සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා
රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්‌ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‌ෂූන් පස් නමක් ලබන 30 වැනිදා තෙක් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය.
එසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික, හික්‌කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්�ත, බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤදාසාර, බණ්‌ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.
භික්‌ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී සැකකාර හිමිවරු පැමිණිලිකාර හිමියන්ට නවක වධය ලබාදී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් ප්‍රකාශ කර සිටියේය.
පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්‌ෂණයකට පෙනී සිටීම සඳහා පොලිසිය මාතර මහ රෝහල වෙත ඇතුළත් වන ලෙසට උපදෙස් ලබාදී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොඑන බව පවසා වැඩවසන විහාරස්‌ථානය වෙත නික්‌ම ගොස් තිබේ.
මාතර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.
‘‘රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් පිරිසක් ‘‘ පළමු වසරට ආ හිමි නමගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දීලා !