බුදුන් වහන්සේට විඳින්නට සිදුවූ ඉතා අසාමාන්‍ය සිදුවීමක්.

    අපි නම් වලින් දන්න කිසිම අතීත බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නැහැ. අනාගතවංශ දේශනාවේ වත් එහෙම බුදු කෙනෙක් ගැන දැනගන්න නෑ. (මේ කාල සීමා වලට අයත් නොවන බුදුවරු ඉන්න ඇති.)

    මේ අසාමාන්‍ය සිදුවීම භාවිතා කරල කොණ්ඩඤ්ඤ බමුණාට හිනා වෙන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශණය වීමක් විතරයි.

    කොණ්ඩඤ්ඤ බමුණාට බුදු වරුන් ගැන යම් දැනුමක් තිබුනා නම් ඒ දැනුම අනිවාර්යයෙන්ම ධ්‍යානලාභී අයගෙන් ආපු එකක්. ධ්‍යානලාභී අයගේ දැනුමේ හැටියට බුදු වෙනවනම් මාසෙන් දෙකෙන් බුදු වෙන්න ඕන. කොහොමටවත් අවුරුදු ගණන් යන්න බෑ.

    ඉතින් අවුරුදු ගානක් ගියාම විශ්වාසය නැති වෙන එක අහන්නත් දෙයක්ද?

    (අපේ බුදුන් සම්බන්ධ අනික් අසාමාන්‍ය සිදුවීම - මාරයා ළඟට ඇවිත් තර්ජනය කිරීම.
    මේ සිදුවීම් වලට හේතු - පාරමිතා ශක්තියේ අඩුපාඩු.)

    අඩෝ උඹ මේ දාන විස්තර ගොඩාක්ම වටිනවා බන්. අදයි මේ දේවල් දැන ගත්තේ. තව මේ වගේ දේවල් දාපන් මචන්. උඹට ගොඩක් පින්.
     
    මොනවද මේ ධයාන ..බුද්ධොපත්තියට පෙර මේ වගේ ධයාන ලබාග්ට්ත්ත අය ගොඩක් හිටියා..හැබයි මේවා ලෞකික ධයාන.
    1.ප්‍රථම ධ්‍යානය
    2. ද්විතීය ධ්‍යානය
    3. තෘතීය ධ්‍යානය
    4. චතුර් ධ්‍යානය
    5. ආකාසඤ්ඤායතනය
    6. විඤ්ඤ්ණචඤ්ඤායතනය
    7. ආකිඤචඤ්ඤායත
    8. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය

    අලාරකාලාම උදකාරාමපුත්ත වගෙ අයත් මේ
    ධ්‍යාන ලබපු අය..කො ඉතින් ඒ අය දැනගෙන හිටියද මේ සිද්ධාර්ත තවුසා බුදු වෙන බව.
    නෑ. කාටවත් හරියට කියන්න පුලුවන් කමක් එදා තිබ්බෙත් නෑ අදත් නෑ. අරියපරියේසන සූත්‍රයේ බුදු හාමුදුරුවො මේ ගුරුවරුන්ගෙ
    ධ්‍යාන ගැන විස්තර කරනවා.

    අරියපරියේසන සූත්‍රයේ (මජ්ජිම නිකාය ) බුදු රජානන්වහන්සේ මෙසේ සඳහන් කොට ඇත. මේ බුද්ධ වචනමය.

    "ආලාර කාලාම තාපසයානන් හමුවී 'ආයුෂ්මත් කාලාමයෙනි මම ඔබගේ ධර්මය ඉගෙනීමට කැමැත්තෙමි...' එතකොට කාලාමයන් මට කිව්වා, ආයුෂ්මත්නි, එසේනම් මේ ධර්මයෙහි හැසිරෙමින් බඹසර වාසය කරන්න. ඉක්මනින්ම ඔබට මේ ධර්මය සාක්ෂාත් කරන්නට පුලුවන්.' ඉතා ඉක්මනින් ඒ ධර්මය මම ඉගෙන ගත්තා. ඔවුන් තොල් සොලවන පමනින් කියන්නේ කුමක්දැයි මා වටහා ගත්තා.
    ආලාර කාලාමයන් ලඟ සිටි අනෙක් අයත් ඒ බව කියන්න පටන් ගත්තා. ආ එතකොට මට මෙහෙම අදහසක් සිතට ආවා. ආලාර කාලාමයන් මේ ධර්මය ශ්‍රද්ධාවෙන් පමණක් නොවෙයි මේ දේශනා කරන්නෙ, එතුමා ධරමය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. මටත් ඒ වගේම අවබෝධයක් තියෙනව. මම ආලාර කාලාමයන්ගෙන් ඇහුවා, ආයුෂ්මත් කාලාමයෙනි, ඔබගේ ධර්මය කොපමණ දුරට තියෙනවද කියල. එතුමා එතකොට මට සමාධි ගැන විස්තර කරලා ආකිඤ්චඤ්ඤායතන සමාධිය දක්වා විස්තර කලා.

    එතකොට මට මෙහෙම සිතිවිල්ලක් සිතට ආවා. අලාරකාලාමට පමණක් නොව මටද වීර්යය, සිහිය, සමාධිය, ප්‍රඥාව සහ නුවන මටත් තියෙනවා. මම මේ ධර්මය ඉක්මනටම ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන....ඒ වගේම මට ඒ ධර්මය අවබෝධ කරගෙන එහි වාසය කරන්න පුලුවන් උනා. ….” ආයෙත් මම කාලාමයන් ලඟට ගිහින් ඔබ දන්නේ ඔය තරම පමනදැයි ඇසුවා. කාලාමයන් එතකොට එපමන තමයි කිව්වා. මම එතකොට කිව්ව, ආයුෂ්මත් කාලාමයෙනි, මමත් ඒ ධර්මය ශාක්ෂාත් කරගෙන ඉන්නවා කියල. ඔන්න එතකොට කාලාමයන් මට පුදපූජා තියල මේක හරිම ලාභයක්, ඔබත් මමත් මේ පිරිස බෙදාගෙන ඉඳිමු කියල......" නමුත් මේ ධර්මයෙන් මම සොයන නිවන ලැබෙන්නෙ නැහැ. ආකිඤ්චඤ්ඤායතනයේ උපතක් ලබන්නට විතරයි පුලුවන් වෙන්නෙ කියල මට සිතුවිල්ලක් සිතට ආව....." මේ ධර්මයෙන් අවබෝධයෙන් කලකිරීමකට හේතු වෙන්නෙ නැහැ, ඇලීම ගැලීම නැතිවෙන්නෙ නැහැ, දුක නැතිවෙන්නෙ නැහැ, ශෝකය දුර ලන්න බැහැ, විශේෂ ඥාණයක් ඉන් ලබන්න බැහැ, ඉතින් මම සොයන නිවන නැති නිසා මට එයින් වැඩක් නැහැ. ඉතින් ඒ ආරාමය දාලා ගියා. කුසල් කියන්නෙ මොනවද කියල මට හොයා ගන්න ඕන වුනා. ඊට පස්සෙ මම ගියා උද්දක රාම පුත්‍ර ලඟට. ගිහින් එතුමාට කිව්වා ඔබගේ ධර්මයේ හැසිරෙන්න කැමතියි කියල. රාම පුත්‍ර මට එයා දන්න දේවල් ඉගැන්වුවා. මම ඉතා ඉක්මනට රාමපුත්‍රයන්ගේ ධර්මය ඉගෙන ගත්තා. එතුමාගේ ධර්මය උනත් තිබුනේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා පමනයි. මම සොයන අමා මහ නිවන රාම පුත්‍ර ලඟ ඉඳගෙන ලැබෙන්නෙ නැතිනිසා රාම පුත්‍රව අතහැරල නැවතත් මහ මඟට බැස්සා."
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    අඩෝ උඹ මේ දාන විස්තර ගොඩාක්ම වටිනවා බන්. අදයි මේ දේවල් දැන ගත්තේ. තව මේ වගේ දේවල් දාපන් මචන්. උඹට ගොඩක් පින්.

    :eek: උබ සිරද කියන්නේ??? ඔය දුෂ්කර ක්‍රියා කතාව අදද ඇහුවේ???
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :eek: උබ සිරද කියන්නේ??? ඔය දුෂ්කර ක්‍රියා කතාව අදද ඇහුවේ???

    නෑ ඒක මීට කලින් දන්නවා බන්. ඒත් අනිත් බුදුවරු එහෙම දුෂ්කරක්‍රියා කරන්නේ නෑ කියල meter වුනේ අද.
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    එ උනාට මෙකෙ ඉන්න නැකත් කාරයො බඩ කට පුරව ගන්න ඔක ඇත්තයි කියලා කියනවා
    එ වගෙම කිසිම දෙයක් නොකර නිකන් කන්න ලැබෙන එකාත් ඔවා පස්සෙ යනවා
    රට රාජ්ජ ලබා ගන්න:rofl::lol:
    :lol: True
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනික මචන් ඔය ඉතිහාස කතාවෙන්මත් ඔප්පු වෙනවා ජෝඋතිශ්‍ය බොරුවක් කියල. 01. මොකද බමුණෝ 108 දෙනාගෙන් 107 දෙනෙක් එක කතාවකුත් එක්කෙනෙක් විතරක් තව කතාවකුත් කියනවා කියන්නේ එතනනින්ම පැහැදිලියි ජෝඋතිෂ්‍ය කියන එක පැහැදිලි නිරවුල් දෙයක් නොවෙන බව. 02.නිකමට හිතපන් මොකක් හරි ගණිතමය සමීකරණයක් ගැන. ඒ ගැන හසල දැනුමක් තියෙන හැමෝටම එන්න ඕනේ එකම උත්තරයක්. ඒත් ජෝඋතිෂ්‍ය එක එක්කෙනාට අනුව වෙනස්. ජෝඋතිෂ්‍ය නිවැරදි විද්‍යාවක් නම් එහෙම වෙන්න බෑ.

    01.සහෝදරයගේ ඔය ප්‍රශ්නය කලින් කෙනෙක් අහලා එයාට පිලිතුරු ලැබුනා. ඔයාටත් ඒකම කියන්නම්. ඉස්සෙල්ලම බලමුකෝ ආපු 108 දෙනා මොකක්ද කිව්වේ කියලා 107 දෙනෙක් විය හැකි දේවල් දෙකක් කිව්වා එක්කෙනෙක් විතරක් ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා කිව්වා.එහෙම බලපුවම 108 දෙනාම බුදු වෙනවා කියලා කිව්වද නැද්ද? කිව්වා නමුත් එයින් 107 දෙනෙක් කිව්වා බුදු නොවුනොත් සක්විති රජ වෙනවා කියලා.
    දැන් අපි බලමු අලුත උපන් දරුවෙක්ට කියන්න පුලුවන් අනාවැකි.
    01. ලදරු වියේදී මියයෑම
    02. ලමා වියේදී මිය යෑම
    03. අඩු වයසින් සදාකාලික රෝගියෙක්ව ඇඳට වීම
    04. සාමාන්‍ය රජෙක්වී හිඳීම
    05. වෙනත් රජෙක් රාජ්‍ය ආක්‍රමනය කර රාජ්‍ය අහිමි වී පලාගොස් දුක් විඳින්නට වීම.
    06. යුද්ධයකදී මිය යෑම
    07. නොගැලපෙන විවාහයක් කරගෙන රාජ්‍ය අතහැර යාම.
    08. තාපසයෙක්ව ජීවහ් වීම
    09. තරුන වියේදී හදීසි අනතුරකට පත්ව රජකම අහිමි වීම.
    .
    .
    .
    .
    .

    ඔය විදිහට ගත්තම අඩුම ගානේ 20ක්වත් ලියන්න පුලුවන්. එහෙම බලපුවම කොන්ඩඥ තවුසා 100% නිවැරදිවත් අනිත් අය 95% නිවැරදිවත් අනාවැකිය කියලා තියනවා.. ඉතින් මම නම් දකින්නේ ඕක නියම අනාවැකි කීමක් විදිහට. මොකද සම්භාවිතාවක් වශයෙන් ගත්තත් මම ඔය කියලා තියන ඒවා බුද්ධත්වයට පත් වීම වගේ දේකට වඩා සම්භාවිතාවෙන් වැඩි දේවල්.

    02.ඔයාට කවුද කිව්වේ ජ්‍යොතිෂය ගනිත සමීකරනයක් වගේ එකක් කියලා? එහෙනම් ඉතින් සමී කරනයට දත්ත ඇතුලත් කලාම උත්තරේ එනවනම් හරි ෂෝක්නේ. මම හැමදාම කියන්නේ ඒකයි තමන් නොදන්න දේ ගැන මත පල කරන්නේ පරිස්සමට කියලා. ජ්‍යෝතිෂයේ යම් යම් කොටස් ගනිතය මත පදනම් වුනාට ජ්‍යෝතිෂ කියන්නේ ශුද්ධ ගනිතය ව්‍යාවහාරික ගනිතය වගේ ගනිතයේ කොටසක් නෙමෙයි. අදකාලේ වෛද්‍ය විද්‍යාවේ වරදින වැරදිල්ල ගැන බැලුවම මිනිස්සු ඉස්පිරිතාල අහලින්වත් යන එක සුදුසුද කියලා හිතෙනවා. එකම රෝගයකට වෛද්‍ය වරුන් විවිධ නිගමන කරනවා. අනික එකම වෛද්‍ය වරයෙක් වුනත් ලෙඩ්ඩු 10 දෙනෙක්ට නිව්මෝනියාවට එකම බෙහෙත් දුන්නම ලෙඩ්ඩු 10 දෙනාගෙන් 6ක් විතර තමයි සම්පූර්නයෙන් සනීප වෙන්නේ එහෙනම් අපි බෙහෙත් ගන්න එකත් තේරුමක් නෑ නේද? මේ ලෝකේ කිසිම අඩුපාඩුවක් නැති විද්‍යාවන් විෂයන් නෑ තියන්නේ එහෙම එකකට බුදු දහම විතරයි.

    හොඳම දේ තමයි යමක් ගැන තර්ක කරන්න කලින් ඒක ගැන හොයලා කියවලා ඉගෙනගෙන පස්සේ මත පලකරන එක. අද අපේ ගොඩක් ජාති මාමකයෝ කුරානය කියවන්නේ නැතුව ඉස්ලාමය ගැන තර්ක කරලා සමහර බුද්ධධර්මය කියවපු මුස්ලිම් අයගේ තර්ක වලට උත්තර දෙන්න බැරුව හත්පොලේ ගාගෙන බුද්ධාගමටත් නිගා කරනවා මම දැකලා තියනවා. මේකත් අන්න ඒ වගේ දෙයක්. මම උනත් බොහෝ තැන්වලදී තර්කය මගාරින්නේ බුද්ධාගමවත් ජ්‍යෝතිෂයවත් කියන දෙකම නොදන්න අය හා තර්කයෙන් ඒක බලන කාගේ හෝ ශ්‍රද්ධාවට හානියක් වුනොත් ඒක මම කරගන්න පාපයක් නිසා. (නොසැලෙන ශ්‍රද්ධාවක් වගේම සෙලවෙන ශ්‍රද්ධාවක් ඇති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා.) බුදු දහම තුල අංගම් සුනියම් හා පිල්ලි වැනිදේ පවා පැහදිලිව පිලිගන්න අතර ඒවා ගැන සාක්ෂි අවෂ්‍යනම් මට පී එම් කරන්න. ඒවා මම කිසිම විටක ප්‍රසිද්ධ විවාධයකට නොගන්නේ බුදුදහමේ ඇති අථක්කාවචර ස්වාභාවය නිසාය.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොනවද මේ ධයාන ..බුද්ධොපත්තියට පෙර මේ වගේ ධයාන ලබාග්ට්ත්ත අය ගොඩක් හිටියා..හැබයි මේවා ලෞකික ධයාන.
    1.ප්‍රථම ධ්‍යානය
    2. ද්විතීය ධ්‍යානය
    3. තෘතීය ධ්‍යානය
    4. චතුර් ධ්‍යානය
    5. ආකාසඤ්ඤායතනය
    6. විඤ්ඤ්ණචඤ්ඤායතනය
    7. ආකිඤචඤ්ඤායත
    8. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය

    අලාරකාලාම උදකාරාමපුත්ත වගෙ අයත් මේ
    ධ්‍යාන ලබපු අය..කො ඉතින් ඒ අය දැනගෙන හිටියද මේ සිද්ධාර්ත තවුසා බුදු වෙන බව.
    නෑ. කාටවත් හරියට කියන්න පුලුවන් කමක් එදා තිබ්බෙත් නෑ අදත් නෑ. අරියපරියේසන සූත්‍රයේ බුදු හාමුදුරුවො මේ ගුරුවරුන්ගෙ
    ධ්‍යාන ගැන විස්තර කරනවා.

    ධ්‍යාන ලබා ගත්ත හැම කෙනාටම අනාගතය දකින්න පුළුවන් කියල කොහෙවත් කියල නෑ. විවිධ වර්ගවල සෘද්ධි සමහරුන්ට තිබ්බා. පංච අභිඥා ලැබූ අය එකළ සිටියා.

    අසිත තවුසාට නම් අතීතයෙන් සහ අනාගතයෙන් සතළිස් කල්පයක් බලන්න හැකියාව තිබ්බා. (ඒ සියල්ල ලෞකික ධ්‍යාන. ඉතා සුළු කාම විතර්කයකින් පවා ධ්‍යානයෙන් පිරිහෙනවා.)

    මේ කරුණු මෙතනට අදාළ වෙන්නේ නෑ නේද? මෙතනට අදාළ වෙන කරුණු තමයි,

    1. ධ්‍යාන වලින් අනාගතය දකින්නට හැකි වූ අයට එම දැනුම ප්ත්‍යක්ෂ දැනුමක් ලෙස ලැබේ. ඔවුන්ට ඒ ගැන සැකයක් නැත.

    2. ශරීර ලක්ෂණ වලින් වැනි ක්‍රම භාවිතා කිරීමේදී අනුමාන දැනුමක් ලෙස එම දැනුම ලැබේ. ඔවුන්ට ඒ දැනුම මෙන්ම ශිල්පය ගැනද සැක ඇති විය හැක. උදා- වංගීස බමුණා රහතන් වහන්සේ ගේ හිස්කබලට තට්ටු කර කිසිවක් නොදුටු නිසා තමන්ගේ ශිල්පයේ අඩුවක් ඇතැයි සිතා ගත්තේය. ඔහුගේ දැනුම අනුමානය මත පදනම් වන බව මින් පෙනේ.

    * ඔබට අවශ්‍ය 'ජෝතිශ්‍ය අනුව අනාගතය කීම' බොරු බව පෙන්වීමට නම් කොණ්ඩඤ්ඤ උදාහරණය නොගැලපේ. එහිදී ජෝතිශ්‍ය යොදා ගත් බව සඳහන් වී නැත.

    * ඔබට අවශ්‍ය 'කොණ්ඩඤ්ඤ ශිල්පය' අනුව අනාගතය සහතිකවම කිව නොහැකි වූ බව පෙන්වීමට නම් ඒ වෙනුවෙන් අමුතුවෙන් තර්ක කිරීම අවශ්‍ය නැත. එය ඉතා පැහැදිළිය.

    * ඔබට අවශ්‍ය කිසිම ක්‍රමයකින් අනාගතය දැකිය නොහැකි බව කීමට නම් එය බුදු දහමට එකඟ නොවේ.