සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි එකේම මම මේක කීප වතාවක් කියල ඇති... නමුත් බොහෝ බෞද්ධයන් මේක අමතක කරන නිසා ආයිත් කියනවා...

    බුදුන් වහන්සේ කෙනෙක් බුදු වෙන්නේ අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෙවෙයි. අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වීම අපේ ගෞතම බුදුන් වහන්සේට විඳින්නට සිදුවූ ඉතා අසාමාන්‍ය සිදුවීමක්.

    අපි නම් වලින් දන්න කිසිම අතීත බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නැහැ. අනාගතවංශ දේශනාවේ වත් එහෙම බුදු කෙනෙක් ගැන දැනගන්න නෑ. (මේ කාල සීමා වලට අයත් නොවන බුදුවරු ඉන්න ඇති.)

    මේ අසාමාන්‍ය සිදුවීම භාවිතා කරල කොණ්ඩඤ්ඤ බමුණාට හිනා වෙන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශණය වීමක් විතරයි.

    කොණ්ඩඤ්ඤ බමුණාට බුදු වරුන් ගැන යම් දැනුමක් තිබුනා නම් ඒ දැනුම අනිවාර්යයෙන්ම ධ්‍යානලාභී අයගෙන් ආපු එකක්. ධ්‍යානලාභී අයගේ දැනුමේ හැටියට බුදු වෙනවනම් මාසෙන් දෙකෙන් බුදු වෙන්න ඕන. කොහොමටවත් අවුරුදු ගණන් යන්න බෑ.

    ඉතින් අවුරුදු ගානක් ගියාම විශ්වාසය නැති වෙන එක අහන්නත් දෙයක්ද?

    (අපේ බුදුන් සම්බන්ධ අනික් අසාමාන්‍ය සිදුවීම - මාරයා ළඟට ඇවිත් තර්ජනය කිරීම.
    මේ සිදුවීම් වලට හේතු - පාරමිතා ශක්තියේ අඩුපාඩු.)

    ඔයාගේ බුද්ධ ධර්මය ගැන තියන දැනුම ගැන මට ලොකු පැහැදීමක් තියනවා. ඒ වගේම ඒ දැනුමට ගොඩක් ගරු කරනවා. සහෝ මට පුන්චි ගැටලුවක් තියනවා. මම මේ දවස් වල අසනීපෙන් නිසා පන්සලට ගිහින් මේක නිරාකරනය කරගන්න විදිහක් නෑ. මේක බුද්ධධර්මයේ බොහෝම සංවේදි තැනක් ගැන තියන විචිකිච්ඡාවක් ඒක නිසා මම ඔයාට පීඑම් එකක් දාන්නම්. හැකි ඉක්මනින් පිලිතුරක් ලැබෙනවනම් හොඳයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ධයාන කතාව බොරු කියල ඔප්පු වුනානේ එහෙනම්,

    * ඔබට අවශ්‍ය කිසිම ක්‍රමයකින් අනාගතය දැකිය නොහැකි බව කීමට නම් එය බුදු දහමට එකඟ නොවේ.

    .ඔව් මම කියන්නේ මේක.අනාගතය 100% ක් නිවැරදිව කියන්නබෑ.
    නියත කරුනු මේකට අයිති වෙන්නේ නෑ.
    උදා-ඉර අද බස්නාහිරින් බැස යාම
    රහත් කෙනෙකුට තවත් ආත්මයක් නොමැති වීම.

    මේ වගේ දේවල් නියතයන්..නියත නොවන කිසිවක් කලින් පුරොකතනය කරන ක්‍රමයක් ලොකේ නෑ.නියත නොවන දෙයක පුරොකතනය කරන්නේ කොහොමද.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,116
    113
    Dubai
    මම නම් මේ ගැන මුකුත් කියන්නේ නෑ. මොකද එහෙන් මෙහෙන් අලුතෙන් එන තර්ක විතර්ක හරි වෙන්න පුලුවන්. නමුත් යම්කිසි දවසක සිදුහත් කුමාරයෙක් හිටියේ නෑ, එහෙම කෙනෙක් බුද්දත්වයට පත් උනේ නෑ කියන තර්කයත් යම්කිසි දවසක ඉදිරිපත් වෙන්න පුලුවන්. පුන්චි කාලේ ඉදලම කනට ඇහිච්ච දේ පොත පතින් කියවලා ඉගෙන ගත්ත දේවල් ගැන අලුතෙන් තර්ක කරලා ඒවා බොරුවක් කියලා පිලිගන්න මම දැන් කැමති නෑ. විශෙශයෙන් මගේ ආගම දහම ගැන. මෙච්චර කාලයක් අපි ඉස්කොලෙකවත් ඉගෙන නොගත්ත දෙයක් ගැන එක පාරටම තර්කයක් එනකොට කල්පනා කරල බලන්න ඔන ඒ ඇත්තටම බුදු දමට තියෙන ආදරෙටද මෙහෙම තර්ක ඉදිරිපත් කරන්නේ කියලා. මේ මගේ අදහස
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    :)

    මේක ඇත්ත හැම එකටම තර්ක කරනවා සමහර අය නමුත් ඒකේ සැබෑ අරමුණ මොකක්ද කියලා දාන්නේ නෑ. මට හිතෙන්නේ මේවා පිටිපස්සේ ඉන්න මිෂනාරි කාරයෝ උන් තමයි යටි උගුල් අටවන්නේ හිමින් සැරේ බෞද්ධ වෙසින් වෙස් වලාගෙන ඇවිත්. මේකේ උනත් එහෙමනේ හැම සැරේම වළි යන්නේ බෞද්ධ-හම්බ කුරුසයෝ නෑ. :rolleyes: නමුත් කුරුසයෙක්ට බැන්නොත් thread එකක් දලා රෙප් කැපෙනවා හෝ ගාලා ,හම්බයෙක්ට බැන්නොත් ඒ වගේම සෙට් එකක් එනවා හෝ ගාලා උන්ට බනින්න එතකොට මේ හැම ජිල්මාට් එකක් පිටිපස්සේම ඉන්න කුරුසයෝ කියලා පැහැදිලියි.

    මේක බලන්න.

    මම හම්බයෝ හොදයි කියනව නෙවෙයි නමුත් උන්ට වඩා කුරුසයෝ භායානකයි කියල කියන්නේ.

    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,116
    113
    Dubai
    මොන ලොකේවත් නොතිබුන තර්ක විතර්ක බුදු දහමට දැන් ඉදිරිපත් වෙනවා. අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්දත්වයට පත්වේන්න පාරමී පුරපු ආත්ම එක්ක හැම දෙයක්ම තර්ක කරන්න පටන් ගනීවී. අනිවාර්යයෙන්ම මේකෙ පිටිපස්සේ ලොකු ගේම් එකක් තියෙනවා. අපෙ මහාචාර්යවරු, ත්‍රිපිටකය කියවලා ඔවර් ගිය අය මේ කරන්නේ මුලු ලොකයා ඉදිරියේ අපේ නිර්මල බුද්දාගම හෑල්ලුවට පත් කරන එක. පොඩ්ඩක් හොයලා බලපල්ලා අනික් ආගම්වල අය මේ විදියට එයලගේ බයිබලය, කුරානය වගේ දෙවල් මේ විදියට විවෙචනය හො තර්ක කරනවාද කියලා. අපේම බය්යලා තමයි අපේ ආගම ජාතිය බිල්ලට දෙන්නෙ පර හැත්ත. :angry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ධ්‍යාන ලබා ගත්ත හැම කෙනාටම අනාගතය දකින්න පුළුවන් කියල කොහෙවත් කියල නෑ. විවිධ වර්ගවල සෘද්ධි සමහරුන්ට තිබ්බා. පංච අභිඥා ලැබූ අය එකළ සිටියා.

    අසිත තවුසාට නම් අතීතයෙන් සහ අනාගතයෙන් සතළිස් කල්පයක් බලන්න හැකියාව තිබ්බා. (ඒ සියල්ල ලෞකික ධ්‍යාන. ඉතා සුළු කාම විතර්කයකින් පවා ධ්‍යානයෙන් පිරිහෙනවා.)

    ඔබතුමාගෙ දැනුම මම ඉතාම අගය කරනවා . නමුත් මෙතැන අනාගතය කියන වචනය ඔබතුමා අතින් දැමූ බවයි පේන්නේ..කිසිම තැනක අනාගතය බලන නුවනක් අපි කොහෙදිවත් අහල නෑ.ඉතින් කොහොමද අසිත තවුසට එහෙම දෙයක්.පංච අභිඥාගැන කිව්වනේ බලන්නපංච අභිඥා වල කොතනකවත් අනාගතය දකින්න නුවනක් ගැන කියවෙනවාද කියල.

    1 . ඉද්ධිවිධ ඥානය -
    මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි.

    2 . දිබ්බසෝත ඥානය -
    මේ කියන්නේ දිව්‍ය ශ්‍රවනය ඇතිකර ගැනීමයි. මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ මිනිසුන්ගේ කතාබහ විතරක් නෙවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතාබහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා.

    3 . පරචිත්තවිජානන ඥානය -
    නොයෙක් අකාරයෙන් හිතේ ඇතිවෙන වෙනස්කම් මේ විද්‍යාව පහල කරගත්ත කෙනාට එක සැණින්ම දැනගන්න පුළුවනි. මේ ඥාණයේ තියෙන විශේෂත්වය තමා වෙන කෙනෙක් හිතන දේ, කල්පනා කරන දේ, සැලසුම් කරන දේ මේ කෙනාට ඒ මොහොතෙම තේරෙන එක
    4 . පුබ්බේනිවාසානුස්සති ඥානය -
    මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද, කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද, කවර අකාරයේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි.
    5.දිබ්බචක්ඛු ඥානය
    මේ කියන්නේ දිව්‍ය දෘශ්ටිය ඇතිකර ගැනීමයි.මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ විතරක් නෙවෙයි දෙව්ලොව පවා දැකීමේ හැකියාව ලැබෙනවා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොන ලොකේවත් නොතිබුන තර්ක විතර්ක බුදු දහමට දැන් ඉදිරිපත් වෙනවා. අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්දත්වයට පත්වේන්න පාරමී පුරපු ආත්ම එක්ක හැම දෙයක්ම තර්ක කරන්න පටන් ගනීවී. අනිවාර්යයෙන්ම මේකෙ පිටිපස්සේ ලොකු ගේම් එකක් තියෙනවා. අපෙ මහාචාර්යවරු, ත්‍රිපිටකය කියවලා ඔවර් ගිය අය මේ කරන්නේ මුලු ලොකයා ඉදිරියේ අපේ නිර්මල බුද්දාගම හෑල්ලුවට පත් කරන එක. පොඩ්ඩක් හොයලා බලපල්ලා අනික් ආගම්වල අය මේ විදියට එයලගේ බයිබලය, කුරානය වගේ දෙවල් මේ විදියට විවෙචනය හො තර්ක කරනවාද කියලා. අපේම බය්යලා තමයි අපේ ආගම ජාතිය බිල්ලට දෙන්නෙ පර හැත්ත. :angry:
    ලොකු කුමන්ත්‍රන එදාත් තිබුනා අද වැඩියෙන් තියෙනවා. නමුත් මචන් ධර්මය ප්‍රශ්න කරන්න කරන්න හාරන්න හාරන්න තමයි බැබලෙන්නේ.මේකට ලස්සන උපමාවකුත් තියෙනවා ඒ තමයි මේ බුද්ධ ධර්මය හරියට සදුන් ගහක් වගේ කපන්න කපන්න,තලන්න තලන්න සුවද හමනවා කියල. අනික් ඒවා අසුචි ගොඩවල් වගේ හාරන්න හාරන්න,අදින්න් අදින්න දුගද තමයි වැඩියෙන් හමන්නේ. අපි දර්මය ගැන තර්ක කරන්න දෙමු ඕන එකෙකුට.නමුත් යටිකූට්ටු උගුල් වලට ඉඩ දෙන්න හොද නෑ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කිසිම දෙයක් ඕනෙ නෑ, දැන් බලන්න මේ thread එකේම කියන එකිනෙකට විරුද්ධ එකිනෙකාගෙ හිතේ මුල් බැහැගෙන තියෙන මත.
    ඔය මත ටික ඔය හැම එක්කෙනෙක්ගෙම හිතේ හටගත්තෙ එකිනෙකාගෙ දැනුම, තේරුම් ගත්ත ඒදිහ, ඒ ඒ මූලාශ්‍ර වල තිබුන හැටියට. ඒ ඔයාගෙ වයස ඇතුලත සිදුවුන දේවල්. කොහොම තියේද අවුරුදු 2600ක් පරන දෙයක් ඔය විදිහට ප්‍රවාහය වී ගෙන එනකොට. හිතනවාද බුද්ධ ධර්මය පවා පනදහසක කාලයක් පවතින කාරණාව කාලය ඉකුත් වීමේදී එක සැරෙන් බුදු දහම මෙලොවෙන් තුරන් වෙනව කියල. ටික ටික මේ වගේ විකුර්ති වෙලා පස්සෙ තමයි නිවන් දකින්න පුලුවන් ධර්මය නැසෙන්නෙ කල්පයක් යනකන්.
    මෙහෙම බලනකොට ඕනෑම දෙයක් කොච්චර වෙනස් වෙන්න පුලුවන්ද ප්‍රවාහය වුන කතාව ඇත්ත කතාවෙන් . අද කියනව සිදුහත් කුමාරය ඉපදුන ගමන් නෙළුම් මල් 7ක් පිපිල ඒ උඩ ඇවිදගෙන ගියා ලු. කිසිම ප්‍රත්‍යක්ශ කාරණාවක් නැතුව ඔය වගේ කතා භක්තියෙන් ආගම අදහන මුනිස්සු පිලිගන්නව. කිසිම පදනමක් නැති අටුවා ටීකා ටිප්පනි සහ එක එක ආක්‍රමණිකයො ලියපු කතා වල මුල් බැහැගෙන ඉන්නව, ශුද්ධ බුද්ධ ධර්මය තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ මාතුල අළු ලෙනේ ග්‍රන්ථාරූඪ කරපු පාලි ත්‍රිපිටකයෙ. ඒකෙ ඔය කිසිම නෙළුම් මල් හතේ කතා සහ මිනිස්සුන්ගෙ විඤ්ඤාණය වඩවන කිසි දෙයක් නෑ, පිරිසිදු නිවන් මගයි තියෙන්නෙ. අඩු තරමේ ත්‍රිපිටකයෙ කිසිම තැනක නෑ බුදුන් ඉපදුනෙ, බුදු වුනෙ, පිරිණිවන් පෑවෙ භාරතයෙ කියල.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කිසිම දෙයක් ඕනෙ නෑ, දැන් බලන්න මේ thread එකේම කියන එකිනෙකට විරුද්ධ එකිනෙකාගෙ හිතේ මුල් බැහැගෙන තියෙන මත.
    ඔය මත ටික ඔය හැම එක්කෙනෙක්ගෙම හිතේ හටගත්තෙ එකිනෙකාගෙ දැනුම, තේරුම් ගත්ත ඒදිහ, ඒ ඒ මූලාශ්‍ර වල තිබුන හැටියට. ඒ ඔයාගෙ වයස ඇතුලත සිදුවුන දේවල්. කොහොම තියේද අවුරුදු 2600ක් පරන දෙයක් ඔය විදිහට ප්‍රවාහය වී ගෙන එනකොට. කොච්චර වෙනස් වෙන්න පුලුවන්ද ඇත්ත කතාවෙන් ප්‍රවාහය. අද කියනව සිදුහත් කුමාරය ඉපදුන ගමන් නෙළුම් මල් 7ක් පිපිල ඒ උඩ ඇවිදගෙන ගියා ලු. කිසිම ප්‍රත්‍යක්ශ කාරණාවක් නැතුව ඔය වගේ කතා භක්තියෙන් ආගම අදහන මුනිස්සු පිලිගන්නව.කිසිම පදනමක් නැති අටුවා ටීකා ටිප්පනි සහ එක එක ආක්‍රමණිකයො ලියපු කතා වල මුල් බැහැගෙන ඉන්නව, ශුද්ධ බුද්ධ ධර්මය තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ මාතුල අළු ලෙනේ ග්‍රන්ථාරූඪ කරපු පාලි ත්‍රිපිටකයෙ. ඒකෙ ඔය කිසිම නෙළුම් මල් හතේ කතා සහ මිනිස්සුන්ගෙ විඤ්ඤාණය වඩවන කිසි දෙයක් නෑ, පිරිසිදු නිවන් මගයි තියෙන්නෙ. අඩු තරමේ ත්‍රිපිටකයෙ කිසිම තැනක නෑ බුදුන් ඉපදුනෙ, බුදු වුනෙ, පිරිණිවන් පෑවෙ භාරතයෙ කියල.

    ඔය රතු පාට ටික ඇරෙන්න අනික ටික නම් ඇත්ත..ඔය රතුපාට ටිකෙන් ඔයා අදහස් කලේ මොකක්ද...මීවනපලාන හාමුදුරුවො එහෙම අදුරන්වා වගේ ලකුනු මට පේනවා.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    නැකැත් රාල;16552627 said:
    01.සහෝදරයගේ ඔය ප්‍රශ්නය කලින් කෙනෙක් අහලා එයාට පිලිතුරු ලැබුනා. ඔයාටත් ඒකම කියන්නම්. ඉස්සෙල්ලම බලමුකෝ ආපු 108 දෙනා මොකක්ද කිව්වේ කියලා 107 දෙනෙක් විය හැකි දේවල් දෙකක් කිව්වා එක්කෙනෙක් විතරක් ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා කිව්වා.එහෙම බලපුවම 108 දෙනාම බුදු වෙනවා කියලා කිව්වද නැද්ද? කිව්වා නමුත් එයින් 107 දෙනෙක් කිව්වා බුදු නොවුනොත් සක්විති රජ වෙනවා කියලා.
    දැන් අපි බලමු අලුත උපන් දරුවෙක්ට කියන්න පුලුවන් අනාවැකි.
    01. ලදරු වියේදී මියයෑම
    02. ලමා වියේදී මිය යෑම
    03. අඩු වයසින් සදාකාලික රෝගියෙක්ව ඇඳට වීම
    04. සාමාන්‍ය රජෙක්වී හිඳීම
    05. වෙනත් රජෙක් රාජ්‍ය ආක්‍රමනය කර රාජ්‍ය අහිමි වී පලාගොස් දුක් විඳින්නට වීම.
    06. යුද්ධයකදී මිය යෑම
    07. නොගැලපෙන විවාහයක් කරගෙන රාජ්‍ය අතහැර යාම.
    08. තාපසයෙක්ව ජීවහ් වීම
    09. තරුන වියේදී හදීසි අනතුරකට පත්ව රජකම අහිමි වීම.
    .
    .
    .
    .
    .

    ඔය විදිහට ගත්තම අඩුම ගානේ 20ක්වත් ලියන්න පුලුවන්. එහෙම බලපුවම කොන්ඩඥ තවුසා 100% නිවැරදිවත් අනිත් අය 95% නිවැරදිවත් අනාවැකිය කියලා තියනවා.. ඉතින් මම නම් දකින්නේ ඕක නියම අනාවැකි කීමක් විදිහට. මොකද සම්භාවිතාවක් වශයෙන් ගත්තත් මම ඔය කියලා තියන ඒවා බුද්ධත්වයට පත් වීම වගේ දේකට වඩා සම්භාවිතාවෙන් වැඩි දේවල්.

    02.ඔයාට කවුද කිව්වේ ජ්‍යොතිෂය ගනිත සමීකරනයක් වගේ එකක් කියලා? එහෙනම් ඉතින් සමී කරනයට දත්ත ඇතුලත් කලාම උත්තරේ එනවනම් හරි ෂෝක්නේ. මම හැමදාම කියන්නේ ඒකයි තමන් නොදන්න දේ ගැන මත පල කරන්නේ පරිස්සමට කියලා. ජ්‍යෝතිෂයේ යම් යම් කොටස් ගනිතය මත පදනම් වුනාට ජ්‍යෝතිෂ කියන්නේ ශුද්ධ ගනිතය ව්‍යාවහාරික ගනිතය වගේ ගනිතයේ කොටසක් නෙමෙයි. අදකාලේ වෛද්‍ය විද්‍යාවේ වරදින වැරදිල්ල ගැන බැලුවම මිනිස්සු ඉස්පිරිතාල අහලින්වත් යන එක සුදුසුද කියලා හිතෙනවා. එකම රෝගයකට වෛද්‍ය වරුන් විවිධ නිගමන කරනවා. අනික එකම වෛද්‍ය වරයෙක් වුනත් ලෙඩ්ඩු 10 දෙනෙක්ට නිව්මෝනියාවට එකම බෙහෙත් දුන්නම ලෙඩ්ඩු 10 දෙනාගෙන් 6ක් විතර තමයි සම්පූර්නයෙන් සනීප වෙන්නේ එහෙනම් අපි බෙහෙත් ගන්න එකත් තේරුමක් නෑ නේද? මේ ලෝකේ කිසිම අඩුපාඩුවක් නැති විද්‍යාවන් විෂයන් නෑ තියන්නේ එහෙම එකකට බුදු දහම විතරයි.

    හොඳම දේ තමයි යමක් ගැන තර්ක කරන්න කලින් ඒක ගැන හොයලා කියවලා ඉගෙනගෙන පස්සේ මත පලකරන එක. අද අපේ ගොඩක් ජාති මාමකයෝ කුරානය කියවන්නේ නැතුව ඉස්ලාමය ගැන තර්ක කරලා සමහර බුද්ධධර්මය කියවපු මුස්ලිම් අයගේ තර්ක වලට උත්තර දෙන්න බැරුව හත්පොලේ ගාගෙන බුද්ධාගමටත් නිගා කරනවා මම දැකලා තියනවා. මේකත් අන්න ඒ වගේ දෙයක්. මම උනත් බොහෝ තැන්වලදී තර්කය මගාරින්නේ බුද්ධාගමවත් ජ්‍යෝතිෂයවත් කියන දෙකම නොදන්න අය හා තර්කයෙන් ඒක බලන කාගේ හෝ ශ්‍රද්ධාවට හානියක් වුනොත් ඒක මම කරගන්න පාපයක් නිසා. (නොසැලෙන ශ්‍රද්ධාවක් වගේම සෙලවෙන ශ්‍රද්ධාවක් ඇති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා.) බුදු දහම තුල අංගම් සුනියම් හා පිල්ලි වැනිදේ පවා පැහදිලිව පිලිගන්න අතර ඒවා ගැන සාක්ෂි අවෂ්‍යනම් මට පී එම් කරන්න. ඒවා මම කිසිම විටක ප්‍රසිද්ධ විවාධයකට නොගන්නේ බුදුදහමේ ඇති අථක්කාවචර ස්වාභාවය නිසාය.

    අර ආනන්ද හාමුදුරුවෝ ගැන හැර වෙන පිළිගත හැකි දෙයක් තියනවනම් එවන්න පුලුවන්ද???:confused::confused:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මම නම් මේ ගැන මුකුත් කියන්නේ නෑ. මොකද එහෙන් මෙහෙන් අලුතෙන් එන තර්ක විතර්ක හරි වෙන්න පුලුවන්. නමුත් යම්කිසි දවසක සිදුහත් කුමාරයෙක් හිටියේ නෑ, එහෙම කෙනෙක් බුද්දත්වයට පත් උනේ නෑ කියන තර්කයත් යම්කිසි දවසක ඉදිරිපත් වෙන්න පුලුවන්. පුන්චි කාලේ ඉදලම කනට ඇහිච්ච දේ පොත පතින් කියවලා ඉගෙන ගත්ත දේවල් ගැන අලුතෙන් තර්ක කරලා ඒවා බොරුවක් කියලා පිලිගන්න මම දැන් කැමති නෑ. විශෙශයෙන් මගේ ආගම දහම ගැන. මෙච්චර කාලයක් අපි ඉස්කොලෙකවත් ඉගෙන නොගත්ත දෙයක් ගැන එක පාරටම තර්කයක් එනකොට කල්පනා කරල බලන්න ඔන ඒ ඇත්තටම බුදු දමට තියෙන ආදරෙටද මෙහෙම තර්ක ඉදිරිපත් කරන්නේ කියලා. මේ මගේ අදහස

    :P ඒක ඉතින් උබේ අයිතියක්. බුදු දහම කියන්නේ කියන ඕනි මගුලක් පිලිගනියව් කියන මතේ තියෙන එකක් නෙවෙයි. බුදු දහමට ආදරේද වෙන්න ඕනි. ඇත්ත තේරුම් ගෙන නිවන් දකින එකද වෙන්න ඕනි..???
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ලොකු කුමන්ත්‍රන එදාත් තිබුනා අද වැඩියෙන් තියෙනවා. නමුත් මචන් ධර්මය ප්‍රශ්න කරන්න කරන්න හාරන්න හාරන්න තමයි බැබලෙන්නේ.මේකට ලස්සන උපමාවකුත් තියෙනවා ඒ තමයි මේ බුද්ධ ධර්මය හරියට සදුන් ගහක් වගේ කපන්න කපන්න,තලන්න තලන්න සුවද හමනවා කියල. අනික් ඒවා අසුචි ගොඩවල් වගේ හාරන්න හාරන්න,අදින්න් අදින්න දුගද තමයි වැඩියෙන් හමන්නේ. අපි දර්මය ගැන තර්ක කරන්න දෙමු ඕන එකෙකුට.නමුත් යටිකූට්ටු උගුල් වලට ඉඩ දෙන්න හොද නෑ.

    :)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    ඔය රතු පාට ටික ඇරෙන්න අනික ටික නම් ඇත්ත..ඔය රතුපාට ටිකෙන් ඔයා අදහස් කලේ මොකක්ද...මීවනපලාන හාමුදුරුවො එහෙම අදුරන්වා වගේ ලකුනු මට පේනවා.
    ඔව් මම මීවනපලානෙ හාමුදුරුවන්ව අඳුරනව. ඇයි ඒ රතුපාටින් තියෙන කතාව බොරු ද? මාතුල අළුලෙනේ දි ග්‍රන්ථාරූඪ කරපු පාලි ත්‍රිපිටකයෙ භාරතය හෝ ඉන්දියාව ගැන තියෙනව නම් කරුණාකරල මට එවන්න. මාත් ආසයි දැනගෙන තව අධ්‍යනය කරන්න
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නමුත් මෙතැන අනාගතය කියන වචනය ඔබතුමා අතින් දැමූ බවයි පේන්නේ..කිසිම තැනක අනාගතය බලන නුවනක් අපි කොහෙදිවත් අහල නෑ.ඉතින් කොහොමද අසිත තවුසට එහෙම දෙයක්.පංච අභිඥාගැන කිව්වනේ බලන්නපංච අභිඥා වල කොතනකවත් අනාගතය දකින්න නුවනක් ගැන කියවෙනවාද කියල.

    අතින් නම් දැම්මේ නෑ. මූලාශයක් ඕන නම් පූජාවළියේ අදාළ කොටසේ අසිත තවුසාගේ හැකියාව ගැන සඳහන් වෙනවා.

    "තව ද ඒ ශුද්ධොද
    න රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ කාළදෙවල නම් අමාත්යුයාණෝ ශුද්ධොදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජහු-ගේ අයාමෙන් ශුද්ධොදන රජ්ජුරුවන් රාජ්යර ශ්රී විඳුනා කල තමන් දැක රජ්ජුරුවන් ආදර දක්වන හෙයින් ගිහිගෙයි නො රඳමි යි තපස් කෙරෙමි යි අවසර ඉල්වා “ එසේ වී නම් මපියාණන් වහන්සේත් නැත. ගුරු වූ නුඹවහන්සේ ත් දුරකට ගියහොත් මට රක්ෂාව නැත. මාගේ මේ උයනේ ම වැඩහිඳ තපස් කොට නිති ම මාගේ ගෙට ම වැඩ වළදා වදාළ මැනවැ”යි රජ්ජුරුවන් කී කල එසේ ම කෙරෙමි යි රජ්ජුරුවන්ට ප්රනතිඥ දීලා ගොස් තපස් වෙස් ගෙන එම උයන වාසය කොට භාවනා කරන්න‍ාහු නොබෝ දවසකින් රූපවිරාග ය කොට අභිඥ ලදීන් අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතලිස් කපක් හා අසු කපක් දක්නා නුවණ ඇති ව රජ ගෙයිදි වළඳා වදාරා රාත්රි භාගයෙහි එ ම උයනේ වැස දිවාවිහාර සඳහා සමහර දවසෙක නාගභවනයට ගොස් නයින්ගේ දිව්යාිද්යා නවල ධ්යාකනසුවයෙන් හිදිති."

    (ටයිප්සෙටින් හරි නෑ ගත්තේ මෙතනින්)

    කොහොමත් පංච අභිඥා වලට අදාළ නොවන දේවල් තියනවා. දැන් අසිත තවුසා දෙව්ලොව ගියේ මොන ශක්තියෙන්ද? ඒක පංච අභිඥා වලට අයිති නෑ. (අෂ්ඨසමාපත්ති එක්ක ලැබෙනව ඇති.) තව උදාහරණ ඕන නම් කසින භාවනාවෙන් ලබා ගන්න ශක්තීන් පවා පංච අභිඥා වලට අයිති නෑ.

    ඔව් මම කියන්නේ මේක.අනාගතය 100% ක් නිවැරදිව කියන්නබෑ.

    මේ වගේ දේවල් නියතයන්..නියත නොවන කිසිවක් කලින් පුරොකතනය කරන ක්‍රමයක් ලොකේ නෑ.නියත නොවන දෙයක පුරොකතනය කරන්නේ කොහොමද.

    මේ තර්කය නම් පරණ එකක්. උදා - 1. අර අභිවාදන සීලිස්ස ගාථාව කියපු දරුවාගේ කතාවේදී තාපසයට පේන්නේ ඔහු මිය යන බවයි. නමුත් තාපසයා ඔහුව බුදුන් වහන්සේ හමුවට යොමු කිරීමෙන් අනාගතය වෙනස් කරනවා. ඊට පස්සේ ඔහු මැරෙන්නේ නෑ. ඒ කියන්නේ තාපසය දැකපු දේ බොරුද? මෙතන විසංවාදයක් තියනවා.

    2. ශක්‍රයාගේ ආයු සංස්කාරය පිරිහී ඇති විට එය දැකපු බුදුන් වහන්සේගේ ආශීර්වාදයෙන් නැවතත් බොහෝ කාලයක් ජීවත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ දැකපු දේ හරිද? වැරදිද?
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    අතින් නම් දැම්මේ නෑ. මූලාශයක් ඕන නම් පූජාවළියේ අදාළ කොටසේ අසිත තවුසාගේ හැකියාව ගැන සඳහන් වෙනවා.

    "තව ද ඒ ශුද්ධොද
    න රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ කාළදෙවල නම් අමාත්යුයාණෝ ශුද්ධොදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජහු-ගේ අයාමෙන් ශුද්ධොදන රජ්ජුරුවන් රාජ්යර ශ්රී විඳුනා කල තමන් දැක රජ්ජුරුවන් ආදර දක්වන හෙයින් ගිහිගෙයි නො රඳමි යි තපස් කෙරෙමි යි අවසර ඉල්වා “ එසේ වී නම් මපියාණන් වහන්සේත් නැත. ගුරු වූ නුඹවහන්සේ ත් දුරකට ගියහොත් මට රක්ෂාව නැත. මාගේ මේ උයනේ ම වැඩහිඳ තපස් කොට නිති ම මාගේ ගෙට ම වැඩ වළදා වදාළ මැනවැ”යි රජ්ජුරුවන් කී කල එසේ ම කෙරෙමි යි රජ්ජුරුවන්ට ප්රනතිඥ දීලා ගොස් තපස් වෙස් ගෙන එම උයන වාසය කොට භාවනා කරන්න‍ාහු නොබෝ දවසකින් රූපවිරාග ය කොට අභිඥ ලදීන් අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතලිස් කපක් හා අසු කපක් දක්නා නුවණ ඇති ව රජ ගෙයිදි වළඳා වදාරා රාත්රි භාගයෙහි එ ම උයනේ වැස දිවාවිහාර සඳහා සමහර දවසෙක නාගභවනයට ගොස් නයින්ගේ දිව්යාිද්යා නවල ධ්යාකනසුවයෙන් හිදිති."

    (ටයිප්සෙටින් හරි නෑ ගත්තේ මෙතනින්)

    කොහොමත් පංච අභිඥා වලට අදාළ නොවන දේවල් තියනවා. දැන් අසිත තවුසා දෙව්ලොව ගියේ මොන ශක්තියෙන්ද? ඒක පංච අභිඥා වලට අයිති නෑ. (අෂ්ඨසමාපත්ති එක්ක ලැබෙනව ඇති.) තව උදාහරණ ඕන නම් කසින භාවනාවෙන් ලබා ගන්න ශක්තීන් පවා පංච අභිඥා වලට අයිති නෑ.

    මේ තර්කය නම් පරණ එකක්. උදා - 1. අර අභිවාදන සීලිස්ස ගාථාව කියපු දරුවාගේ කතාවේදී තාපසයට පේන්නේ ඔහු මිය යන බවයි. නමුත් තාපසයා ඔහුව බුදුන් වහන්සේ හමුවට යොමු කිරීමෙන් අනාගතය වෙනස් කරනවා. ඊට පස්සේ ඔහු මැරෙන්නේ නෑ. ඒ කියන්නේ තාපසය දැකපු දේ බොරුද? මෙතන විසංවාදයක් තියනවා.

    2. ශක්‍රයාගේ ආයු සංස්කාරය පිරිහී ඇති විට එය දැකපු බුදුන් වහන්සේගේ ආශීර්වාදයෙන් නැවතත් බොහෝ කාලයක් ජීවත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ දැකපු දේ හරිද? වැරදිද?

    1.) පුජාවලිය බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල්ද තියෙන්නේ ??? මම නම් කියවල නෑ..
    2) අර පාරමිතා අඩු කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
    3) අනික දෙයක් දෙනකොට ත්රිපිටකයෙන්ම දෙනවනම් හොඳයි. එක බුද්ධ දේශනාව වෙනවනේ. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් එක පාරටම පිලි ගන්න අමාරුයි.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :rofl::rolleyes:

    එහෙම අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කාර්ම විපාකයක් නිසලුනේ...පාරමිතා වල අඩුපාඩු කියලා නම් මම අසා නැත.

    ඒ විපාක දීම සිදු වුනේ පාරමිතා ශක්තියේ අඩුවක් (පාරමිතා වල අඩුවක් නෙවෙයි. පාරමිතා අඩු නම් බුදු වෙන්න බෑ.) කියල විග්‍රහ කරනවා. ඒක මෙහෙමයි..

    අපේ බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා උන් වහන්සේ අසංඛ කල්ප ලක්ෂ 4 කින් පමණක් බුදු වුනා. අනික් වර්ග තුනට අයත් බුදු වරු අසංඛ කල්ප ලක්ෂ 16 දක්වා පෙරුම් පුරනවා. ඔවුන් අතිනුත් මේ වගේ පාපකර්ම, අඩුපාඩු අනන්තවත් වෙනවා ඇති. නමුත් පාරමිතා කාලය (x4 දක්වා) වැඩි නිසා පින් බලයෙන් යටපත් වෙනවා. නැත්නම් ඒ අංශයෙන් තවත පාරමිතා පුරල පාරමිතා ශක්තිය වැඩි වෙනවා. නැත්නම් විපාක දීල ගෙවිලා යනවා.

    ප්‍රඥාධික බුදු කෙනෙකුට පාරමිතා කාලය කෙටි නිසා
    සුළු අඩුපාඩුවත් දරුණු ලෙස විපාක දීමේ සම්භාවිතාවය වැඩියි. මේ නිසා තමයි වෙස්සන්තර කාලේ සුළු අඩුපාඩුවක් නිසා මාරයා ළඟටම ඇවිත් තර්ජනය දැම්මේ.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඔව් මම මීවනපලානෙ හාමුදුරුවන්ව අඳුරනව. ඇයි ඒ රතුපාටින් තියෙන කතාව බොරු ද? මාතුල අළුලෙනේ දි ග්‍රන්ථාරූඪ කරපු පාලි ත්‍රිපිටකයෙ භාරතය හෝ ඉන්දියාව ගැන තියෙනව නම් කරුණාකරල මට එවන්න. මාත් ආසයි දැනගෙන තව අධ්‍යනය කරන්න

    මේ ගැන මීපනවලානේ හාමුදුරුවො දැන් කියන්නේ මොකක්ද කියල කව්රුහරි දන්නවද ?

    2zdt3ye.jpg

    29e5cp1.jpg
     
    Last edited:

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඒ විපාක දීම සිදු වුනේ පාරමිතා ශක්තියේ අඩුවක් (පාරමිතා වල අඩුවක් නෙවෙයි. පාරමිතා අඩු නම් බුදු වෙන්න බෑ.) කියල විග්‍රහ කරනවා. ඒක මෙහෙමයි..

    අපේ බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා උන් වහන්සේ අසංඛ කල්ප ලක්ෂ 4 කින් පමණක් බුදු වුනා. අනික් වර්ග තුනට අයත් බුදු වරු අසංඛ කල්ප ලක්ෂ 16 දක්වා පෙරුම් පුරනවා. ඔවුන් අතිනුත් මේ වගේ පාපකර්ම, අඩුපාඩු අනන්තවත් වෙනවා ඇති. නමුත් පාරමිතා කාලය (x4 දක්වා) වැඩි නිසා පින් බලයෙන් යටපත් වෙනවා. නැත්නම් ඒ අංශයෙන් තවත පාරමිතා පුරල පාරමිතා ශක්තිය වැඩි වෙනවා. නැත්නම් විපාක දීල ගෙවිලා යනවා.

    ප්‍රඥාධික බුදු කෙනෙකුට පාරමිතා කාලය කෙටි නිසා
    සුළු අඩුපාඩුවත් දරුණු ලෙස විපාක දීමේ සම්භාවිතාවය වැඩියි. මේ නිසා තමයි වෙස්සන්තර කාලේ සුළු අඩුපාඩුවක් නිසා මාරයා ළඟටම ඇවිත් තර්ජනය දැම්මේ.
    :)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    මේ ගැන මීපනවලානේ හාමුදුරුවො දැන් කියන්නේ මොකක්ද කියල කව්රුහරි දන්නවද ?

    2zdt3ye.jpg

    29e5cp1.jpg
    මම ඇහුවෙ ත්‍රිපිටකයෙ ඉන්දියාව පෙන්නන්න කියල මිසක් මීවනපලානෙ හාමුදුරුවන්ගෙ ප්‍රකාශ අසිහිබුද්ධියෙන් අහගෙන ඉඳල මල්ලෙ පොල් කතා වගේ hot news මවපුව ගැන screenshots නෙවෙයි. මේකටත් උත්තර පහල තියෙනව. මම අහපු ප්‍රශ්නෙටත් උත්තර දෙන්න.
    ඔබ තුමා මේ පත්තරේ තියෙන දේත් පිලිගන්නව නේද සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් 7ක් උඩ ඇවිදගෙන ගිය කතාව වගේ? දවසක එන්න ස්වාමීන් වහන්සේ ව බැහැදකින්න. ඇවිල්ල ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් ගැන අහන්න.
    මම ඒ කාලෙ ඉඳන් ස්වාමීන් වහන්සේ ගෙ බණ නිතරම අහනව. මට ඇහුනෙ නෑ කවදාවක් වත් මේ පත්තරේ දාල තියෙන විදිහෙ දෙයක් ඒ හාමුදුරුවො දේශනා කරනව. http://deshana.sirisaddharmaya.net/ website එකේ තියෙනව ඔක්කොම ධර්ම දේශනා. පුලුවන් නම් හොයල පෙන්නන්න එහෙම දෙයක් දේශනා කරනව. ඒ හාමුදුරුවො මේ ගැන කිසිම ප්‍රකාශයක් සිදු නොකර ඉන්න තිබුන ඒ ගැන කිසිවෙක් හිමියන්ගෙන් නොඅසා හිටිය නම්. කිසි විටෙකත් බාහිර දේවල් ගැන දේශනා කරන්නෙ නෑ නිවන් මඟ මිසක්. ලෝක් විනාශයක් එදා එන්න තිබුනත් නැතත් අදාල නිවනට යන මඟහි වෙනසක් වෙන්නෙ නෑ. අදාල ධර්මතාවයන් ගැන විතරක් දේශනා කරන්නෙ ඒ හාමුදුරුවො.
    ඒ දවස් වල මුලු ලෝකෙන්ම මිනිස්සු යම්කිසි ප්‍රතිශතයක් විශ්වාස කලා ලෝක විනාශයක් සිදුවිය හැකි බව. ඒකට එයාල බය වෙලා හිටිය. ඉතින් ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන විස්තර ඇහුව බණ අහන්න එන අය. ස්වාමීන් වහන්සෙ දේශනා කලා යම්කිසි යුගයක අවසානයක් සිදුවිය හැකි බවත්. බුද්ධ දේශනාවෙ දැක්වෙන විදිහට තමාටත්, අනුන්ටත්, මේ මුළු විශ්වයටමත් සම මෙත පැතිරවීමටම මඟ පෙන්නුව ඒ හාමුදුරුවො.
    එමගින් තමන්ට, විශ්වයට, අනුන්ට නිකුත් වන ධනාත්මක චිත්ත ශක්තියෙන් යම්කිසි බාධාවක් හිරිහැරයක් වෙන්න තියෙනව නම් එහි බලපෑම අඩු කරගන්නට හැකි වේවි යන මතයෙන් හැමෝටම මෙත් සිත් පැතිරුවා හැමෝම එකතු වෙලා.. ඉතින් ඒකි කාටවත් කිසිම ප්‍රශ්නයක් තියෙනවද අවැඩක් තියෙනවද අසාධාරණයක් තියෙනවද හැමෝටම හොඳක් මිසක්. ඒ දෙයින් කිසිම විනාශයක් නොවුනත් මේ විශ්වයට හැමෝටම ඒ සත්‍යග්‍රහය කරපු අයගෙන් කොච්චර ධනාත්මකව යහපත් දෙයක් වෙන්න ඇතිද අපිට ඒක ඇසට නොපෙනුනත්.