මචන්ල මට සිල්ලර කඩයක් දාන්න අදහසක් තියනව?
Please Help Me with your Idea?
කඩේට ඕනෙ හාල්, සීනි පරිප්පු වගේ එවා කොහෙන්ද ගන්නෙ
Town එකේ තොග (wholesale) කඩ තියෙනවා. වැඩිපුර බඩු ගන්න කොට විකුණුම් මිලට වඩා අඩු ගාණකට ගන්න පුලුවන්.
අනිත් බඩු වලට කොහොමද සේල්ස් රෙප්ලා සෙට් කර ගන්නෙ
කඩයක් තියෙනවා කියලා දකින කොට ඉතිං උන් එනවා.
බීම වර්ග (Elephant House, Coca Coala) වගේ ඒවට උන්ම ෆ්‍රිජ් එක දෙනවද? අපි ඒකට ගෙවන්න ඔනිද?
ඒක නම් දන්නෑ. මං හිතන්නේ සාමාන්‍ය සිල්ලර කඩ වලට නම් කොහොමත් දෙන්නෑ.
Ice Cream වලට අපි ඩිෆ්රිසර් එකක් ගන්න ඔනෙද? උන් දෙන්නෙ නැද්ද?
ගන්න වෙයි. පොඩි කඩයක් නම් දොරවල් දෙකේ ෆ්‍රිජ් එකක්.
වීදුරු දොරවල් තියෙන ඒවා තමයි කඩේකට ගැලපෙන්නේ.
තව දැන ගන්න ඔනේ වැදගත් දේවල් මොනවද?
* ගොඩක් අය පටන් අරන් ටික කාලෙකින් නවත්තනවා. කඩේ business ස්ථාවර මට්ටමකට එනකං අනිවා තව ආදායම් මාර්ගයක් තියාගන්න.
හැබැයි කඩේ උදේම ඇරලා, රෑ 8 වෙනකල්වත් තියන්නත් ඕනෙ. හැමදාම.
* පළවෙනි වතාවට ඒ පාරෙන් යන මිනිස්සුන්ට 'අන්න අතන කඩයක් තියෙනවා' කියලා ඈත ඉඳන් පේන විදිහට මොනවා හරි කරන්න ඕනෙ.
එළියෙ ඉඳන් බලන් කොට මිනිස්සුන්ට හිතෙන්න ඕනෙ මේ කඩේ මේ මේ දේවල් ඇති කියලා.
* මිනිස්සුන්ට ඕනෙ අඩු මිලට quality බඩු. 'එහා කඩේ මේකට වඩා මිල අඩුයි' කියන මට්ටම ඇති කරගන්න එපා.
* Electronic තරාදි වලින් කිරණවට දැන් මිනිස්සු කැමතියි. කිරණ කොට ගාණටම නැතුව point කීපයක් වැඩිපුර තියෙනවාට මිනිස්සු කැමතියි.
තරාදි ලයිසන් කරන්න ඕනෙ. ඒක ග්‍රාම සේවකගෙන් වෙන්න ඇති අහන්න ඕනෙ.
* සාමාන්‍යයෙන් එක දේකින් ලාභය තියෙන්නෙ 5% වගේ වෙන්නත් පුලුවන්. (තොග කඩේ එක්ක කලින් කතා කරගෙන ගණං ගැන පොඩි idea එකක් ගත්තා නම් හොඳයි)
Loan අරං කඩේ දාන්න හිතනවා නම් loanඑකේ පොලිය ගෙවන කොට ලාභය ඒකටම යයි.
* ඒ ඒ කාල වලදි අමතර ඉල්ලුමක් ඇති වෙන දේවල් ගැන Update වෙලා ඉන්න ඕනෙ.(ඉස්කෝලෙ පටන් ගන්න කාලෙට පොත්, කොරෝනා කාලෙට masks, etc.)
* බඩු ගේන්න යන්නේ උඹේ වාහනේක නං... යන කොට මොනවා හරි transport කරලා අමතර ආදායමක් ගන්න try කරපන්.
* ණයට දුන්නොත් තොගෙ ඇට තලනවා.