*****
ජීවිතයේ ආදරය විඳගත්තේ බන්දු ගෙනි.ජීවිතයේ ඇත්තේ සොඳුරු මතක අතලොස්සක් පමණි .කෙතරම් අඩු පාඩු හැලහැප්පීම් තිබුණ ත් අපි බෙදා හදාගත් ආදරය ක් තිබුණා නේද.පළමු දරුවා පුතෙක් වෙනවා නම් හොඳයි කීවා මතකය .ඒ සතුට ඔබට දෙන්නට පිං කරනැති මම වැරැදි ය.දරු මල්ලන් සමග සතුට පිරුනු ජීවිතයක් ඔබට ලැබේවි.
පාසල් යන්නට තරම් හිතේ හයියක් නැත.මිදුල කෙලවර ගල්තලාවෙහි වාඩි වී ඈ කල්පනා කරමින් උන්නාය .ඈතින් ඇති කඳු පෙල මීදුමෙන් වැසෙන්නට පටන් ගෙනය.හිතේ දුක කඳුළු ලෙසින් හේම වී යන්නට ඉඩදී ඈ බලා සිටියාය .ඊයේ දුටු සිහිනය කොහේදෝ තිබී හිතට ආවේය.කවීශ මල්ලී කෙරේ හැඟීමක් ඇති බව නොරහසකි.එය යටපත් කරගෙන සිටියේ මේ ජීවිතය භාර කල අයෙකු සිටි නිසාය.ඒත් අද ඇත්තේ තමා පමණකි .
එනමුත් තවත් කෙනෙකුගෙන් තමා නිසරු ගැහැනියකැයි ලේබල් ගසා ගත යුතු නැත.කවීශ මල්ලීගේ අම්මාද ඔහුගේ දරුවන්ගේ සුරතල් බලන්නට පෙරුම්පුරනවා ඇති..එනිසා ඔහුට ලංවීම තවත් කඳුලකින් කෙලවර වනු ඇත.මේ මට උරුම ජීවිතය වෙන්න ඇති.මේ භවයේ නැතත් පෙර භවයක මම කාගේ හෝ සතුට උදුරාගෙන ඇති.කවීශ මල්ලී නමින් සටහන්ව තිබූ කෙටි පණිවුඩය ඈ කියවන්නේ නැතිවම මකා දැමුවාය.ඔබත් මේ පව්කාරියගේ දුක් උරුම කරගත යුතු නැත.
***
කවීශ කාර්යාලයට ඇතුලු වූයේ හිතේ ච්කිතයෙනි.සැවොම තමා දෙස අමුතුවට බලනවා යැයි හැඟීමක් හිතේ දෝංකාර දෙයි.සැක සහිත බවක් නොසිතෙන ලෙස හැසිරීමට උත්සාහ කලත් එය සාර්තක වූවාදැයි සැක සහිතය.හිත එකලාසයක් කරගෙන වැඩ කරගෙන යන්නටද බැරිය.දාහක් දේ සිතට ගලා ඒ.මදාරා තවම පැමිණ නැත .කුමක් හෝ දෙයක් සිදුවී ඇත කාර්යාල යේ රොයිටර් ටික තැන තැන එකතු වී සාකච්ඡා පවත්වනු පෙනේ.කවීශ කිසිත් නොදන්නා සේ තම කාර්යයේ නිරතව සිටයෙය.
"මේ උඹ දන්නවද වැඩක්"
රවී ගේ හඬින් කවිශ ගැස්සී ගියේය.
"මොකද යකෝ බය වෙන්නෙ ඊයෙ බොසීගෙ රූම් එකේ මාර සීන් එකක් වෙලානෙ"
කවීශ ට දෙකන් රත්වී හීන් දාඩියක් දමාගෙන එනු දැනුණි.චීත්තයක් සේ ඕප දූප හොයන රවීට යමක් ආරංචි වූවා නම් තත්පර ගානකදී එය ලොවටම ප්රසිද්ධ වන බව කවුරුත් දන්නා කරුණකි .ඊයේ සිදුවීම ඔහුට ආරංචි වී ඇත්නම් හොඳම දැන්ම අකුලාගෙන යෑමය.
"මොකෝ වෙලා තියෙන්නෙ "
කවීශ වෙනසක් නොපෙන්වා ඇසුවේය .
"ලොක්කා හිටපු කාලේ ගෙනාපු ඇත් දළ පිළිමයක් තිබුණා එකෙක් ඕක ගල් කරන්න යද්දි අපේ විජියට මාට්ටුවෙලා මූ දමාගෙන නෙලල කියහංකො අරූට පව් බං"
ඇඟට ලේ ටිකක් ඉණුවේ දැන් ය.
"කොහෙ එකෙක්ද පිටිං ඇවිත් ද"
"නෑ බං මෙහෙ ක්ලීනිං සර්විස් එකේ කොල්ලෙක් කුඩ්ඩෙක් වගේ ..ඔය ලබ්බේ වෙන දෙයක් අරං ගියත් ඔච්චර තමයි.CCTV එක කැඩුනේ බොසා ඉන්න කාලෙ ඒක හදලත් නෑ තවම"
එය නම් සුභ ආරංචියකි.
"මොනව අරං යන්නද බං බොසීව උස්සං ගියොත් තමා"
"ආ එහෙමද ආස.."කියාගන රවී යන්නට ගියේය .
කවීශ දවස ගෙවා ගත්තේ බොහොම අමාරුවෙනි .දහසක් දේ හිතට නැගෙනේ අනවරතවය.
මදාරා සේවයට නොපැමිණීම අන් අයට එතරම් විශේෂ කාරණාවක් නොවුනත් කවීශ ට එය මගහැර සිටිය නොහැක .තමාට හිත හදා ගන්නට බැහැයි ඇය කීපවරක්ම කීවා මතකය.කතා කර සුව දුක් විමසීමට තරම් අපේ සුහදතාවයක්ද නැත.එහෙන් ඉරේෂා අක්කාගෙන් ඊයේ සිට කිසි හාවක් හූවක් නැත.ඇගේ ජංගම දුරකථනය විසංධි කර ඇත ඇයව සම්බන්ධ කර ගැනීමට වෙන ක්රමයක්ද නැත.කවීශ දවස පුරාවටම සිතුවේ මේවා ගැනය.කාර්යාලයෙන් පිට වන්නේ කොයි වෙලාවේදැයි බලා හුන් කවීශ හතරට කාලක් තියාම පිටව ආවේ හිතේ නොසන්සුන්කම නිසාය.වාහනයට ගොඩ වන විටම දුරකථනය නාද වූ නිසා සාක්කුවට අත යැව්වෙ කේන්තියෙනි.
***
මදාරාට නින්දගියේ පාන්දර යාමයේය.රෑ පුරා කල්පනා කලේ කවීශ පැවසූ දේ ගැනය.පිරිමියෙක් ලෙස ගැහැනියකගෙන් පතන්නේ ගැහැණුකමයි.ගෑණුකම රැකගන්න කියා කීවේ සැබෑ පිරිමියෙකු ලෙසය.වෙනත් කෙනෙකුනම් මේ අවස්තාව අයුතු ලෙස ප්රයෝජනයට ගන්නවා නිසැකය.තමා කල දේ ගැන මදාරා දහස් වර පසුතැවුනාය.ඒත් අපට අතීතය වෙනස් කල නොහැකිය.පියාගේ අනියම් පෙම ගැන දැනුම්වත් වූ මොහොතේ පටන් අම්මා පිස්සියක මෙන් හැසිරුනු හැටි මතකය.එදා තමාත් පියාගේ පැත්තට කතා කලේ ඔහු කවදාවත් එවන් දෙයක් නොකරාවි යැයි තිබූ දැඩි විශ්වාස ය නිසාවෙනි.අම්මා නික්ම ගොස් සති දෙකකින් ඩේලියා ආන්ටි කැන්දාගෙන එනතුරු ඒ විශ්වාස ය සුරැකී පැවතුනි.ඊට සතියකට පසු එංගලන්තයට පිටත්ව ගිය නිසා තමාට අම්මාත් තාත්තා ත් දෙදෙනාවම මග හැරී ගියේය.එංගලන්තයේ තමාට රිසි සේ ජීවිතය ගෙව්වේ කාගේවත් ගුරු හරුකම් යටතේ නොව තම අභිමතය ටම පමණි .පිරිමි යහලුවන් කෙතරම් සිටියත ගෑණුකම ඩැහැගන්නට බලා සිටියා මිස එය රැකගන්නට කියූවෙක් නැත.
වසරක් යන තුරු අම්මාගැන කිසිම හෝඩුවාවක් නොවූ අතර ඇය කුරුණෑගල ප්රදේශයේ ආරන්යයක වෙසෙන බව දැනගන්නට ලැබුණේ ලොකු නැන්දා ගෙනි.ඒත් ඈව සොයා යෑමේ උවමනාවක් එදා තමාට නොවුයේ ඇයි දැයි ඈ දුක් වූවාය.මුලින් තමා අතැර යාම ගැන වෛර කලත් ගිහිගෙය හැර යාමට ඈට තමාට වඩා හේතු තිබූ බව තේරෙන්නේ දැන් යා.අද අම්මා සිටියානම් ඇගේ උකුලට වී හඬන්නට තිබුණා නේද .දෑස තෙත් වූයේ අහිමි මව් සෙනෙහස සිහිවීමෙනි.
කවීශ ට කතා කිරීමේ දැඩි ආශාවක් තිබුණත් ඔහු කාර්යාල යේ සිටියදී කතා නොකල යුතු යැයි ඈ සිතුවාය.ඉවසීමේ සීමාව පනින තුරු ඈ ඒ ස්තාවරයේ උන්නාය
"හෙලෝ කවීශ "
"ඔව් කියන්න මැඩම්"
"කොහෙද ඉන්නෙ ඔෆිස් එකේද?"
"නෑ මැඩම් මම මේ ඕෆ් වෙලා ආව"
කටට ආ පලියට කීවාට තමා හොරෙන් පැන්න බව කීවේ බොස්ට බව මතක් වූයේ පසුවය.
"අනේ හොරෝ කලින් යනව නේද මං නැති දවසෙ"
"නෑ නෑ මැඩම් වැඩ ටික ඉවර කරල ආවෙ "
පොඩි එකෙකු මෙන් නිදහසට කාරනා කියවන කවීශ ගැන ඈට දුක සිතුනේය.අනේ ළඟ හිටියනම් තව උම්මා එකක් දෙනව ඈ හිත නැගි වදන් නොකියා සිටියා ය.තව පාරක් බැණුම් අහන්න තිබ්බා ඈට සිනා ගියේ ඉබේටමය.
"ඇයි මැඩම් කතා කලේ "
"නෑ නිකන් ගත්තේ කවීශ ඔෆිස් එකේ මොකුත් අවුලක් නෑ නේද ?"
ඇත්තටම ඕන උනේ ඒ හඬ අහන්නටය.
"අර පිලිමයක් හොරකම් කරන්න හදල මොකද්ද වෙලා තිබුණා ඒ ඇරෙන්න නම් ප්රශ්නයක් නෑ මැඩම්"
"ආ ඒක ගැන නම් කීව මට.එහෙනම් තියන්නම් කවීශ ,බායි"
****