සිලෝන් ටකරන් බස් (CTB)

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිලෝන් ටකරන් බස් (CTB)

    බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.

    උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.

    හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්‍රියාත්මක කලේ නැහැ

    අදටත් බටහිර සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල ජර්මාන් ටෙක් එකේ සුදුසකම් ලත් අය හොඳ රැකියා කරනවා. වාහන කියන්නේ හැම රටකම තියෙන දෙයක්. ඒ නිසා වාහන අළුත්වැඩියාව සහ රථවාහන ඉංජිනේරු වගේ සුදුසුකම් වලට ලෝකයේ හැම තැනම ඉල්ලුමක් තියෙනවා. විශාල ගුවන් යානා සමාගම් ගුවන් යානා කාර්මිකයින් බිහි කරන පාසැල් පිහිටුවා තියෙනවා වගේ යම්කිසි අයකිරීමකට මෝටර් වාහන ශිල්පය, අළුත්වැඩියා කිරීම, වගේ දේවල් වලට සුදුසුකම් ලබා දෙන ආයතනයක් ලංගම අයිතිය ඇති දෙයක් ලෙස පිහිටුවන්න තිබ්බා. විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෙලා ඩිප්ලෝමා, සහ උපාධි තත්වයට ශිශ්‍යයන්ට අවශ්‍ය පන්තිකාමර තාක්ෂණික දැනීම ලබා දී ලංගමේ ගරාජ වල පුහුණුව ලබාදෙන්න පුළුවන්. එවිට එක්තරා මට්ටමකට ඔවුන්ගේ සේවක වියදමත් අඩුවෙනවා. තිබෙන ගරාජ ප්‍රමාණය අනුව අඩුම ගාණේ අවුරුද්දකට 1,000 ක පිරිසක් පුහුණු කලා නම් එයින් ආදායමක්, වියදම් අඩුවීමක් වගේම ලෝකය පුරා එවන් රැකියාවලට පුහුණු ශ්‍රමිකයන් සපයන ලෝක ප්‍රසිද්ධ ආයතනයක් වෙන්න තිබ්බා. අඩුමට්ටමකින් පවත්වාගෙන ගිය ජර්මන් ටෙක් ආයතනයට අමතරව ශිල්පීන් පුහුණු කිරීම පැත්තෙන් ඔවුන් තෝරාගත්තේ රියැදුරන් පුහුණු කිරීම විතරයි.

    ඔවුන් ප්‍රවාහණය යන වචනය බස් යොදාගෙන මඟීන් ප්‍රවාහණය කිරීමට සීමා නොවුනානම් ඛනිජ තෙල් සංස්ථාව, ආහාර දෙපාර්තමේන්තුව, වගේ විශාල වාහන ප්‍රමාණයක් අයිති කරගෙන නඩත්තු කර රජයේ ආයතන වලට ප්‍රවාහණ සේවා සපයන ආයතනයක් වෙන්න තිබුණා. එම සංස්ථා වලට ලොරි සහ බවුසර් මඟින් ප්‍රවාහණ සේවා සපයන්නෙකු (Outsourcing Company) වුණානම් එම සේවා අඩු මිලකට සපයන්නත්, වෙන වෙනම නඩත්තු සේවා, අළුත්වැඩියා සේවා ලබා ගන්න එම සංස්ථා වලට ගිය වියදම බොහෝ ලෙස ඉතිරි කරන්නත් ලංගම ඉතා ලාභ දායී ප්‍රවාහණ සේවාවක් කරන්නත් ඉඩ තිබුණා. ඊට අමතරව පෞද්ගලික සමාගම් වලට, වෙලඳුන්ට, සංචාරක ක්ෂේත්‍රයේ සමාගම් වලට, විවිධ ප්‍රදේශවල නිශ්පාදනය කරන නිශ්පාදන සමාගම් වලට, තේවතු වලට, සිමෙන්ති ප්‍රවාහණය කරන්නන්ට විශ්වාසදායක ප්‍රවාහණ සේවා සපයන්නෙකු වුනානම් අද රට ගෙන්වා ඇති විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ප්‍රමාණය අඩු කරගන්න තිබුණා. කරන්න තිබුණේ එවන් වාහන ලංගම මඟින් ලබාගෙන එම සේවා අඩුමිලකට සැපයීමයි.

    ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ඔබ දන්නවා. ඇත්තටම ලංගම වගේ සමාගමක් එලවලු සහ මාළු ගබඩා කල හැකි ශීතාගාර සහ ශීතකරණ සහිත වාහන පද්ධතියක් ඇතිකලානම් එමගින් විශාල ආදායමක් වගේම රටේ ආහර සංරක්ෂණයට විශාල සේවයක් කරන්න තිබුණා. ඒක යන Logistics කර්මාන්තයට අයිති දෙයක් කියල ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් එතනදිත් වෙන්නේ එළවලු නිශ්පාදකයා සහ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්නන් සහ පාරිභෝගිකයා අතර ප්‍රවාහණයක්. එම නිෂාපදන සිදුකරන ප්‍රදේශයේ ශීතාගාරයකට එම භණ්ඩ ලබාගෙන කොළඹ හෝ එම භාණ්ඩ බෙදාහරින හෝ අපනයනය කරන අය සිටින පළාතක ශීතාගාරයකට ගෙනවිත් අදාල පුද්ගලයාට එය භාරදීම ප්‍රවාහණයක් පමණයි. නමුත් ශීතාගර අයිතිය තමනට තබා ගැනීමන් එම ප්‍රවාහණ කර්මාන්තයේ එක්තරා මට්ටමක ඒකාධිකාරයක් ලබා ගන්න තිබුණා.

    පෞද්ගලික බස් රථ හඳුන්වා දුන් අවස්ථාවේ ලංගමට විදේශ සමාගමක් සමඟ බස් රථ ලංකාවේ නිශ්පාදනයට එන්න තිබුණා. එහෙම කලානම් පෞද්ගලික බස් රථ ධාවකයින්ට ලංකාව පුරා ඇති ඩිපෝ ගරාජ වලින් සේවාව ලබා ගත හැකි බස් රථ වර්ගයක් විකිණීමෙන් සහ සේවා සැපයීමෙන් ඔවුන්ට විශාල ආදායමක් ලබා ගන්න තිබුණා.

    ගමනාගමනය යන වචනයේ තේරුම භාණ්ඩ ප්‍රවාහණය හෝ ප්‍රාවහණ ක්ශේත්‍රයේ අධ්‍යාපනය ලබා දීම නෙවෙයි කියල අර්ථකථනය කලත් මඟී ප්‍රවාහණය කියන එකට කුළී රථ, සංචාරකයින් ගෙන යන රථ, කාර් රථ වගේ දේවල් අයිති වෙනවා. ඒවගේම හෙලිකොප්ටර්, බෝට්ටු සේවා වගේ දේවලුත් අයිති වෙනවා. එහෙම හිතනකොට ලංගම තමන්ගේ තිබුණ සන්නාමය, රටපුරා විහිදුණු පහසුකම්,වගේ දේවල් බස් කර්මාන්තයකට පමණක් සීමා කිරීමෙන් ලංකාවේ විශාල සේවාවන් සපයන, විශාල ප්‍රාමණයකට රැකියා සපයන, චීනයේ චයිනා හාබර් වගේ සමාගම වෙන්න තිබුණ අවස්ථාව මඟ හැරිය කියන එක පැහැදිලි වෙනවා ඇති. එහෙම නොවී CTB කියන්නේ සිලෝන් ටකරන් බස් කියන අර්ථකථනය මතම ක්‍රියාත්මක වීමෙන් තමය් අද තියෙන ලංගම අපිට තියෙන්නෙ.

    ඒ කොහොම වෙතත්, සමාගමකට උපායමාර්ගීය කළමණාකරණයේ ඇති වටිනාකම ඔබට වැටහෙනවනම් මගේ උත්සාහය සාර්ථකයි.

    https://lankanian.blogspot.com/2018/09/ctb.html
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක්.එහෙත් අවාසනාවට අපේ පාලක්යෝ ඔහොම දෙයක් හිතන්න තරම් බුද්ධිමත් , දැනුමැති හෝ නිර්මාණශීලී නෑ. එයාලට අනුව සි.ටි.බි.එක තියේන්නේ එයාලගෙ හෙන්චයියන්ට රැකියා ලබාදෙන්න විතරයි නැතුව ලාබයක් ලබන්න හෝ මහජනයාට සේවයක් ලබාදීමට නෙවෙයි. ඒක නුසුදුසු දේශ්පාලන පත්වීම්වලින් පිරිලා වගේම විශාල සේවක අතිරික්තයක් තියෙනවා
     
    Last edited:

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මගේ අත්දැකීම් අනුව්...


    ඉතාමත් හොද අදහසක්... එත් මේ රටේ මේ වගේ දෙයක් ප්‍රයෝගික නැ මච.
    උබ රජයේ ලොකු position එකක ඉදන් මේ වගේ දෙයක් ප්රෝපොසේ කරොත් උබට ඊ ලග මාසේ ඉදන් ගෙදර යන්න වෙනවා....
    ඇතුලේ උන්ම වල කපනව මචන් උබට. ගොඩක් ලංකාවේ උන් කැමති නැ අලුත් විදිහට හිතන්න.. සහ අනිත් උන් බයි උන්ගේ තැන නැති වෙනවා කියල....


    ඒ වගේ හිතන් උන්ට කොහොමහරි වැඩේ දෙනවා..... :yes::yes::yes::yes:


    දැනට උනත් CGR, CEB, වගේ ඒවත් ගොඩ දාන්න බැරි typical thinking මින්නිස්සු ඉන්න නිසා (+ පාලකයන්ගේ ගොබ්බකම )
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් හොද අදහස්ටිකක් .එත් දේශපාලන ගොබ්බයෝයි මුලවල් කුරුවල් වෙච්ච අපතයෝයි වැඩනොකර ආයතනේ මොනවහරි හොරකම් කරන ගෙදර දුවන අපතයෝයි ඉන්නකන් ඔය වගේ අදහස් තියෙන මිනිස්සුන්ට මේ රටේ තනක නැ ....:dull:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මගේ අත්දැකීම් අනුව්...


    ඉතාමත් හොද අදහසක්... එත් මේ රටේ මේ වගේ දෙයක් ප්‍රයෝගික නැ මච.
    උබ රජයේ ලොකු position එකක ඉදන් මේ වගේ දෙයක් ප්රෝපොසේ කරොත් උබට ඊ ලග මාසේ ඉදන් ගෙදර යන්න වෙනවා....
    ඇතුලේ උන්ම වල කපනව මචන් උබට. ගොඩක් ලංකාවේ උන් කැමති නැ අලුත් විදිහට හිතන්න.. සහ අනිත් උන් බයි උන්ගේ තැන නැති වෙනවා කියල....


    ඒ වගේ හිතන් උන්ට කොහොමහරි වැඩේ දෙනවා..... :yes::yes::yes::yes:


    දැනට උනත් CGR, CEB, වගේ ඒවත් ගොඩ දාන්න බැරි typical thinking මින්නිස්සු ඉන්න නිසා (+ පාලකයන්ගේ ගොබ්බකම )


    :yes::sorry: