සිරියාවේදී බිද වැටුණු ලෙපර්ඩ්-2 මිත්‍යාව
ඇමෙරිකානු මූලාශ්‍රවලට අනුව යේමනයේදී සවුදි හමුදාව සතුව තිබූ ඇමෙරිකානු ඒබ්‍රම්ස් එම්1ඒ2(Abrams М1A2) යුද ටැංකි 20ක් විනාශ වී තිබේ.2016 අගෝස්තු මාසයේ පටන් තුර්කිය හමුදා සිරියාව තුල දියත් කල තිබෙන ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් නම් මෙහෙයුම අතරතුර ඔවුන්ට ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2ඒ4(Leopard 2A4) යුද ටැංකි 10ක් අහිමිවිය.තුර්කියට අහිමිවූ සම්පුර්ණ යුද ටැංකි ගණන 11යැයි කියවේ.ඉන් 10ක් ලෙපර්ඩ් 2ඒ4 මොඩලය.ඒ සියල්ල ඔවුන්ට අහිමිවූයේ සිරියාවේ අල්-බාබ් නගර සීමාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සිදුකල සටන් වලදීය.මේ සම්බන්ධව වාර්තාවක් ඩයි වෙල්ට් නම් ජර්මන් පුවත්පතේ පළ කර තිබිණි.
ලෙපර්ඩ් 2 යුද ටැංකිය විනාශකල නොහැකි යුද ටැංකියක් යැයි කීර්තියක් අත් කරගත්තේ ඇෆ්ගනිස්ථානය සහ කොසොවෝ යන රටවල යුද්ධ සඳහා එය යොදාගත් අවස්ථාවලදීය.වරක් කැනඩා හමුදාව භාවිතා කල ලෙපර්ඩ් යුද ටැංකියක් ඇෆ්ගනිස්ථානයේදී තලෙයිබාන් ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට අසුවුවද එය විනාශ වූයේ නැත.නමුත් උතුරුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටන් කරන තුර්කි හමුදාව මුහුණු දුන්නේ වෙනස් අත්දැකීමකටය.සටන් බිමේ නායකත්වයේ අසාර්ථකත්වය හෝ තුර්කි හමුදා සතු අත්දැකීම් අඩුකම මෙම අහිමිවීම්වලට හේතුව බව සමහරුන්ගේ මතයයි.කෙසේවෙතත් ටොන් 60ක බරකින් යුක්ත මෙම යුද ටැංකිය නාගරික ප්‍රදේශවල සටන් සඳහා යෝග්‍ය වේද යන්න තවත් ගැටළුවකි.තුර්කි හමුදාව අහිමිවූ ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකිවලින් හයකට විනාශ කැදවූයේ රුසියානු කොර්නෙට් යුද ටැංකි නාශක මිසයිල බව කියවේ.
ලෙපර්ඩ් 2 යුද ටැංකි මේවන විට රටවල් 18කට අලෙවි කර තිබේ.තුර්කිය ජර්මන් හමුදවෙන් ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි මොඩල 354ක් මිලදීගෙන තිබේ.ඒ සියල්ල 2005 වර්ෂයේදී ASELSAN නම් සමාගම විසින් නවීකරණයට භාජනය කරන ලදි.ලෙපර්ඩ් 2 යුද ටැංකියේ මූලික සංකල්පය පැමිණෙන්නේ සතුරාගේ ප්‍රහාරය ඉදිරිපසින් පැමිණෙන්නේ යැයි සලකාය.එනම් මෙම යුද ටැංකිය නිර්මාණය කලේ සෝවියට් දේශය පැවති සමයේය.සෝවියට් තර්ජනයට ජර්මන් අභියෝගය වූයේ ලෙපර්ඩ් 2 යුද ටැංකියයි.ඒ නිසා එහි ඉදිරිපස කොටසට උපරිම ආරක්ෂාව සලසා තිබිණි.රුසියානු යුද ටැංකි නාශක මිසයිලයක් වන කොර්නට් අවියට මීටර් 1.2 ගණකම සන්නාහයක් පසාරු කරගෙන ගමන් කිරීමේ හැකියාව තිබෙන නිසා ලෙපර්ඩ් 2 යුද ටැංකියේ ආරක්ෂාව අවම ප්‍රදේශ වන කොතේ වම් සහ දකුණු පැති එවැනි ප්‍රහාරයකින් විනාශ වීමේ සම්භාවිතාවය ඉහළය.සිරියාවේ අල්-බාබ් නගරයේ සටන්වලදී තුර්කිය භාවිතා කලේ වසර 30ක් පමණ පැරණි ලෙපර්ඩ් 2 මොඩලයකි.එහි පිටුපස සහ පැති යුද ටැංකි නාශක මිසයිලවලට පහසුවෙන් විනිවිද යා හැකිය.
2006 වර්ෂයේදී ප්‍රකාශිත Breaking the Mold: Tanks in the Cities නම් ග්‍රන්ථයට අනුව "යුද ටැංකිය විවෘත සංග්‍රාම භූමියේ භයානක අවියකි,නමුත් නගරයකදී අතිශයින් අනතුරට ලක්විය හැකිය".මෙම ප්‍රකාශය සනාථ කල එක් අවස්ථාවක් වන්නේ 1994 වර්ෂයේදී චෙච්නියාවේ ග්‍රොස්නි නගරයේදී රුසියානු හමුදාවට ලැබූ පරාජයයි.එහිදී ඔවුන්ට යුද ටැංකි විශාල ප්‍රමාණයක් අහිමිවිය.මේ නිසා නාගරික සටන් සඳහා විශාල වශයෙන් යුද ටැංකි යෙදවීම අනුවන ක්‍රියාවකි.එසේ යොදවන්නේ නම් යුද ටැංකි නාගරික සටන් සඳහා සුදුසු පරිදි නවීකරණය කිරීම්වලට භාජනය කල යුතුය.
තුර්කි හමුදාවට ලෙපර්ඩ් 2 යුද ටැංකි අහිමිවීමට බලපෑ තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස විශේෂඥයින් දක්වන්නේ ඒවා සතුව අමතර ආරක්ෂක විධිවිධාන වන ප්‍රතික්‍රියක සන්නාහය,සක්‍රිය ආරක්ෂක පද්ධතිය ආදිය නොමැතිවීමයි.
1.ප්‍රතික්‍රියක සන්නාහය - උණ්ඩයක්/මිසයිලයක් ගැටුණු පසු මෙම සන්නාහයේ ගඩොළු පිපිරී ගොස් සිදුවන හානිය අවම කෙරේ.මෙම ගඩොළු විනාශ වූ පසු අලුතින් සවිකල හැකිය.
2.සක්‍රිය ආරක්ෂක පද්ධති - මෙවැනි පද්ධති දෙවර්ගයක් දැනට භාවිතා කරයි.එක් වර්ගයකින් යුද ටැංකිය ඉලක්ක කරගෙන එන මිසයිලයක් සන්නාහයේ ගැටීමට පෙර හඳුනාගෙන යුද ටැංකියෙන් නිකුත් කරන අවියකින් විනාශ කරයි.අනෙක් වර්ගය යුද ටැංකි නාශක අවිය මුලා කර මිසයිලය වෙනතකට යොමුකරවයි.එහිදී මිසයිලය විනාශ කිරීමට ක්‍රියා නොකරයි.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියාවේදී ලෙපර්ඩ් යුද ටැංකි විනාශ කලේ ඒවාහි කොත ප්‍රදේශය ඉලක්ක කරගෙන යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමෙන්ය.මන්ද එවිට එම කොටසේ ගබඩා කර තිබෙන උණ්ඩ මිසයිල ප්‍රහාරය නිසා පිපිරී යෑමෙන් යුද ටැංකිය අතහැර දමන්නට තුර්කි සෙබලුන්ට සිදුවේ.කෙසේවෙතත් ප්‍රතික්‍රියක සන්නාහය සහ සක්‍රිය ආරක්ෂක පද්ධති සහිත යුද ටැංකියක් එවැනි මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වුවද යුද ටැංකිය බරින් වැඩිවීම ඒ හරහා මතුවන අවාසියකි.ජර්මන් ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එරට දැන් නිපදවන්නේ ලෙපර්ඩ් 2 හි නවතම සංස්කරණය වන ඒ7වී මොඩලයේ යුද ටැංකිය.තවදුරටත් ජර්මන් හමුදාවේ සේවයේ නොපවතින ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකිවලට වඩා එහි නව සංස්කරණය ආරක්ෂාව අතින් ඉහළ තැනක සිටින බව කියවේ.
ලෙපර්ඩ් 2ඒ7 යුද ටැංකි 20ක් 2014 වර්ෂයේදී ජර්මන් හමුදාවට හඳුන්වාදෙන ලදි.ඒවා පිඟන් මැටිවලින් තැනූ සන්නාහය ස්ථරද සහිත විශේෂිත සංයුක්ත සන්නාහයකින් සමන්විතය.කෙසේවෙතත් ලෙපර්ඩ් යුද ටැංකිවල කිසිදු සංස්කරණයක් සඳහා මේ දක්වා ප්‍රතික්‍රියක සන්නාහය නිපදවා නැත.ලෙබනනය සමග 1982 වර්ෂයේ ඇතිවූ යුද්ධයේදී ප්‍රථම වරට ඊශ්‍රායල හමුදාව විසින් යුද ටැංකි සඳහා ප්‍රතික්‍රියක සන්නාහය යොදාගෙන තිබේ.2006-2009 කාලයේදී සිංගප්පූරුව ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි 96ක් මිලදී ගත් අතර ඒවා ජර්මන් සමාගමක් නිර්මාණය වැඩිදියුණු කල සන්නාහය යොදාගෙන නවීකරණයට භාජනය කරන ලදි.
දැනට ලෝකය තිබෙන ප්‍රසිද්ධතම සක්‍රිය ආරක්ෂක පද්ධති වන්නේ රේතෙන් සමාගමේ ක්වික් කිල් සහ ඊශ්‍රායලයේ ට්‍රෝපිය.මේවා රේඩාර් ඇන්ටනාවක් යොදාගෙන යුද ටැංකිය දෙසට එන ආර්පීජී සහ මිසයිල හඳුනාගෙන කුඩා ප්‍රමාණයේ පුපුරණ සුළු රොකට් නිකුත් කර උණ්ඩය අතරමගදී විනාශ කරයි.රුසියාවේ ටී-14 අමාටා යුද ටැංකිය සහ ටී-15 අමාටා පාබල ප්‍රහාරක රථය ඇෆ්ගනිට් සක්‍රීය ආරක්ෂක පද්ධතිය භාවිතා කරයි.
Source:sputniknews.com
-HarshaLulzSec-

තුර්කි හමුදාවේ Leopard 2A4 යුද ටැංකි

ජර්මන් හමුදාව භාවිතා කරන Leopard 2 A7 යුද ටැංකියක්
ලෙපර්ඩ් 2 යුද ටැංකි මේවන විට රටවල් 18කට අලෙවි කර තිබේ.තුර්කිය ජර්මන් හමුදවෙන් ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි මොඩල 354ක් මිලදීගෙන තිබේ.ඒ සියල්ල 2005 වර්ෂයේදී ASELSAN නම් සමාගම විසින් නවීකරණයට භාජනය කරන ලදි.ලෙපර්ඩ් 2 යුද ටැංකියේ මූලික සංකල්පය පැමිණෙන්නේ සතුරාගේ ප්‍රහාරය ඉදිරිපසින් පැමිණෙන්නේ යැයි සලකාය.එනම් මෙම යුද ටැංකිය නිර්මාණය කලේ සෝවියට් දේශය පැවති සමයේය.සෝවියට් තර්ජනයට ජර්මන් අභියෝගය වූයේ ලෙපර්ඩ් 2 යුද ටැංකියයි.ඒ නිසා එහි ඉදිරිපස කොටසට උපරිම ආරක්ෂාව සලසා තිබිණි.රුසියානු යුද ටැංකි නාශක මිසයිලයක් වන කොර්නට් අවියට මීටර් 1.2 ගණකම සන්නාහයක් පසාරු කරගෙන ගමන් කිරීමේ හැකියාව තිබෙන නිසා ලෙපර්ඩ් 2 යුද ටැංකියේ ආරක්ෂාව අවම ප්‍රදේශ වන කොතේ වම් සහ දකුණු පැති එවැනි ප්‍රහාරයකින් විනාශ වීමේ සම්භාවිතාවය ඉහළය.සිරියාවේ අල්-බාබ් නගරයේ සටන්වලදී තුර්කිය භාවිතා කලේ වසර 30ක් පමණ පැරණි ලෙපර්ඩ් 2 මොඩලයකි.එහි පිටුපස සහ පැති යුද ටැංකි නාශක මිසයිලවලට පහසුවෙන් විනිවිද යා හැකිය.
Breaking the Mold: Tanks in the Cities
2006 වර්ෂයේදී ප්‍රකාශිත Breaking the Mold: Tanks in the Cities නම් ග්‍රන්ථයට අනුව "යුද ටැංකිය විවෘත සංග්‍රාම භූමියේ භයානක අවියකි,නමුත් නගරයකදී අතිශයින් අනතුරට ලක්විය හැකිය".මෙම ප්‍රකාශය සනාථ කල එක් අවස්ථාවක් වන්නේ 1994 වර්ෂයේදී චෙච්නියාවේ ග්‍රොස්නි නගරයේදී රුසියානු හමුදාවට ලැබූ පරාජයයි.එහිදී ඔවුන්ට යුද ටැංකි විශාල ප්‍රමාණයක් අහිමිවිය.මේ නිසා නාගරික සටන් සඳහා විශාල වශයෙන් යුද ටැංකි යෙදවීම අනුවන ක්‍රියාවකි.එසේ යොදවන්නේ නම් යුද ටැංකි නාගරික සටන් සඳහා සුදුසු පරිදි නවීකරණය කිරීම්වලට භාජනය කල යුතුය.
තුර්කි හමුදාවට ලෙපර්ඩ් 2 යුද ටැංකි අහිමිවීමට බලපෑ තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස විශේෂඥයින් දක්වන්නේ ඒවා සතුව අමතර ආරක්ෂක විධිවිධාන වන ප්‍රතික්‍රියක සන්නාහය,සක්‍රිය ආරක්ෂක පද්ධතිය ආදිය නොමැතිවීමයි.
1.ප්‍රතික්‍රියක සන්නාහය - උණ්ඩයක්/මිසයිලයක් ගැටුණු පසු මෙම සන්නාහයේ ගඩොළු පිපිරී ගොස් සිදුවන හානිය අවම කෙරේ.මෙම ගඩොළු විනාශ වූ පසු අලුතින් සවිකල හැකිය.
2.සක්‍රිය ආරක්ෂක පද්ධති - මෙවැනි පද්ධති දෙවර්ගයක් දැනට භාවිතා කරයි.එක් වර්ගයකින් යුද ටැංකිය ඉලක්ක කරගෙන එන මිසයිලයක් සන්නාහයේ ගැටීමට පෙර හඳුනාගෙන යුද ටැංකියෙන් නිකුත් කරන අවියකින් විනාශ කරයි.අනෙක් වර්ගය යුද ටැංකි නාශක අවිය මුලා කර මිසයිලය වෙනතකට යොමුකරවයි.එහිදී මිසයිලය විනාශ කිරීමට ක්‍රියා නොකරයි.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියාවේදී ලෙපර්ඩ් යුද ටැංකි විනාශ කලේ ඒවාහි කොත ප්‍රදේශය ඉලක්ක කරගෙන යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමෙන්ය.මන්ද එවිට එම කොටසේ ගබඩා කර තිබෙන උණ්ඩ මිසයිල ප්‍රහාරය නිසා පිපිරී යෑමෙන් යුද ටැංකිය අතහැර දමන්නට තුර්කි සෙබලුන්ට සිදුවේ.කෙසේවෙතත් ප්‍රතික්‍රියක සන්නාහය සහ සක්‍රිය ආරක්ෂක පද්ධති සහිත යුද ටැංකියක් එවැනි මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වුවද යුද ටැංකිය බරින් වැඩිවීම ඒ හරහා මතුවන අවාසියකි.ජර්මන් ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එරට දැන් නිපදවන්නේ ලෙපර්ඩ් 2 හි නවතම සංස්කරණය වන ඒ7වී මොඩලයේ යුද ටැංකිය.තවදුරටත් ජර්මන් හමුදාවේ සේවයේ නොපවතින ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකිවලට වඩා එහි නව සංස්කරණය ආරක්ෂාව අතින් ඉහළ තැනක සිටින බව කියවේ.
2010 වර්ෂයේදී ප්‍රදර්ශනය කල Leopard 2 A7 යුද ටැංකි මොඩලය
ලෙපර්ඩ් 2ඒ7 යුද ටැංකි 20ක් 2014 වර්ෂයේදී ජර්මන් හමුදාවට හඳුන්වාදෙන ලදි.ඒවා පිඟන් මැටිවලින් තැනූ සන්නාහය ස්ථරද සහිත විශේෂිත සංයුක්ත සන්නාහයකින් සමන්විතය.කෙසේවෙතත් ලෙපර්ඩ් යුද ටැංකිවල කිසිදු සංස්කරණයක් සඳහා මේ දක්වා ප්‍රතික්‍රියක සන්නාහය නිපදවා නැත.ලෙබනනය සමග 1982 වර්ෂයේ ඇතිවූ යුද්ධයේදී ප්‍රථම වරට ඊශ්‍රායල හමුදාව විසින් යුද ටැංකි සඳහා ප්‍රතික්‍රියක සන්නාහය යොදාගෙන තිබේ.2006-2009 කාලයේදී සිංගප්පූරුව ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි 96ක් මිලදී ගත් අතර ඒවා ජර්මන් සමාගමක් නිර්මාණය වැඩිදියුණු කල සන්නාහය යොදාගෙන නවීකරණයට භාජනය කරන ලදි.
Active Defence System නම් සක්‍රීය ආරක්ෂක පද්ධතිය
දැනට ලෝකය තිබෙන ප්‍රසිද්ධතම සක්‍රිය ආරක්ෂක පද්ධති වන්නේ රේතෙන් සමාගමේ ක්වික් කිල් සහ ඊශ්‍රායලයේ ට්‍රෝපිය.මේවා රේඩාර් ඇන්ටනාවක් යොදාගෙන යුද ටැංකිය දෙසට එන ආර්පීජී සහ මිසයිල හඳුනාගෙන කුඩා ප්‍රමාණයේ පුපුරණ සුළු රොකට් නිකුත් කර උණ්ඩය අතරමගදී විනාශ කරයි.රුසියාවේ ටී-14 අමාටා යුද ටැංකිය සහ ටී-15 අමාටා පාබල ප්‍රහාරක රථය ඇෆ්ගනිට් සක්‍රීය ආරක්ෂක පද්ධතිය භාවිතා කරයි.
Leopard 2 A4 යුද ටැංකිය
Source:sputniknews.com
-HarshaLulzSec-