සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තෙවන පරිච්ඡේදය

    "රිසල්ට්ස් එන්නත් ළඟයි නේද පුතා?"
    "ඔව් ආන්ටි ඊලඟ සතියෙ එනව කියල තමා කතාව"
    "ඒක හොඳයි ඉක්මනින් එන එකනම්...මේ ගෙදර ට වෙලා ඉදල ඇති වෙලා තියෙන්නේ "
    "ඔව් ඉතිං කම්මැලිය වගේ ඉන්නවට වඩානම් දෙකන් එකක් විසදෙන එක හොඳයි "කවීශට ඉඟි කරමින් පැවසුවාය
    "අනේ අම්මා කෙනෙක් දරුවන්ට ඔහොම කියනවද හා"
    "ඒකනේ"අම්මා තේ බන්දේසිය අතට ගනිමින් නැගී සිටියාය
    "ඒ ඒ කවියො ගමනක් යමුද වෙලාවට මතක් උනේ බං"පසිදු කීවේ අම්මා ඉවත්ව ගිය පසුවයි.
    "කොහෙ යන්නද බං මේ ගිනි දවාලෙ"
    "අනේ විකාර කියවන්නෙ නැතුව යමංකො ඉදපං මං සිං ගාල ටී එකක් දාං එන්නං"
    සැනෙකින් අලුත් ඇඳුමක් ඇඟ ලා පැමිණි පසිදු කවීශ ගේ යතුර ද උදුරාගෙන බයිසිකලයට නැග ගත්තේ "අම්මේ අපි ටවුමට යනවා"කියන ගමන් ය.
    "ඒ වරෙන්කො බං ඉක්මන් ට"
    මුවින් නොබැන කවීශ ද පසු පසින් අසුන් ගත් පසු පසිදු වේගයෙන් අතුරු මාර්ග කීපයක් ඔස්සේ ගොස් බස් නැවතුම්පොළ ක නැවතුනේය.
    "මෙන්න මෙහෙන් වාඩි වෙයන්..."
    "යකෝ අච්චර අර ගෙදර පුටු තිබුනා උඹ ට මෙතනට එන්න ඕන උනා වාඩි වෙන්න"කවීශ සිමෙන්ති පඩිය මත අසුන් ගනිමින් කීවේ ය.
    "හරි හරි කියවන් නැතුව ඉදපං...දැං මෙතනට නංගි බබෙක් එනව උඹ කෙල හලනව හෙම නෙවේ..අක්කි බබා බලාගෙන හිටපං හරිද"
    "නෙදකිං චීත්තයක් පස්සෙ ද මේ ආවේ..."කවීශ කටට ආ ඉතිරි වදන් පෙල ගිල ගත්තේ කුඩ ය හකුලා බස් නැවතුම්පොළ ට ඇතුළු වූ යුවතිය නිසාවෙනි .තලෙළු පාටැති වුවද ලගන්නා පෙනුමක් තිබුණු ඈ සාරියකින් සැරසී සිටියාය .කවීශ සංඥා භාශාවෙන් ඇසුවේ මේ කියපු එක ද කියාය  .පසිදු ගල් ගිල්ලාක් මෙන් බලා සිටියා විනා කිසිත් කීවේ නැත.ඈ ද කිසිත් ගනණකට නොගෙන ඉවත බලා සිටියාය .
    "අද නම් වහී නේද බං...කුඩයක් ගෙනාවෙත් නෑ?
    කවීශ බැරිම තැන හඩ අවදි කලේ පසිදු උනන්දු කිරීමේ බලාපොරොත්තු වෙනි.
    පසිදු මුව මත ඇඟිල්ලක් තබා සන් කල නිසා කවීශ ඊලඟට ගලපාගත් වදන් පෙල නවතා ගත්තේය.එසැනෙකින් පැමිණි බස් රතයේ නැගී ඈ නික්ම ගියාය...
    "මොන මගුලක්ද බං ඒ කලේ"
    "තෝ මොකද්ද ගිල්ල මොකාද වගේ හිටියට කෙල්ලො වැටෙනවද...තොපිට උදව්වක් කරත් වැරැදි "
    "යකෝ ඒක එහෙම ඇප්‍රෝච් කරල බෑ ,මේ ලග ක ඉදන් අපේ ගමේ කෙල්ලෙක්ගෙ ගෙදර නතර වෙලා දෙන්න එක්ක ක්ලාස් යනව..උඹ ආපු නිසා ද කොහෙද අද අපේ එකී නෑ දෙන්න හිටියනම් මගෙත් එක්ක පැනල කතා කරන්නෙ ..අනික ඒකි බය උනා උඹ බුම්මන්න වගේ ඔතන හිටියම ඒකයි උනේ.."
    "අනේ උබේ ලොජික්...තමයි"සිංහලේ ගෞරවාර්ථ පදයකින් කෙලවර කල කවීශ ක්ෂනයකින් බයිසිකලය පන ගන්වා ඉදිරියට පැදවූයේ පසිදු ට සිතා ගැනීමටවත් වෙලාවක් නොතබමිනි.
    "ඒ කවියෝ ඔහොම හිටහන්..අඩෝ..."පසිදු කවීශ පසුපස්සේ දිව ගියේ වා තලයේ ස්භ්‍යත්වය නැති කරමිනි.
    *****
    ඉරේෂා පාන්දර යාමයේ උදරයේ දැනුණ ඉතා තද වේදනාවක් සහිතව අවදි වූවාය.අපහසුවෙන් ඇදේ ඉඳගත්ත ද වේදනාව නිසා නැවත ඇද මතට ඇද වැටුනාය.ඒ හඩින් ළඟ නිදා හුන් පොඩ්ඩී අවදි වූවාය .
    "අක්කා මොකෝ කෙදිරි ගාන්නෙ සනීප නැද්ද "
    "බඩ පොඩ්ඩක් රිදෙනවා ඒකයි ඇරිල යාවි "
    "ඉන්න ඉන්න මම අම්මට කතා කරන්නම්."
    "එපා පොඩී අම්මට වද දෙන්න ඕනෙ නෑ ...මෙන්සස් වෙන්න වෙන්න ඇති"
    එසේ වීමට ඉඩක් නොමැති බව දැන දැනම ඉරේෂා මුසාවක් පැවසුවාය.
    පැරසිටමෝල් පෙති දෙකක් ගිල දැමූ ඉරේෂා උදරය ට කොට්ට යක් තද වෙන්නට තබා ගෙන නිදා ගන්නට වෙර දැරුවද පැය කීපයක් යනතුරුම උදරයේ වේදනාවෙන් පීඩා වින්දාය.
    ගැහැනියක වී ඉපදීම ම අකුසල් විපාකය ක් වග වරක් බණකට දේශනා කලා මතකය.දිය නාවා පොල් බිද මහා උත්සව පවත්වා පටන් ගන්නේ මාසයක් ගානේ පව් ගෙවන්නටය.ඇතැම් පිරිමින් ඒ දින වලට බිරිඳ ඇඳේ තබා ගන්නේ පවා නැති බව අසා ඇත.නින්ද ලඟා වනතුරුම ඉරේෂා සිතුවේ මෙවන් දෙවල ය.
    වෙනදා අවදි වන වෙලාව පසුවනතුරුම නින්දේ පසුවූ ලොක්කී අවදි නොකර සිටියේ පොඩ්ඩී කිව් විස්තරය නිසාවෙනි .අම්මා උදේට උයා තේ පියියෙල කරගෙන එන තුරුම ඉරේෂා නින්දේ පසු වූවාය.
    "ලොකූ මොකද දුවේ අමාරුව කෝ මේ තේ එක බීල ඉන්න"
    අපහසුවෙන් අවදිව අසුන් ගත් පසු හිසේ මහා බර ගතියක් දැනුන නිසා ඈ අම්මාගේ උරේ හිස හොවා ගත්තාය .
    "ඉස්කෝලෙ යන්නත් ඕන"
    "දැන් මොන ඉස්කෝලෙ යෑමක්ද වෙලාව අටත් පහු වෙලා ඉස්සෙල්ලා ඔය ලෙඩේට බේතක් කරගමු..."
    "නෑ දැන් ඒක අඩුයි අම්මෙ...තව ටිකක් බලමු"මාසේ මැද නිසා අතමිට සරුවක් ද නැත.ඒ පිළිබඳව නොපවසා ඈ වේදනාව වසන් කරන්නට වෙර දැරුවාය.
    දවල් කාලය වන්නට මදක් සුවයක් ලද නිසා ඉරේෂා ,සමාධි ව ඇමතුවාය.
    "හෙලෝ සමාධි ..මට සනීප නෑ කෙල්ලෙ මගෙ පංතියේ එවුන්ට අද ඇගයීමක් දෙන්න තියේ ඒක පොඩ්ඩක් බලනවද?"
    "අනේ රත්තරනේ අපි මේ හස්බන්ඩ්ලගෙ ගෙදර යනව මස්සිනා එග්සෑම් පාස් වෙලා පොඩි පාටියක්"
    "හානේ හරි ශෝක්නෙ මම විශ් කලා කියන්න ..මම යුවනිට වත් කියන්නම් මගෙ වැඩේ"
    "හරි කෙල්ලෙ බුදු සරණයි !"
    "බුදු සරණයි !"
    ***--------*******
    දුරකථන ය නාද වනු ඇසී නින්දේ පසු වූ කවීශ අවදි වූයේ හිතින් බැණ වදිමිනි.
    "හෙලෝ කවියා.."
    "ආ කියපං උබ අදත් බස් හෝල්ට් එකේද ඉන්නෙ වෙලාවත් හරිනේ"
    "මගුලක් කතා කරනව ...රිසල්ට් දාල යකෝ..."
    "අප්පට සිරි උබ මගෙ එකත් බැලුවද මොකද වෙලා තියෙන්නෙ"
    "වෙලා තියෙන එකෙන් වැඩක් නෑ දීපන් පාටියක් තොට ෆස්ට් ක්ලාස් එකක් තියෙනව..."
    කවීශ ට දැනුන සතුට දරා ගත නොහැකි තරම්‍ ය .වසර හතරක් තිස්සේ දඟ දැම්මේ මේ උදෙසා ය.ඒ මහන්සි යේ ප්‍රතිඵල අද ලැබී තිබේ.
    "උබ්ට කොහොමද ?"
    "මට සෙකන්ඩ් අපර් එකක් තියෙන්නෙ"
    "අඩෝ එලනේ ...මම උබට කෝල් එකක් ගන්න්ම් අම්මලාට කියල එන්නම්"
    "පාටිය අමතක වෙයි හරිද"
    "අම්මෙ...අම්මේ"
    කවීශ ගේ හඩ ගෑමට බියවී අම්මා දිව ආවාය.අම්මාව වැළඳගත් කවීශ ඈව ඔසවා ගත්තේ සතුටින් ඉපිලෙමිනි.
    "මොකද කොල්ලෝ මාව බිමිං තියනවා"
    "මට ෆස්ට් ක්ලාස් එකක් තියේ"
    "අනේ රත්නත්තරේ පිහිටයි මගෙ කොල්ලට"
    දෑසට නැගි කදුලු පිස දමමින් ඈ කවීශ ගේ හිස සිම්බාය.
    අප්පච්චි කෝ
    "ඔය ඉන්නේ"අප්පච්චී ද කාලගෝට්ටිය ඇසී එතැනට පැමිණ සිටිනු කවීශ දුටුවේ එවිටය.අප්පච්චි ට වැද නමස්කාර කරන විට අප්පච්චි ගේ ඇස් වලද කදුලක් දිලිසෙනු පෙනිණ.
    "මගෙ කොල්ල දස්සය "
    "ආ එතකොට මගෙ කොල්ල අපේ නෙවෙයි"අම්මා බොරු නෝක්කාඩු වකින් කීවේ සිනා මවමින් ය.
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ******
    කවීශ ගේ සහ පසිදු ගේ දෙමාපියන් ද සමීපතම යන් වීම නිසා පුතුන්ගේ ජයග්‍රහණය සැමරීම ට කවීශ ගේ නිවසේ පුංචි සාදයක් සංවිධානය කෙරුනි.අම්මා ගේ දැනුම් දීමෙන් කවීශ ගේ අයියා සහ සමාධි ද සාදය සදහා සහබාගී වීමට එන බව දන්වා සිටිය හ.කෑම වේලෙන් පසුව සාලයේ එකතු වූ සැවොම සතුටු සාමීචියේ පසුවූහ.
    "හා කොල්ලෝ සිංදුවක් කියමු" ඒ කවීශ ගේ අප්පච්චි ය
    "ඔව් පුතා පටන් ගන්න බලන්න"
    "එපා සදේ ඔබේ සිනා මේ රැයේ...."
    පසිදු ද ලග තිබුණු බාජනයක් ගෙන තාල ය අල්ලන්නට විය
    පිය වරු දෙදෙනා රහසේම මදුවිත පානය කර තිබීම ගැන උරනව සිටියත් අම්මලාද ගීත සාදයට එක්ව සිටියහ.ගී  ගැයීමට දක්ෂ වූ සමාධි ද හරි හරියට සාදය රසවත කිරීමට දායක උනාය.දුරකථන ය නාද වීම නිසා සාදය අතරින් නැගිට ගිය සමාදි දුරකථන ය අතැතිව ආපසු ආවාය.පිය වරු දෙපල හරි හරියට උස් හඩින් ගී ගයන්නට වූ නිසා කතා බහ කරන දෙයක් වත හරියට ඇසෙන්නේ නැත.
    "ආ මෙන්න යාලුවෙක්.."
    දුරකථන ය දිගු කරමින් සමාධි කීවාය.
    "කව්ද අක්කා...?"
    දුරකථන ය අතට ගනිමින් කවීශ එතැනින් ඉවත් වූයේ ඝෝෂාව නිසා ය.
    "හෙලෝ.."
    "ආ ක්න්ග්‍රජුලේෂන් මල්ලියෝ ..."
    "ම්ම්ම් තෑන්ක්ස්....ආනේ ඉරේෂා අක්කා නේද "කවීශ මදක් නිහඬව සිටියේ ඇයව හඳුනා නොගත් නිසාවෙනි .
    "අපිව මතකත් නෑ නේද..."
    "අනේ නෑ අක්කා...මොකද කරන්නෙ ඉතින්"
    හිතේ සතුටක් පිරෙන්නේ අනාරාදිතවය.
    "වැඩ තමයි මල්ලියෝ සනීප නෑ ටිකක්"
    "අයියෝ ඒ මොකද ...බේත ගත්තද"
    "බේත ගත්තේ නම් නෑ මල්ලි බඩේ අමාරුව ක්..අඩුයි දැන්"
    "අනේ අක්කා පිස්සු නැතිව බේත් ටිකක් ගන්න හොඳ ළමය වගේ ...ගන්නව නේද..?"
    මෙ ඉල්ලීම ඉවත දමන්නට බර වැඩිය.
    "හරි බලමුකො අඩු නොවුනොත් ගන්නම්කො ..."
    "එහෙම හරියන් නෑ ...මම තරහයි බේත් ගත්තේ නැත්තම් "
    "හරි කොල්ලො මම ගන්නම්කො .තියන්නම් එහෙනම් ..බුදු සරණයි ! "
    "බුදු සරණයි ! අක්කා"
    යටපත්ව තිබූ ඉරේෂා අක්කා පිළිබඳ මතකය හිතේ ඉහලට ම පැමිණ තිබේ.
    *********
    කවීශ මල්ලී පිළිබඳව නිකමට වත් මතක් නොවූයේ පසුගිය සමයේ සිදුවූ කරදර නිසාය.ඔහුට කතා කර සුභ පැතීමට ඇත්නම් යැයි සිතුනේ කුමක් නිසා දැයි නොවැටහේ.කතා බහ කල සුලු කාලය පවා සුන්දර වූවකැයි හැඟේ.එසැනින්ම ඉරේෂා ගේ සිතට පිවිසියේ වරදකාරී හැඟීමකි.බන්දුල මුණ ගැසුනේ විද්‍යාපීඨයේ දී ජේෂ්ඨ කන්ඩායමේ සාමාජිකයකු ලෙසය.අදටත ඔබට මා ආදරෙයි කියා එලඹි ගිවිසුමක් නැත.පසු පස්සේ එමින් ඒ දවස් වල ආදරය ඉල්ලා සිටි හැටි මතකය.ආදරය යනු ඉල්ලා ගත හැකි දෙයක් නොවෙතැයි තර්ක කල තමාම බන්දුල හා හාද වූයේ මන්දැයි විටෙක සිතේ.නොගැලපීම් කොතෙක් ඇතත් ඒවා නිවරද කර ගනු හැකි වෙතැයි විශ්වාසයක් ඇත.
    "එක්කො ඕන නෑ"
    "මම ලව් කරන්න කතා කරනව නෙවෙයිනෙ ..."
    ඉරේෂා සිතත් සමග විවාදයක පැටලුනාය.
    සමාධි මොකුත් හිතුවොත්...නෑ එහෙම මොනා හිතන්නද
    "හෙලෝ මල්ලිට විශ් කරන්න ගත්තෙ කෝ කොල්ල"

    ඒ හඩ ඇසෙන විට හිත ගැස්සුනේ මන්දැයි නොදැනේ.ජීවිතේ හරි වැරදි මේ යැයි කියා සංස්කෘතික සමච්ඡේදයක් ඇදිය හැකිද.කොහේදෝ උන් තමා ගැන වගකීමක් දරා ගත් හැටි.බන්දුල කීවේ හැම එකටම බේත් ගන්න දුවන්න එපා කියාය.  කවීශ මල්ලිට තරම් වත් මා කෙරේ වගකීමක් නැති ද.

    *****
    සාදය නිමාවී පසිදු සහ පිරිස පිටව ගිය පසු කවීශ ඇදට ආවත් නිදිමතක් නම් නැත.අංකය මතක තබා ගන්නට අපහසු වූයේ නැත.
    "සමාවෙන්න අක්කි බබෝ කරදර කරනව නම් ..මට අදාල නැති වෙන්න පුලුවන් මේ කාරනාව ..ඒත් ඔයාගෙ මල්ලි කියල හිතල පුලුවන් නම් හෙට බේත් ගන්න යන්න..gn...කෙටි පණිවුඩ යක් තැබූයේ හිතේ චකිතයක් ද සමගය.
    "අනේ හොරෝ කොහෙන්ද මගෙ නම්බර් එක..ම්ම්ම්...බේත් ගන්නම්කො..දැන්ද පාටි ඉවර උනේ"
    "ඒක කොහෙන් හරි හම්බ උනානේ..ගොඩක් අමාරු උනාද "
    "එහෙමටම නෑ මල්ලියො..මොකද් ද අර අදාල නැති කතාව ...මල්ලි නෙවෙයිද අක්කව බලා ගන්නෙ එතකොට"
    "බලන්න නම් ආසයි ඉතිං"
    "අනේ යනව යන්න බූරු පැටිය ගුඩ් නයිට් බායි"
    "ගුඩ් නයිට් අක්කි බබෝ"
    හිතේ සතුටත් ගතේ මහන්සියත් නිසාම නින්ද ආශිර්වාදයක් ම විය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හතරවැනි පරිච්ඡේදය
    පසු දිනට අවදි වූයේ ද හිත පිරුනු සතුටිනි.කවීශ කුස්සියට යන විට අම්මා සහ සමාධි අක්කා බර කතාවකි.හිතට චකිතයක් පිවිසුනේ ඉබේට ම ය.
    "good morning ....අක්කා"
    "ගුඩ් මෝර්නිං මල්ලි..මොකද ප්ලෑන් එක ගවර්මන්ට් යනවද ප්‍රියිවට් සෙක්ටර් එකට ජොයින් වෙනවද?"
    "තාම හිතුවෙ නෑ අක්කා පෙන්ෂන් බලාගන ගවර්මන්ට් එකකට ගියාට ඒ ගාන හොයාගන්න පුලුවන් ප්‍රියිවට් ගියාම ...අපි ට්‍රේනිං හිටිය කම්පැනීස් කීපයක් ම අපිව ගන්න කැමතියි කියල කතා කලා පහු ගිය ටිකේ...බලන්න ඕන"
    "ඒක ඇත්ත මල්ලි ...අපෙත් ටියුෂන් කරන උන් මාර විදියට හම්බ කරන්නෙ..ඉරේෂා ගෙ බෝයි ඉස්කෝලෙන් අයින් වෙලා ටියුෂන් විතරක්ම කරනව..හැබැයි මාර කුණා"
    සමාධි කිව්වේ සිනාවකින් වුවත් කවීශ ට දැනුනේ හදවතට ලද පිහි පහරක් ලෙසටය.ඉරේෂා අක්කට කොල්ලෙක් ඉන්නව..කවීශ වහා අනෙක් පසට හැරුනේ මුහුණේ වෙනස අක්කා දකීවි යැයි ඇතිවූ බිය නිසාවෙනි.
    "කවුද අර දෙවෙනිට හිටපු ලමයද ඉරේෂා කීවෙ"අම්මා කවීශ ට තේ එක අතට දෙමින් ඇසුවේ සමාධි දෙසට හැරෙමිනි.
    "ඔව් අම්මා ..."
    "අහින්සක පාටයි ඒ දුව නම් නේද"
    "මගෙ පොඩි කාලෙ ඉදන් යාලුව ...හරි උත්සාහ වන්තයි අම්මා ...අපිට හැරෙන්නවත් බෑ එයා එක්ක.උදේට උයල කරල තමයි ගෙදරින් එන්නෙ."
    කවීශ ගේ සිතට ඉරේෂා කෙරෙහි උපන්නේ අනුකම්පාවකි .සමාධි අක්කා පැවසූ වදන් සිත තුල දෝංකාර දෙනු ඇසේ .මුලින් ම සොයා බැලීමට තිබුණේ ඒ පිළිබඳව ය .ඇයට තෝරා ගැනීමක් තිබේ නම් ඒ ගැන අභියෝග කළ නොහැක .ආදරය බලෙන් ලබා ගැනීමත් තවකෙකුගෙන් උදුරා ගැනීමත් නොකල යුත්තකි. සිත පවසන්නේ ඇගෙන් ඒ ගැන යමක් හෝ විමසන ලෙසයි .එය කෙතරම් ආචාරශීලී දැ යි සිතුනත් කවිෂ ව්‍යංගයෙන් විමසා හෝ තහවුරු කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් දැනුණි .
    "බෙහෙත්  ගන්න ගියාද අක්කා.."කෙටි පණිවිඩය සටහන් කළ කවිශ එය නැවත මකා දැමුවේ ය.බෙහෙත් ගන්නට යන්නේ ඔහුත් සමග නම් ?ඇයව සැකයට ලක් වීමට ඉඩ තැබිය යුතු නැත.සමාධි අක්කා කියූ ලෙසට ඔහු "කුනෙක් " නම් බොහෝවිට අනවශ්‍ය දේටත් ඈව සැක කරනු ඇත.ඉරේෂා යනු ලෝබ කමින් රැක ගත යුතු යුවතිය කි..
    උදෑසනින් ම හිතේ තැවරුනේ දුක්බර බවකි.මේ ගැන කතා කල හැකි කෙනෙක්ද නිවසේ නොමැති වීම නිසා කවීශ පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.
    *******
    අද පාන්දරත් තද බල ලෙස දැනුන උදරයේ වේදනාව නිසා ඉරේෂා බේත් ගත යුතු බවට ඉටා ගත්තාය.කවීශ මල්ලීගේ ඉල්ලීම සිත මතට ආවේ නිරායාසයෙනි .ගැහැනියක ලෙස පිරිමියෙකු ගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය සහ ආරක්ෂා වය..එය මිනිස් සංහතියේ මුල් පුරුකේ පටන් පැවතෙන ස්වාභාවික නියමයකි.
    "හෙලෝ බන්දූ වැඩකද ඉන්නෙ..."දෙතුන් වරක් උත්සාහ කල පසු බන්දුල දුරකතනයට පිළිතුරු දුන්නේ ය .එය ඔහුගේ ස්වභාවය බැව් දන්නා නිසා ඉරේශා කලබල වූයේ නැත .
    "නෑ කියන්න ..."
    තමා අසනීපයෙන් වග දැන දැනත් ඒ ගැන නොවිමසන හැටි.ඉරේෂා ට ඔහු කෙරේ උපන්නේ කෝපය කි.
    "මගේ බඩේ කැක්කුම අඩු නෑ අනේ බේත් ගන්න ඕන"
    "එච්චර අමාරුද....අද ඉකෝන් රිවිශන් එක තියේ ඒක කට් කරන් යන්න නම් බෑ ...කොහෙන්ද ගන්නෙ බේත්"
    "ආ මට අමතක උනා..මම ගිහින් ගන්නම්"ඔහු කිසිත් පැවසීමට පෙරාතුව ඈ ඇමතුම විසන්ධි කළා ය .උදරයේ වේදනාවට වඩා ඇත්තේ හිතේ වේදනාවකි .නෙතගට කදුලු පිරීමට ගියේ නිමේෂයකි .ජීවිතයේ බරපතළකම දන්නා කාලයේ පටන් විදි දුක් කම්කටොලු අපමණය.බන්දුට ළං වීමට ද එය එක් හේතුවක් වූවා මතකය .එදා තමා පසුපස පසු පස වැටුණු බන්දුම දැයි සිතට සැකයක් දැනේ .හිත පිරෙන්නට ආදරේ දැනුණු දවසක් දවසක් මෑත ඉතිහාසය තුළ නොමැත .සිනමා අඳුරක තනි වූයේ මාස ගණනකට පෙර ය .අප අතර ඇත්තේ ආදරයක් ම දැයි විටෙක හැඟේ.හිතට බොහෝ දේ ආවත් ඇය නිහඬවම සිටියාය .බෙහෙත් ගන්නට යන ගමන යන්නට තරම් හොඳ මානසිකත්වයක් නො මැත .ඒත් කොයි හරි මොහොතක කවිශ මල්ලි බෙහෙත් ගන්නට ගියා දැයි විමසනු ඇතැයි ඈ සිතුවාය .ඔහුට මුසාවක් පැවසීමට ද හිත ඉඩ දෙන්නේ නැත .
    දුරකතනය නාද වීම නිසා සිතුවිලි සමුදාය බිඳ වැටුණි.කවීෂ මල්ලිගේ නම දුරකථනයේ සටහන්ව තිබේ .ඔහුට කුමක් පවසන්න දැයි සිතාගත නොහැකිව ඇය මඳක් සිටියාය .
    ********
    "හෙලෝ පසියා..."කවීෂ පසිඳු ඇමතුවේ කීප වරක්ම සිතා බලාය
    මේ ගැන කතා බස් කිරීමට මේ මේ මොහොතේ පසිදු තරම් සුදුස්සෙකු නොමැත .
    "මොකද බං නිදාගන්නවත් දෙන්නේ නැත්තේ "
    "මේ අහපන්කො ...අර ඉරේෂා අක්කාට කොල්ලෙක් ඉන්නවලු බං"
    "මොන ඉරේෂා ද බං ...උඹ ඕක කියන්නද ගත්තෙ "
    "අර දෙවෙනි මනමාලි හිටපු ඉරේෂා අක්කා ..."
    "ඒ කවියෝ උඹ එක ගැන සිරාවට ද කීවේ බං ...මේ අනුන්ගේ ගෑනුන්ට ලව් කරන් නැතුව පාඩුවෙ හිටහං..පිස්සුද යකෝ"
    "අනේ මන්ද බං ..මම තියන්නම් "
    ඇත්තටම මේ හිතට වදදෙන්නේ ආදරයම දැයි කියන්නට දන්නේ නැත .ඒත් හිත හඩන්නේ ඔබ වෙනුවෙනි .පළමු බැල්මෙන් උපන් ආදරයක් අපට නැත .එනමුත් ඇගේ සොඳුරු ලෙන්ගතුකම මග හැර යා නොහැක .ගැහැණු සිතක් ළඟ සිත මෙලෙස දුබල වූවා මතක නැත .
    "ඕන මගුලක් "කවිෂ දුරකථනය ගෙන ඉරේෂා ඇමතුවේ ය .
    බොහෝ වේලා නාද වුවත් ඇය පිළිතුරු දුන්නේ නැත .
    "good morning මල්ලියො "අවසාන මොහොතේ ඈ පිළිතුරු දුන්නා ය
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අද නම් තව කොටසක් දාන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් දැනුයි ආවෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද නම් තව කොටසක් දාන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් දැනුයි ආවෙ

    එල එල.... හෙට තව කෑල්ලක් දාමු..... පට්ට මචං කතාව...
    කාලෙකින් මේ ගේ කතාවක් කියවන්නේ..
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හෙලෝ පසියා..."කවීෂ පසිඳු ඇමතුවේ කීප වරක්ම  සිතා බලාය
    මේ ගැන කතා බස් කිරීමට මේ මේ මොහොතේ පසිදු තරම් සුදුස්සෙකු නොමැත .
    "මොකද බං නිදාගන්නවත් දෙන්නේ නැත්තේ "
    "මේ අහපන්කො ...අර ඉරේෂා අක්කාට කොල්ලෙක් ඉන්නවලු බං"
    "මොන ඉරේෂා ද බං ...උඹ ඕක කියන්නද ගත්තෙ "
    "අර දෙවෙනි මනමාලි හිටපු ඉරේෂා අක්කා ..."
    "ඒ කවියෝ උඹ එක ගැන සිරාවට ද කීවේ බං ...මේ අනුන්ගේ ගෑනුන්ට ලව් කරන් නැතුව පාඩුවෙ හිටහං..පිස්සුද යකෝ"
    "අනේ මන්ද බං ..මම තියන්නම් "
    ඇත්තටම මේ හිතට වදදෙන්නේ ආදරයම දැයි කියන්නට දන්නේ නැත .ඒත් හිත හඩන්නේ ඔබ වෙනුවෙනි .පළමු බැල්මෙන් උපන් ආදරයක් අපට නැත .එනමුත් ඇගේ සොඳුරු ලෙන්ගතුකම මග හැර යා නොහැක .ගැහැණු සිතක් ළඟ සිත මෙලෙස දුබල වූවා මතක නැත .
    "ඕන මගුලක් "කවිෂ දුරකථනය ගෙන ඉරේෂා ඇමතුවේ ය .
    බොහෝ වේලා නාද වුවත් ඇය පිළිතුරු දුන්නේ නැත .
    "good morning මල්ලියා "අවසාන මොහොතේ ඈ පිළිතුරු දුන්නා ය
    "අනේ සොරි අක්කා ඩිස්ටර්බ් කරා නම් ...කොහොමද දැන්..?"
    "මොන ඩිස්ටර්බ් ද අනේ..අදත් පොඩ්ඩක් අමාරු තිබුණා මල්ලි..හවසට බේත් ගන්නව"
    "හොඳ ළමය ...අයියත් එක්කද යන්නෙ..?"කවීශ අවශ්‍ය කාරනාව ට බැස්සේ ය.
    "එයාට වැඩ මල්ලි ...අම්ම එක්ක යනව ..ම්හ්"හැඩුම් ආවේ නොසිතූ ලෙසිනි.
    "අනේ මම වැරැදි දෙයක් ඇහුවද ...අක්ක අඩනව නේද ?"කවීශ මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ නැත.
    "නෑ නෑ කොල්ලො..බඩ කැක්කුම යි.."මගේ වේදනා නුඹ ට පැවරිය යුතු නැත.
    "අනේ ඔහොම අමාරු තියන් හවස් වෙනකල් ඉන්න බෑනේ අක්කා.උදෙන් පෙන්නගන්න බැරිද ඩොක්ටර් කෙනෙක් ට"
    "බලන්නම් මල්ලි මම ගිහින් ඇවිත් ඔයාට කියන්නම්කො.බුදු සරණයි එහෙනම් "
    "බුදු සරණයි අක්කා..පරිස්සමෙන් "
    තම පෙම්වතිය වෛද්‍ය වරයෙකුට පෙන්වීමට යන මොහොතේ පවා ඇය සමග නොයන පෙම්වතෙකු කුමට ඇසුරු කරනවාද.මෙය ඉරේෂා අක්කාට පැවසිය නොහැකි නිසා ඉවසා සිටිනු හැර කල හැක්කක් නොමැත.මේ තාක් ජීවිතේ අයිතිකර ගැනීමට සිතුනේ ඔබම පමණි ...ඒ වග මසිතේම තිබුණා වේ..
    උදේ පාන්දර ම හැඩූ නිසා හිසේ බර ගතියක් දැනේ.ඉරිදා දිනය නිසා වෛද්‍යවරුන් කලින් හමු වීමට ඉඩ ලැබෙනු ඇත.අතේ ඇත්තේ වියදමට තබාගත් සුලු මුදලක් පමණි .දුරකථනයෙන් අංකයක් ලබා ගත හැකිවීම පහසුවක් වුනේය.අම්මා සමග හැද පැලදගෙන මගට බසින විට එකොලහ පසුවී තිබුණි.බන්දුල නොඑන්නේ මන්දැයි මුවින් නොවිමසුවත් අම්මාගේ සිතේ තෙරපෙන පැනයක් බවට සැක නැත.ඉරේෂා බන්දුව නිවරදි කිරීමට නොගියේ හිතේ තිබුණු නෝක්කාඩු ව නිසාය.ඔහුට එන්නට තිබුණා නේද ..පමණ ට වඩා කවීශ මල්ලි ලංකර ගැනීමත් නුවනට හුරු නැත.ඔහුගේ සිතේ තමා කෙරේ හැඟීමක් ඇති බවක් දැනෙන්නේ මුලසිටන්මය.ඒත් ඊට රුකුල් දීමෙන් සිදුවන්නේ ඔහු නිරපරාදේ දුකට පත් වීම පමණි .තම නොම්බරය කතා කරනතුරු පෝලිමේ අසුන් ගෙන හුන් ඉරේෂා ට වටපිටාව කාලය ගැන හැඟීමක් තිබුණේ නැත.කොහේදෝ තිබූ සාංකාවක් හිතේ තැවරී තිබේ.
    තම අංකය කතා කල පසු රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත පිවිසුනේ හිතේ ගැස්මක්ද සමගිනි.අද කාලයේ අසන්නට දකින්නට ලැබෙනුයේ පුදුමාකාර රෝග තත්ත්වය න් ගැනය.දුක් විඳිමින් ජීවත් වනවාට වඩා මරණය සැපකි.
    සැප අසුනක බරට වාඩි වී උන් මැදි විය ඉක්මවූ වෛද්‍යවරයා ඉරේෂා ට අසුන් ගන්නා ලෙස සන් කලේය.
    මොකද අමාරුව දරුවො...
    බඩ රිදෙනවා ඩොක්ටර් ..ඉරේෂා තම අපහසුතා ගැන කියවාගෙන යන විට සාවදානව අසා සිටි වෛද්‍යවරයා ඈව පරීක්ෂා කිරීමෙන් පසු මද කල්පනාවක සිටිනු දුටු ඉරේෂා ගේ දෙපා හිරි වැටී ගියේය.
    "අපි යූරීන් එකක් කරල බලමු ...බඩෙ ගෙඩියක් වගෙ අහුවෙනව ස්කෑන් එකක් කරගෙන එන්න කො බලන්න..ඕනෙ නම් ඉස්පිරිතාලෙන් කරගන්නත් පුලුවන් "
    "එහෙම පුලුවන් නම් හොඳයි සර්"ඉරේෂා දෙවරක් නොසිතාම කීවාය.අපි කන හැටි දන්නේ ලිපා පමණි .
    "ආ මේ ලෙටර් එක අරන් ක්ලිනික් එකට එන්නකො මම ඇරේන්ජ් කරල දෙන්නම් ..දැනට මේ බේත් ගන්න මේව වේදනාව අඩු කර්නව විතරයි හොඳද"
    හිතේ තිබුණු දුක තවත් වැඩි වූවා සේ දැනේ .ජීවිතේ මේ යැයි කියා අත්පත් කරගැනීමට දෙයක් නැත.තමාට මොනවා හරි උනොත් පොඩ්ඩිගේ ඉගෙනීමත් පවුලේ ආර්ථික යත් බිමට කඩන් වැටෙනු ඇත.උදරය ආශ්‍රිතව ඇතිවන රෝග වට්ටෝරුවක් ඇගේ සිතට ආවේ අනාරාදිතවය .ආටෝපයට මරණය සැපක් කීවත් අපි ජීවත් වීමට කොයි තරම් නම් ආසද.
    *****
    ඇයට හැඬුම් ආවේ වේදනාව ටම දැයි වරක් කවීශ ට සිතුනේය.ඒ දෙබස් වල පුරුදු ගීතවත් බව තිබුණේ නෑ නේද...තමාගෙ උවමනාව ඉෂ්ට කර ගන්නට යාමෙන් ඇගේ සිත රිදුනා නොවේද .
    වේලාව ගමන් ගන්නේ බොහෝ සෙමිනි ...දවස මේ තරම් දිගු දැයි කවීශ ට සිතනේය.ඉරේෂා අක්කා දැන් නම් බෙහෙත් ගෙන ගෙදර ඇවිත් ඇති.ඇය ඒ පිළිබඳව දැනුම් දෙන බැව් කිව් නිසා නැවත විමසා සිටීමටත්  නොහැකි ය.දුරකථන ය නාද වෙනු ඇසී කවීශ දුරකථනය අතට ගත්තේ
    බලාපොරොත්තු පිරි සිතිනි.
    "හෙලෝ කවියා..."පසිදුගේ හඬ අනෙක් පසින් ඇසේ.
    "නෙදකින් ගෙවලයා උඹ ද..."
    "ආ අක්කි බබා කියලද හිතුවෙ...මම ඒක අහන්න මයි ගත්තෙ මොකක්ද උබ අර උදේ පාන්දර කියවපු හරුපෙ"
    "හරුපයක් නෑ මම ඒකිට ලව් එච්චරයි ..."
    "අප්පටසිරි නයා...මයි හාට් ෆෙල්ට් කොන්ඩෝලන්සස් බ්‍රෝ...අනේ ඉදල ඉදල උඹත් වෙන එකෙක්ගෙ ගෑනියක් හොයා ගත්තනෙ ලව් කරන්න "
    "අඩෝ ගෑනි ගෑනි කියන්න එපා හරිද..ඒක නෙවේ බං සිරාවටම අවුලෙන් බං මම ඉන්නෙ"
    "පිස්සුද බං උබට ඒකි අක්ක කෙනෙක් ඒ මදිවට නෑනගෙ හොඳ ම යාලුව උඹ හිතනවාද අම්මල එහෙම කැමති වෙයි කියල ..මැණික් ඇන්ටිට හාට් ඇටෑක් එයි ඔහොම මගුලක් දැනගත්තොත්..ඒකිට කොල්ලෙකුත් ඉන්නව නම් ඕකට බහින්න එපා කියලයි මම නම් කියන්නෙ මචං"
    "අනේ මංද බං ...බලමුකො"
    "මේ ඒක නෙවෙයි  සන් රයිස් එකෙයි මිලානෝ ගෲප් එකෙයි  ඉන්ට්විව් තියෙනව කියල නෙට් එකේ දැක්කා..අද හෙටම අනිත්වගෙත් වේකන්සි සෙට් වෙයි"
    "ඔව් දැං ඒ වැඩේ බලන්නත් ඕන තමා බං"
    "මොකක් හරි සෙට් උනොත් කියපං..මම තිබ්බ එහෙනම්..ආ මේ ආදරේ පරිත්‍යාගය කි කියල හිත හදාගනින් අක්කි බබාගෙ මිනිහට කරදර කරනව හෙම නෙවේ.."
    "අනේ ...පං"කවීශ සුභ පැතුමකින් දුරකථන ඇමතුම අවසන් කලේය.
    ****

    නිවසට ලගා වනවිට හවස හතර කනිසමට ආසන්නය.හිතේ වෙහෙස නිසාම ගතද මලානිකව ඇත්තාසේ දැනේ.හංදියේ කරත්තයෙන් ගත් කඩල ගොටු දෙක අප්පච්චි ටත් පොඩ්ඩීටත් දුන් ඉරේෂා ඇදේ හාන්සි වූවාය.සිදුවූයේ කුමක්දැයි කියා කවීශ මල්ලිට පැවසීම යුතුකමකි.ඔහුගේ බලවත් පෙරැත්තය ද මේ ගමනට හේතුවකි.බන්දු නිකමටවත් සිදුවූයේ කුමක්දැයි විමසුවේ නැත.වැඩ ඇති කියා සිත රවටන්නට හැදුවත් .මා ගැන සොයා බැලිය යුතු නැතිදැයි සිත විමසන විට ඈ අසරණ වූවාය.
    "මම ආව මල්ලි ..බඩෙ ගෙඩියක් වගෙ කියල ක්ලිනික් දැම්මා.හොස්පිටල් එකෙන් ස්කෑන් කරගන්න කිව්ව.මහන්සියි.gn!"
    ඉරේෂා කෙටි පණිවිඩය තැබුවේ එය සංවාදයකට නොපෙරෙලෙන ලෙසය.මේ තාක් දුර රැකගත් පතිවෘතාව කිලිටි කර ගත යුතු නැත.කවීශ මල්ලී කොයිතරම් හොඳ අයෙකු වුවත් මා හට ඔබ සමග යා හැකි මගක් නොවේ.ජීවිතේ හැමදේම අප පැතූ ලෙසම ලැබෙන්නේ නැත.ලැබුණු දෙයට හැඩ ගැසීම ජීවත් වීම ය.
    පුරුදු ලෙංගතුකමින් තොර කෙටි පණිවුඩය දෙවරක්ම කියවා බැලූ කවීශ ට ඇති වූයේ දුකකි.එනමුත් ඇගෙන් ආදරයක් පැතීම පවා කෙතරම් අසාධාරණ දැයි ඔහු සිතුවේය.බඩේ ගෙඩියක් නම් එය කොතරම් නරක තත්ත්වයක් දැයි දැන ගැනීමට අවශ්‍ය වුවත් ඇගේ ප්‍රතිචාරය නිසා ඔහු ඉවසා සිටියේය.
    "හරි අක්කා ගුඩ් නයිට් පරිස්සමෙන් "කවීශ පිළිතුරු ලෙසින් සටහන් කලේය.
    *****
    සති දෙකක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කීපයකටම සහබාගී වූ කවීශ සහ පසිදු රස්සා සෙවීමෙන් හෙම්බත්ව සිටිය හ.ඇතැම් ආයතන බලාපොරොත්තු වන්නේ මරවා හෝ ඔවුන්ගේ කාරිය කර ගැනීමටය .එයත් සොච්චම් පඩියකටය.
    "බලපංකො ඉතිං ක්ලාස් දාල වත හරි හමං ජොබක් සෙට් කරගන්න බැරි හැටි.කලිං වගේ ටියුෂන් එකක් ගොඩ දා ගත්ත නම් පරම්පරාව කට ඇති"පසිදු කීවේ බිඳුණු සිතිනි.
    "එහෙම කියලත් බෑනෙ බං තව දෙක තුනක් බලමු මෙච්චර කරගත්තු එකේ.."
    මෙලෙස ගතවූ අවිවේකී සති කීපයක ට පසුව කවීශ ඉද්දමල්ගොඩ පාමසියුටිකල් ආයතනයේ ත් පසිදු වෙනත් පෞද්ගලික ආයතනයකත් රාජකාරි භාර ගත්හ.මේ කාලය පුරාවට ඉරේෂා සහ කවීශ ගේ සබැඳියාව ගුඩ් නයිට් ගුඩ් මෝනිං වලට පමණක් ම සීමා වී තිබිණි.