සිරියානු යුද්ධයේ අවි-3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ අවි-3

    aPramEo.png

    2011 අප්‍රේල් මාසය වනවිට රාජ්‍ය විරෝධී සටන් දරුණු අතට හැරීමත් සමග සන්නාහ සන්නද්ධ රථ යෙදවීම ඇරඹීය.

    පළමුවරට භාවිතය:2011 අප්‍රේල් 24- සිරියානු හමුදාව දකුණුදිග ඩාරා නගරයට ඔවුන්ගේ යුද ටැංකි ධාවනය කලේ පළමු දින තුල 25 දෙනෙක් මරාදමමින්ය බව සඳහන් වේ.මේ සමගම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වීම ඇරඹිණි.

    සුලභව භාවිතා කල සහ කරන යුද ටැංකි මොඩල:රුසියාව විසින් සැපයූ ටී-72බී ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය ඇතුලුව පැරණි ටී-62 සහ ටී-55 යුද ටැංකි.​


    ObmDEOf.jpg
    නිදහස් සිරියානු හමුදාවේ සටන්කාමීන් විසින් අත්පත් කරගත් සිරියානු රජයේ හමුදාවට අයත් ටී-55 යුද ටැංකියක්​

    මූලාශ්‍රවලට අනුව 21 වන සියවස මුල් දශකය තුල සිරියානු හමුදාව සතුව යුද ටැංකි 5000ක් පමණ තිබිණි.මෙම දශකය ආරම්භයේදී සිරියාව සතුව මෙහෙයුම්වල යෙදවිය හැකි යුද ටැංකි 2500කට ආසන්න ප්‍රමාණයක් තිබිණි.ඉන් 1200ක් ටී-55 යුද ටැංකිද,500ක් ටී-62 යුද ටැංකිද,700ක් ටී-72 යුද ටැංකිද විය.මෙම යුද ටැංකි 2500න් 1000කට වඩා සිරියානු සිවිල් යුද්ධය තුලදී විනාශ විය.


    2011 වර්ෂය වන විට යුද ටැංකි සංචිතයේ විශාලත්වය අනුව සිරියාවට 6 වන ස්ථානය හිමිව තිබිණි.


    tank-dust.gif
    සිරියාවේ රක්කා පළාතේ සටන් වැදී සිටි රුසියානු ටී-72 යුද ටැංකියක්​

    2011 ජූනි මාසයේදී ආරම්භ ආයුද සන්නද්ධ රාජ්‍ය විරෝධී අරගලයත් සමග සිරියානු හමුදාව ප්‍රහාරක හෙලිකොප්ටර් සමග යුද ටැංකි පිටත් කර හරින ලදි.මෙම මෙහෙයුම් දියත් වීමත් සමග උද්ඝෝෂණකරුවෝ 10,000ක් පමණ තුර්කියට පළාගියහ.

    OJclgqL.jpg
    සිරියාවට අයත් ටී-62 යුද ටැංකියක්​

    පසුබෑම:කැරලිකරුවන් අතට යුද ටැංකි නාශක අවි ලැබීමත් සමග සිරියානු හමුදාවට විශාල වශයෙන් යුද ටැංකි අහිමිවන්නට පටන් ගත්තේය.රජයේ හමුදාවට අයත් යුද ටැංකි විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝපට ගණනාවක් අන්තර්ජාලයට නිකුත් කිරීමට කැරලිකරුවෝ සහ ත්‍රස්තවාදියෝ පියවර ගත්හ.ඔවුන් ඒ සඳහා යුද ටැංකි නාශක අවි මෙන්ම ගුවන් යානා නාශක අවිද භාවිතා කරන ලදි.ඊට අමතරව යුද ටැංකිවල කොත තුලට අත්බෝම්බ දැමීම සහ ගිනි තැබීමේන් උණ්ඩ සහ යුද ටැංකි කාර්ය මණ්ඩල පුලුස්සා දමන ලදි.


    අත්බෝම්බ ප්‍රහාරයකි සිරියානු හමුදාවේ යුද ටැංකියක් විනාශ කරන අයුරු



    යුද ටැංකි විශාල වශයෙන් අහිමිවීමට හේතුව:පළමුවැන්න දුර්වල අඩියක තිබූ රජය හමුදාවල ධෛර්යයයි.අනෙක ඔවුන්ගේ සන්නාහ සන්නද්ධ සංග්‍රාමික උපක්‍රමවල දුර්වලතාවයයි.යුද ටැංකි හුදකලාව ඉදිරි පෙරමුණට යැවීම හමුවේ ඒවා සතුරන්ගේ ප්‍රහාරවලට ලක්වීම තවත් පහසුවිය.බොහොමයක් සටන් නගරබද ,ගොඩනැගිලි ආශ්‍රිතව සිදුවිය.එවැනි බිමක සටන් කිරීම පැරණි ටී-55 සහ ටී-62 යුද ටැංකිවලට අසීරු කාර්යයකි.

    QNJPuOh.jpg
    සිරියාවේ ටී-72 යුද ටැංකියක්​

    2015 වර්ෂයේදී රුසියාව සෘජුවම සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමග ඔවුන් සතු දැනට සේවයේ යොදවා තිබෙන නවතම සංග්‍රාමික යුද ටැංකිය වන ටී-90 යුද ටැංකි සිරියාවට එවන ලදි.මුලදී මේවා හසුරවන ලද්දේ රුසියානු සෙබලුන් වුවත් පසුව ඒවා සිරියානු හමුදාව විසින් මෙහෙයවන ලදි."ටයිගර්" නම් සිරියානු විශේෂ බලකාය පමණක් රුසියානු ටී-90 යුද ටැංකි මේවන විට භාවිතා කරන බව වාර්තා වේ.මෙම වසරේ මුල් සමයේදී සිරියාවට යැවූ ටී-90 යුද ටැංකි සම්බන්ධව දැඩි කතා බහක් ඇතිවූයේ කැරලිකරුවන් විසින් අන්තර්ජාලයට මුදාහල වීඩියෝ පටයක් නිසාය.එහිදී ඔවුන් ඇමෙරිකානු යුද ටැංකි නාශක අවියක් යොදාගෙන ටී-90 යුද ටැංකියකට ප්‍රහාරයක් එල්ල කලද එය පුපුරා විනාශ නොවීය(පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි).



    සිරියාවේ "ටයිගර්" විශේෂ බලකාය සතුවූ රුසියානු ටී-90 යුද ටැංකියක් ඇලැපෝ ආසන්නයේදී ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් විසින් අල්ලාගන්නා ලදි.එය සටන් බිමේදී අක්‍රීය වීම නිසා විශේෂ බලකා සෙබලුන් අභ්‍යන්තරය විනාශ වන සේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අතහැර දමා පසුබැස තිබේ.පහත දැක්වෙන්නේ සටන්කාමීන් විසින් ගන්නා ලද එම ටී-90 යුද ටැංකියේ ඡායාරූපයකි.

    IkFVDvl.jpg






    මතු සම්බන්ධයි​




    Source:defenseone.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: s.a.s

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Shtora-1 system failed to protect above T-90

    Thread Podi wenawa neh. That's not good
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Shtora-1 system failed to protect above T-90

    Thread Podi wenawa neh. That's not good

    Shtora system එක ස්විච් ඔෆ් කරලා තිබුණද ෆේල් වුනාද කියලා හරියට කියන්නේ කොහොමද හැබැයි ඔය ටැංකියට නම් ඒ හැටි හානියක් වෙලා තිබුණේ නැතිලු.දකුණු පැත්තේ Shtora සිස්ටම් එකට ෂොට් එක වැදිලා තිබුණේ,සිද්ධියෙන් පස්සේ ඔය ටැංකියේ ෆෝටෝ එකක් දාල තිබුණා.


    මේ වගේ ත්‍රෙඩ් වලට දැන් ඉස්සරවගේ ඉල්ලුමක් නෑ බන් මේකේ.දිග හෑලි ලියන්න පුලුවන්,ඒත් කියවන්න එකෙක් නැත්නම් තේරුමක් නෑනේ බන් .

    Thanks

    tfs machn
    Thanks

    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again
    Thanks
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ane liyapan ban.ubawath nathnam kauda liyanne........rep++
    passe rep dennnam............
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ස්තුතියි මචන්.
    නූල පොඩි කරන් නැතුව දාපන් මචන්... අනිවාරෙන් උබගේ ඒවා බලන සෙට් එකක් ඉන්නවා.
    11.gif