සිරියාවේ මොකද වුනේ (2015-2016)
2015 වර්ෂයෙන් වැඩි කොටසක් ගෙවී ගියේ සිරියානු අරාබි හමුදාවට පරාජයේ වේදනාව උරුම කරමින්ය.ඉඩ්ලිබ් පළාත අහිමිවීම සහ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ සිඝ්‍රයෙන් නැගෙනහිර සිරියාවේ භූමිය යටත් කරගැනීම නිසා රජයට පක්ෂපාතී පිරිස්වලට ජයග්‍රහණයක් ගැන තිබූ කුඩා බලාපොරොත්තුවද සැප්තැම්බර් මාසය වන විට අතහැර දමන්නට සිදුවී තිබිණි.
Source:almasdarnews.com
-HarshaLulzSec-
2015 වර්ෂයෙන් වැඩි කොටසක් ගෙවී ගියේ සිරියානු අරාබි හමුදාවට පරාජයේ වේදනාව උරුම කරමින්ය.ඉඩ්ලිබ් පළාත අහිමිවීම සහ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ සිඝ්‍රයෙන් නැගෙනහිර සිරියාවේ භූමිය යටත් කරගැනීම නිසා රජයට පක්ෂපාතී පිරිස්වලට ජයග්‍රහණයක් ගැන තිබූ කුඩා බලාපොරොත්තුවද සැප්තැම්බර් මාසය වන විට අතහැර දමන්නට සිදුවී තිබිණි.
ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්
ජිහාඩ් කැරලිකරුවන් බටහිරින් ලැටකියා ප්‍රදේශයට ළගාවීමත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඩීර් එස්සෝර් ප්‍රදේශය වටලෑමත් නිසා පිරිස් බලයෙන් පිරිහෙමින් සිටි සිරියානු අරාබි හමුදාවට පෙරමුණු කිහිපයක් රැකගැනීමට අති දුෂ්කර අරගලයක යෙදෙන්නට සිදුව තිබිණි
.
රුසියානු මැදිහත්වීමට පෙර සිරියාවේ තත්ත්වය
සිරියානු රජයට යම් අස්වැසිල්ලක් ලැබුණේ සැප්තැම්බර් මාසයේ අගදී රුසියානු හමුදාව සිරියානු යුද්ධයට සෘජුවම සම්බන්ධවීමෙන් පසුවයි.රුසියානුවන් මෙහිදී ගුවන් ප්‍රහාරක සහාය සහ යුද උපදේශනය ලබාදුන්නේය.
රුසියානු හමුදාවේ පැමිණීමෙන් පසු සිරියාවේ තත්ත්වය-2016 සැප්තැම්බර් මස මුලදී
සිරියානු යුද්ධය වෙනස් කල හැරවුම් ලක්ෂය රුසියානු මැදිහත්වීම බවට කිසිදු විවාදයක් නැත.රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා,සිරියානු හමුදාවට ඔවුන්ගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වෙඩි බලය සපයා දුන්හ.
සති කිහිපයක් තුල සිරියානු අරාබි හමුදාව සිය බලය ඉඩ්ලිබ් පළාතේ දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත කලේය.තවද ඊසාන දිග ලැටකියාහි කඳු ගණනාවකද බලය අත්පත් කරගත්තේය.කුවෙයර්ස් හමුදා ගුවන්තොටුපල වටලෑම වසර 3ක් දක්වා ඉහළ දැමීමත් නැගෙනහිර ඇලැපෝ හි අල්-සෆයිරා තැනිතලාවෙන් විශාල කොටසක් නැවත අල්ලාගැනීමත් එම සමයේ සිරියානු අරාබි හමුදාව ලබාගත් ජයග්‍රහණයි.
සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු su-25 frogfoot යානා
රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව 2015 වර්ෂය ශක්තිමත්ව අවසන් කරන්නට සිරියානු අරාබි හමුදාවට හැකිවිය.නමුත් වඩාත් දුෂ්කර සහ දරුණුම සටන් ආරම්භ වන්නේ ඊළඟ වසරේදීය.
සිරියාවේ රුසියානු හමුදා
සිරියානු යුද්ධය ආරම්භ වූ සමයේ පටන් ලැටකියා සහ ඇලැපෝ පළාත්වල පැවති සටන් ගැන අවදානයෙන් සිටියේ නම් තමන්ට අහිමිවූ ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට සිරියානු අරාබි හමුදාව කොතරම් ප්රයත්න දැරුවේද යන්න අමුතුවෙන් කිවයුතු නැත.
සිරියානු අරාබි හමුදාවේ සෙබලෙක්
2016 වර්ෂයේදී මෙම සටන් විස්මිත ලෙස වෙනස් වූයේ ජිහාඩ් සටන්කාමීන්ගේ ආරක්ෂාව බිද වැටීමෙන් සහ විශාල ප්‍රදේශයක් සිරියානු අරාබි හමුදාවට නතුවීමෙන්ය.
බිද දැමීමට නොහැකි යැයි සිතා සිටි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පැවති නැගෙනහිර ඇලැපෝ සහ ඊසානදිග ලැටකියා සිට තුර්කි දේශසීමාව දෙසට විහිදී ගිය කඳු බෑවුම් ක්‍රමයෙන් සිරියානු අරාබි හමුදාවට සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වවල අතට පත්වන්නේ 2016 වර්ෂයේදීය.
සිරියානු යුද්ධය නිසා නිතර හමුවූ රාජ්‍යතාන්ත්‍රිකයින් දෙදෙනා-කෙරී සහ ලැව්රෝයි
2016 දෙසැම්බර් මස මැද භාගයේදී සිරියානු අරාබි හමුදාව නැගෙනහිර ඇලැපෝ ප්‍රදේශයේ බලය අල්ලාගන්නට සමත්වේ.අල්-සාහ් රා සහ නබ්ල් ප්‍රදේශවල වසර 3ක් වටලෑම තවත් දීර්ඝ කිරීම සහ ඊසානදිග ලැටාකියා හි කැරලිකරුවන් සතුව තිබූ භූමියෙන් 80%ක් පමණ අත්පත් කරගැනීම සිරියානු රජයට මෙම වසර වඩාත්ම වැදගත් වර්ෂය බවට පත්වන්නට හේතු විය.
සිරියාවේ මෙහෙයුම් සඳහා රැගෙන ආ රුසියානු සුකොයි-34 යානයක්
සියල්ලන්ගේම ඇස් ඇලැපෝ නගරයට යොමුවී තිබියදී ඩැමැස්කස් හි පිටිසර ප්‍රදේශවල කැරලිකාර හමුදාවල ඉක්මන් කඩා වැටීමක් සිදුවීම නිරීක්ෂකයෝ ප්‍රතික්ෂේප කලහ.
නමුත් කැරලිකරුවන්ගේ පිරිහීම ඇරඹෙන්නේ 2016 මුල් කාලයේදීය.එය සිදුවන්නේ ඩාර්යෙයා සහ නැගෙනහිර ගුටා යන ප්‍රදේශ අල්ලා ගැනීමට සිරියානු හමුදාව සමගාමීව දියත් කල ආක්‍රමණ හමුවේය.
තුර්කි ගුවන් හමුදාවේ ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානයක් විනාශ විය.එක් නියමුවෙක් මරණයට පත්විය
මාස කිහිපයක් තුල සිරියානු අරාබි හමුදාව බටහිර ගුටා හි නගර කිහිපයක් අල්ලාගන්නා ලදි.රජයේ හමුදාවට යටත් වූ ප්‍රදේශ අතර විරුද්ධ පක්ෂයේ බලකොටු වන ඩාර්යෙයා,කාන් අල්-ෂෙයිහ් සහ මොදිමියාහ් අල්-ෂාම් ආදිය තිබිණි.
පැල්මයිරා නගරය පළමුවරට ග්රහණයෙන් මුදාගැනීමෙන් පසුව බිම් බෝම්බ මර උගුල් ඉවත් කිරීම රුසියාවේ සහාය ඇතිව සිදුවිය
නැගෙනහිර ගුටා,බටහිර ගුටා මෙන් සම්පුර්ණයෙන්ම බිද වැටුනේ නැත.නමුත් සිරියානු අරාබි හමුදාවට කැරලිකරුවන් සතුව තිබූ ප්‍රදේශවලින් අඩකට වඩා යටත් කරගන්නට හැකිවිය.
පැල්මයිරා නගරය ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් නැවත යටත් කරගැනීම නොසලකා හැරිය පසුව සිරියානු අරාබි හමුදාව 2017 වර්ෂයට පිවිසෙන්නේ ප්‍රබල තත්ත්වයක සිටිමින්ය.මෙම සතියේදී ජාතික මට්ටමේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නට තුර්කි-රුසියා-ඉරාන ත්‍රිත්වය කටයුතු කලහ.
එක්සත් ජාතීන්ගේ සහනාධාර රැගත් රථ පෙළකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරය
සටන් විරාමය ඔස්සේ ඩීර් හෆර් නැතිතලාව සහ ජසාල් කඳු ආශ්‍රිතව ශක්තිමත්ව සිටින ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට එරෙහිව සෙබලුන් නැවත මෙහෙයවීමේ අවස්ථාව ලැබී තිබේ.
ඉදිරි සතිවලදී සිරියානු සන්නද්ධ හමුදා රට පුරා නව මෙහෙයුම් ආරම්භ කරාවි.ඔවුන්ගේ එක් ඉලක්කයක් වන්නේ පැල්මයිරා නගරයේ බලය යළි ලබාගැනීමයි.
Source:almasdarnews.com
-HarshaLulzSec-
Last edited:
