සියාම් ඝාතනයට වාස් හා පුතුට මරණ දඬුවම
සියාම් ඝාතනයට වාස් හා පුතුට මරණ දඬුවම
2015.11.27
===============================
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වරදකරුවන් කරමින් අද (27) කොළඹ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, පුත් රවිඳු සමීර ද වාස් ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන අයයි.
නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුණි.
එකී ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා 2013 ජූනි මස 10 වැනිදා අත්අඩංගුවට ගැනිණ.
මෙම නඩුවේ තීන්දුව පිටු 802කින් සමන්විත බව වාර්තා වේ.