සිල්ඩෙනසිල්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පාසල් සිසුන් ලිංගික උත්තේජනය සපයන ඖෂධ මිලදී ගැනීම ඉහළ යයි


    pills-head.jpg



    බෙලහීනතාව 5ක් වුවත් උත්තේජක ගන්නා ප්‍රමාණය 85ක්


    එය කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක් ආසන්නයේ පිහිටා තිබෙන ෆාමසියකි. පාසල් ඇරුණු පසු පිරිමි දරුවන් කිහිප දෙනෙක්ම එකී ෆාමසියට යාම ඔවුන්ගේ දින චර්යාවේ එක් අංගයක් බවට පත්කර ගෙන තිබුණි. මොවුන් කිසියම් රෝගයකින් පෙළෙන බැවින් එයට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට යනවා විය හැකියැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මොවුන් ෙදෙනිකව මෙම ෆාමසියට යන්නේ කුමක් සඳහාද යන්න හෙළිදරව් වුණේ ජාතික ඖෂධ අධිකාරියේ ඖෂධ පරීක්ෂකවරුන්ගේ තියුණු ඇස එකී ෆාමසිය වෙත යොමුවීමත් සමගිනි.
    ඔවුන් මෙම පාසල් සිසුන් පසුපස යමින් ඔවුන් ෆාමසියෙන් මිලදී ගන්නේ කුමක්දැයි යන්න විමසිල්ලෙන් සිටියහ.


    “මට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් එකක් දෙන්න. ඕනේ අහවල් බ්‍රෑන්ඩ් එකෙන්” “සිල්ඩෙනසිල්” යනු එම ඖෂධයේ රසායනික නාමයයි. එය මිලදී ගත් ඔවුහු අදාළ මුදල ගෙවා එතැනින් පිටව ගියහ.
    ගතවූයේ නිමේෂයකි. රැකියාවක නිරත වනවා යැයි කිව හැකි තවත් තරුණයන් දෙදෙනෙක් ෆාමසියට ගොඩ වී එකී වර්ගයේම ටැබ්ලට් දෙකක් ඉල්ලා සිටියහ. ඒ විගස ෆාමසි හිමිකරු බ්‍රෑන්ඩ් එක විමසන්නේවත් නැතිව අදාළ තරුණයින් දෙදෙනාට “සිල්ඩෙනසිල්” ටැබ්ලට් දෙකක් දුන්නේය.
    ෆාමසිය දෙස ටික වේලාවක් ඇස ගසා සිටි ඖෂධ පරීක්ෂකවරුන්ට දැකගැනීමට හැකි වූයේ මෙම ටැබ්ලට් විශාල වශයෙන් අලෙවි වන බවකි.
    ඇත්තෙන්ම මොකක්ද මේ “සිල්ඩෙනසිල්” කියන්නේ. අපි මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගෙන් විමසුවෙමු.


    images


    “ඇත්තටම මේ “සිල්ඩෙනසිල්” කියන්නේ ලිංගික උත්තේජනයක් ලබා දෙන ඖෂධයක්. මේ ඖෂධය කිසිම විටෙක නිර්දේශිත වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් රට පුරා කළ සොයාබැලීම්වලදී අනාවරණය වුණේ මෙම පෙති වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන බවයි. ඒ අලෙවි කරන්නේ බොහෝ විට නිර්දේශිත වෛද්‍ය වට්ටෝරු නොමැතිව.”
    වසරකට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වන මේ ඖෂධය කිසිදු රෝගයක් සුවකිරීමට භාවිතා කරන්නක් නොව ලිංගික උත්තේජනය ලබාගැනීම උදෙසා භාවිතා කරන්නකි.


    කෘත්‍රිමව ලිංගික උත්තේජන ලබාගැනීමට යමෙක් බොහෝ විට පෙළඹෙන්නේ ඔහුට යම් ලිංගික දුබලතාවයක් මතු වූ විටය. එහෙත් අවාසනාවකට මෙය අද තරුණයින් පාසල් දරුවන් යන ලිංගික ශක්තිය මනාව පැවතිය යුතු වයසේ අයද භාවිතා කිරීමට පෙළැඹී ඇත්තේ කුමක් නිසාද? යන්න වග පිළිබඳව වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.
    එක් පෙත්තක් භාවිතා කරනවා වෙනුවට ඇතැමුන් පෙති දෙකක් භාවිතා කරන අවස්ථාද තිබෙන බවට ඖෂධ අධිකාරියට තොරතුරු ලැබි තිබේ. එක් පෙත්තක් භාවිතා කිරීමෙන් ලැබෙන ලිංගික ශක්තියට වඩා වැඩි ශක්තියක් පෙති දෙකක් ගැනීමෙන් ලබාගත හැකි බවට ඔවුන්ගේ මනස හැඩ ගැසී තිබිම මෙයට හේතුවයි.
    රුපියල් 100 මිල ගණන්වල සිට රුපියල් දහස හෝ එය අබිබවා යන ගණන්වලට මෙහි මිල නියම කර ඇත.


    ඒ විවිධ වෙළෙඳනාමයන් යටතේ විවිධ නිෂ්පාදිත සමාගම් මගින් නිෂ්පාදනය වූ නිසාය. මීට වසර ගණනාවකට ඉහතදී වෙනත් නමකින් වෙළෙඳ‍පොළට පිවිසි මෙම ඖෂධ මේ වන විට “සිල්ඩෙනසිල්” යන රසායනික නාමයෙන් විවිධ වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳපළේ අලෙවි වේ.
    එදා එම පෙත්තක් වෙළෙඳ‍පොළේ අලෙවි වූයේ රුපියල් 1000 - 1200 අතර මිලකටය. එහෙත් අද “සිල්ඩෙනසිල්”
    ඖෂධය අලෙවි වන්නේ රුපියල් 100යේ සිට පවතින මිල ගණන්වලටය.
    මෙවැනි අඩු මිල ගණන්වලට මෙම ඖෂධීය පෙත්තේ අලෙවිය ඉහළයාමට රටපුරා පැතිරී පවතින ගණිකා මධ්‍යස්ථානද සෘජු බලපෑමක් එල්ල කරන බවට සැක පළවී තිබේ.


    ගණිකාවන්ට මේ වන විට අධික ඉල්ලුමක් පැවතීමටද මෙම ඖෂධ භාවිතය ඉහළ යාම හේතුවක් වී ඇති බවට සැක මතුවන තවත් කරුණකි.
    කෙසේ නමුත් ලිංගික දුබලතාවන් පවතින පුද්ගලයින් සඳහාම පමණක් මෙම ඖෂධ ලබාගැනීම එදා සිට පවතින තත්ත්වයයි. එහෙත් එය වෛද්‍ය නිර්දේශ මතම පමණක් ලබාදීමට වග බලා ගනුයේ එය භාවිතයෙන් ජීවිත හානි පවා සිදුවීමට ඉඩකඩ තිබෙන බැවිනි.


    මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශ මතම ලබාගත යුත්තේ ඇයිද යන වග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු හෙළි කළේ “මෙම ඖෂධයට විශාල වශයෙන් තරුණයින් ඇබ්බැහිවන්නේ ඔවුන් අන්තර්ජාලයට ඇතුළත් කර තිබෙන ලිංගික දර්ශන නැරඹීමට පුරුදුවීම හරහාය. එහි ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව නිරූපණය වන්නේ අසත්‍ය දේවල් මොකද සාමාන්‍යයෙන් පූර්ණ ලිංගික ක්‍රියාවලියකට අවශ්‍ය වන්නේ විනාඩි 2ක් හෝ 3ක් වැනි සුළු කාලයක්. එහෙත් අන්තර්ජාලයේ විකාශනය වන රූපමය ප්‍රචාරය හරහා එය පැය ගණනක් බව ඒත්තු ගන්වනවා. එය නරඹන අපේ තරුණයින්ද එය සත්‍ය බව වටහා ගැනීම තමයි ලොකුම වරද.
    සාමාන්‍යයෙන් මේ “සිල්ඩෙනසිල්” කියන ඖෂධය දෙන්නේ ලිංගික පද්ධතියේ බෙලහීනතාවක් තියෙන පුද්ගලයින්ට. එය අප රටේ ජනගහනයෙන් සියයට 5ක ප්‍රතිශතයක්. එහෙත් මේ වන විට මෙම ඖෂධ ලබාගන්නා ප්‍රතිශතය සියයට 85ක් තරම් විශාලයි. මේ සියයට 85 දෙනාගේම තියෙන්නේ මානසික ගැටලු. තවත් 10 දෙනෙකුට නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙනවා. එවැනි අයටත් මේ ඖෂධය භාවිතය සුදුසු නැහැ.


    මේ ඖෂධ ලබාගැනීමෙන් සිරුරේ රුධිර පීඩනය වේගවත් වෙනවා. මෙය හෘද රෝගීන්ට පෙණහලු හා ශ්වසන මාර්ගයේ ආශ්‍රිත රෝගයන් පවතින අයට ආමාශගත රෝග පවතින අයට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මෙම ඖෂධය මගින් ඇසේ පෙනීමටද සෘජුවම බලපෑම් ඇති කරනවා.”
    මෙම තත්ත්වය එන්න එන්නම භයානක බැවින් ජාතික ඖෂධ අධිකාරිය මගින් දිවයින පුරා ෆාමසි වැටලීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේ “අපි මේ වන විට දිවයින පුරාම ෆාමසි හිමිකරුවන්ව දැනුවත් කරලා තියෙනවා. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු පුද්ගලයෙකුට අලෙවි කරන්න එපා කියලා. ඒත් සමහර ෆාමසි හිමිකරුවන් ඒ නියෝග නොතකා ක්‍රියා කර තිබෙනවා. අපි එවැනි ෆාමසි හිමිකරුවන් කීපදෙනකුටම මේ වන විට නඩු පවරලා තියෙනවා. ඉදිරියට මේ තත්ත්වය වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක කරනවා.”


    ජාතික ඖෂධ අධිකාරිය මෙම ඖෂධ සම්බන්ධයෙන් තවත් පියවරක් ගැනීමට පසුගියදා අදහස් කර තිබේ. එය නම් මේ ඖෂධය මෙරටට ගෙන්වීම සීමා කිරීමටයි.
    සීමා කර හෝ දඩ නියම කර හෝ නීති රීති පනවා හෝ මේ අවාසනාවන්ත තත්ත්වය මර්දනය නොකළහොත් එච්.අයි.වී. ඒඩ්ස් රෝගයෙන් ලොව පළමු තැන ශ්‍රී ලංකාවට හිමිවීම ඈතක් නොවන බවද සැක නැත.




    ශ්‍රියානි විජේසිංහ


    Link




     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරන දෙයක් ඉක්මනින් නොකලොත් රටේ දරුවො ටික කායික හා මානසික රෝගියෝ වෙලා තමා නවතින්නේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගවුම් කෑල්ලක් දැක්කත් නගින වයසේ එවුන්ට මොන පෙතිද? :lol:

    ඕව ගහල අන්තිමට පෙති නැතුව, ගැනු හෙළුවෙන් දැක්කත් නගින්නේ නැති ගානට එයි.:no:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හරිම ශෝක්.. ඉස්සරහට කැසිනොත් එනවනෙ.. ඕව අරං බඩු ගගහා කැසීනො ගහන්නත් පුලුවන් එතකොට අපේ උන්ට :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ශා මරු මරු පෙත්ත ප්‍රොමෝට් කරපං තව ටිකක්..
    මේකෙ ඉන්න හැත්ත හෙටම සිල්ඩේනසිල් හොයන්න යයි..
    සීයට 95 කරමු අපි
    කමෝන්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ලංකාවෙ ඉන්නෙ මහ මෝඩ හැත්තක් බං. හැම මගුලකටම Sildenafil ගහන්න හොද නෑ. Sildenafil මූලිකවම දෙන්නෙ අහවල් එක ප්‍රාණවත් වෙන්නෙ නැති උන්ට. ඒක ප්‍රාණවත් කරන්නෙ Pressure එක වැඩි කරවලා රුධිර සැපයුමේ Pressure එක අහවල් තැනට වැඩි කිරීම මගින්. ඕක Heart එකට හොද නෑ කාලයක් යනකොට.

    Cupid කියෙන්නෙත් Sildenafil එකක් තමයි. ඕවා වැඩිය ගන්න නම් එපා පුතේ. අවුරුදු 50 වගේ වෙද්දි නිකන් හරි Heart Attack එකක් ආවොත් එතනම සෙට්ට පෝච්චි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    තව එකක්. සිල්ඩෙනසිල් නෙවයි බං සිල්ඩෙනෆිල් :lol: