සිහල බසින් ගමට ක්‍රිකට්....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සිහල බසින් ගමට ක්‍රිකට්....

    මුල්ම විස්තර ප්‍රචාරක අට්ටාලෙ හැදුවේ ගුවන්විදුලියේ වඩුමඩුවෙ

    දෙදෙනාගෙන් කෙනෙක් නිවේදන කටයුතු කරද්දී අනෙකා කුඩේ ඇල්ලුවා

    ප්‍රේමසරත් මාත් ක්‍රිකට් ප්‍රචාරයේදී පාවිච්චි කළේ අපම නිර්මාණය කළ යෙදුම්

    ස්ලිප් ක්‍රීඩකයාට ලුහුට්ටා කියනකොට ප්‍රේක්ෂකයෝ හූ කිව්වා

    තණනිල්ල තිල්ල වුණා නොඉඳුල් ඕවරය නිලකුණු වුණා

    zICUEcV.jpg

    මේ ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත සමයයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන මේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විටෙක හුරේ දමමින් ද විටෙක මුව අයා දෙනෙත් නළලට ගනිමින් ද තරග නරඹද්දී තවත් පිරිසක් ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම ගැන ඔට්ටු අල්ලති. මේ අතරවාරයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්ම ගීත බිහි වේ. ක්‍රිකට් උණ මුල් කරගත් වෙළෙඳ දැන්වීම් නිර්මාණය වේ. මෙම වකවානුව ක්‍රිකට් වසන්ත සමයක් වන්නේ එබැවිනි. ක්‍රිකට් වසන්තයේ ප්‍ර‍බෝධය අද සැවොම අත්විඳ ගත්ත ද ඵල දැරීම සඳහා එදා බිජු සිට වූ තවත් පිරිසක් සිටිති. ඉංග්‍රීසි පන්නයේ ප්‍රභූ පැළැන්තියට සීමා වී තිබූ ක්‍රිකට්, ගමට ගෙන ගියේ ඔවුන්ය. වෙලේ කමතේ ඉනි තුනක් සිටුවා රබර් ‍බෝලයකින් ක්‍රිකට් සෙල්ලම් කරන්නට ගමේ කොලු ගැටයන්ට ඉගැන්වූයේ ඔවුන්ය. ඒ, ඉංග්‍රීසි බසට සීමා වී තිබූ ක්‍රිකට් විස්තර ප්‍රචාරය සිංහල බසින් ඉදිරිපත් කරමින් ලංකාවේ සෑම අස්සකට මුල්ලකට ම ක්‍රිකට් ගෙන ගියේ ඔවුන් වන බැවිනි. ඒ අතරින් පාලිත පෙරේරා නාමය ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නේ සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර ප්‍රකාශ කළ ප්‍රථම නිවේදකයා ඔහු වන නිසාය. ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි සන්නිවේදක පාලිත පෙරේරා සමඟ සංවාදයක යෙදුණේ එබැවිනි.

    ක්‍රිකට් විස්තර ප්‍රකාශක පාලිත පෙරේරා යනුවෙන් මා ඔබව හැඳින්නුවොත් ?

    අපොයි. මම ආසම නැති හැඳින්වීම ඒක. මම ක්‍රිකට් විස්තර ප්‍රකාශයට එහා ගිය විචිත්‍රාංග, සම්මුඛ සාකච්ඡා වැනි විශාල වැඩ කොටසක් ගුවන්විදුලියේ දී කළා. මම තෘප්තිමත් වෙන්නේ ඒ වැඩවලින්. මට ශිෂ්‍යත්ව ලැබුණේ, සම්මාන ලැබුණේ වැඩසටහන් නිෂ්පාදන කටයුතුවලට. ඒ නිසා මා ගුවන්විදුලි සන්නිවේදකයෙකු හැටියට හඳුන්වනවාට මම වඩාත් කැමතියි.

    එහෙත් පාලිත පෙරේරා යන නාමය ජනතාව අතරට ගියේ ක්‍රිකට් විස්තර ප්‍රකාශය නිසා නේද?.

    ඔව්. මම ගුවන්විදුලියේදී ප්‍රවෘත්ති කිව්වා. “සඳැල්ල” වැනි විචිත්‍රාංග වැඩසටහන් කළා. ඒත් මගේ නම ජනප්‍රිය වුණේ ක්‍රිකට් විස්තර ප්‍රචාරය සමඟ. ඒක මම පිළිගන්නවා. ඒකට හේතුව ක්‍රිකට් අලෙවි කරන්න පුළුවන් දෙයක් වීම. ඒ නිසා ක්‍රිකට් රැල්ලත් එක්ක මගේ නම මතු වුණා.

    ක්‍රිකට් විස්තර ප්‍රචාරය ඉංග්‍රීසි භාෂාවට සීමා වී තිබුණු යුගය වෙනස් කළේ ඔබ. ඒ ගැන කතා කරනවා නම්?.

    මම ගුවන්විදුලියට බැඳුණේ 1963 දී. ඒ කාලේ ගුවන්විදුලිය දෙපාර්තමේන්තුවක් හැටියට තිබුණේ. මම ඉස්සෙල්ලාම වැඩ කළේ සම්බන්ධතා මැදිරියේ නිවේදක හැටියට. 1969 දී තමයි මට විචිත්‍රාංග නිෂ්පාදක තනතුර ලැබුණේ. සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරය කරමු කියන අදහස මම 1963 දී රැකියාවට ආපු දවස්වලමයි ඉදිරිපත් කළේ. මොකද මම නාලන්ද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඒ නිසා මටත් ක්‍රිකට් උණ තිබුණා. ඒ දවස්වල මම රැකියාවක් කළාට අවුරුදු 19 ක කොල්ලෙක්. ඒ වයස එක්ක දුවන්න, පනින්න, මහන්සිවෙලා වැඩ කරන්න, අලුත් දේවල් කරන්න හිතෙන කාලයක් නේ. ඉතිං මම මගේ අදහස ඒ කාලේ කතා සම්පාදක තනතුරේ හිටපු එච්.එම්. ගුණසේකරට කිව්ව‍ා. ඔහු එය එදා ස්වදේශීය සේවා අධ්‍යක්ෂ ව සිටි කේ.එච්.ඒ. විජේදාසට දැම්මා. ඒ කාලේ ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් වෙලා සිටියේ වින්සන්ට් පණ්ඩිත මහත්තයා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ හිටියේ සරත් පෙරේරා මහත්තයා. ඒ අයගේ අනුමැතිය මට ලැබු‍ණා. මම නාලන්දාවෙ කෙනෙක් නිසා ආනන්දයෙන් රඝුනාත් වීරසූරියව දැම්මා. ගුවන්විදුලියේ වඩුමඩුවට කියලා අට්ටාලයක් හදාගෙන තමයි එදා අපි දෙන්නා හිටියේ එක්කෙනෙක් නිවේදන කටයුතු කරද්දී අනිත් කෙනා කුඩය ඇල්ලුවා. ඒ විදියට තමයි අපි වැඩේ පටන්ගත්තේ.

    සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රකාශ කරන මංගල අවස්ථාවේ මුහුණදුන් රසවත් අත්දැකීම් එහෙම ඇති නේද?.

    1963 දී පැවැත්වුණු ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නාලන්ද කණ්ඩායම ජයග්‍රහණය කරගෙන ආවා. ඒත් කුමක් හෝ හේතුවක් නිසා (හේතුව මට මතක නැහැ) අවසාන දිනයේ තරගය අවසාන වීමට කල්වේලා තිබිය දී විනිසුරුවරුන් තරගය නැවැත්වුවා. ඒ වෙලාවේ නාලන්දෙ ළමයෙක් ඉනිමග දිගේ නැගගෙන ඇවිත් අපේ අට්ටාලයට ගොඩවෙලා මගේ පිටිපස්සේ ඉඳලා “අම්පයර් හොරා” කියලා කෑගැහුවා. එය සජීවී විකාශයක් නිසා ලංකාවෙම ප්‍රචාරය වුණා. ඒ වෙලාවේ මා එක්ක හිටපු රඝුනාත් ඒ ළමයාට ගැහුවා. මමත් අත දිග හැරලා හොඳ කම්මුල් පාරක් ගැහුවා. මේ සිද්ධිය දැන් ලන්ඩන් නුවර ජීවත් වෙන දෙව්සිරි හෙන්දාවිතාරණගේ පොතක රසවත්ව ලියා තිබුණා.

    සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර ප්‍රකාශ කිරීම නිසා ලැබුණු ප්‍රතිචාර කොහොමද ?.

    ඉතාමත් ඉහළයි. ප්‍රශංසනීයයි. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රිකට් විස්තර අහගෙන සිටීයදී එක්වරම සිංහලෙන් විස්තර ප්‍රචාරය වන විට ඇති වුණු නිම් හිමි නැති සන්තෝෂය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි ද මැල් මහතා ඔහුගේ කර්තෘ වාක්‍යයක ත් සඳහන් කර තිබුණා. 1963 දී ඔහු පාසල් දරුවෙක්. කුඩා වියේ පසුවන පාසල් දරුවකුට මව් භාෂාවෙන් ක්‍රිකට් විස්තර අහන්නට ලැබීමේදී ඇති වන ප්‍රහර්ෂය ඒ කර්තෘ වාක්‍යයෙන් ම පැහැදිලි වෙනවා.

    ක්‍රිකට් විස්තර ප්‍රකාශ කරන විට ඉංග්‍රීසි වචනවලට ඔබ සිංහල වචන නිර්මාණය කළ බව අප අසා තිබෙනවා.

    ඔව්. දැවී ගියා, කඩුල්ල, පන්දු රකින්නා, කඩුල්ල මුවා කළා වැනි වචන මම සකස් කර ගත්තා. ග්‍රාමීය මට්ටමේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි එල්ලෙ. පන්දුව, දැවී ගියා වගේ වචන එල්ලේ ක්‍රීඩාවෙන් ගත්තා. ගම්වල වත්තට හරක් පනිනවාට ලී තුනක් හරහට දමලා කඩුල්ල කියලා කියනවානේ. විකට් එකටත් පොලු තුනක් තිබෙන නිසා මම කඩුල්ල කියන වචනය විකට්ටුව හැඳින්වීමට යොදා ගත්තා.

    ප්‍රේමසර ඈපාසිංහත් මමත් පාවිච්චි කළේ අපි නිර්මාණය කර ගත් වචන. මහාචාර්ය විනී විතාරණ මහත්තයාගේ උපදෙස් පරිදි අපි හදාගෙන තිබුණු වචන 2ක් වෙනස් කර ගත්තා. එක පාරක් වින්සන්ට් පණ්ඩිත මහත්තයා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට කියලා ක්‍රිකට් විස්තර ප්‍රකාශ කරන විට කිව යුතු වචනමාලාවක් එවා තිබුණා. ඒ වචන කියන්න ගිහින් අපිට හූ පාරක් ඇවිත් නැවැත්තුවා.

    මොකක්ද ඒ සිද්ධිය?

    ඉංග්‍රීසියෙන් ස්ලිප් ක්‍රීඩක කියන වචනයට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් එවා තිබුණේ “ලුහුට්ටා” කියන වචනය. මම ලුහුට්ටා කියලා ප්‍රකාශ කරන විට නරඹන්නෝ හූ කියලා. ඒ හූ පාර මට ඇහුණේ නැහැ. එදා අපි එක්ක ගිහිං හිටියේ එඩ්මන්ඩ් තිලකරත්න කියන බාහිර ප්‍රචාර ඉංජිනේරුවා. ඔහු දුවගෙන ඇවිත් මගේ කනේ තිබුණු “හෙඩ් ෆෝන්” එක ගලවලා මගෙන් ඇහුවා මොනවද පාලිත කියවන්නේ කියලා. නරඹන අය හූ කියනවා කියලා ඔහු මට කිව්වා. මම කිව්වා මට කරන්න දෙයක් නැහැ, මේ වචන ඩී.ජී.එවපු වචන, මට කියන්න සිද්ධ වෙනවා කියලා. කොහොමහරි එඩ්මන්ඩ් තිලකරත්න අධ්‍යක්ෂ ජනරාල්ට කතා කරලා මේ වචන ප්‍රකාශ කිරීම නවත්වා ගත්තා. ඒ නිසයි මම කලිනුත් කි‍ව්වෙ ඒ විදිහට හදපු වචන ඇති, අපි ප්‍රකාශ කළේ අපි සකස් කර ගත් වචන කියලා.

    මහාචාර්ය විනී විතාරණගේ පෙන්වා දීමෙන් පසුව ඔබ නිවැරදි කර ගත් වචන මොනවාද?.

    අපි ඉස්සර කිව්වේ තණ නිල්ල කියලා. ඒත් මහාචාර්යතුමා කිව්වා “නිල්ල” කියන වචනය වැරදියි. නිවැරදි වචනය “තිල්ල” කියලා. සඳකිඳුරුදාවේ කිඳුරා සහ කිඳුරිය රැඟුමෙහි යෙදෙන්නේ තිල්ලෙ කියලා සඳහන් වී තිබෙන බව එතුමා පෙන්වා දුන්නා. ඊටපස්සේ අපි “තණ නිල්ල” වෙනුවට “තණ තිල්ල” කියලා කිව්වා. ඒ වගේම තමයි ලකුණු නොලැබූ පන්දු ඕවරය අපි හැඳින්නුවේ “නොඉඳුල් ඕවරය” කියලා. ඒත් එතුමා පැහැදිලි කළා ලකුණු නොලැබූ ඕවරය හැඳින්විය යුත්තේ “නිලකුණු ඕවරය” වශයෙන් කියලා. ඊටපසුව අපි “ නොඉඳුල් ඕවරය” වෙනුවට “නිලකුණු ඕවරය” කියලා කියන්න පටන් ගත්තා.

    ක්‍රිකට් විස්තර ප්‍රකාශයත් සමඟ අමතක නොවන සුවිශේෂි සිදුවීම් එහෙම ඇති නේද?.

    අපොයි ඔව්. ඕනෑ තරම් තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර්ගේ ක්‍රීඩා දිවියට මං හින්දා අඳුරු පැල්ලමක් එකතු වුණා. අපිට ටෙස්ට් වරම් ලැබිලා අවුරුදු 3,4 කින් විතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආවා. එදා පී. සාරා ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වුවේ. අපේ අට්ටාලය තිබුණේ ටෙනිස්කෝට් එක පැත්තට වෙන්න. අපි ඉන්න තැන කිට්ටුවෙන්ම තමයි මනෝජ් ප්‍රභාකර් පන්දු යවන්න සූදානම් වුණේ. මම ඒ වෙලාවේ දැක්කා ඔහු පන්දුව පළුදු කරනවා. ඒ කාලේ අපේ රටටත් ක්‍රිකට් ගැන ඒ තරම් ලොකු අත්දැකීම් නැහැනේ. කොහොමහරි රූපවාහිනියෙන් ගිහින් හිටපු කැමරාකරුට මම කිව්වා ඉක්මනට මනෝජ් ප්‍රභාකර්ගේ සමීප රූප රාමුවකට යන්න කියලා. ඒ වෙලාවෙම මම ප්‍රකාශ කළා “මේ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න බැහැ. දොඩම් වෙළෙන්දෙක් වෙන්න ඇති. ඒකයි දොඩම් ලෙලි ගහනවා වගේ පන්දුව ලෙලි ගහන්නේ” කියලා. ඒ ප්‍රකාශයෙන් ගින්න පත්තු වුණා.

    තවත් සුවිශේෂි සිද්ධියක් තමයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ටෙස්ට් තරගයක ක්‍රීඩා කරන විට මාටින් ක්‍රෝ සමඟ ක්‍රීඩා කළ පිතිකරු දැවී ගියා. ඒ වෙනුවට පිටියට පැමිණියේ මාටින් ක්‍රෝගේ සොහොයුරා ජෙෆ්රි ක්‍රෝ. ඒ වෙලාවේ පිටියේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේ ඩිකී බර්ඩ්. ඒ අවස්ථාවේදී මම කිව්වා පිට්ටනිය මැද කු‍රුල්ලෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා. ඒ අවස්ථාවත් දුර්ලභ සිදුවීමක්.

    මේ සිද්ධිය පැරණි ක්‍රිකට් ලෝලීන්ට මතක ඇති. ශ්‍රී ලංකාව සහ පකිස්තානය කොළඹ සී.සී.සී. පිටියේ ක්‍රීඩා කරන දවසක පකිස්තාන කණ්ඩායමේ නායක ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දුවට පහර දෙමින් සිටියේ. අර්ජුන රණතුංග “සිලි පොයින්ට්” ස්ථානයේ පන්දු රකිමින් සිටියා. විස්තර ප්‍රකාශය කරන මැදිරියේ සිටින මම එක්වරම දැක්කා අර්ජුන සහ ජාවඩ් මියැන්ඩාඩ් අතර වචන හුවමාරුවක් වෙනවා. එය නතර වුණාම ක්‍රීඩාගාරයේ වම් අත පැත්තේ බෝගහ ළඟ කොට තාප්පය උඩ වාඩිවෙලා හිටපු නරඹන්නෝ හූ කිව්වා.

    ඊටපස්සේ ජාවෙඩ් මියැන්ඩාඩ් දැවී ගිහින් ක්‍රීඩාගාරයට යමින් සිටියා. ඒ කිට්ටුව හිටපු නරඹන්නන් අතරින් එක්කෙනෙක් ජාවෙඩ් මියැන්ඩාඩ්ට ගඩොල් බාගයකින් ගැහුවා. ඒ එක්කම ජාවෙඩ් මියැන්ඩාඩ් පිත්ත උස්සාගෙන කොට තාප්පයෙන් පැනලා නරඹන්නකුට ගහන්න එළෙව්වා. මේ වෙලාවේ මම විස්තර ප්‍රචාරය අතර මේ සිද්ධිය ප්‍රකාශ කළා. මම කිව්වා පිත්ත තියෙන්නේ පන්දුවට ගහන්න මිසක් මිනිස්සුන්ට ගහන්න නෙමෙයි කියලා. ඔහු ඕස්ට්‍රේලිය‍ාවේදී ‍ඩෙනිස් ලිලීටත් මේ දේම කරන්න සූදානම් වුණා. මෙය හොඳ දෙයක් නොවෙයි. වහාම නැවැත්විය යුතුයි කියලා මම කිව්වා. ඒ වෙලාවේ එතන හිටපු “සන්” පත්‍රයේ ක්‍රීඩා කර්තෘ වජිර ගුණවර්ධන දිගට හරහට ජාවෙඩ් මියැන්ඩාඩ් ට ගහලා ඊට පසුදා පත්තරේ ලියලා තිබුණා.

    මේ සිද්ධිය වූ දිනට පසුදින අපි තරගය පටන් ගැනීමට පෙර පිට්ටනියට ගියා ම පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මාධ්‍යවේදීන්ටයි ශ්‍රී ලංකා කණ්ඩායමටයි එන්න කියලා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුවේදී ජාවෙඩ් මියැන්ඩාඩ් අත්දෙක එකතු කරලා වැඳලා සමාව ඉල්ලුවා. මෙම සිද්ධිය තවත් සුවිශේෂි සිදුවීමක් හැටියට මම මතක් කරන්න කැමතියි.

    ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ විස්තර ප්‍රකාශකයා වශයෙන් කටයුතු කළේ ඔබ. ඒ ගැන මතකය අවදි කරමුද?

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තමයි ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ. ආරම්භක දිනය 1982 පෙබරවාරි 17 වැනි දා. එවකට නායකත්වය දැරූ බන්දුල වර්ණපුර තමයි මංගල පන්දුවට මුහුණ දුන්නේ. ඔහු පළමු පන්දුව පිළිගත්තේ පිත්තෙන් නෙමෙයි. පා ආවරණයෙන්.

    එදා තරගයට ක්‍රීඩා කළ අර්ජුන රණතුංග ආනන්ද විදුහලේ ශිෂ්‍යයෙක්. අර්ජුනත් රංජන් මඩුගල්ලත් අර්ධ ශතක වාර්තා කළා. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරපු ඩී.ඇස්.ද සිල්වා ව ලංකාවට ගෙන්වා ගත්තේ ප්‍රථම ටෙස්ට් තරගයට. දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, මහේෂ් ගුණතිලක, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම ඇතුළු ක්‍රීඩකයන් පිරිස ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරපු හැටි මට තවම මතකයි.

    ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ බන්දුල වර්ණපුර. ඔහුගේ නායකත්වය ඔබ දකින්නේ මොන ආකාරයට ද?.

    ඇත්තටම ඔහු දක්ෂ නායකයෙක්. බන්දුල බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට නායකත්වය දැරූ කාලයේ ක්‍රිකට් කුසලානය දෙවතාවත් දිනා ගත්තා. එවිටත් අපිට ඔහුගේ නායකත්වයේ අංකුර පෙනුණා. ඔහුගේ නායකත්වයට ලැබුණු හොඳම සහතිකයක් ගැන මම කියන්නම්.

    බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ මදුරාසියේ ක්‍රීඩා කරපු අවස්ථාවක ඉන්දීය කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවට කඩුලු 7 ක් දැවී ගිහින් තිබුණා. පිටියේ සෙල්ලම් කළේ ඉන්දීය කණ්ඩායමේ නායක සුනිල් ගවස්කාර්. බන්දුල වර්ණපුර සුනිල් ගවස්කාර්ව දවා ගැනීමට වළල්ලක ආකාරයෙන් පන්දු රකින්නන් යෙදෙව්වා. එදා කොහොමහරි සුනිල් ගවස්කාර් තරගය පරාජයෙන් ගලවා ගත්තා. තරගය අවසන් වෙලා සුනිල් ගවස්කාර් ක්‍රීඩාගාරයට ගියාම මමත් ක්‍රීඩාගාරයට ගියා. ඒ වෙලාවේ සුනිල් ගවස්කාර් පා ආවරණ ගලවන ගමන් අසල හිටපු කපිල්දේව් සහ දිලිප් වෙන්සාකර්ට කියනවා “ලංකාවේ කොල්ලන්ගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. බන්දුල නම් ඉතාමත් දක්ෂ නායකයෙක්” කියලා. ඒ සහතිකයම ඇති බන්දුලගේ නායකත්වය ගැන කියන්න.

    මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ අර්ජුන රණතුංග එදා පාසල් ක්‍රීඩකයෙක්. මතු යම් දවසක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වී ලෝක කුසලානය දිනා ගනීවි යැයි ඔබට එදා නිකමටවත් හිතුණේ නැති ද?.

    1982 දී මට එහෙම හිතුණා කියලා නම් කියන්න බැහැ. ඒත් මම අර්ජුනගේ ඉතාමත් දක්ෂ පිති හරඹයක් දැක්කා. ඔහු තුළ තිබුණු ඉදිරි පාදයේ ඩ්‍රයිව් පාරවල් (front hook) ගැසීමේ සුමට ගුණය එදා මම දැක්කා. ඒ ලක්ෂණය අපට දකින්න ලැබුණේ රෝයි ඩයස් සහ සිදත් වෙත්තමුණිගෙන්. එවැන්නන්ගේ ප්‍රහාර පාසල් ළමයකුගෙන් දකින්න ලැබීම දුර්ලභ ගුණයක්. ඒ නිසා මම දැනගෙන හිටියා අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාවේ දුර ගමනක් යන බව.

    පාසලේ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් තරග නියෝජනය කිරීමට එදා ‍තෝරා ගැනුණා. අද එවැනි පසුබිමක් නැහැ නේද?.

    ඔව්. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ පැළ තවාන. ඒ කාලේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් ඇතුළේ අන්තර්ජාතික මට්ටමට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් සිටියා. අරවින්ද ද සිල්වා සහ මහේ‍ල ජයවර්ධන එවැනි ක්‍රීඩකයන් දෙදෙනෙක්. අරවින්ද හා හා පුරා කියලා 2 වැනි පන්දුවට හයේ පහරක් ගහලා ඊළඟට හතරෙ පාරක් ගහපු හැටි මට තවම මතකයි. අරවින්දගෙන් පස්සේ ආපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයා තමයි සනත් ජයසුරිය. අද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයන් දකින්න ලැබෙන්නේ නැහැ.

    අද ඔබ ක්‍රිකට් විස්තර ප්‍රකාශයෙන් සමු අරන්. වර්තමාන ක්‍රිකට් විස්තර ප්‍රකාශය ගැන මොනවද හිතෙන්නේ?.

    අපි ආරම්භ කරපු දේ ඔවුන් ඉතාමත් හොඳින් පවත්වා ගෙන යනවා. ඒ ගැන මම සතුටු වෙනවා. හැබැයි මෙතනදී එක් කාරණාවක් කියන්න ඕනෑ. දැන් තුන් ඉරියව් ක්‍රීඩක කියලා වචනයක් එකතු වෙලා තිබෙනවා. හැබැයි එය වැරදි වචනයක්. පිතිකරණය, පන්දු යැවීම, පන්දු රැකීම යන අංශ තුනනේ ඔය තුන් ඉරියව් කියලා හඳුන්වන්නේ. එතන ඉරියව් තුනක් නොවෙයි අංශ තුනකින් ක්‍රියා තුනක් තියෙන්නේ.

    මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටිනවා. මෙවර නොහැකි වුණත්, ඊළඟ වතාවෙදීත් අපට ලෝක කුසලානය ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන් ද?.

    නැවත ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ 2023 දී. ලෝක කුසලානය දිනා ගැනීම ගැන පෙනෙන තෙක් මානයක හිතන්න බැහැ.

    වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ඔබේ අදහස කුමක්ද?.

    අපේ අවසාන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ඔහුගෙන් පසු පිවිස සිටින ක්‍රීඩකයන් තවමත් ඒ මට්ටමට ඇවිත් නැහැ. තවදුරටත් පුහුණුවීම් කරලා හොඳින් ක්‍රීඩා කළොත් ඔවුන්ටත් අන්තර්ජාතික මට්ටමට ළං වෙන්න හැකි වෙවී. කුමාර් සංගක්කාර ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ව අබිබවා යෑමේ අවස්ථා දෙකක් අහිමි වුණේ දෛවෝපගත සරදමකින්. 2017 දී ඕස්ට්‍රේලියා භූමියේදී ද්විත්ව ශතකයක් ගන්න ලකුණු 192 ක් ලබා ගෙන හිටපු කුමාර් සංගක්කාර වැරදි තීන්දුවක් නිසා අවාසනාවන්ත විදිහට දැවී යෑමට සිද්ධ වුණා. අවසානයේදී විනිසුරුවරයා ක්‍රීඩාගාරයට පැමිණ කුමාර් සංගක්කාරගෙන් සමාව ඉල්ලුවා. නැවතත් 2012 දී පකිස්තානයට එරෙහි ටෙස්ට් තරගයක කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199 ක් ලබා ගෙන හිටියා. ඒත් ඕවරය අවසාන වී පැත්ත මාරු වීමට සිද්ධ වීමෙන් ඒ අංශයේ සෙල්ලම් කරපු නුවන් ප්‍රදීප් දැවී ගියා. එයින් කුමාර් සංගක්කාරට 1ක් ලකුණක් ලබා ගැනීමේ අවස්ථාව මග හැරුණා. කුමාර් සංගක්කාරට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අබිබවා යෑමේ අවස්ථා ගිලිහී යෑම ගැන මම අදටත් දුක් වෙනවා.

    මේ දවස්වල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?.

    මම ගෙදරට වෙලා මගේ පෞද්ගලික ජීවිතයේ එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා. ක්‍රිකට් ගමට ගෙනියපු අපි මදුරුවො තල තලා ගෙදර ඉඳන් රූපවාහිනියෙන් තරග නරඹද්දි ක්‍රිකට්වලට කිසිම සම්බන්ධයක් නැති අය එංගලන්තයට ගිහින් ක්‍රීඩා පිටියේ ඉඳලා තරග නරඹනවා. ඔහොම තමයි අපේ කල දවස ගෙවෙන්නේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Methuma neda Sanath ho kawruhari gahapu sixer ekakata commentryak denankota live radio eke "අම්මට හුඩු තවත් 6ක්" kiwwe :D
     
    • Like
    Reactions: saturn

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    ඔන්න අද ක්‍රිකට් වෙලා තියෙන දේ හිරු නිව්ස් වලට පෙන්නුවා. රෙදි නෑ ක්‍රිකට් ටීම් එකේ :lol:
     
    • Like
    Reactions: saturn

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    tfs +++

    ප්‍රේමසර ඈපාසිංහ , පාලිත පෙරේරා වගේ අය ක්‍රිකට් ගැන ලියපු පොත් මොනවද
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    "උඩපන්දුවක් දෝ කියා සැකයක් එනවා. නැ.......... ලකුණු 06 යයි.. ලකුණු 06 යයි. අරවින්ද ද සිල්වා හරියට බබරයක් වගේ කැරකි පුල් පහරක් එල්ල කලා" මේ ඔහුගේ හඩ

    ඕනෑම ඇල්මැරුණු ක්‍රිකට් තරගයක වේවා විහිළුවක් කියා, ක්‍රිකට් ආගිය තැන් කියා, ක්‍රිකට් අතීතය කියා, ක්‍රිකට් රසමුසු තැන් ආවර්ජනය කර ප්‍රේක්ෂකයා තරගය තුල රදවමින් කන්කළු හඩින් ප්‍රේක්ෂක මනස තුල ක්‍රිකට් තරගය ජීවමාන කිරීමට හැකි නිපුණ කුසලතාවය දක්වන පාලිත පෙරේරා වැනි නිවේදකයෙක් නැති අඩුව, අද ක්‍රිකට්වලින් ප්‍රේක්ෂකයින් දුරස්වීමට එක් හේතුවක් බව කිව යුතුයි.

    මට නම් සිංහල නම් පාලිත, ඉංග්‍රීසි නම් ටෝනි ග්‍රෙග්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ක්‍රිකට් වලින් තොපිලට ලැබුනු දේ මොකක්ද ? රටට ලැබුනු දේ මොකක්ද ? මෙරටට වැඩිම සoචාරකයන් ප්‍රමානයක් ආවේ ලoකාවේ ක්‍රිකට් හොදටම වැටිලා තියන කාලේ ... ඒකෙන් ඔප්පු වෙනවා සoචාරක කර්මාන්තේ සහ ක්‍රිකට් අතර සම්බන්දයක් නැහැයි කියලා . නිකන් කාලේ නාස්ති වෙන වැඩ ..මොනරාගල දිස්ත්‍රික්කේ හරියට කන්නවත් නැතුව ලමයි දුක් විදිනවා .ඔය යට කරන සල්ලි ඒවට වියදම් කලානම් හරි .ක්‍රිකට් පුහුණු කරුට විතරක් මාසෙකට ලක්ෂ 80ක් ගෙවනවා . මේවා මහ අපරාධ...මේවා සුද්දෝ කාලේ නාස්ති කරන්න පුරුදු කරපු දේවල් .දැන්වත් මේවයින් මිදියල්ලා..:angry::angry::angry::angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ දවස්වල රේඩියෝ ක්‍රිකට් විස්තර විචාරය කරන්න ගිහින් ඉන්න් උන්ගෙ දේශපාලන න්්යාය පත්‍ර නම් එපා වෙනව. බණ ටෝක් දිදී ටීම් එකේ උන්ව කොටවනව. මාලිංගට බනින්න බැරිකමට වාස් ගැන කියවනව. මැතිව්ස්ව හෙන වර්ණනාව. ක්‍රීඩා ඇමති ගැනයි ක්‍රිකට් බෝඩ් එක ගැනයි වර්ණනාව, පරණ බෝඩ් වලට බනිනව. අහන් ඉන්න එපා වෙනව.
     
    • Like
    Reactions: saturn

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මීට කාලෙකට කලින් දවසක් කන්තෝරුවේ වැඩ කර කර ඉන්නකොට උදෙන්ම කෝල් එකක් ආවා..:oo: ෆෝන් එකේ එහා පැත්තේ හිටපු කෙනා පැහැදිලිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කලාට මගේ ඉංග්‍රීසි හොඳ වැඩිකම නිසාමද මන්දා පස්සේ සිංහලෙන්ම කතා කරන්න පටන් ගත්තා..:rofl:

    "කීයටද පුතා ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ..? කීයටද ඔෆිස් එකට ආවේ. උදෙන්ම වැඩට එනවා නේද.. මම ඒත් හිතුවා තාම කවුරුවත් නැතුව ඇති කියලා.. ඔයා තනියමද වැඩ. අනිත් අයත් මේ වෙලාවට එනවද?" වගේ ගොඩක් දේවල් ඇහුවා..:yes: මොකද ඒ වෙද්දිත් වෙලාව උදේ 7:15ටත් නැද්ද කොහෙද..:eek: (ඒ කාලේ ඉඳලම ඉත්තෑවෙක් දුවන සීන් එකක් නිසා කොහොමත් පට්ට උදේ පාන්දර ඔෆිස් යනවා මහා අසාමාන්‍ය වෙලාවල් වල..:baffled:) මෙච්චර උදෙන් කරදර කළාට සමාවෙන්න කියලත් කියන ගමන් ටිකක් විස්තර කතා බහ කරලා තමයි එයාගේ උවමනාව ගැන මට කිව්වේ..:D
    පත්තරේ පළවුණ එයාගේ ආටිකල් එකක් වෙබ්සයිට් එකට හොස්ට් කරව ගන්නයි කෝල් කරලා තිබුණේ.. හැබැයි ඒක කිව්වේ මගේ එක්ක සෑහෙන විස්තර ගොඩක් බොහොම සුහදව කතා බහ කරලා විනාඩි 20ක විතර දුරකතන සාකච්ඡාවකට පස්සේ..:yes:

    අන්තිමටම මගේ වයස එහෙම අහලා "පුතා ඔයා දන්නවද මම කවුද.?" කියලා ඇහුවා..

    මමත් ඉතින් බොහොම ගරු සරු ඇතුව කිව්වා
    "කතා කලාට කවුද කියලානම් දන්නේ නෑනේ" කියලා..
    ෆෝන් එක තියන්න ලං වෙලා තමයි කිව්වේ "පුතා මම තමයි ක්‍රිකට් විස්තර විචාරය කරන පාලිත සිල්වා. දැන් ඔයාට මාව අඳුරන්න පුලුවන්ද.?" කියලා..

    ඇත්තටම මට එතුමා ගැන පුදුම ගෞරවයක් ඇති උනා. උදේ පාන්දර කෝල් කරලා මට වෙච්ච බධාව සුහදව කතා බහ කරලා මග ඇරලා මගේ තොරතුරු එහෙමත් අහලා අන්තිමට තමන් කවුද කියල හඳුන්වලා දුන්නු විදිහ ගැන..

    පස්සේ ඉතින් මමත් කිව්වා රේඩියෝ එකේ කටහඬ අහලා තිබුණාට මෙහෙම සජීවීව කතා ෆෝන් කීන් හරි කතා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම සන්තෝසයි කියලා..:love:

    මට මතක විදිහට ආයේ සැරයක් ඔෆිස් එකට කතා කරපු වෙලාවක මගේ නම කියලා මාව අහලා තිබුණද කොහෙද.. සති දෙකකට විතර පස්සේ මැනේජර් මාව දැකලා පාලිත සිල්වා ඔයාව ඇහුවා, ඔයා එයාගේ මොකක් හරි වැඩක් කරලා දුන්නද කියලා ඇහුවාම මම කිව්වා මම එහෙම කෙනෙක්ව අඳුරන්නේ නෑ කියලා..:baffled: මට අමතක උනා කියහංකෝ..:rofl:
     
    • Like
    Reactions: saturn

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :angry::angry::angry::angry::angry:

    තෝ මොකෙක්ද බොල :baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :angry::angry::angry::angry::angry:

    තෝ මොකෙක්ද බොල :baffled::baffled:

    නෑ බං, මැනේජර් කාරයා කාවහරි අඳුරනවද කියලා අහලා මොකක් හරිම කුණු බාල්දියක් අපේ ඇඟට පෙරලනවනම තමයි..:angry: ඒ නිසා බුවා මොනවහරි ඇහුවාම දන්නේ නෑ සර් කියලා මග ඇරලා යන එක තමයි සිරිත.. ඒ නිසාමද කොහෙද මම එච්චර ගණනකට නොගෙන නෑහ් කිව්වා..:oo:

    කොහොමත් මට මතක නැති උනා බං පාලිත පෙරෙරා කියන්නේ කවුද කියලා..:P එච්චර එපා මට මේ චුට්ටට අමතක වෙලා කලින් කමෙන්ට් එකේ පාලිත සිල්වා කියලා කියහංකෝ ටයිප් කරලා තියෙන්නේ..:sorry: දැන් එක එඩිට් කරලා වැඩකුත් නෑ තෝ එක ගෙඩි පිටිං කෝට් කරලා නිසා..:oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ බං, මැනේජර් කාරයා කාවහරි අඳුරනවද කියලා අහලා මොකක් හරිම කුණු බාල්දියක් අපේ ඇඟට පෙරලනවනම තමයි..:angry: ඒ නිසා බුවා මොනවහරි ඇහුවාම දන්නේ නෑ සර් කියලා මග ඇරලා යන එක තමයි සිරිත.. ඒ නිසාමද කොහෙද මම එච්චර ගණනකට නොගෙන නෑහ් කිව්වා..:oo:

    කොහොමත් මට මතක නැති උනා බං පාලිත පෙරෙරා කියන්නේ කවුද කියලා..:P එච්චර එපා මට මේ චුට්ටට අමතක වෙලා කලින් කමෙන්ට් එකේ පාලිත සිල්වා කියලා කියහංකෝ ටයිප් කරලා තියෙන්නේ..:sorry: දැන් එක එඩිට් කරලා වැඩකුත් නෑ තෝ එක ගෙඩි පිටිං කෝට් කරලා නිසා..:oo:

    :rofl::rofl::rofl::P:P:P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මීට කාලෙකට කලින් දවසක් කන්තෝරුවේ වැඩ කර කර ඉන්නකොට උදෙන්ම කෝල් එකක් ආවා..:oo: ෆෝන් එකේ එහා පැත්තේ හිටපු කෙනා පැහැදිලිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කලාට මගේ ඉංග්‍රීසි හොඳ වැඩිකම නිසාමද මන්දා පස්සේ සිංහලෙන්ම කතා කරන්න පටන් ගත්තා..:rofl:

    "කීයටද පුතා ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ..? කීයටද ඔෆිස් එකට ආවේ. උදෙන්ම වැඩට එනවා නේද.. මම ඒත් හිතුවා තාම කවුරුවත් නැතුව ඇති කියලා.. ඔයා තනියමද වැඩ. අනිත් අයත් මේ වෙලාවට එනවද?" වගේ ගොඩක් දේවල් ඇහුවා..:yes: මොකද ඒ වෙද්දිත් වෙලාව උදේ 7:15ටත් නැද්ද කොහෙද..:eek: (ඒ කාලේ ඉඳලම ඉත්තෑවෙක් දුවන සීන් එකක් නිසා කොහොමත් පට්ට උදේ පාන්දර ඔෆිස් යනවා මහා අසාමාන්‍ය වෙලාවල් වල..:baffled:) මෙච්චර උදෙන් කරදර කළාට සමාවෙන්න කියලත් කියන ගමන් ටිකක් විස්තර කතා බහ කරලා තමයි එයාගේ උවමනාව ගැන මට කිව්වේ..:D
    පත්තරේ පළවුණ එයාගේ ආටිකල් එකක් වෙබ්සයිට් එකට හොස්ට් කරව ගන්නයි කෝල් කරලා තිබුණේ.. හැබැයි ඒක කිව්වේ මගේ එක්ක සෑහෙන විස්තර ගොඩක් බොහොම සුහදව කතා බහ කරලා විනාඩි 20ක විතර දුරකතන සාකච්ඡාවකට පස්සේ..:yes:

    අන්තිමටම මගේ වයස එහෙම අහලා "පුතා ඔයා දන්නවද මම කවුද.?" කියලා ඇහුවා..

    මමත් ඉතින් බොහොම ගරු සරු ඇතුව කිව්වා
    "කතා කලාට කවුද කියලානම් දන්නේ නෑනේ" කියලා..
    ෆෝන් එක තියන්න ලං වෙලා තමයි කිව්වේ "පුතා මම තමයි ක්‍රිකට් විස්තර විචාරය කරන පාලිත සිල්වා. දැන් ඔයාට මාව අඳුරන්න පුලුවන්ද.?" කියලා..

    ඇත්තටම මට එතුමා ගැන පුදුම ගෞරවයක් ඇති උනා. උදේ පාන්දර කෝල් කරලා මට වෙච්ච බධාව සුහදව කතා බහ කරලා මග ඇරලා මගේ තොරතුරු එහෙමත් අහලා අන්තිමට තමන් කවුද කියල හඳුන්වලා දුන්නු විදිහ ගැන..

    පස්සේ ඉතින් මමත් කිව්වා රේඩියෝ එකේ කටහඬ අහලා තිබුණාට මෙහෙම සජීවීව කතා ෆෝන් කීන් හරි කතා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම සන්තෝසයි කියලා..:love:

    මට මතක විදිහට ආයේ සැරයක් ඔෆිස් එකට කතා කරපු වෙලාවක මගේ නම කියලා මාව අහලා තිබුණද කොහෙද.. සති දෙකකට විතර පස්සේ මැනේජර් මාව දැකලා පාලිත සිල්වා ඔයාව ඇහුවා, ඔයා එයාගේ මොකක් හරි වැඩක් කරලා දුන්නද කියලා ඇහුවාම මම කිව්වා මම එහෙම කෙනෙක්ව අඳුරන්නේ නෑ කියලා..:baffled: මට අමතක උනා කියහංකෝ..:rofl:

    ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු වුද , රුපවාහිනියේ ප්‍රථම නිවේදකයා වුද, ගුවන් විදුලියේ හිටපු සිංහල සේවා අධයක්ෂකවරයෙකු වුද පාලිත පෙරේරා වැනි ලොවක් දන්නා පුද්ගලයෙකුට එසේ වුවා නම්................අනෙකුත් හුදී ජනයාට ............
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    නෑ බං, මැනේජර් කාරයා කාවහරි අඳුරනවද කියලා අහලා මොකක් හරිම කුණු බාල්දියක් අපේ ඇඟට පෙරලනවනම තමයි..:angry: ඒ නිසා බුවා මොනවහරි ඇහුවාම දන්නේ නෑ සර් කියලා මග ඇරලා යන එක තමයි සිරිත.. ඒ නිසාමද කොහෙද මම එච්චර ගණනකට නොගෙන නෑහ් කිව්වා..:oo:

    කොහොමත් මට මතක නැති උනා බං පාලිත පෙරෙරා කියන්නේ කවුද කියලා..:P එච්චර එපා මට මේ චුට්ටට අමතක වෙලා කලින් කමෙන්ට් එකේ පාලිත සිල්වා කියලා කියහංකෝ ටයිප් කරලා තියෙන්නේ..:sorry: දැන් එක එඩිට් කරලා වැඩකුත් නෑ තෝ එක ගෙඩි පිටිං කෝට් කරලා නිසා..:oo:

    Matath tepaluna uba Silva kiwwama. aye kalpana kala naluwa neda kiyala :D
     
    • Like
    Reactions: saturn