සිරියාවේ මොකද වෙන්නේ-14

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-14

    Ep74fiS.jpg


    2017 සැප්තැම්බර් 19

    පසුගිය අඟහරුවාදා උදෑසන ,හයාට් හරීර් අල්-ෂාම්(කලින් ජබාට් අල්-නුස් රා ,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)සහ එහි මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් නැගෙනහිර හමා ප්‍රදේශයේ සිටින සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා ඉලක්ක කරගෙන දැවැන්ත ආක්‍රමණයක් සිදු කරන ලදි.එහි අරමුණ වූයේ සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් පළාතේ සිදුකරන විරෝධී මෙහෙයුම් අඩපණ කිරීමයි.මන්ද සීරියානු රජයේ හමුදා සතු හොඳම සේනාංක බොහොමයක් දැන් සිටින්නේ ඩීර් එසෝර් පළාතේය.රටේ බටහිර ප්‍රදේශයේ සිදුකරන මෙවැනි දැවැන්ත ආක්‍රමණයක් හමුවේ ඩීර් එසෝර් හි සිටින හමුදාවෙන් කොටසක් යළි කැදවන්නට සිරියානු රජය ක්‍රියා කරාවි යන උපකල්පනය මත හිද කැරලිකරුවන් මෙම ආක්‍රමණය දියත් කරන්නට ඇත.

    0ySwsWO.jpg

    මෙම ඒකාබද්ධ රාජ්‍ය විරෝධී කැරලිකාර කණ්ඩායම් මයාන්,ටුලයිසියාහ් සහ ආෂ් ෂාටා යන රජයේ හමුදා සතු ස්ථාන වෙත පහරදී තිබේ.ප්‍රහාර හමුවේ සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා ටුලයිසියාහ් සහ ආෂ් ෂාටා අත හැර පසුබැස ගොස් ඇත.මයාන් වෙත එල්ල වූ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට රජයේ හමුදාව සමත්ව තිබේ.

    රුසියානු ගුවන් හමුදාව සහ සිරියානු ගුවන් හමුදා මෙම ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් උතුරුදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් ප්‍රදේශවල හයාට් හරීර් අල්-ෂාම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.

    ගුවන් ප්‍රහාර එල්ල වන අයුරු සහ සිදුව තිබෙන විනාශය

    WVm6HNq.jpg


    JLcrJRg.jpg


    RGrVEHn.jpg


    eU151Nk.jpg


    සැප්තැම්බර් 19 ඇරඹි සටන් එදින අවසන් වනතුරුත් පැවැතුනු බව වාර්තා වේ.සිරියානු විශේෂඥයින්ට අනුව හයාට් හරීර් අල්-ෂාම්හි මෙම මෙහෙයුමේ අරමුණු දෙකක් තිබේ.

    1.සිරියානු-ඉරාන-රුසියානු-තුර්කි සන්ධානය විසින් ඉඩ්ලිබ් පළාතේ යුද මුක්ත කලාපයක් ස්ථාපනය කිරීමට ගන්නා උත්සාහය අසාර්ථක කිරීම.

    2.ඩීර් එසොර් සටනේ සිටින රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට සහාය වීම.හි ආක්‍රමණකාරී ක්‍රියාකලාපය නිසා ඩීර් එසෝර් පළාතේ සිටින සිරියානු රජයේ හමුදාවේ සෙබලුන් විශාල ප්‍රමාණයක් යළි කැදවන්නටත්,යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ සිදු කරන ISIS විරෝධී මෙහෙයුම් තාවකාලිකව නවතා දමන්නටත් සිදුවේ.එවිට යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ බලය පහසුවෙන්ම එක්සත් ජනපදයේ සහාය ලබන කුර්දි හමුදාවලට අත්පත් කර ගැනීමට අවකාශය සැලසේ.


    r3EhuM2.jpg
    ප්‍රතිප්‍රහාරවලින් මියගිය කැරලිකරුවන්ගේ මල සිරුරු​

    කැරලිකරුවන්ගේ මෙම ආක්‍රමණය හමා-පැල්මයිරා මාර්ගයේ උතුරු ප්‍රදේශයේ,නැගෙනහිර සලාමියාහ් හි කොටුවී සිටින ඒකක වලට සහාය දීමට සිදුකල එකක් යැ‍යි විස්තර කල නොහැක්කේ,ඔවුන් සිටින්නේ ජයග්‍රහණයක් ලබාගත නොහැකි ස්ථාවරයක නිසා සහ කැරලිකරුවන්ගේ ප්‍රහාර එම තත්ත්වය වෙනස් කිරීමට උදව්වක් වීමට නොහැකි නිසා වෙනි.

    කැරලිකරුවන්ගේ මෙම ආක්‍රමණය හමා-පැල්මයිරා මාර්ගයේ උතුරු ප්‍රදේශයේ,නැගෙනහිර සලාමියාහ් හි කොටුවී සිටින ඒකක වලට සහාය දීමට සිදුකල එකක් යැ‍යි විස්තර කල නොහැක්කේ,ඔවුන් සිටින්නේ ජයග්‍රහණයක් ලබාගත නොහැකි ස්ථාවරයක නිසා සහ කැරලිකරුවන්ගේ ප්‍රහාර එම තත්ත්වය වෙනස් කිරීමට උදව්වක් වීමට නොහැකි නිසා වෙනි.


    ඒ අතරතුර පැතිර යන කටකතාවක් වන්නේ සිරියාව,රුසියාව සහ තුර්කිය ඉඩ්ලිබ් පළාතේ කැරලිකරුවන්ට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට එකඟතාවයකට පැමිණ තිබේය යන්නයි.කෙසේවෙතත් මෙය සිදුවීමට තිබෙන ඉඩකඩ සීමා සහිතය.මන්ද ඉඩ්ලිබ් හි සිදු කරන මහා පරිමාණ මෙහෙයුමක් ඔස්සේ නැගෙනහිර සිරියාවේ ISIS විරෝධී මෙහෙයුම් මන්දගාමී වීමට ඉඩ තිබේ.තුර්කිය ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා සහ තුර්කි පක්ෂපාතී මාධ්‍යවේදීන් ඉඩ්ලිබ් පලාතෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.


    සැප්තැම්බර් මස 19දා හවස් කාලයේදී සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා,ටයිගර් බලකා සහ රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව මයාන් වෙත එල්ල වූ ප්‍රහාරය ව්‍යර්ථ කරන ලදි.ගැටුම්වලින් කැරලිකරුවන් 40 පමණ මිය ගොස් තිබේ.

    මෙම ආක්‍රමණයේදී කැරලිකරුවන් යොදාගත් රුසියානු ටී-90 යුද ටැංකි දෙකක්ද ඔවුන්ට අහිමි විය.ආක්‍රමණය අසාර්ථක වූයේ මධ්‍යස්ථ විරුද්ධ පක්ෂයෙන් ලැබුණු සහාය ප්‍රමාණවත් නොවීමත් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් සහ ගුවන් යානා එල්ල කල ප්‍රහාර නිසා යැ‍යි කැරලිකාර පාර්ශ්වයේ මාධ්‍ය විසින් වාර්තා කරයි.ඔවුන්ගේ මාධ්‍ය වාර්තාවලට අනුව සටන් වලින් සිරියානු හමුදාවේ සෙබලුන් 30ක් පමණ මියගොස් ඇත.

    aF7I2zP.jpg
    කැරලිකරුවන්ගේ එක් T-90 යුද ටැංකියක් විනාශ වී තිබෙන අයුරු​

    XJmirtC.jpg
    කැරලිකරුවන් සතුවු තවත් T-90 යුද ටැංකියක්​

    සැප්තැම්බර් 20 දා දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබේ.ටුලයිසියාහ් සහ ආෂ් ෂාටා ටෙල් අල්-අස්වඩ් සහ අල්-ක්යිරා යන ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදා සටන් වැදි සිටියි.කෙසේවෙතත් කැරලිකරුවන්ට ඔවුන්ගේ මූලික අරමුණ වූ රජයේ හමුදා සතු වූ මයාන් නම් ශක්තිමක් ස්ථානයේ බලය අත්පත් කරගැනීමට නොහැකි විය.

    cTTYTxy.jpg
    කැරලිකරුවන් ප්‍රවාහනය කල රථයක්​

    සිරියාවේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ කැරලිකරුවන්ගේ වටලෑමක් බිදීමින් සිටියදී රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් තිදෙනෙක් තුවාල ලැබූ බව රුසියානු කර්නල් ජෙනරල් සර්ගෙයි රුඩ්ස්කොයි බදාදා දිනයේදී පැවසීය.

    "ඉතා පහළ උසකින් පියාසර කල රුසියානු සුකොයි-25 ප්‍රහාරක යානා දෙකකින් ත්‍රස්තවාදීන්ට පහර දෙන අතරේ කණ්ඩායම් වටලෑම බිදිමින් සිටියහ.එහි ප්‍රතිඵලයක් වශයෙන් ත්‍රස්තවාදීන්ගේ වටලෑම බිදී ගොස් රුසියානු සෙබලුන් සිරියානු රජයේ හමුදා අල්ලාගෙන සිටින ප්‍රදේශයට ඇතුල් විය.මෙහෙයුම අතරතුර විශේෂ මෙහෙයුම් බලකා සාමාජිකයෝ තිදෙනෙක් තුවාල ලැබීය." -සර්ගෙයි රුඩ්ස්කොයි


    මෙම අවහිර බිදිමේ කණ්ඩායම සිරියාවේ සිටින රුසියානු හමුදාවේ කර්නල් ජෙනරල් සර්ගෙයි සුරොවික්නිගේ නිර්මාණයකි.එය විශේෂ මෙහෙයුම් බලකා සහ හමුදා පොලිස් බලකා සෙබලුන්ගෙන් සමන්විතය.උතුරු කොකේසියන් සෙබලුන් සහ සිරියානු විශේෂ බලකා සෙබලුන් ඊට අයත් වේ.

    රුඩ්ස්කොයිට අනුව රුසියානු ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 850ක් මිය ගොස් යුද ටැංකි 11ක්,පාබල ප්‍රහාරක රථ 4ක්,පිකප් රථ 46ක් සහ මෝටාර් අවි 5ක් විනාශ වී තිබේ.

    zTp1VeK.jpg
    ආක්‍රමණයට යොදාගත් T-90 යුද ටැංකි දෙකෙහි ඉතිහාසය - එකක් ප්‍රතිප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ විය​

    "පසුගිය පැය 24 ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක 187කට තුල ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කලා.එහිදී ත්‍රස්තවාදී 850 පමණ විනාශ වුනා.එසේම යුද ටැංකි 11ක්,පාබල ප්‍රහාරක රථ 4ක්,පිකප් රථ 46ක්,මෝටාර් අවි 5ක්,ලොරි රථ 20ක් සහ අවි සංචිත 38ක් විනාශ වී තිබේ.සැප්තැම්බර් මස 15 දා අත්සන් කල ගිවිසුම් නොසලක හරිමින් ජබාත් අල්-නුස් රා සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් දැවැන්ත ආක්‍රමණයක් දියත් කලා.ඉඩ්ලිබ් හි උතුරු සහ ඊසානදිග හමා හි පිහිටුවා තිබූ යුද මුක්ත කලාපය(සැප්. 8-19) වෙත මෙම ප්‍රහාර මාලාව එල්ල විය.දැනට තිබෙන දත්තවලට අනුව මෙම ආක්‍රමණය ඇමෙරිකානු බුද්ධි අංශවල සහාය ඇතිව දියත් කරන ලද්දේ නැගෙනහිර ඩීර් එසෝර් හි බලය සිරියානු රජයේ හමුදා අතට පත් වීමේ සැලසුම් ව්‍යර්ථ කිරීමයි."

    ආක්‍රමණයේ ප්‍රතිඵල


    කැරලිකරුවන්ගේ ආක්‍රමණය නිසා රුසියානු හමුදා පොලිසියේ භට කණ්ඩායම්(29 දෙනෙක්)ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල සිරවූ අතර සතුරන්ගේ ප්‍රහාර පැය කිහිපයක් දක්වා ව්‍යර්ථ කිරීමට ඔවුන් සමත්විය.

    "සතුරන්ගේ එක් අරමුණක් වූයේ මෙම රුසියානු හමුදා පොලිස් ඒකකය කොටු කරගැනීමයි." -සර්ගෙයි රුඩ්ස්කොයි

    නැගෙනහිර හමා ප්‍රදේශයේ ISIS ත්‍රස්තවාදීන් කොටු වී සිටින භූමියේ සිටි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉන් පිටත්ව යන්නට සිරියානු රජයේ හමුදාව අවසර ලබා දුන්නේය.අවසරය හිමිවූයේ කාන්තාවන්,ළමුන් සහ මහළු පුද්ගලයන්ට පමණි.

    HSRKomI.jpg


    vs5VLD5.jpg




    2017 සැප්තැම්බර් 21

    සිරියානු රජයේ හමුදා විසින් හයාට් ටයිර් අල්-ෂාම් කැරලිකරුවන්ගේ අතට පත් ටුලයිසියාහ්,අල්-ෂාතාහ් සහ අල්-කහිරාහ් යන උතුරුදිග හමා හි ගම්මාන යළි මුදා ගන්නා ලදි.මෙම ගම්මාන කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත් වූයේ සැප්තැම්බර් 19 දා සිදුකල ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් ලෙසයි.කෙසේවෙතත් කැරලිකරුවන් එම ප්‍රහාරවලින් එතරම් වාසියක් අත්කර ගන්නට සමත් නොවූ අතර රජයේ හමුදා සහ රුසියානු ගුවන් හමුදාව හමුවේ සැප්තැම්බර් 20 දා වන විට පෙර සිටි ස්ථාන දක්වා පසුබැස ගොස් තිබේ.සැප්තැම්බර් 21 දා වන විටත් දෙපාර්ශ්වය අතර කඩින් කඩ ප්‍රහාර පැවති බව වාර්තා වේ.

    එක්සත් ජනපදයේ සහාය ලබන හමුදාවලින් ඩීර් එසෝර් හි සිරියානු හෝ රුසියානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කල හොත් රුසියානු හමුදා වහාම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව විශේෂිත සන්නිවේදන චැනලයක් ඔස්සේ රුසියාව නිල වශයෙන් එක්සත් ජනපදයට දැනුම් දී තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් විසින් මේ බව බ්‍රහස්පතින්දා දින(21දා) හෙළි කරන ලදි.

    "සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා සිටින ප්‍රදේශවලින් කාලතුවක්කු ප්‍රහාර එල්ල වුවහොත් වහාම එය මැඩලනවා.මෙම ප්‍රදේශවල ප්‍රහාර දියත් කරන ස්ථාන රුසියානු හමුදා විසින් යටපත් කර දමනු ඇත."-ඉගෝර් කොනෂෙන්කොව්

    5CW3vTX.jpg
    ඩීර් එසෝර් අහසේ පියාසර කරන රුසියානු සුකොයි-25SM ප්‍රහාරක යානයක්​

    ඩීර් එසෝර් නගරයෙන් 85%ක ප්‍රතිශතයක් සිරියානු රජයේ හමුදා විසින් මුදාගෙන ඇති අතර ඊළඟ සතිය ඇතුලත එය සම්පුර්ණයෙන් නිදහස් කර ගන්නා බව ජෙනරල්වරයා ප්‍රකාශ කරන ලදි.

    සැප්තැම්බර් මාසයේ මුල් සතියේදී ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා විසින් දිගින් දිගටම ප්‍රකාශ කලේ ඔවුන් රජයේ හමුදාවන්ට යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට ඉඩනොදෙන බවයි.තවත් අවශ්‍ය නම් රුසියානුවන් සහ සිරියානු රජයේ හමුදාව සමග සටන් වදින්නටද සූදානම් බව පවසා තිබිණි.නමුත් එවැනි ප්‍රකාශ සිදු කිරීම සහ රුසියානු සහාය ලබන රජයේ හමුදාවට පහරදීම එකිනෙකට වෙනස් බව පෙනුනේ දින කිහිපයකට පෙර සිරියානු රජයේ හමුදා යුප්‍රටීස් ගංගාව තරණය කිරීමත් සමගයි.




    QsDEt0R.jpg

    සිරියානු අරාබි හමුදාවේ 4වන ප්‍රහාරක බලකායේ ISIS Hunters නම් විශේෂ මෙහෙයුම් ඒකකය ඩීර් එසෝර් හි

    ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා විසින් පාලනය කරන ඩීර් එසෝර් නගරයට උතුරින් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර දෙසින් ISIS ත්‍රස්තවාදීන්ගෙන් සිරියානු රජයේ හමුදා වෙත දරුණු ප්‍රති ප්‍රහාර එල්ල වූ බව සැප්තැම්බර් 19 දා රුසියානු ආරක්ෂක දෙපාර්තුමේන්තු ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසීය.

    "වසර තුනක් තිස්සේ ISIS ත්‍රස්තවාදීන් සමග සැබෑවට සටන් කරන්නේ කවුද සහ ඔවුන් සමග ව්‍යාජ සටනක යෙදී සිටින්නේ කවුද යන්න, සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අවසානය ලගාවන විට පැහැදිලි වෙමින් තිබේ.එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය සීරියාවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් නොකරන්නේ නම් ඔවුන් මාර්ගයෙන් ඉවත් ව එම කාර්යය නොනවත්වා කරගෙන සහ කාර්යක්ෂමව සිදුකරන අයට ඉඩදිය යුතුය."යනුවෙන් ජෙනරල්වරයා අදහස් දක්වා තිබිණි.

    18 වනදා සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරය දෙසින් යුප්‍රටීස් ගංගාව තරණය කරන ලදි.ISIS ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර නොතකා සිරියානු රජයේ හමුදා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර දෙසින් වර්ග කි.මී. 60 භූමි ප්‍රමාණයක් අල්ලා ගැනීමට සමත්ව තිබිණි.එහිදී ඔවුන්ට ISIS ත්‍රස්තවාදීන්ගෙන් දරුණු ලෙස කාලතුවක්කු සහ ප්‍රති ප්‍රහාර එල්ල වී තිබෙන්නේ ඊට උතුරු දෙසින්ය.එම ප්‍රදේශවල සිටින්නේ ඇමෙරිකානු සහ කුර්දි හමුදාය.

    ඇමෙරිකානු සහාය ලබන හමුදා වල පාලනය යටතේ පවතින යුප්‍රටීස් ගංගාවේ ඉහල ප්‍රදේශයේ වේලි විවෘත කිරීම ඔස්සේ ගංගාවේ පහළ ප්‍රදේශයේ සිටින සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් හි උතුරු ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුම් වලට බාධා කිරීමට උත්සාහ කල බව රුසියානු ජෙනරල්වරයා සඳහන් කරන ලදි.

    "පසුගිය පැය 24 තුල යුප්‍රටීස් ගංගාවේ ජල මට්ටම එකවරම වෙනස් විය.සිරියානු රජයේ හමුදා ගංගාව තරණය කිරීමට පටන් ගත් වහාම ජල මට්ටම පැය කිහිපයක් තුල ඉහළ ගිය අතර ජලය ගලා යන වේගයද දෙගුණ විය.වර්ෂාපතනයක් රහිතව එවැනි වෙනසක් සිදුවිය හැක්කේ මිනිසා විසින් ඇති කරන තත්ත්වයන් නිසාය.ගංගාවේ ඉහල ප්‍රදේශයේ වේලි විවෘත කිරීම ඊට හේතුවයි.එම පහසුකම් පාලනය කරන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ සහාය ලබන විරුද්ධ පක්ෂයේ පිරිස්ය." -ඉගෝර් කොනෂෙන්කොව්




    TyQXvCg.jpg

    සැප්තැම්බර් මාසය තුල ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකාවලට යුදෝපකරණ සහ උණ්ඩ රැගත් ට්‍රක් රථ 200ක් එක්සත් ජනපදය විසින් සපයා තිබෙන බව සිරියානු විරුද්ධ පක්ෂයේ මූලාශ්‍ර අනාවරණය කරයි.සැප්තැම්බර් 11දා එවැනි ට්‍රක් රථ 100ක් අල්-හසකාහ් ප්‍රදේශයට ඇතුල් වී තිබේ.ඒවා ඉරාකයේ කුර්දි පාලන ප්‍රදේශයේ සිට සිරියාවට ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනවිත් ඇත.

    සැප්තැම්බර් 19 දා තවත් ට්‍රක් රථ 100ක් පමණ සිරියාවට ඇතුල් වූ බව වාර්තා වේ.ඒවා රැගෙන ගොස් තිබෙන්නේ ඩීර් එසෝර් පලාත වෙතටයි.මේවාහි ඇමෙරිකාවේ නිෂ්පාදිත Oshkosh L-ATV රථ,පිකප් රථ ආදිය පටවා තිබෙන අයුරු දැක ගත හැකිය.ජූනි මාසයේ සිට අවි සහ උණ්ඩ සහිත ට්‍රක් රථ 1600 වැඩි ගණනක් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට සපයන්නට ඇමෙරිකාව ක්‍රියා කර තිබේ.ඒ රක්කා නගරයේ විරෝධී සටන් වෙනුවෙන් බවයි පැවසෙන්නේ.නමුත් රක්කා නගරය මුදා ගත් වහාම මෙම එලෙස සැපයුනු අවි සිරියානු රජයේ හමුදාවට එරෙහිව ඩීර් එසෝර් පළාත තුලදී යොදාගනිවි යැයි විශ්වාස කල හැකිය.නැගෙනහිර ඩිර් එසෝර් ප්‍රදේශයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තෙල් බිම් පිහිටා ඇත.සිරියානු රජයේ හමුදාව පෙර එහි ලඟාවීම කුර්දි සහ ඇමෙරිකානුවන්ගේ ඉලක්කය වනු ඇත.

    ඩීර් එසෝර් හි උතුරු ප්‍රදේශයේ සටන් පෙරමුණට රැගෙන යන ඇමෙරිකානු යුදෝපකරණ​

    4ajE9mH.jpg


    fTTshJa.jpg


    MWop3TA.jpg


    Ud0oosF.jpg

    තම හමුදා ඉරාක දේශසීමා දෙසට ගමන් කිරීම ආරම්භ කල බව ඊයේ දිනයේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවේ මාධ්‍යයක් විසින් වාර්තා කර තිබිණි.ඔවුන්ගේ මූලාශවලට අනුව රක්කා නගරයෙන් 80% පමණ භූමි ප්‍රමාණයක් දැනට මුදාගෙන තිබේ.නගරයේ ත්‍රස්තවාදීන්ගේ බලය ඉක්මණින් බිද වැටුන හොත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවට ඔවුන්ගේ සෙබලුන් වැඩි පිරිසක් ඩීර් එසෝර් පෙරමුණට යැවීමට අවස්ථාව උදාවෙයි.





    Source:southfront.org

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ela....
    bump
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.