සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

    ‘‘රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් පිරිසක් ‘‘ පළමු වසරට ආ හිමි නමගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දීලා !

    රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්‌ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‌ෂූන් පස්‌ නමක්‌ ලබන 30 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය.

    එසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික, හික්‌කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්‌�ත, බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤදාසාර, බණ්‌ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.

    භික්‌ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී සැකකාර හිමිවරු පැමිණිලිකාර හිමියන්ට නවක වධය ලබාදී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් ප්‍රකාශ කර සිටියේය.

    පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්‌ෂණයකට පෙනී සිටීම සඳහා පොලිසිය මාතර මහ රෝහල වෙත ඇතුළත් වන ලෙසට උපදෙස්‌ ලබාදී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොඑන බව පවසා වැඩවසන විහාරස්‌ථානය වෙත නික්‌ම ගොස්‌ තිබේ.

    මාතර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.

    37416583_130130854565772_2506093295294218240_n.jpg
     
    • Like
    Reactions: DJLEOx78

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔන්න අරුන් ටික එලියට බැහැලා උද්ඝෝෂණ කරයි ඕකුන්ව නිදහස් කරන්න කියලා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bikashun Vahansela neve, Siura da gatthu Kario tikak. Samahara temples valath innava ohoma aya. Gahanu aya , samahara temples valata yana kota thaniyama yavanna epa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් මේ කැම්පස් රැග් නම් තනිකරම පිළිලයක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට. තනිකරම මානසික ලෙඩ්ඩු මුන්. මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු. ළමයිට කියනවලු දනගහගෙන පඩි පෙළවල් නගින්න කියල. සමහර ළමයි අඩ අඩ යනවලු. හවස ලෙක්චර්ස් වලින් පස්සේ පැයක් රැග් ලු. මේ වගේ අවජාතක මානසික ලෙඩ්ඩු ද කැම්පස් වල ඉන්නේ. වෙන රටවල් වල කැම්පස් වල අමතර වෙලාවක් ඉදල රිසර්ච් කරනවා. . ඉක්මනටම කවුරු හරි මේවා නැති කරලා දාන්න පියවරක් ගන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ රැග් කරන උන්ට.. :growl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626

    ekekuta kana pelenna dunna nam hari e welawema
     
    • Like
    Reactions: CONCORDE777

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්ද බන් මේ කැම්පස් රැග් නම් තනිකරම පිළිලයක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට. තනිකරම මානසික ලෙඩ්ඩු මුන්. මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු. ළමයිට කියනවලු දනගහගෙන පඩි පෙළවල් නගින්න කියල. සමහර ළමයි අඩ අඩ යනවලු. හවස ලෙක්චර්ස් වලින් පස්සේ පැයක් රැග් ලු. මේ වගේ අවජාතක මානසික ලෙඩ්ඩු ද කැම්පස් වල ඉන්නේ. වෙන රටවල් වල කැම්පස් වල අමතර වෙලාවක් ඉදල රිසර්ච් කරනවා. . ඉක්මනටම කවුරු හරි මේවා නැති කරලා දාන්න පියවරක් ගන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ රැග් කරන උන්ට.. :growl:

    :yes::yes::yes::yes:

    art,commerce faculty wala anith ewata sapekshawa wadiy..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ekekuta kana pelenna dunna nam hari e welawema

    ඔව් බන් මොන ආණ්ඩුව ආවත් මේ රැග් කරුමෙට කිසි දෙයක් කරන්න බෑ මේ අන්තරේ අවජාතකයෝ නිසා. ඊට පස්සේ මර්ධනය කියාගෙන පාරවල් හරස් කරනවනේ. ළමෙක් රැග් වලට විරුද්දව යනවනම් ඒ ලමයව කොන් කරනවා කැම්පස් එකේ ඉතින් රැග් ඉවසගෙන ඉන්නවා. වෙනම හමුදාවෙන් දාල හරි රැග් දෙන නපුන්සකයෝන්ට කෙලවන්න ඕනේ. :growl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ekekuta kana pelenna dunna nam hari e welawema

    ඔය වගේ වද දෙන උන්ට ගහපු සීන් ගැන ආරංචියක් නෑ.රෑක රැකලා ඉදලා දීල අරින්න තියෙන්නේ ඇසිඩ් පාරක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔය වගේ වද දෙන උන්ට ගහපු සීන් ගැන ආරංචියක් නෑ.රෑක රැකලා ඉදලා දීල අරින්න තියෙන්නේ ඇසිඩ් පාරක්

    :cool:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    these monks are a disgrace to Lord Buddha
    these things happen often ,most of them don't reach the media
    something is really wrong with sinhalu
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    these monks are a disgrace to Lord Buddha
    these things happen often ,most of them don't reach the media
    something is really wrong with sinhalu

    Those are not monks. Just deranged people in robes. Need to disrobe and expel from bhikkuhood.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් ඊගාවට පන්ති තහනම් ඉවත් කරන්ඩ කියල මුළු faculty එකේ ම ළමයිගේ වැඩ පාළු කරලා පන්ති වර්ජන කරයි. ටික දෙනෙක් හින්ද මුළු campus එකම කාලකන්නි වෙනවා.
     
    Jul 17, 2018
    610
    31
    0
    Those are not monks. Just deranged people in robes. Need to disrobe and expel from bhikkuhood.
    ආරවුලකට අහනවා නෙමෙයි අයියේ.. හැමෝම ඔහොම කියන හින්දා අහන්නේ. එතකොට කතෝලික පුජකයෙක් පොඩි පිරිමි ළමයෙක් අපයෝජනය කරපුවහම ඒ උන්නාන්සේ ලොගුදාරියෙක් කියලා නම් කරලා කතෝලික සබාව ඇග බේරාගන්නේ නැනේ. අඩු තරමේ අල්ලස් දීලා හරි වැඩේ වහනවා තමන්ගේ එකා නිසා. ඔයාලගේ ආගමේ, බික්ෂු මහත්තයෙක් කුපාඩි වැඩක් කරපු ගමන් ඌ අපේ එකෙක් නෙමෙයි. අපි උට දානේ දෙන්නෙත් නැ ඌ සිවුරක් පොරෝගත්තු චිවරදාරියේ කියනවා.. ඒ වගේම අයියේ, මුස්ලිම් ආගමත් එහෙනම් හරි සමකාමිනේ.. අල්ලා හුඅක්බර් කියාගෙන බොම්බා පුපුරන එකාව අපේ එකෙක් නෙමෙයි කියලා උනුත් ශේප් වෙයි නේද අයියේ... අසා සිටි ඔබ සැමට ස්තුතියි... මේ ට්‍රිපල් ජේම් බ්ලේස් යු. ජේසු පිහිටයි.. අස්ලාම් වලක්කම්. ඉස්බිල්ලා රහිම. හුදා හවිස්.