පාසල් සිසුන් 20 කට ඒඩ්ස්.සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ගේ රුධිර පරීක්ෂාවක්
මෙරට සිටින එච්.අයි.වී ආසාදිතයන් සම්බන්ධයෙන්ද ඩලස් අලහප්පෙරුම මහතා විමසීමක් කර තිබුණා.
ඊට පිලිතුරු ලබා දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ වෛරසය ආසාදනය වුණු පාසල් සිසුන් විසි දෙනෙකුද හදුනාගෙන ඇති බවයි.
සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ගේ රුධිර පරීක්ෂණයක් සිදුකිරීම ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ මීට අමතරව, HIV ඒඩ්ස් පිළිබඳව මූලික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින්, සෞඛ්‍ය අධ්‍යාපන විෂය සාමාන්‍ය පෙළට අනිවාර්ය කරන බවයි.
මේ අතර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ දී රුධිර පරීකෂණයක් සිදුකිරීමට අනිවාර්ය කරනු ඇති බවත් පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
HIV ආසාධනය වැළැක්වීමට සහ එම ආසාධිතයින් හඳුනා ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා. දැනට එච්.අයි.වී ආසාධිතයන් 2265 ක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. අවුරුදු නවයට අඩු දරුවන් 70 දෙනෙකු ද ඊට ඇතුලත් බවයි වාර්තා වෙන්නේ.
නෙත් FM

දැන් කාලේ ඉන්න උන්ට මෝල තද වෙලා..
නැත්නම් මුන් කොල්ලෝ ගහනවා..

ඕන ලබ්බක් කරගත්තට කමක් නෑ මේ වගේ ජරා ලෙඩ හදාගන්නේ නැතුව.දැන් ඉතින් ජීවිතේම ඉවරයිනේ.අනේ මන්දා කවද හරි අපේ ළමයින්ව කොහොම හදාගන්නද කියලා..දැන් ලංකාවත් වෙස්ටර්න් රටවල් වගේ වෙලා බං.
