සිරසේ සුසාර, සන්ධානයෙන් බස්නාහිරට
Published on Friday, 04 October 2013 08:09
‘සිරස' ටි.වී. නාලිකා ප්‍රධානි සුසාර දිනාල් මහතා ඉදිරියේ දී පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එම ආයතනයේ නිල රාජකාරිවලින් ඉවත් වී ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම පළාත් සභාවට තරඟ කිරීමට නියමිතය.
ඒ අනුව ‘සිරස' ටීවී නාලිකා ප්‍රධානියා ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා පත්කර තිබේ.
කෙසේ වුවද සුසාර දිනාල් මහතා ‘සිරස' මාධ්‍ය ජාලයේ උපදේශකයෙකු ලෙස තවදුරටත් එම ආයතනයේ සේවය කරයි.
මෙතෙක් ‘සිරස සුපර්ස්ටාර්' වැඩසටහන සුසාර දිනාල් මහතා යටතේ පැවති අතර ඔහුගේ ඉවත් වීමත් සමග එම වැඩසටහනේ සමාරම්භකයා වූ නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා ‘දෙරණ ' රේඩියෝවෙන් ඉවත් වී නැවත ‘සිරස ටීවී' වෙත බඳවා ගෙන ඇත.
මීට මාස කිහිපයකට ඉහත ‘සිරස' රේඩියෝ නාලිකා ප්‍රධානී එස්.එම් මරික්කාර් මහතා ද එම රාජකාරියෙන් ඉවත් වී ‘සිරස' මාධ්‍ය ජාලයේ උපදේශකයෙකු ලෙස වැඩ භාරගත් අතර ඔහු ද ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් තරඟ කිරීමට නියමිතය.
මේ වන විට කිලී මහරාජාගේ ‘සිරස' මාධ්‍ය ජාලයේ හිටපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ශ්‍රී රංගා, බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එසේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි
http://sinhala.srilankamirror.lk/news/12668-susara-dinal-sirasa

rate amdan mu