සිරියාවේ මොකද වෙන්නේ-21

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-21

    QGQ6cHk.jpg

    අල්-සුක්නා නගරය අල්ලාගැනීමට සහ අල්-ටයිබාහ් ගම්මානය,කාස්‍ර අල්-හයිර් අක්-ෂාර්කි මාළිගාව යළි අල්ලා ගැනීමට ISIS ත්‍රස්තවාදීන් දියත් කල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට ප්‍රජාතන්ත්‍රික බලකායේ 800 වන කොමාන්ඩෝ බල ඇණියේ නායකත්වය යටතේ සිරියානු රජයේ හමුදා සමත් විය.

    මීට පෙර ප්‍රහාරයට ලක්වූ අල්-ෂුලා සහ බ්‍රිගාබාගිබ් යන ප්‍රදේශවල පමණක් ඔවුන් සාර්ථක වී තිබේ.තවමත් මෙම ප්‍රදේශවල සටන් පවතියි.

    sTBMY0u.jpg

    සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සන්ධානය අල්-කාර්යාටයින් නගරයේ ආරක්ෂාව යළි පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටියි.එහි තවමත් ISIS ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන තිබෙන බව කියවේ.රජයේ හමුදා නගරය සම්පුර්ණයෙන්ම වටලා සියලු සන්නිවේදන මාර්ග අවහිර කර තිබේ.මෙම වාර්තා තහවුරු කිරීමට අවශ්‍ය ඡායාරූප හෝ වීඩියෝ පට නිකුත් වී නැත.නගරය තුල සිටින ISIS ත්‍රස්තවාදීන් සතුව බර අවි කිසිවක් නොමැති බවයි වාර්තා වන්නේ.හමුදාවට තිබෙන ප්‍රධානතම දුෂ්කරතාවය වන්නේ සිවිල් වැසියන්ට හානියක් නොවන අයුරින් මෙහෙයුමක් සිදු කීරීමට ඇති නොහැකියාවයි.

    ISIS ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර සලාමියාහ් පොකට්ටුවේ රස්ම් අබයිකාහ්,රස්ම් අබ්ඩ් සහ සොහා අල්ලා ගැනීමට රජයේ හමුදා සමත් වු අතර අකාෂ් දෙසට ඇදෙමින් සිටියි.හමුදාව මෙම පොකට්ටුවේ උතුරු සහ දකුණු ප්‍රදේශ යා කරන මාර්ගය අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටියි.

    5g3FPy2.jpg
    පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය අවට තත්ත්වය - 2017 සැප්තැම්බර් 29​

    ඒ අතරතුර,සිරියානු අරාබි හමුදාව යුප්‍රටීස් නිම්නයේ ISIS ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වන මයාඩීන් වෙත සමීප වෙමින් සිටියි.මයාඩීන් වෙත වේගයෙන් සමීප වීම ඔස්සේ රජයේ හමුදා අපේක්ෂා කරන්නේ පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය ආශ්‍රිතව යොදවා සිටින ISIS ත්‍රස්තවාදීන් යුප්‍රටීස් නිම්නය දෙසට ගෙන්වා ගැනීමයි.ISIS ත්‍රස්තවාදීන් එවැනි ක්‍රියාමාර්ගයකට නොගිය හොත් ඔවුන්ගේ ප්‍රධාන බලකොටුවක් වන මයාඩීන් නගරය සිරියානු අරාබි හමුදාව අතට පත් වීම ඉක්මන් වේවි.


    සිරියානු අරාබි හමුදා සහ ISIS ත්‍රස්තවාදීන් අතර මධ්‍යම සිරියාවේ නවතම ගැටුම් හමුවේ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ජෆ්‍රා තෙල් බිම ඇතුලු පහසුකම් අල්ලා ගැනීමට සමත් විය.

    HxZLojy.jpg
    යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ආශ්‍රිත තත්ත්වය​

    ඩීර් එසෝර් හි ඊසානදිග ප්‍රදේශයේදී අල්ලාගත් අල්-සුවර් ගම්මානයේ දකුණු පෙදෙසේ සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සහ ISIS ත්‍රස්තවාදී අතර ගැටුම් පවතියි.ඔවුන් කුබාර් ගම්මානය මුදාගෙන හාර්මුෂියාහ් ගම්මානය දෙසට ඇදෙමින් සිටියි.

    රක්කා නගරයේ සටන් තවමත් සිදුවෙමින් තිබෙන අතර කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා නොවේ.

    cjDyqNv.jpg
    ඔමිඩ් කබාර්​

    රක්කා සටනේදී මියගිය සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සෙබලුන් පිරිසකගේ අවමගුලකට ඔක්තෝම්බර් මස 1දා සහභාගී වූ එහි අණදෙන නිලධාරියෙක් වන ඔමිඩ් කබාර් කියා සිටියේ තම හමුදාව අල්-ටබ්කාහ් හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක් සිරියානු රජයට භාර නොදෙන බවයි.පසුගිය සමයේ සිරියානු අරාබි හමුදා සෙබලුන් 300කට වැඩි ගණනක් තම හමුදාව සමග එක්වූ බවත් ඔහු පැවසීය.නමුත් එම අනාවරණය කිරීම තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් නොකලේය.

    ඔහුගේ එම ප්‍රකාශයෙන් ආවර්ජනය කර පෙන්වන්නට උත්සාහ දරන්නේ ඇමෙරිකානු සහාය ලබන හමුදා සහ අෂාඩ්ගේ හමුදා අතර වෙනසයි.කෙසේවෙතත්,තිරය පිටුපස කතාව වන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා ඔවුන් සතු ප්‍රදේශවල ආර්ථිකය කලමනාකරණය සඳහා සිරියානු රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවයි.

    ඩැමැස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි නැගෙනහිර ගූටාහි අයන් ටාර්මා දිස්ත්‍රික්කයේ දී ෆයිලාක් අල්-රහමන් කැරලිකාර කණ්ඩායම සැඟව සිට සිදුකල ප්‍රහාරයකින් සහ භූගත බෝම්බ පිපිරීමකින් සිරියානු රජයේ හමුදා සෙබලුන් 45ක් මියගිය බව සැප්තැම්බර් මස 28දා වාර්තා විය.

    වාර්තාවලට අනුව සෙබලුන් 19ක් බෝම්බ පිපිරීමෙන් මිය ගොස් තිබේ.තවත් සෙබලුන් 25 දෙනෙක් සටන්කාමීන් සමග ඇතිවූ සටන් වලින් මරණයට පත් විය.

    පිපිරීමට අදාල ඡායාරූප

    7yFRmZJ.jpg


    aklMzdH.jpg


    cminLPb.jpg


    boolNbI.jpg

    සිරියානු අරාබි හමුදා සිදුකල සෝදිසියකදී ඩීර් එසෝර් පළාතේ ඉදිරි පෙරමුනේ සිටින ISIS ත්‍රස්තවාදීන් සැඟව සිටීමට යොදාගත් අසාමාන්‍ය ස්ථානයක් සොයාගන්නට සමත් විය.එහි යුක්‍රේන ධඡය,රුසියානු භාෂාවෙන් පළවූ පොත් සහ පුවත්පත් තිබිණි.බොහෝ විට මෙය යුක්‍රේනයෙන් පැමිණි ISIS ත්‍රස්තවාදීන් රැදී සිටි තැනක් වීමට ඉඩ තිබේ.සමහර විශේෂඥයින්ට අනුව යුක්‍රේනය ලොව වටා සැරිසරන විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වල මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තිබේ.

    0ls6EBT.jpg
    අබු බකර් අල්-බැග්ඩාඩි​

    සැප්තැම්බර් මස 28දා ISIS සංවිධානයට සම්බන්ධ මාධ්‍ය ජාලයක් විසින් නායක අබු බකර් අල්-බැග්ඩාඩිගේ නවතම හඬ පණිඩුඩයක් නිකුත් කර තිබේ.ඔහු පණිවුඩය මිනිත්තු 45ක් දීර්ඝ වේ.එහි අඩකට වඩා අඩංගු වන්නේ ඉස්ලාමීය ග්‍රන්ථවල ප්‍රකාශ සහ කතාය.

    එම පණිවුඩයෙන් ඉස්ලාමයේ සතුරන්ට එරෙහි සටන අතනොහරින ලෙසත්,දිගටම සටනේ නියැලෙන ලෙසත් ඔහු සිය අනුගාමිකයන් දිරිගන්වා සිටියි.තවද ඔහු එක්සත් ජනපදය ගැනත් එහි සඳහන් කර තිබේ.ඇමෙරිකාව ක්‍රමයෙන් දුර්වල වන අතර ඉක්මණින් එය කඩා වැටේවි.අනෙක් රටවලටද එම තත්ත්වයට අත්වේවි යැ‍යි ඔහු පවසා ඇත.

    ඔහු මෙවැනි පණිවුඩයක් නිකුත් කලේ මාස 11කට පසුවයි.මැයි මස 28 දා රක්කා නගරයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයා මියගියේ යැයි රුසියාව ප්‍රකාශ කලද එක්සත් ජනපදයේ සහාය ලබන බලකා බැග්ඩාඩිගේ මරණය ප්‍රතික්ෂේප කලහ.

    බොහෝ විශේෂඥයන්ට අනුව ISIS නායකයා යුප්‍රටීස් නිම්නයේ සිරියානු-ඉරාක දේශසීමා ආසන්න ප්‍රදේශයක සැඟව සිටියි.සීරියානු රජයේ හමුදාව,ඉරාක ඒකාබද්ධ හමුදා සහ ඇමෙරිකානු සහාය ලබන කුර්දින් ප්‍රමුඛ බලකා තුන් පසකින් යුප්‍රටීස් නිම්නය වටලා තිබේ.තවත් වසරක්,දෙකක් ඇතුලත බැග්ඩාඩි මරණය හෝ අත් අඩංගුවට ගැනීම සිදුවේව්.

    WhDPoll.jpg
    රුසියානු බෝම්බ නිෂ්ක්‍රීය කරන්නන්​

    රුසියානු බෝම්බ නිෂ්ක්‍රීය කරන්නන් 170 ක්,විශේෂිත හමුදා උපකරණ සමග ඩීර් එසෝර් නගරයේ බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කල බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සැප්තැම්බර් මස 29දා නිවේදනය කරන ලදි.ඔවුන්ට නගරයේ හෙක්ටයාර් 1,500 පමණ ප්‍රදේශයක් ආවරණය කිරීමට සිදුවන බව සඳහන් වේ.

    4 වන සන්නාහ සේනාංකය යුප්‍රටීස් ගංගාව තරණය කරන අයුරු

    d5RqA7B.jpg


    MiIKTsI.jpg


    qgbgPOc.jpg


    JwXoYvV.jpg

    සැප්තැම්බර් 29දා වන විට අල්-සුක්නා නගරය ආසන්නේ මුර පොලවල් 5ක් අල්ලා ගැනීමට ISIS ත්‍රස්තවාදීන් සමත් විය.එම සංවිධානයේ Amaq පුවත් ආයතනයට අනුව ISIS ත්‍රස්තවාදීන් අල්-කුලියා ගම්මානය සහ අල්-සුක්නා නගරයට දකුණින් වූ ගෑස් පිරවුම් ස්ථානයේ බලය අත්පත් කරගෙන තිබේ.

    Amaq පුවත් සේවයට අනුව ත්‍රස්තවාදීන් පැල්මයිරා නගරයේ නැගෙනහිරින් වූ අල්-හයිල් ගෑස් බිමද අල්ලා ගෙන ඇත.තවද ඔවුන් ගිණිකොනදිග පැල්මයිරා හි අල්-කාර්යාටයින් නගරයටද පහරදෙමින් සිටියි.

    ටී-3 පොම්පාරගාරය ආසන්නයේ සටන්


    Amaq පුවත් සේවයට අනුව අල්-සුක්නා නගරය ආසන්නයේ සටන්වලින් සිරියානු රජයේ හමුදා සෙබලුන් 40 මිය ගොස් තිබේ.තවත් 34 දෙනෙක් ටී-3 පොම්පාගාරය ආසන්නයේදී මරා දමා තිබේ.සටන්වලදී හමුදාවට අයත් යුද ටැංකි 2ක්,BMP-1 රථ දෙකක්,මි.මී.122 කාලතුවක්කු 2ක්,මි.මී.23 අවි දෙකක්,Kornet යුද ටැංකි නාශක මිසයිල විදිනයක්(මිසයිල 3ක් සමග ),Konkurs යුද ටැංකි නාශක මිසයිල දෙකක් ඇතුලු යුදෝපකරණ අත්පත් කරගන්නට ISIS ත්‍රස්තවාදීන් සමත්ව තිබේ.

    සැප්තැම්බර් 28-29 දිනවල අල්-සුක්නා-ඩීර් එසෝර් මාර්ගය සහ අල්-සුක්නා නගරය අවට සටන්වලදී ISIS ත්‍රස්තවාදීන් 45ක් මරා දැමූ බව සිරියානු රාජ්‍ය හිතවාදී මාධ්‍ය පවසයි.නැගෙනහිර හමා ප්‍රදේශය තුල ISIS ප්‍රහාරය සිතුවාට වඩා ප්‍රබල තත්ත්වය පවතියි.එම ප්‍රහාරය දින කිහිපයක් යනතුරු අවසන් නොවනු ඇත.තවද සිරියානු රජයේ හමුදා ඊට ඉක්මන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එහි ප්‍රතිඵලය ප්‍රබල වීමට ඉඩ තිබේ.

    ISIS ත්‍රස්තවාදීන් මෙතරම් ප්‍රබල වාසියක් අත්පත් කරගන්නට හේතු වූයේ සිරියානු හමුදා සිදුකල වැරදීම් කිහිපයක් නිසාවෙනි.ඉන් ප්‍රධානතම එක වන්නේ ඩීර් එසෝර්හි සිටි ටයිගර් බලකා උතුරුදිග හමා ප්‍රදේශයට කැදවීමයි.

    පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගය අවට ප්‍රදේශයට එල්ල කල ISIS ප්‍රහාර මාලාවට අදාල ඡායාරූප​

    k2l7E7X.jpg


    Ia2dnrB.jpg


    xdxmpZ4.jpg


    fleBeXe.jpg


    ZCA1UBB.jpg


    ffanuY3.jpg


    0cIWNrR.jpg


    HktSGM2.jpg


    ciROxf4.jpg


    Y23qdUw.jpg


    P3Zo4yE.jpg


    CaWZoBZ.jpg


    CrZw0Zm.jpg


    pFvdD2J.jpg


    zdXxoJ1.jpg


    RdvKqIc.jpg


    FXhYGd7.jpg


    leJhDf2.jpg



    සිරියානු යුද වාර්තාව - 2017 ඔක්තෝම්බර් 02





    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: HKavinda