සිය දිවි නසා ගැනීම

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බුදු දහමට අනුව පාපයක්ද?මොන වගේ ප්‍රතිවිපාකද එහෙම කලොත් අපට එන්නේ?
    5 weni sil padhaya kadimata yatath wenne. manussayek maruwa widihata count wenne.
    * praanaghaatha akusalayata niraye yanawa
    * ipadena athma wala adu wayasen marenawa (praanaghaatha akusalaya nisa)
    * apahu manushya bhawayak labenna amaru wenna puluwan..
    .. ... ..etc
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    සිය දිවි නසා ගැනීම බරපතළ පාපයක්​


    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එසේ මෙලොව උපන් කෙනෙකු තමන්ට තවත් කාලයක් ජීවත්වීමට පුළුවන්කම, හැකියාව, පින තිබියදී ඒ ගැන දෙවරක් නොසිතා දැන් ජීවත් වූවා ඇති යැයි තීරණයකට එළැඹ කිසියම් අයුරකින් ජීවිතය විනාශ කරගැනීම සිය දිවි නසා ගැනීම විදිහට හඳුන්වනවා. බණ පොතේ උගන්වන්නේ සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් හැටියටයි. එසේම දිවි නසා ගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම මෙන්ම මරණයේ ගුණවැනීමත් බරපතළ පාපයන් හැටියට දැක්වෙනවා.

    ජීවිතය එපා වෙන්නේ ඇයි?

    කෙනෙකුට ජීවිතය එපා වී පණ නසා ගැනීමට විවිධ හේතු බලපානවා. මානසික, කායික, පරිසර හේතු ඒ අතර ‍ප්‍රධානයි. එමිල් දුර්කයිම් කියන සමය සමාජ විද්‍යාඥයා 'ද සුසයිඩ්' නමින් පොතක් ලීවා. ඔහු එහි පැහැදිලිව දක්වනවා මිනිසුන් දිවි නසා ගන්න පෙලඹෙන්නේ ඇයි කියලා. සමහරුන් දිවි නසා ගන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්, පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන්. ඒ වගේම සාරධර්ම බිඳ වැටීමත් සිය දිවි නසා ගැනීමට හේතුවනවා. සුදුසුස්සාට සුදුසු තැන නැතිවීම, හම්බ කිරීමේ පිළිවෙළක්, නීතියේ සාධාරණත්වයක් නැතිවිට කෙනෙකුට ඒ සමාජය එපා වෙන්න පුළුවන්. දෙවනුව ඔහු තීරණය කරනවා මේ සමාජය් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. පසුව දිවි නසා ගැනීමට පෙලඹෙනවා. කලකිරීම, විසාදය වගේ ම යම් යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයත් සිය දිවි නසා ගැනීමට පෙලඹෙනවා. අද කාලේ මත්ද්‍රව්‍යයත් මේකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්.

    ගෝදික හාමුදුරුවොත් සිය දිවි නසා ගත්තා

    සියතින්ම ගෙල සිඳගෙන බවුන් වැඩූ හිමිනමක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. ඒ ගෝදික හාමුදුරුවෝ. උන්වහන්සේ කොතරම් ධ්‍යාන භාවනා වැඩුවත් සුළු වෙලාවකින් ඒවා පිරිහෙනවා. ඒ කලකිරීමෙන් යුතුව ධාන්‍ය භාවනාවේ යෙදෙන අතර ම සිය දිවි නසා ගත්තා. ඒ අවස්ථාවේ අරමුණ වුණේ වේදනානුපස්සනාව. එය වැඩීම නිසා අවසන් මොහොතේ උන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑවා. වියට්නාමයේ ක්වාන්ඩාක් නම් භික්ෂූන් වහන්සේ සිවුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා. ගව ඝාතනයට එරෙහිව හිමිනමක් දළදා මැදුර ඉදිරිපිට දිවි නසා ගත්තා. හසලක ගාමිණී නම් යුද සෙබළා කොටි ත්‍රස්තයන්ගේ යුද ටැංකියකට පැන්නා. ධර්මානුකූලව විමසා බැලුවොත් පොදු අරමුණු වෙනුවෙන් සිය දිවි නසා ගැනීම වුව පාපයක්. ‍අරමුණ හොඳ වුවත් සිය දිවි නසා ගැනීම හොඳ දෙයක් විදිහට අගය කරන්න බැහැ. ඒත් ඔවුන්ට හොඳ තැන්වල උපදින්න පුළුවන් වෙනවා.

    දිවි නසා ගත්තොත් යළි ඉපදේද?

    සත්ත්වයා සංසාරේ උපදින්නේ තමන් කළා වූ කර්මය අනුවයි. ඇතැමෙක් උපදින්නටත් පළමුව මහ ධනවතෙකු වෙනවා. ඇතැමෙක් දුගී පැලක උපත ලබනවා. උපතින් ධනවත් වුවත් වැඩ කරන පිළිවෙළ අනුව දුගී වන අය මෙන්ම දුප්පත්ව ඉපිද පසුව පොහොසත්වන අයත් සමාජයේ දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් බුදුදහම අනුව යමක් තීරණය වන්නේ චේතනාව අනුවයි. සිය දිවි හානි කරගැනීම හා සම්බන්ධ මරණයකට වුවත් මෙය වෙනසක් වන්නේ නැහැ. සිය දිවි හානි කර ගන්නා අය නැවත උපත ලබන්නේ නැතය යන්න මිථ්‍යාවක්. එවැනි දේ ඇතැම් විට අප සමාජයේ මුල් බැස ගෙන ඇති. එය ධර්මය වැරැදි ලෙස වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකියි.

    වස බී ම‍‍ළොත් උදරාබාධ

    සිය දිවි නසා ගැනීම වරදක් බව අප මුලිනුත් පැවසුවා. එවිට ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් කළ විපාක ලැබෙනවා. නැවතත් උපතක් නැති බවක් ඉන් කියැවෙන්නේ නැහැ. එම අකුසලය නැවත උත්පත්තියක් නොලැබීමට හේතු නොවන අතර ඔවුන් සසරේ නැවත නැවතත් අඩු වයසෙන් මරණයට පත්වන්න තියෙන ඉඩකඩ වැඩියි. එසේම ඒ උත්පත්තිවල යම් විකෘතිතාත් දකින්න පුළුවන්. ගෙල වැලලාගෙන මියගිය අයෙකු නම් බෙල්ලේ යම් ආබාධ තත්ත්වයක් හෝ ඇද වීමක් හෝ ඇතිව යළි උපදින්න පුළුවන්. වස විෂ පානයෙන් මළ අයකුට ඊළඟ භවයේ දී උදරාබාධ ඇති වන්න ඉඩ තිබෙනවා. ආහාර ගැනීමේ අපහසුතා, පෙණහලු ආශ්‍රිත රෝගාබාධ ඇතිවන්න පුළුවන්. ඉහළකින් පැන සිය දිවි හානි කරගත් අයකු නම් උත්පත්තියෙන් ම තුනටියේ ආබාධවලින් යුක්ත විය හැකියි. බෙහෙත් හේත්වලින් සුව කළ නොහැකි අස්ථි ආබාධවලට ලක්විය හැකියි.

    දියේ ගිලී මළත් යළි උපදිනවා

    දියේ ගිලී මියගිය පසු යළි උපතක් නැතැයි සමාජයේ ඇතැමුන් විශ්වාස කරනවා. එහි ඇත්තක් නැහැ.

    පුනරුත්පත්තිය සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ක්ෂණික මරණවලට ලක් වූ වැඩිදෙනාට පෙර ආත්මය කියන්නට තරම් මතක ශක්තියක් තිබුණු බවයි. අහඹු ලෙස මරණයට පත්වූවන් අතර ද මෙය දැකිය හැකි වුණා. පුද්ගලයා කෙලෙස් සියල්ල තමන් විසින්ම දුරු කරන තුරු ඔහුට නැවත නැවත උත්පත්තිය ලැබීමට ඇති හැකියාව වෙනස් කරන්නට කිසිම අයෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. එසේම කළ පින්කම් මිසක් උත්පත්තිය තීරණය වීමට වෙනත් කිසිම හේතුවක් මූලික නොවන බව සිහි තබා ගන්න.

    වටින්නේ කරපු පින්කම්

    යම්කිසි පුද්ගලයකුට උපතක් නොලැබේ නම් බුදු දහම එය යහපත් දෙයක් ලෙස සලකනවා. ඒත් එම තත්ත්වයට පත්වන්න හැකියාව ඇත්තේ මහ රහතුන් වහන්සේට පමණයි. තමා කළ අකුසල විපාක දෙන්න නම් අනිවාර්යයෙන් ම නැවත උපතක් ලබන්න ම වෙනවා. සත්ත්වයා කෙලෙස් ප්‍රහීන කොට නිරූපධිශේෂ නිර්වාණයෙන් පිරිනිවන් පානා තුරු සංසාරයේ කොතනක හෝ උපත ලබනවා. සිය දිවි නසා ගත් අයකුට වුවත් නැවත ඉපිද රහත්වීම දක්වා වූ උත්තරීතර තත්ත්වයට පත්වීමේ හැකියාව ඇති බව ධර්මයේ දැක්වෙනවා.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බම්ප්

    උඹට ජිවිතේ නැති කර ගන්න හිතෙනවද
    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.
    not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.

    ------------------------------------------------------------------

    සියදිවි හානිකරගෙන ඕපපාතිකව මිනිස් ලෝකෙයට ලඟ ලෝක වල (ලෝකය කිව්වෙ පෘථිවිය නෙවෙයි) ඉපදුනු අයට පින් ගන්න බෑ. භවය උසස් වෙන්නෙ නෑ. කල්පය ඉවර වෙනකල් ඒ උපන් හැටියටම ඉන්න ඕන.

    එතකොට අපායෙ උපන්නොත් .... ?

    කරපු ගොන්කමේ තරම දැනගන්නේ එදාටයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.

    ------------------------------------------------------------------

    සියදිවි හානිකරගෙන ඕපපාතිකව මිනිස් ලෝකෙයට ලඟ ලෝක වල (ලෝකය කිව්වෙ පෘථිවිය නෙවෙයි) ඉපදුනු අයට පින් ගන්න බෑ. භවය උසස් වෙන්නෙ නෑ. කල්පය ඉවර වෙනකල් ඒ උපන් හැටියටම ඉන්න ඕන.

    එතකොට අපායෙ උපන්නොත් .... ?

    කරපු ගොන්කමේ තරම දැනගන්නේ එදාටයි.
    Depression walatath sinhala beheth thiyenawada??
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    බම්ප්


    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
    machan hamotama wage pennuwe nathi unata prashna thiyanawaa. hamogema yam pramanayk anxiety thiyanawaa, oya wage thought enwaa
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    බම්ප්


    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM
    Prashna athaarala monawahari aluth deyak hoyala igena ganin machn. Wenasak krpn.Poddk awidala krla blpn.

    Mee galaxy eke apahu uba wage ekek na.Mona prshna tibbat uba watinawa.
    ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.
    Thopi denna PM ekak dagena duka bedaganin.Ethkota hari.
     
    බම්ප්


    ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.:sorry:
    ------ Post added on Jan 23, 2022 at 5:17 PM

    same here

    but I am trying to live the life somehow.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.

    ------------------------------------------------------------------

    සියදිවි හානිකරගෙන ඕපපාතිකව මිනිස් ලෝකෙයට ලඟ ලෝක වල (ලෝකය කිව්වෙ පෘථිවිය නෙවෙයි) ඉපදුනු අයට පින් ගන්න බෑ. භවය උසස් වෙන්නෙ නෑ. කල්පය ඉවර වෙනකල් ඒ උපන් හැටියටම ඉන්න ඕන.

    එතකොට අපායෙ උපන්නොත් .... ?

    කරපු ගොන්කමේ තරම දැනගන්නේ එදාටයි.
    තමුන් අඩුම ගානෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ද? කොහොමද මං ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න එකයි මං ඔතන කියලා තියන එක අතරෙයි තියෙන සම්බන්ධය. නිකන් කාගෙන් හරි උඩින් පල්ලෙන් මොනවා හරි දැනගෙන බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටියොත් හොදයි. ආයුර්වේදෙටත් අගෞරව කරන එකතරා විදියක මානසික රෝගියෙක් තමයි ඔහෙත්.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මොකක් හින්ද මැරෙන්න හිතෙන්නෙ මචන්

    මමත් මැරෙන්න හිත හිත හිටිය ඔක්කොම එපා වෙලා,
    ඒ උනාට මට 3 වසරෙ නන්ගි කෙනෙක් ඉන්නව,
    ඒකිට මාර ශොක් එකක් වෙයි මම මැරුනොත් කියල හිත හදාගත්ත.
    අනික මැරුනට පස්සෙ මේ සිංහලු ලේබල් ගහයි බූට් කාලා මැරුන කියල.
    😄😄
     
    Last edited: