ඇප් ගහන උන්ට සතියෙන් වෙබ් සයිට් ගහන උන්ට ඕක තේරෙන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ උන් සුපිරි වැඩ්ඩො කියල. ඇයි උන්ගෙ ඇප් එක රන් වෙනව. හොදට වැඩ ඉතින් උන් ඔන්ටප්‍රනර් කියන සීන් එකට එනව. ඒත් ඇත්තටම වෙන්නෙ වෙන කෙනෙක් හදපු ප්ලැට්ෆෝර්ම් එකක උන් නිකන් ඇසෙම්බලර්ස්ල විතරයි. ඕක තමයි තිත්ත ඇත්ත. අද හරිහමන් අද්‍යාපනයක් නැතුව IT කරන උන්ගෙන් 90%ක් ට වඩා ඉන්නෙ Programmersල නෙමේ ඇසෙම්බ්ලර්ස්ල. එයාල කරන්නෙ Drag and Drop කරල, ස්ක්‍රිප්ට් වලින් කොම්පෝනන්ට් ටික හදල ඒ කොම්පෝනන්ට් එකිනෙකට කනෙක්ට් කරල UI/UX හදන එක. ඊට පස්සෙ බැක් එන්ඩ් එකේට් ෆ්‍රේම් වර්ක් එකක් අටෝල කුවරි ටිකත් ස්ටැක් ඕවර් ෆ්ලෝ එකෙන් කොපි කරන් ඒ ටික හරි තැන් වලට ප්ලේස් කරගන්න එක. හදිස්සියේ හරි ඩිවයිස් එකක් ඕනෙ උනොත් කරන්නෙ නෙට් එක පීරල ලයිබ්‍රි එකක් අරන් එකේන් වැඩේ කරගන්න එක. ඒත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න කිව්වොත් කොම්පෝනන්ට් එකක් හදන්න කිව්වොත් හිතාගන්නවත් බෑ. Good Practice bad practice අහලවත් නෑ. SQL Regax , Functions, procedures, Triggers කිසි දෙයක් දන්නෙ නෑ. App එක ගහන්න ඕනෙ වෙන්නෙ Insert, Update Delete, Select ටිකයි. ඔය ටිකෙන් තමා ගේම ගහන්නෙ. හදිස්සියේ හරි Functions එකක් ඕනෙ උනත් දන්නෙවත් නෑ එහෙම ඒව තියේද කියල. ගූගල් කරල එන එකෙන් තමා දැන්ගන්නෙ. ඉස්සර මාත් එහෙමයි. තනිකරම ඇසෙම්බලර් කෙනෙක්. programming ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.
https://elakiri.com/threads/java-මේක-පැහැදිලි-කරන්න.1754086/
මේ ත්‍රෙඩ් එක තනිකරම තියරි නොදන්න හේතුවෙන් දාල තියෙන්නෙ. Pass by value, Pass by reference.
මම කියන්න උත්සාහ කලේ කිසිම පිලිවෙලක් නැති දැනුමක් ලැබෙන්නෙ ඔය ඔන්ලයින් කෝස් වලින්. හරි තැනකට සෙට් වෙලා පිලිවෙලට ඉගෙන ගනිල්ල. එතකොට තියරි ටික පිලිවෙලට ඔලුවට වැටෙනව. ඒව ලොකුවට ඕනෙ උනේ නැති වෙයි උගන්නන කාලෙ. ඒත් පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ආවාම මේ විදියට ඕක කරන්න පුලුවන් කියලවත් ඔලුවට එනව. එතකොට ප්‍රශ්නයක් ආවල එක කරන විදිය දන්නෙ නැති උනත් මේ විදියට මෙක කලහැකිනෙ කියල ක්‍රමයක් හරි ඔලුවට එනව. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ ක්‍රමේ ගූගල් කරන එකයි. ඒ කියන්නෙ අපි ගූගල් කරන්න ඕනෙ Solution එකයි. හරි දැනුම නැති එකා කරන්නෙ ප්‍රශ්නෙ ගූගල් කරන එක. ඒතකොට SEO වෙලා එන එක තමා Solution කියල හිතන්නෙ. කෙනෙක් කියයි ඉතින් දෙකෙන්ම වෙන්නෙ එකමනෙ මොකටද නහින්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ නිකන් වෙලාවට කෝඩ් කරන්න ඔය පාවිච්චි කරන ලයිබ්‍රි එකක් ඕපන් කරල බලන්න. ඒකෙ තියෙන කෝඩ්ස් හිතාගන්නවත් බැරි වෙයි. අන්න ඒක තමා වෙනස. එක්කො හැමදාම අනුන්ගෙ කෝඩ් ඇසෙම්බල් කරකර ඉන්න පුලුවන් නැත්නම් හරි අඩිතාලමක් දාගෙන ඔය වගේ ලයිබ්‍රි එකක් තමන්ට ඕනෙ කෝඩ්ස් තමන්ම ලියන් හදාගෙන ඔතනින් එහාට යන්න පුලුවන්.
https://elakiri.com/threads/trigonometry-help.1569140/
පේන්වද IT විතරක් දැනගෙන බෑ කියල.
https://elakiri.com/threads/අන්තර්ජාලයෙන්-නොමිලේ-ඉගෙන-ගන්න-එන්න.1579050/
මේ මීට කාලෙකට කලින් (අවු 7කට කලින්) මම දාපු ත්‍රෙඩ් එකක්. මේ කෝස් එකෙදි මට පිසික්ස් ලයිබ්‍රි එකක් ලැබුන. ඒක ලියල තියෙන්නෙ University professor දෙන්නෙක්. එකෙන් අපිට පොඩි පොඩි 2D ගේම්ස් හදන්න පුලුවන් processing පාවිච්චි කරල. Angry birds වගේ ගේම් එකකට හොදටම ප්‍රමාණවත්. ඒකෙ තියන කෝඩ් හිතා ගන්නවත් බෑ. එහෙම කොහොමද ලියන්නෙ කියන තැනට පාර තියෙන්නෙ යුනිවර්සිටි අධ්‍යාපනය ඇතුලෙ. හොදම දේ, දැන් හිතන්න මේ කෝස් එකේදි උනත් අපිට කියල දෙන්නෙ ලයිබ්‍රි යුස් කරන විදිය විතරයි. එතනම අපිට limitation එකක් වැටෙනව. අපිට ඕනෙ ඕනෙ දේ කරන්න බෑ. source code එක තිබ්බත් modification එකක් කරගන්න මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ. ඊලගට constant variable (Gravity), methods ගැන අවබෝධයක් ගන්න document එක තියෙනව. ඒ ඔක්කොම තිබ්බත් ප්‍රක්ෂික්ත දන්නෙ නැතුව Angry birds හදන්න පුලුවන්ද? අඩුම ගානෙ Basic සමීකරනය වන S = ut + 1/2at^2 වත් දන්නෙ නැතුව ඔය ගේම් එක හදන්න පට්ට අමාරුයි. තව කොච්චර ඕනෙද ඒකතල බල තුනක සමතුලිතය, ඝර්ශණය, සාපේක්ශ චලිතය, අවේගය ගැටුම්, ද්‍රවස්ථිති පීඩනය, වයුගෝලීය පීඩනය, ප්‍රත්‍යස්තතව ඔය ඔක්කොම ඕනෙ සුපිරි ගේම් එකක් හදන්න. මේව නැතුව ගේම් එක හදන්න බැරි නෑ. හැබැයි ලෙවල් එකක් ඩිසයින් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ. ඒත් සමීකරන දන්නව නම් ලෙවල් එකක් ඩිසයින් කරන්න යන්නෙ පොඩි කාලයයි. කොලේක ස්කෙච් එක ගැහුව ගාන හැදුව. ග්‍රැෆික්ස් වලට තමා ඉතුරු කාලෙ යන්නෙ. ඒත් සමීකරණ දන්නෙ නැත්නම් හදන එකාටම සිද්ධවෙනව පෙලේ කර කර බලන්න ලෙවල් එක ඩිසයින් කරන්න. ඒනිසා ගොන් පාට් නොදා හරියට ඉගෙනගනිව්.