සිරියාවේ මොකද වෙන්නේ-10

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-10

    gAgrUA6.jpg

    සිරියාවට යැවූ පුටීන්ගේ නවතම රහස් අවිය වන්නේ චෙච්නියාවේ හමුදා පොලිසියයි.ඔවුන් සුන්නි මුස්ලිම් ජාතිකයන්ය.තැනේ හැටියට ඇණේ ගසන්නට දක්ෂයෙක් වන රුසියානු ජනපතිවරයාගේ මෙම තීරණය රුසියාව සිරියානු අර්බුදය විසඳීමට කොතරම් ඥානවන්තව ක්‍රියා කරන්නේද යන්නට එක් උදාහරණයකි.රුසියානු හමුදා පොලිසිය සිරියාවේ නිරිතදිග ප්‍රදේශය එනම් ඊශ්‍රායලය විසින් නතුකරගෙන සිටින ගෝලාන් උස්බිම් ආසන්නයේ වූ සටන් නොපවතින කලාපයේ රැදවීමට රුසියාව කටයුතු කර තිබේ.මුරපොලවල් සහ නිරීක්ෂණ ස්ථාන ඇතිකිරීමටද ඔවුන් ක්‍රියා කර ඇත.රුසියානු හමුදාවේ කර්නල් ජෙනරාල්වරයෙක් වන සර්ගෙයි රුඩ්ස්කොයිට අනුව ජූලි මස 21,22 දිනවලදී ඔවුන් මුර පොලවල් 2ක් සහ නිරීක්ෂණ ස්ථාන 10ක් ඉදිකර තිබේ.


    "ගෝලාන් උස්බිම් ආසන්නයේ ඊශ්‍රායලය සහ සිරියාව අතර මායිම් කලාපයට ආසන්නතම නිරීක්ෂණ ස්ථානය කි.මී.13 දුරින් පිහිටා පිහිටුවා ඇත.ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව මෙම සටන් විරාම කලාපය පිහිටුවා තිබේ"-ක.ජෙනරල් රුඩ්ස්කොයි.

    මෙම කටයුත්ත සම්බන්ධව රුසියානු රජය විසින් ඊශ්‍රායලය,එක්සත් ජනපදය සහ ජෝර්දානය දැනුවත් කර තිබෙන බවද ජෙනරාල්වරයා පවසා තිබේ.

    එම ප්‍රදේශයේ රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධව ඊශ්‍රායලය කණස්සල්ලෙන් පසුවේ.

    රුසියාව සහ ඇමෙරිකාව එක්ව දකුණු දිග සිරියාවේ ක්‍රියාවට නැංවූ සටන් විරාමය සහ සටන් විරාම කලාප සම්බන්ධව ඊශ්‍රායලය විරුද්ධත්වය ප්‍රකාශ කරන බව මීට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර තිබිණි.දේශසීමා ආසන්නයේ ඉරාන හෝ හිස්බුල්ලා ශක්තිය වර්ධනය වීම ඊශ්‍රායලය නොඉවසන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    වෙනත් අයුරකින් කියන්නේ නම් ටෙල් අවිව් රජය සිරියාව ස්ථාවර කිරීමට තුඩු දෙන සටන් විරාමවලට නොකැමැත්තක් දක්වන බව යළිත් වරක් පෙන්වා තිබේ.

    සිරියාව එක්සත් වීම හෝ ස්ථාවර වීම ඊශ්‍රායලය කිසිසේත් බලාපොරොත්තු නොවන දෙයක් බව ඔප්පු කරන තවත් පුවතක් ජූලි මාසයේ මැදභාගයේදී වාර්තා විය.සිරියාවෙන් අල්ලාගත් ගෝලාන් උස්බිම්හි අලුතින් රෝහලක් ඉදිකිරීමට ඊශ්‍රායලය ක්‍රියා කරන බව පසුගිය දා මාධ්‍ය විසින් අනාවරණය කරන ලදි.රෝහල ඉදිකෙරෙන්නේ ගෝලාන් උස්බිම්වල ඊශ්‍රායලය ඉදිකල වැටේ සිරියානු පාර්ශ්වයේය.එය ඊළඟ මාසය වන විට විවෘත කෙරෙනු ඇතැයි සඳහන් වේ.

    ටෙල් අවිව් රජය කියන්නේ රෝහල නාදුනන රෝගීන් උදෙසා වනබවයි.නමුත් සිරියානු මූලාශ්‍රවලට අනුව ඊශ්‍රායලයේ අරමුණ සිරියානු-ඊශ්‍රායල දේශසීමාවේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ගේ මෙහෙයුම් පුලුල් කිරිමට එය භාවිතා කිරීමයි.අවස්ථා ගණනාවකදීම සිරියානු රජයට විරුද්ධ කැරලිකරුවන් මෙන්ම ත්‍රස්තවාදීන්ටද ප්‍රතිකාර සහ අනෙකුත් සහාය ලබාදීමට ඊශ්‍රායලය ක්‍රියා කල බව නිරීක්ෂණය වී තිබේ.

    ඊට අමතරව පළිගැනීමේ නාමයෙන් දේශසීමා ආසන්නයේ සටන් වදින සිරියානු රජයේ හමුදාවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන්නටද පසුගිය කාලයේ ඊශ්‍රායල ගුවන් හමුදාව ක්‍රියා කලේය.ඒ හරහා වාසියක් අත් වූයේ අල් නුස් රා වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වලටය.සිරියානු-ඊශ්‍රායල දේශ සීමාවේ සිරියානු රජයේ හමුදාවල මෙහෙයුම්වල සාර්ථකත්වය හමුවේ කණස්සල්ලෙන් පසුවන ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන්ය. ගෝලාන් උස්බිම්වලට සිරියානු හමුදා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවත් ඊට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රහාර එල්ල කරන්නේය යන නිදහසට කරුණ හැමවිටම ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඇසේ.






    Source:southfront.org

    -HarshaLulzSec-