තෙවන පරිච්ඡේදය
"රිසල්ට්ස් එන්නත් ළඟයි නේද පුතා?"
"ඔව් ආන්ටි ඊලඟ සතියෙ එනව කියල තමා කතාව"
"ඒක හොඳයි ඉක්මනින් එන එකනම්...මේ ගෙදර ට වෙලා ඉදල ඇති වෙලා තියෙන්නේ "
"ඔව් ඉතිං කම්මැලිය වගේ ඉන්නවට වඩානම් දෙකන් එකක් විසදෙන එක හොඳයි "කවීශට ඉඟි කරමින් පැවසුවාය
"අනේ අම්මා කෙනෙක් දරුවන්ට ඔහොම කියනවද හා"
"ඒකනේ"අම්මා තේ බන්දේසිය අතට ගනිමින් නැගී සිටියාය
"ඒ ඒ කවියො ගමනක් යමුද වෙලාවට මතක් උනේ බං"පසිදු කීවේ අම්මා ඉවත්ව ගිය පසුවයි.
"කොහෙ යන්නද බං මේ ගිනි දවාලෙ"
"අනේ විකාර කියවන්නෙ නැතුව යමංකො ඉදපං මං සිං ගාල ටී එකක් දාං එන්නං"
සැනෙකින් අලුත් ඇඳුමක් ඇඟ ලා පැමිණි පසිදු කවීශ ගේ යතුර ද උදුරාගෙන බයිසිකලයට නැග ගත්තේ "අම්මේ අපි ටවුමට යනවා"කියන ගමන් ය.
"ඒ වරෙන්කො බං ඉක්මන් ට"
මුවින් නොබැන කවීශ ද පසු පසින් අසුන් ගත් පසු පසිදු වේගයෙන් අතුරු මාර්ග කීපයක් ඔස්සේ ගොස් බස් නැවතුම්පොළ ක නැවතුනේය.
"මෙන්න මෙහෙන් වාඩි වෙයන්..."
"යකෝ අච්චර අර ගෙදර පුටු තිබුනා උඹ ට මෙතනට එන්න ඕන උනා වාඩි වෙන්න"කවීශ සිමෙන්ති පඩිය මත අසුන් ගනිමින් කීවේ ය.
"හරි හරි කියවන් නැතුව ඉදපං...දැං මෙතනට නංගි බබෙක් එනව උඹ කෙල හලනව හෙම නෙවේ..අක්කි බබා බලාගෙන හිටපං හරිද"
"නෙදකිං චීත්තයක් පස්සෙ ද මේ ආවේ..."කවීශ කටට ආ ඉතිරි වදන් පෙල ගිල ගත්තේ කුඩ ය හකුලා බස් නැවතුම්පොළ ට ඇතුළු වූ යුවතිය නිසාවෙනි .තලෙළු පාටැති වුවද ලගන්නා පෙනුමක් තිබුණු ඈ සාරියකින් සැරසී සිටියාය .කවීශ සංඥා භාශාවෙන් ඇසුවේ මේ කියපු එක ද කියාය .පසිදු ගල් ගිල්ලාක් මෙන් බලා සිටියා විනා කිසිත් කීවේ නැත.ඈ ද කිසිත් ගනණකට නොගෙන ඉවත බලා සිටියාය .
"අද නම් වහී නේද බං...කුඩයක් ගෙනාවෙත් නෑ?
කවීශ බැරිම තැන හඩ අවදි කලේ පසිදු උනන්දු කිරීමේ බලාපොරොත්තු වෙනි.
පසිදු මුව මත ඇඟිල්ලක් තබා සන් කල නිසා කවීශ ඊලඟට ගලපාගත් වදන් පෙල නවතා ගත්තේය.එසැනෙකින් පැමිණි බස් රතයේ නැගී ඈ නික්ම ගියාය...
"මොන මගුලක්ද බං ඒ කලේ"
"තෝ මොකද්ද ගිල්ල මොකාද වගේ හිටියට කෙල්ලො වැටෙනවද...තොපිට උදව්වක් කරත් වැරැදි "
"යකෝ ඒක එහෙම ඇප්රෝච් කරල බෑ ,මේ ලග ක ඉදන් අපේ ගමේ කෙල්ලෙක්ගෙ ගෙදර නතර වෙලා දෙන්න එක්ක ක්ලාස් යනව..උඹ ආපු නිසා ද කොහෙද අද අපේ එකී නෑ දෙන්න හිටියනම් මගෙත් එක්ක පැනල කතා කරන්නෙ ..අනික ඒකි බය උනා උඹ බුම්මන්න වගේ ඔතන හිටියම ඒකයි උනේ.."
"අනේ උබේ ලොජික්...තමයි"සිංහලේ ගෞරවාර්ථ පදයකින් කෙලවර කල කවීශ ක්ෂනයකින් බයිසිකලය පන ගන්වා ඉදිරියට පැදවූයේ පසිදු ට සිතා ගැනීමටවත් වෙලාවක් නොතබමිනි.
"ඒ කවියෝ ඔහොම හිටහන්..අඩෝ..."පසිදු කවීශ පසුපස්සේ දිව ගියේ වා තලයේ ස්භ්යත්වය නැති කරමිනි.
*****
ඉරේෂා පාන්දර යාමයේ උදරයේ දැනුණ ඉතා තද වේදනාවක් සහිතව අවදි වූවාය.අපහසුවෙන් ඇදේ ඉඳගත්ත ද වේදනාව නිසා නැවත ඇද මතට ඇද වැටුනාය.ඒ හඩින් ළඟ නිදා හුන් පොඩ්ඩී අවදි වූවාය .
"අක්කා මොකෝ කෙදිරි ගාන්නෙ සනීප නැද්ද "
"බඩ පොඩ්ඩක් රිදෙනවා ඒකයි ඇරිල යාවි "
"ඉන්න ඉන්න මම අම්මට කතා කරන්නම්."
"එපා පොඩී අම්මට වද දෙන්න ඕනෙ නෑ ...මෙන්සස් වෙන්න වෙන්න ඇති"
එසේ වීමට ඉඩක් නොමැති බව දැන දැනම ඉරේෂා මුසාවක් පැවසුවාය.
පැරසිටමෝල් පෙති දෙකක් ගිල දැමූ ඉරේෂා උදරය ට කොට්ට යක් තද වෙන්නට තබා ගෙන නිදා ගන්නට වෙර දැරුවද පැය කීපයක් යනතුරුම උදරයේ වේදනාවෙන් පීඩා වින්දාය.
ගැහැනියක වී ඉපදීම ම අකුසල් විපාකය ක් වග වරක් බණකට දේශනා කලා මතකය.දිය නාවා පොල් බිද මහා උත්සව පවත්වා පටන් ගන්නේ මාසයක් ගානේ පව් ගෙවන්නටය.ඇතැම් පිරිමින් ඒ දින වලට බිරිඳ ඇඳේ තබා ගන්නේ පවා නැති බව අසා ඇත.නින්ද ලඟා වනතුරුම ඉරේෂා සිතුවේ මෙවන් දෙවල ය.
වෙනදා අවදි වන වෙලාව පසුවනතුරුම නින්දේ පසුවූ ලොක්කී අවදි නොකර සිටියේ පොඩ්ඩී කිව් විස්තරය නිසාවෙනි .අම්මා උදේට උයා තේ පියියෙල කරගෙන එන තුරුම ඉරේෂා නින්දේ පසු වූවාය.
"ලොකූ මොකද දුවේ අමාරුව කෝ මේ තේ එක බීල ඉන්න"
අපහසුවෙන් අවදිව අසුන් ගත් පසු හිසේ මහා බර ගතියක් දැනුන නිසා ඈ අම්මාගේ උරේ හිස හොවා ගත්තාය .
"ඉස්කෝලෙ යන්නත් ඕන"
"දැන් මොන ඉස්කෝලෙ යෑමක්ද වෙලාව අටත් පහු වෙලා ඉස්සෙල්ලා ඔය ලෙඩේට බේතක් කරගමු..."
"නෑ දැන් ඒක අඩුයි අම්මෙ...තව ටිකක් බලමු"මාසේ මැද නිසා අතමිට සරුවක් ද නැත.ඒ පිළිබඳව නොපවසා ඈ වේදනාව වසන් කරන්නට වෙර දැරුවාය.
දවල් කාලය වන්නට මදක් සුවයක් ලද නිසා ඉරේෂා ,සමාධි ව ඇමතුවාය.
"හෙලෝ සමාධි ..මට සනීප නෑ කෙල්ලෙ මගෙ පංතියේ එවුන්ට අද ඇගයීමක් දෙන්න තියේ ඒක පොඩ්ඩක් බලනවද?"
"අනේ රත්තරනේ අපි මේ හස්බන්ඩ්ලගෙ ගෙදර යනව මස්සිනා එග්සෑම් පාස් වෙලා පොඩි පාටියක්"
"හානේ හරි ශෝක්නෙ මම විශ් කලා කියන්න ..මම යුවනිට වත් කියන්නම් මගෙ වැඩේ"
"හරි කෙල්ලෙ බුදු සරණයි !"
"බුදු සරණයි !"
***--------*******
දුරකථන ය නාද වනු ඇසී නින්දේ පසු වූ කවීශ අවදි වූයේ හිතින් බැණ වදිමිනි.
"හෙලෝ කවියා.."
"ආ කියපං උබ අදත් බස් හෝල්ට් එකේද ඉන්නෙ වෙලාවත් හරිනේ"
"මගුලක් කතා කරනව ...රිසල්ට් දාල යකෝ..."
"අප්පට සිරි උබ මගෙ එකත් බැලුවද මොකද වෙලා තියෙන්නෙ"
"වෙලා තියෙන එකෙන් වැඩක් නෑ දීපන් පාටියක් තොට ෆස්ට් ක්ලාස් එකක් තියෙනව..."
කවීශ ට දැනුන සතුට දරා ගත නොහැකි තරම් ය .වසර හතරක් තිස්සේ දඟ දැම්මේ මේ උදෙසා ය.ඒ මහන්සි යේ ප්රතිඵල අද ලැබී තිබේ.
"උබ්ට කොහොමද ?"
"මට සෙකන්ඩ් අපර් එකක් තියෙන්නෙ"
"අඩෝ එලනේ ...මම උබට කෝල් එකක් ගන්න්ම් අම්මලාට කියල එන්නම්"
"පාටිය අමතක වෙයි හරිද"
"අම්මෙ...අම්මේ"
කවීශ ගේ හඩ ගෑමට බියවී අම්මා දිව ආවාය.අම්මාව වැළඳගත් කවීශ ඈව ඔසවා ගත්තේ සතුටින් ඉපිලෙමිනි.
"මොකද කොල්ලෝ මාව බිමිං තියනවා"
"මට ෆස්ට් ක්ලාස් එකක් තියේ"
"අනේ රත්නත්තරේ පිහිටයි මගෙ කොල්ලට"
දෑසට නැගි කදුලු පිස දමමින් ඈ කවීශ ගේ හිස සිම්බාය.
අප්පච්චි කෝ
"ඔය ඉන්නේ"අප්පච්චී ද කාලගෝට්ටිය ඇසී එතැනට පැමිණ සිටිනු කවීශ දුටුවේ එවිටය.අප්පච්චි ට වැද නමස්කාර කරන විට අප්පච්චි ගේ ඇස් වලද කදුලක් දිලිසෙනු පෙනිණ.
"මගෙ කොල්ල දස්සය "
"ආ එතකොට මගෙ කොල්ල අපේ නෙවෙයි"අම්මා බොරු නෝක්කාඩු වකින් කීවේ සිනා මවමින් ය.