Questions සිරිපාදේ බාගයක් කරුණාකරලා ආපසු හැරිලා

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම නම් අනිත් එවුන්ගේ කරේ නැගලා හරි උඩට යනවා. අපි නෑග්ගොත් අපිට තියෙයි. ගෙනියන බෑග් එහෙම බරයී නම් මම කරන්නේ ඔය කාපු බීපු පොලිතින් ප්ලාස්ටික් ටික කැලේට විසි කරන එක. උඩට යන එක විතරයි මගේ අරමුණ අනිත් උන්ට මහසෝනා බැරිනම් මොකා ගැහුවත් මට කමක් නැහැ. මොකද මං සිංහල. ❤️ තව ඔය සුද්දියෙක් එහෙම හිටියොත් කන්න වගේ බලාගෙන ඉඳල කැඩිච්ච ඉංග්‍රීසියෙන් හුකන්න අඩගහනවා. ඒ අයට අපේ 2500ය වසරක ප්‍රවුඩ සන්ස්කෘතිය පෙන්නන්නත් එපැයි!🥰
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම ගිහිල්ලම නෑ
    මැරෙන්න කලින් යන්න ආසයි
    ඒත් සෙනඟ පිරුන පොටෝ දැක්කම යන්න හිතෙන්නෙ නෑ
    පොඩි උං දෙන්නයි ගෑනියිත් අරං තමා යන්න වෙන්නෙ
    මම යූටියුබ් එකේ දැක්ක සුද්දො දෙන්නෙක් අවාරෙ යනව
    හොඳ පඩි තිබ්බ පැත්තකින්
    පටන් ගන්න තැනටම වාහනේ ඇවිල්ල , පඩි ටික නගින්න තිබ්බෙ, වැස්ස ටිකක් තිබ්බ
    එහෙම යන්න හිතන් ඉන්නෙ
    එහෙම යන්න පුලුවන් පැත්තයි , යන්න හොඳ කාලෙයි කියන්න දන්න කෙනෙක්
    ළමයි එක්ක යනවා නන් රෑ යන්න එපා, පොඩි එවුන් නිදිමරගාතෙ නගින්නේ, පළවෙනි දවසේ මගේ චූ එක සිප් එකට අහු උනා සිරීපාදෙ යන්න ඉස්සෙල්ලා, ගෙදරින් කිව්වා කටවරද්දගත්තු හින්දයි එහෙම උනේ කියලා. සෙනඟ අඩුයි මැයි මසේ, ජනවාරි වල සීතල වැඩියි උඩ මලුවේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ළමයි එක්ක යනවා නන් රෑ යන්න එපා, පොඩි එවුන් නිදිමරගාතෙ නගින්නේ, පළවෙනි දවසේ මගේ චූ එක සිප් එකට අහු උනා සිරීපාදෙ යන්න ඉස්සෙල්ලා, ගෙදරින් කිව්වා කටවරද්දගත්තු හින්දයි එහෙම උනේ කියලා. සෙනඟ අඩුයි මැයි මසේ, ජනවාරි වල සීතල වැඩියි උඩ මලුවේ.
    Thanks , යනකොට සිප් නැති කලිසං ඇඳං යන්නන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම ගිහිල්ලම නෑ
    මැරෙන්න කලින් යන්න ආසයි
    ඒත් සෙනඟ පිරුන පොටෝ දැක්කම යන්න හිතෙන්නෙ නෑ
    පොඩි උං දෙන්නයි ගෑනියිත් අරං තමා යන්න වෙන්නෙ
    මම යූටියුබ් එකේ දැක්ක සුද්දො දෙන්නෙක් අවාරෙ යනව
    හොඳ පඩි තිබ්බ පැත්තකින්
    පටන් ගන්න තැනටම වාහනේ ඇවිල්ල , පඩි ටික නගින්න තිබ්බෙ, වැස්ස ටිකක් තිබ්බ
    එහෙම යන්න හිතන් ඉන්නෙ
    එහෙම යන්න පුලුවන් පැත්තයි , යන්න හොඳ කාලෙයි කියන්න දන්න කෙනෙක්

    බබලා, වයසක අය එක්ක ‍යන්න ලේසියි හැටන් පැත්තෙන්
    වීකෙන්ඩ්, පෝය, වාරෙ අවසන් වෙන සතිය ( අප්‍රේල් ද මන්ද ) වගෙ අල්ලලා යන්න එපා
    මම එක පාරක් 2017-2018 වගෙ දෙසැම්බර් 26 ගියා, උඩ මලුවටම 50ක් වත් හිටියෙ නෑ

    නල්ලතැන්නිය හරියෙ හොටෙල් එකක් බුක් කරලා, හවස 2-3 ට නගින්න පටන් ගත්ත නන්, හිමීට පාන්දර වෙද්දි ගිහිල්ල, ඉරත් බලලා, උදෙ 10-12 වෙද්දි බහින්න පුලුවන්. හොටෙල් එකෙ නැවතිල පහුවෙනිද එන්නත් පුලුවන් ඇගට මාරු නිස
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    සිරිපාදේ කන්ද උඩ අදික සෙනග නිසා බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
    මොකද එතකොට හිතෙන්නේ

    බබලා, වයසක අය එක්ක ‍යන්න ලේසියි හැටන් පැත්තෙන්
    වීකෙන්ඩ්, පෝය, වාරෙ අවසන් වෙන සතිය ( අප්‍රේල් ද මන්ද ) වගෙ අල්ලලා යන්න එපා
    මම එක පාරක් 2017-2018 වගෙ දෙසැම්බර් 26 ගියා, උඩ මලුවටම 50ක් වත් හිටියෙ නෑ

    නල්ලතැන්නිය හරියෙ හොටෙල් එකක් බුක් කරලා, හවස 2-3 ට නගින්න පටන් ගත්ත නන්, හිමීට පාන්දර වෙද්දි ගිහිල්ල, ඉරත් බලලා, උදෙ 10-12 වෙද්දි බහින්න පුලුවන්. හොටෙල් එකෙ නැවතිල පහුවෙනිද එන්නත් පුලුවන් ඇගට මාරු නිස
    අනිවා Weekend , නිවාඩු සෙට් වෙන් දවස වල ගියොත් නම් සෙනග වැඩියි.
    හැටන් පැත්තෙන් නම් නගින්න ලේසියි. අපි නම් හවස 6,7 වගේ නගින්න ගත්තම ලස්සනට උඩ මලුවට ගිහිල්ලා ඉර උදාව බලන්න පුළුවන්.
    මැද්දෙන් හැරිලා එනවා නම් ඉතින්, ගෙදරට වෙලා ඉන්න කියපන්. :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මම දැනට තුන් පාරක් ගිහින් තියෙනවා. ඒකේ ගියපු 2 වෙනි පාර නම් හවස 6.30ට උඩට නගින්න ගත්ත එක පහුවදා උදේ 11.30 වුනා උඩමලුවට යද්දි. ඒ පාර නම් එපාම වුනා සෙනඟ වැඩි වෙලා. ඉදීකටුපානෙදි රත්නපුරේ පැත්තෙ ඉඳලා එන සෙට් එකත් සෙට් වුනාම සමහර වෙලාවල් තිබ්බා හෙලවෙන් නැතිව පැය භාගේ හිටගෙන හිටපු. හොඳම ආතල් එක කියන්නේ අච්චර කට්ට කාලා මහගිරිදඹට එද්දි අපි එක්ක ආපු එකෙක්ට බඩ රිදෙනවා කියලා ඌ නැවතුනා. අච්චර පැය ගාණක් කට්ට කාලා අන්තිමට ඌ ආපහු බැහැලා තිබ්බා. කොහොම හරි ඒ පාර සිරිපාදේ නැගලා බහින්න පැය 22ක් ගියා. අනික් හැම පාරම පැය 5-6ක් වගේ ගියේ උඩට යන්න. බහින්න 4ක් වගේ. මේ අවුරුද්දෙත් ගෙදර කට්ටිය යන් යන් කියනවා. බලන්න ඕනේ සෙනඟ අඩු කාලයක් බලලා යන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සිරිපාදේ කන්ද උඩ අදික සෙනග නිසා බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
    මොකද එතකොට හිතෙන්නේ
    ගිහින් තියනවා තනිකර අවාරේ . නැත්නම් වාරේ අන්තිම කාලේ.
    එක වාරෙක මම නැග්ගා මල්ලි කෙනෙක් සහ සුද්දෙක් අරගෙන එරත්න පාරේ. හරිම ලස්සනයි දවල් නැග්ගේ
    හැබැයි පාර ටිකක් අමාරුයි. පඩි තියෙන්නේ හරිම උසේන්. ඒ වගේම හුගක් තැන් වල පඩි කැඩිලා
    එකේ යද්දී හම්බෙනවා ජල විදුලි බලාගාරයක්. එතන රිසර්ව් ස්ටේෂන් එකක් එහෙම තියනවා. එතන ඉදන් බැලුව ලස්සන විව් එකක් තියෙන්නේ. ඔකේ නගින දවසේ අපි ඔතෙන්ට ගිහින් එතන හිටි මහත්තයට කතා අක්රලා ගියේ.
    අපි ඇහුව අවාරේ නිසා දිවියෝ එහෙම ඉන්නවද කියල. පොඩ්ඩක් එහෙ මෙහෙ බලල අනේ නැ කිව්වා

    හරි දැන් අපි නැග්ග. සුද්ද යනවා යකෝ කෝච්චිය වගේ. අපි දෙන්නට හැරෙන්න බැ. ගිහින් ඉදිකටුපානෙන් ද කොහෙද වැටෙන්නේ නල්ලතනියෙන් එන පාරට. උඩට නැගලා පාන් එහෙම කාල අපහු බැස්සා. මග තියනවා විශ්‍රාම ශාලාවක්. අවාරේ නිසා මොකුත් නැ . එතැන කඩ ඔක්කොම වහලා. හැබැයි අපි ඇතුලට පැනලා ගැස් එකෙන් බත් එකයි පරිප්පු එකයි හදාගත්තා. එකයි ලුණු සම්බෝලෙයි එක්ක කව .

    හොදම සින් එක අපි අයි එන මග අර මහත්තේලා හම්බෙලා බත් ටිකක් එහෙම කැවා . එතකොට ඒ කාලකන්නියා කිව්වේ ඇත්ත. එතන උඩින් යන හයිටෙන්ෂන් වයර් එකට දිවියෙක් ජම්ප් කරලා මැරිලා වැටිලා. ආදී 14 ක් විතර නැට්ට එක්ක දිගයි. පොටෝ පෙන්නුවා. හම්ම කලිසමේ චු ගියේ නැති ටික විතරයි. උට බනින්නත්බැ. දුන්න දේවල් කාල අපි අවා ඉතින් තෙරුවන් සිහි කරගෙන
     
    • Like
    Reactions: greenthunder

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යන්නේ ශ්‍රද්දාවෙන් විතරක් උනාට වැඩක් නෑ ඉතින් මොළෙත් ඩිංගක් තියෙන්න ඕන. තමන් ගෙනියන දේවල් නිසා එකක්තුවෙන කසල ටික තමන්ටම අරන් එන්න බැරි උන්ට යන්න බැරි වෙන එකමයි හොඳ. කෑම කොළ, ටොපි කොළ, හඳුන් කූරු පැකට්, පැම්පස්, පෑඩ් කෝඩු පැකට් ඉටි කවර මේවා සුද්ද කරන්න එහෙ සේවකයෝ නැති බව දන්නවනේ.. සේරමලා සති අන්තේ යන්න ගත්තම තද වෙනවා තමයි පෝලිමක යන්න දන්නේ නැති හරක්.

    ponna sinhalu kiyanne eka thamai.
     
    • Haha
    Reactions: Candid-B

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    confused-unga.gif

    අඩෝ දැට්ස් ඉලීගල් නේ බං.
    එතකොට වදින්න යන මේ නඩේට සුමන සමන් හාෆ් ප්‍රොටෙක්ෂන් තමා හම්බ වෙන්නේ.

    නගින එකට protection ලැබෙනවා.
    බහින එකට නෑ. Contract terms violated, contract void 🤭

    බහින වෙලාවෙ protection නැති නිසා වෙච්ච වරදකින් තමයි @2osama වගේ අය මෙලොවට ආවෙ.
     
    • Haha
    Reactions: kasun_kbp

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ගිහින් තියනවා තනිකර අවාරේ . නැත්නම් වාරේ අන්තිම කාලේ.
    එක වාරෙක මම නැග්ගා මල්ලි කෙනෙක් සහ සුද්දෙක් අරගෙන එරත්න පාරේ. හරිම ලස්සනයි දවල් නැග්ගේ
    හැබැයි පාර ටිකක් අමාරුයි. පඩි තියෙන්නේ හරිම උසේන්. ඒ වගේම හුගක් තැන් වල පඩි කැඩිලා
    එකේ යද්දී හම්බෙනවා ජල විදුලි බලාගාරයක්. එතන රිසර්ව් ස්ටේෂන් එකක් එහෙම තියනවා. එතන ඉදන් බැලුව ලස්සන විව් එකක් තියෙන්නේ. ඔකේ නගින දවසේ අපි ඔතෙන්ට ගිහින් එතන හිටි මහත්තයට කතා අක්රලා ගියේ.
    අපි ඇහුව අවාරේ නිසා දිවියෝ එහෙම ඉන්නවද කියල. පොඩ්ඩක් එහෙ මෙහෙ බලල අනේ නැ කිව්වා

    හරි දැන් අපි නැග්ග. සුද්ද යනවා යකෝ කෝච්චිය වගේ. අපි දෙන්නට හැරෙන්න බැ. ගිහින් ඉදිකටුපානෙන් ද කොහෙද වැටෙන්නේ නල්ලතනියෙන් එන පාරට. උඩට නැගලා පාන් එහෙම කාල අපහු බැස්සා. මග තියනවා විශ්‍රාම ශාලාවක්. අවාරේ නිසා මොකුත් නැ . එතැන කඩ ඔක්කොම වහලා. හැබැයි අපි ඇතුලට පැනලා ගැස් එකෙන් බත් එකයි පරිප්පු එකයි හදාගත්තා. එකයි ලුණු සම්බෝලෙයි එක්ක කව .

    හොදම සින් එක අපි අයි එන මග අර මහත්තේලා හම්බෙලා බත් ටිකක් එහෙම කැවා . එතකොට ඒ කාලකන්නියා කිව්වේ ඇත්ත. එතන උඩින් යන හයිටෙන්ෂන් වයර් එකට දිවියෙක් ජම්ප් කරලා මැරිලා වැටිලා. ආදී 14 ක් විතර නැට්ට එක්ක දිගයි. පොටෝ පෙන්නුවා. හම්ම කලිසමේ චු ගියේ නැති ටික විතරයි. උට බනින්නත්බැ. දුන්න දේවල් කාල අපි අවා ඉතින් තෙරුවන් සිහි කරගෙන

    අවාරෙට තමා සිරිපාදෙ කැලේ ලස්සන (y)

    ඉඳිකටුපානත් පහුකරලා ගල්වංගෙඩිය කියන තැනට ආවම කුරුවිට පාරයි රත්නපුර පාරයි එකතුවෙනවා. නල්ලතන්නි පාර හම්බෙන්නෙ නැහැ. එතන ඉඳන් ඉහළටම යන්නන් භාවිත කරන්නේ රත්නපුර පාර කියලා.

    මම කාලයක් සිරිපාදේ කැලේ අවුරුදු 20කට වඩා හිටපු භික්ෂුවකට දානය අරන් ගිහින් තියනවා. හීන්ධර්මරාජ ගල ගාවින් කැලය දෙසට හැරිලා මීටර් පන් හත්සීයක් යන්න ඕනෙ. එතනට වල් ඌරො එහෙමනම් නිතරම එනවා. ස්වාමීන්වහන්සේ කියපු විදිහට දිවියා (කොටියා) කලාතුරකින් ගල්ලෙනේ ඉහල කොටසට ඇව්ත් යනවලු. අලි නම් ඕනෙ තරම් ඉන්නවාලු. හදිස්සියේ පහල ගම්මානෙට වඩින වෙලාවක අලියෙක් පාරෙ ඉන්නවා දැක්කම ගල් කැටයක් අරගෙන යකඩ වැටට එකදිගට හයියෙන් ගැහුවම සතා යනවලු යන්න. ඔයිට අමතරව වලිකුකුලො, දඬු ලේන්නු, විවිධ සර්පයි බලාගන්න පුලුවන් අවාරෙට. කුරුවිට පාරෙ ඉඳිකටුපාන ගල්තලාව කියන්නෙත් අලි නිතර එන තැනක්ලු.
     
    • Love
    Reactions: HAneo

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම තාම ගිහින් නෑ. යන එකෙක්ක මගට හරි මාවත් එක්කන් පලයන්කෝ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අවාරෙට තමා සිරිපාදෙ කැලේ ලස්සන (y)

    ඉඳිකටුපානත් පහුකරලා ගල්වංගෙඩිය කියන තැනට ආවම කුරුවිට පාරයි රත්නපුර පාරයි එකතුවෙනවා. නල්ලතන්නි පාර හම්බෙන්නෙ නැහැ. එතන ඉඳන් ඉහළටම යන්නන් භාවිත කරන්නේ රත්නපුර පාර කියලා.

    මම කාලයක් සිරිපාදේ කැලේ අවුරුදු 20කට වඩා හිටපු භික්ෂුවකට දානය අරන් ගිහින් තියනවා. හීන්ධර්මරාජ ගල ගාවින් කැලය දෙසට හැරිලා මීටර් පන් හත්සීයක් යන්න ඕනෙ. එතනට වල් ඌරො එහෙමනම් නිතරම එනවා. ස්වාමීන්වහන්සේ කියපු විදිහට දිවියා (කොටියා) කලාතුරකින් ගල්ලෙනේ ඉහල කොටසට ඇව්ත් යනවලු. අලි නම් ඕනෙ තරම් ඉන්නවාලු. හදිස්සියේ පහල ගම්මානෙට වඩින වෙලාවක අලියෙක් පාරෙ ඉන්නවා දැක්කම ගල් කැටයක් අරගෙන යකඩ වැටට එකදිගට හයියෙන් ගැහුවම සතා යනවලු යන්න. ඔයිට අමතරව වලිකුකුලො, දඬු ලේන්නු, විවිධ සර්පයි බලාගන්න පුලුවන් අවාරෙට. කුරුවිට පාරෙ ඉඳිකටුපාන ගල්තලාව කියන්නෙත් අලි නිතර එන තැනක්ලු.
    අඩේ සුපිරි නේද බන්?
    ඔය වගේ ඒවා තමා මචන් නියම එක්පිරියන්ස් කියන්නේ.
     
    • Like
    Reactions: greenthunder

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මං ගියා තුන් පාරක්. හැම වතාවෙම ගියේ මාර්තු මාසෙ අග. සෙනඟ හුඟක් අඩුයි. කිසි කරදරයක් නැතිව නැගලා බැස්සා. හැටන් පැත්තෙං ගියේ. ට්‍රේන් එකෙන් ගිහිං හැටන් වලින් බැහැලා නල්ලතන්නියට බස් එකේ ගියා. හවස හතට වගේ නඟින්න පටන්ගත්තා. රෑ 11 විතර වගේ වෙනකොට උඩ මලුවෙ. එච්චර වෙලා ගියේ හිමින් හිමින් ගියපු නිසා. උදේ වෙනකල් හිටියා. ඉර සේවය ටයිම් එකට බලලා බැස්සා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දහතුන් පාරක් ගිහිල්ලා තියෙනවා..
    හැටන් පාරෙන් 11
    රත්නපුර පලාබද්දල පාරෙන් 1
    කුරුවිට එරත්න පාරෙන් 1
    මම නම නිවාඩු දාලා හරි යන්නේ සතියෙ දවස් වල.. දන්න කෙනෙක්ටවත් සති අන්තෙ සහ නිවාඩු දවස් වල යන්න දෙන්න එපා..
    එතකොට තමයි සිරීපාදෙ එපා වෙන්නේ.. ඇත්තටම ගොඩක් අය එන්නේ මේක විනෝද චාරිකාවක් සහ හයික් එකක් විදියට..
    හැටන් පාර නම් තනිකර බිස්නස් එකක්.. අපේ කාළකන්නි හැත්ත පොලිතින් ප්ලාස්ටික් දාලා වනසලා තියෙන්නේ..
    වෙනසකටත් එක්ක එරත්න පලාබද්දල පැති වලින් යන්න..
    අම්බලම් තියෙනවා, පරිසරය ලස්සනයි.. කඩවල් ව්අල මිනිස්සුත් මංඋස්සකම් තියෙනවා හැටන් වගේ නෙමෙයි..
    මම නම් ඇඟේ හයිය තියෙනකම් යනවා.. මොකද මට එපා නොවෙන ගමනක් සිරීපාදෙ..
    ඉස්කෝලෙ නිවාඩු, පෝය නිවාඩු, සති අන්ත සහ දීර්ඝ සති අන්ත වල යන්නම එපා..
    ආයෙ මේ වාරෙ ඉවර වෙන්න කලින් දැරණියගල උඩමාලිබොඩ පාරෙ යන්න ඉන්නේ..

    සුමන සමන් දෙවි පිහිටයි...
     
    නියමයි. මාලිබොඩින් ගියහම තව යන්න ඉතුරු දෙහෙනකන්ද මුක්කුවත්ත පාරයි, මරේවත්ත (ෆිශිං හට්ස්) පාරයි. මාලිබොඩ පාරෙ රක්ෂිතය කපලා කඩවල් ගහලා කියලා කසුකුසුවක් ගියා කියනවා.

    මාලිබොඩින් යනකොට කූඩැල්ලන්නට නගින්න බැරිවෙන්න මොනවා හරි "හොඳ" දෙයක් ගාගෙන හෝ ලීච් සොක්ස් දාගෙන හරි යන්න. කූඩැල්ලො ගුලි ගුලි එල්ලෙන්නෙ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නියමයි. මාලිබොඩින් ගියහම තව යන්න ඉතුරු දෙහෙනකන්ද මුක්කුවත්ත පාරයි, මරේවත්ත (ෆිශිං හට්ස්) පාරයි. මාලිබොඩ පාරෙ රක්ෂිතය කපලා කඩවල් ගහලා කියලා කසුකුසුවක් ගියා කියනවා.

    මාලිබොඩින් යනකොට කූඩැල්ලන්නට නගින්න බැරිවෙන්න මොනවා හරි "හොඳ" දෙයක් ගාගෙන හෝ ලීච් සොක්ස් දාගෙන හරි යන්න. කූඩැල්ලො ගුලි ගුලි එල්ලෙන්නෙ.
    ඔව් මම දැක්කා ෆේස්බුක් ගෲප් එකක තියෙනවා එහෙම,ගොඩාක් පායන කාලෙ ගියාම පොඩි අඩුවක් තියෙනවා කූඩැල්ලන්ගෙ,
     
    • Like
    Reactions: greenthunder