සිරියාවේ මොකද වෙන්නේ-18

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-18

    UrERUkn.jpg

    සැප්තැම්බර් 27 වනදා වන විට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම් නැගෙනහිර හමා හි ISIS පොකට්ටුවේ රාස්ම් නාකා,රාස්ම් අර්නාබ්,ජාෆාහ්,රාස්ම් රික්,ගුසාලාහ්,උම් සෞස් සහ උම් හුවයුස් යන ගම්මාන මුදා ගැනීමට සමත් විය.කෙසේ වෙතත් අතිරේක හමුදා සහ යුදෝපකරණය රහිතව මෙම පොකට්ටුවේ ISIS ප්‍රතිරෝධය බිදීමට සිරියානු අරාබි හමුදාවට තවත් මාසයක් වත් ගතවනු ඇති.

    DczCnX4.jpg
    Tu-95MS උපාය මාර්ගික බෝම්බ හෙළන යානයක්​

    ඩීර් එසෝර් නගරය ආසන්නයේ සටන් වදින සිරියානු අරාබි හමුදාව යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ නෂාඩ් සහ මස්ලිම් යන ගම්මානවල බලය තහවුරු කරගෙන තිබේ.ඔවුන් හට්ලාහ් ගම්මානය අල්ලා ගැනීමට සටන් කරමින් සිටියි.එම ගම්මානය මුදාගැනීමට හැකි වුවහොත් සර්ක් දූපත සුරක්ෂිත කිරීමේ උත්සාහයන් සාර්ථක කරගැනීමට්ත් ඩීර් එසෝර් නගරයේ උතුරු ප්‍රදේශයේ ISIS ත්‍රස්තවාදීන් සම්පුර්ණයෙන්ම වටලෑමටත් අවස්ථාව උදාවේ.

    iriC1xe.jpg

    සැප්තැම්බර් මස 26දා රුසියාවට අයත් Tu-95MS උපාය මාර්ගික බෝම්බ හෙළන යානා වලින් ඩීර් එසෝර් හි ISIS ත්‍රස්තවාදීන් සහ අයිඩ්ලිබ් පළාතේ සිටින සිරියානු අල්කයිදා ශාඛාවේ ත්‍රස්තවාදීන්(දැන් මොවුන් හයාට් ටරීර් අල්-ෂාම් නම් හඳුන්වයි)ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි.බෝම්බ හෙළන යානා ඉරානය සහ ඉරාකය යන රටවල් හරහා පැමිණි හෙළන ලද Kh-101 වර්ගයේ කෲස් මිසයිල වලින් ත්‍රස්තවාදීන්ගේ අණදෙන ස්ථාන,යුදෝපකරණය සහ උණ්ඩ ගබඩා විනාශ වී තිබේ.


    ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රක බලකා ඩීර් එසෝර් නගරයට කි.මී. 50ක් දුරින් පිහිටා ඇති අල්-සුවර් නගරය අල්ලාගෙන කබූර් ගංගාව තරණය කිරීමටද සමත්ව ඇත.අල්-සුවර් නගරය අල්ලා ගැනීමත් සමග සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා වලට ඔවුන්ගේ හමුදාවල උතුරු ඇන්ද ආරක්ෂා කිරීමටත් ඉරාක දේශසීමාව දෙසට මෙහෙයුම් දියත් කිරීමටත් අවස්ථාව ලැබේ.

    BnrpiLo.jpg
    ඩීර් එසෝර් අවට තත්ත්වය - 2017 සැප්තැම්බර් 27​

    මේ නිසා ISIS ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල ස්ථානයක් වන අල්-බුසයිරාහ් මෙන්ම ආසන්නයේ තිබෙන තෙල් බිම්ද සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ඉදිරි මෙහෙයුම්වල ඉලක්කයක් බවට පත් වේවි.

    RjIEAeq.jpg
    සැප්තැම්බර් මස 26 දා රක්කා නගරය තුල තත්ත්වය​

    රක්කා නගරය තුල සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ISIS ත්‍රස්තවාදීන් අතර සටන් නොනවත්වා සිදුවෙමින් පවතියි.කලින් සතියේ කුර්දි මූලාශ්‍ර විසින් පතුරවා හරින ලද තොරතුරුවලට අනුව රක්කා නගරසභා ක්‍රීඩාංගනය තුල සිවිල් වැසියන් රදවාගෙන ISIS ත්‍රස්තවාදීන් මිනිස් පළිහක් නිර්මාණය කර තිබේ.

    leNP3ey.jpg

    සැප්තැම්බර් 18දා හමා පළාතේ යුද මුක්ත කලාපයේ සිටි රුසියානු හමුදා පොලිසියේ සෙබලුන් වෙත පහරදුන් ජබාත් අල්-නුස් රා කණ්ඩායමේ (සිරියාවේ අල්කයිඩා ශාඛාව)ක්ෂේත්‍ර අණදෙන්නන් 5ක් සහ සටන්කරුවන් 32ක් මරාදමන්නට රුසියානු හමුදා සමත්විය.බුද්ධි තොරතුරු මත පදනම්ව එල්ල කල කෲස් මිසයිල ප්‍රහාරවලින් ඉලක්ක කර තිබුණේ ජබාත් අල්-නුස් රා කණ්ඩායම විසින් දකුණු අයිඩ්ලිබ් හි පවත්වන ලද හමුවකි.ප්‍රහාරයෙන් මිය ගිය අණදෙන්නන්ගේ ලැයිස්තුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.

    අබු සුල්මන් අල්-සවුඩි -අයිඩ්ලිබ් පලාතේ දකුණු කොටසේ ප්‍රධානියා

    අබු අල්-අබ්බාස් ඇනඩින් - මූල්‍ය කටයුතු සම්බන්ධ එමීර්

    අබු හසන් -යුද කටයුතු පිළිබද අමාත්‍ය අබු මුහම්මඩ් අල්-ඩ්ජුලානිගේ උපදේශක

    වලිඩ් අල්-මුස්ටාෆා - ආධ්‍යාත්මික නායක අබ්ඩුල්ලාහ් අල්-මුහෙයිස්නි ගේ පුද්ගලික සහායක

    අබු මුඩ්ජාගිඩ් - ෂරියා විනිසුරු​


    2017 සැප්තැම්බර් 27 සිරියානු යුද වාර්තාව​





    Source:southfront.org

    -HarshaLulzSec-