භූමිකම්පාවකට අහුවෙච්ච බාත් ටබ් එකක් වගෙ මේ පේන්න තියෙන්නෙ අපේ නිස්ශංකමල්ල රජ විසින් සිරිපතුලයැයි සැලකෙන්නා වූ ස්ථානයට උඩින් එහි ආරක්ශාව උදෙසා සිරිපතුලෙහි සංකේතාත්මක ආකෘතියක් සහිතව තබන ලද ගල් පතුරකි.
බෞද්ධ සාහිත්‍යයෙහි ඇති බහුතර දේ අතිශෝක්ති සහ කතන්දර පමණක් වන අතර බුදුහාමුදුරුවෝද සාමාන්‍යය homo sapien කෙනෙකි..
මා සිතනා ආකාරයට මෙය බුදුහාමුදුරුවො ලංකාවට වැඩ,
(මා දන්නා තරමින් වැඩියායැයි පිලිගතහැකි කිසිඳු සාක්ශියක් තවමත් හමුවී නොමැත) සමනල කන්දට වැඩීම සංඛේතාත්මකව අනාගත බෞද්ධ ජනතාවට ශ්‍රද්ධාසම්පන්නව,බුද්ධාලම්භණ ප්‍රීතියකින් දැනගැනීමට එවකට සමනල කන්ද ආශ්රිත ප්‍රාදේශීය පාලකයා වූද දේවත්වයෙන් සැලකෙන්නා වූද සමන් දෙවියන් විසින් ගල්වඩුවන් යොදාගෙන සමනල කන්ද මුදුනෙහි කරනලද කැටයමක් බවයි..