එහෙම කියන්න බැහැ
අපේ පැත්තෙ හාඩ්වෙයා එකක් තිබුනා සිමෙන්ති අඩුවට දෙන.
මූ මෙහෙම ගේමක් ගහනවා කියලා තමයි කියන්නෙ
සිමෙන්ති වලට උන් ෆැක්ටරියට ගෙවන්නෙ ට්‍රාන්ස්පෝට් වලට ගෙවන ගාන අඩු කරලා, එතකොට ගොඩක් දුර තැනකට ගෙනියන සිමෙන්ති වලට ෆැක්ටරියට අඩු ගානක් ගෙවලා ගන්නෙ ට්‍රාන්ස්පෝට් ගානත් එකතු උනාම නෝමල් ගාන හැදෙනවා
මූට ලංකාවෙ කොහෙ හරි දුර පලාතක තව හාඩ්වෙයා එකක් තියනවා මූ ඒකෙන් සිමෙන්ති ඕඩර් කරලා මගින් බාගන්නවා, එතකොට මූට ට්‍රාන්ස්පෝට් එක නිසා අඩුවෙන් හම්බුනු සිමෙන්ති අඩුවට දෙනවා
ලංකාව කොහේ සිමෙන්ති මොන ගනන් වලට දුන්නත් මුගේ ඒ හැම තැනටම වඩා රුපියල් 50ක් විතර අඩුයි
ඔය වගේ අනෙක් ඒවටත් එක එක ගේම් දීල අඩුවට විකුනන තැන් තියෙන්න පුලුවන් සමහරවිට කොළඹ මේ වගේ ගේම් දෙන්න අමාරුත් ඇති
තව මේ ගොඩක් අය කියලා තියනවා ඒජන්ට්ගෙන් සහ ෆැක්ටරි වලින් අඩුවට ගන්න බලන්න කියලා ඒක එහෙම නෙමයි. ඒජන්ට් සහ ෆැක්ටරි වල රීටේල් බිස්නස් නෙමෙයි කරන්නෙ එතකොට උන් ගොඩක් වෙලාවට ගහලා තියන ගානටම වගේ තමයි සෙල් කරන්නෙ
හැබැයි රීටේල් සෙලර්ස්ලා උන්ගෙ ලාබෙ අඩු කරගෙන ඒජන්ට් ට වඩා අඩුවට දෙනවා
ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක් මෙහෙමයි ඒජන්ට් ට වඩා රීටේල් සෙල් කරන එකාගෙ ගනන් අඩුවට ගන්න පුලුවන්
ela ela agent thnks