සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    “කෝ ඔපරේෂන් වලට ඉන්න අය එන්න”
    හෙදියක් කෑගසා හඬ ගෑම නිසා ඉරේෂා නැගී සිටියා ය .කවීශ මල්ලී දැක ගත්තා පමණි.කතාකලේ වචන දෙක තුනකි.අම්මාට පහත්වී වැන්ඳ ඉරේෂා කවීශ ගේ දෙපා හිතින් අල්ලා වැන්දාය .ඔහු වැඳ ආශිර්වාද ලබා ගැනීමට තරම් උතුම් මිනිසෙකි .නෙතට නෙත ගැටුනේ හිස ඔසවන විටය .ඒ ඇස් වලත් ක ඳුලුය .
    “බය වෙන්න එපා එදා මගෙත් එක්ක යනවයි කියපු ගමන යන්න ඔයා වෙනුවෙන් ඉන්නව මම “
    “බුදු සරණයි මගෙ මැණික ..පරිස්සමෙන් “
    අම්මාට රහසින් කවීශ ඇගේ මුදු සුරත අදරින් සිපගත්තේය .හිතේ අනියත බියක් ජනිත වී ඇත.සැත්කම පුරාවට ඔය ළඟින් හිඳින්නට තිබුණා නම්.
    කවීශ සහ අම්මා ඔපරේෂන් කාමරය දක්වා ඉරේෂා ගේපසු පසින් ආහ.,එතනින් එහාට එන්න එපා යැයි හෙදියක් අණ කල නිසා අකමැත්තෙන් වුවත නවතින්නට සිදුවිය .ඈට අත වනා කවීශ සහ අම්මා එන්න ට හැරුණ මොහොතේ දෙතොල් උල් කර කවීශ ට ආදර ඉඟියක් පෑවාය.
    මුලින් ඇතිවූ සංවාදය නිසා තවදුරටත් රෝහලෙ රැඳී සිටිය නොහැක.එසේ නොවන්නට කවීශ සිතා සිටියේ ඈ එනතුරු දොර ළඟට වී මග බැලීමටය.අම්මා කොහේ යනවාදැයි දැන ගතහොත් තමාට ඉන්නට උනත් පුලුවන.
    “අම්මා මොකද කරන්නෙ ගෙදර ගිහින් එනවද”
    “නෑ පුතා මොකුත් ඕනේ උනොත් එහෙම මම කෙල්ල වාට්ටුවට ගේනකල් ඉන්නව..පුතා ට පරක්කුත් ඇති”
    ඒ පල නොකිය පලා බෙදීමකි.ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ ඉඳල ආව නම් ඉවරනේ බම්බුව.
    “ඔව් මම ගිහින් එන්නම් අම්මා පුලුවන් උනොත් යන ගමන් එනව”
    “හොඳයි”
    ඒ මුහුණේ තිබූ නුරුස්නා බව කවීශ හඳුනා ගත්තේය.මාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි.ඉරේෂා අක්කා කියූ පරිදි අම්මාගේ සිතේ ඇත්තේ ඈව ඉන්දික නැමති සල්ලාලයාට බැන්ද වීමටය.සමහරවිට අපේ ගෙදරිනුත් ප්‍රශ්න වෙයි කියල වෙන්න ඇති.
    කවීශ රෝහලින් පිටතට එන ගමන් සපුමල් ව ඇමතුවේය.
    “හෙලෝ සපුමල් ..මම යනව මචං පොඩ්ඩක් කෙල්ලව බලපං හොඳද ගෙදරින් දන්නෙ නෑ සීන් එක ඒක හින්ද හවසට තමා එන්න වෙන්නෙ මාව පොඩ්ඩක් අප්ඩේට් කරපන් පුලුවන් නම්”
    “හරි සුදා මම කියන්නම් උඹට ..මම කොහොමත් තියට එකේ ඉන්නෙ”
    හිතට යන්තමින් හෝ සැනසීමක් ඇත්තේ සපුමල් නිසාය.කවීශ රෝහලෙන් පිටතට විත් හෝටලයකට වැදුනේ මොනවා හෝ කෑමට උනත් හිතේ පිරියක් නොමැති නිසා ගත් ආප්ප දෙකත් කුණු කූඩයට දමා එන්නට ආවේය.හිතේ එකලාසයක් නැත දළදා මාලිගාවට ගොස් එන්නට සිතුවත් එතරම් දුරට යන්නට මොකක්ද වාගේ කියා කවීශ ට සිතුණි.හදිස්සිය ක් උනොත් මේ අවටම ඉන්නව කවීශ සිතා ගත්තේය.රෝහල් පරිශ්‍රයේ සිටීමට නොහැකි නිසා කවීශ අරමුණකින් තොර ව කන්ද පහළට බැස ආවේය.ගුඩ් ශෙඩ් හන්දියේ නිසොල්මනේ සමාධි සුවයෙන් වැඩ ඉන්නා බුදු සමිදුන් දෙස බලා කවීශ ප්‍රාර්ථනා කලේ ඉරේෂා අක්කාට කරදරයක් නොවන්නට කියා ය.කවුදෝ ඇවිත් ඇඟේ හැපුණු නිසා සිතුවිලි දාමය බිඳ වැටුණි .කවිශ සොරි කියා තව ටිකක් පිළිම වහන්සේ දෙසට ලං වුනේය .වේලාව නවය පසුවී ගොසිනි..තවම ඉවර නැද්ද දන් නෑ.අම්මා තියා කවුරු හිටියත් දවල්ටත් යනව මොන රෙද්දක් ද යකෝ මගේ කෙල්ල මට බලන්න බැරි නම්.ආදරය ආවේගයක් ලෙසද මතු විය හැකිය.කවීශ ඇඟිලි ගනිමින් සිටියේ දොලහ පසුවන තුරුය.දුරකථන ඇමතුමකි...අපොයි මදාරා.ඔහු එය විසන්ධි කර දැමුවේය.තවත් ස්වල්ප මොහොතකින් දුරකථනය නාද වන්නට වූ නිසා ඔහු දුරකථනය අතට ගත්තේ හරුපයක්ද් කියාගෙනය..සපුමල්
    “හෙලෝ කවීශ උඹ කොහෙද ඉන්නෙ ..කලබල වෙන්න එපා පොඩ්ඩක් පුලුව්න් නම් සිං ගාල වෝඩ් එක ගාවට වරෙන්”
    “ඇයි ඇයි බං මොකද උනේ”
    “පොඩ්ඩක් බ්ලීඩ් වෙන්න ගත්ත ඩ්‍රග් එකක් අ උට් සයිඩ් ගෙන්න ගන්න ඕන උඹ වරෙන්කො..කවුරු හරි ඇහුවොත් මගෙ නම කියල වරෙන්”
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දැං තමයි වැඩ ඉවර වෙලා ආවේ උඹල බලං ඉන්න නිසා පොඩි කොටසක් දැම්මා සොරි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැං තමයි වැඩ ඉවර වෙලා ආවේ උඹල බලං ඉන්න නිසා පොඩි කොටසක් දැම්මා සොරි

    අඩේ පට්ට ඈ අද ඊයේ එකත් එක්ක දාපං ඈ
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කවීශ රෝහලට දිව ගියේ කෙසේදැයි ඔහුවත් දන්නේ නැත.ඔලුව පැලෙන්න තරම් කැක්කුමය.වාට්ටුව මැද්දේ මහා කලබලයකි .රෝගියෙකුගේ ඇඳක් වටා සියලු කාර්‍ය මණ්ඩලය එකතු වී සිටී.වැසූ තිර රෙදි අතරින් රෝගියාගේ පපුව තෙරපමින්
    හදවත පනගන්වන්නට දඟලන වෛද්‍යවරයා කවීශ යන්තමින් දැක්කේය.රෝගියාට සවි කර ඇති මොනිටරය මූසල හඬකින් බෙරිහන් දෙනු ඇසේ.
    “දැන් නම් වැඩක් නෑ වගේ “
    දාඩිය පිස දමමින් වෛද්‍යවරයා කියනු ඇසේ.
    ඔයා කොහෙද යන්නෙ මේ ගෑනු වාට්ටුව මැද්දෙ සෞඛ්‍ය සහයිකාවක් කවීශ ගේ අතින් අදිමින් ඔහු නවත්තන්න ට වෙර දරයි.කවීශ දෙතොල විකා ගත්තේ හැඬුම පිටතට ඇසේවියැයි බියටය.දෑසින් ගලන කඳුළු නවතාලන්නට ක්‍රමයක් නොමැත.මුලු ලෝකයේම ඇති ශබ්ද තම ඔලුව ඇතුලෙන් ඇසෙනවා මෙනි.සෞඛ්‍ය සහයිකාව නැවතත් කවීශ ට කතා කලාය.
    “මහත්තයො අතනින් වාඩි වෙන්නකො කාටත් යන්න වෙන දවසක් එනව ගෙනා ආයුශ ගෙවුනම ආයෙ සක්කරයටවත් කරන්න දෙයක් නෑ කලබල නොකර ඉඳගමු”
    තලතුනා වයසේ ඇය කියවාගෙන ගියාය.ගෙනා ආයුශ ඉවරවෙන වයසක්ද මේ.
    “අම්මා නැති අඩුව කාටත් පිරුමහන්න බෑ මහත්තයො”
    කවීශ ට ඇසුනේ යන්තමට මෙනි.
    “අම්මා නැති උනේ කාගෙද”
    “ඇයි මේ මහත්තයාගේ අම්මා නෙවේද ?”
    කවීශ සිහි එලවාගෙන ඇඳ මත හොවා උන් ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස බැලීය.නාහෙන් කටින් බට දමා ඇති වයස අසූවක පමණ මිත්තණිය ක් මියගොස් සිටී.
    එතකොට ඉරේෂා අක්කා කෝ.නැවතත් හිස ගිණි ගති.
    “ඒ කවීශ උඹ කොහෙද “
    සපුමල් කවීශ ඇමතුවේ ඔහු සිතුවාට වඩා පරක්කු නිසාවෙනි .
    “මම වෝඩ් එකේ උඹ වෝඩ් එන්න කියල නෙ කිව්වෙ”
    “අනේ සොරි බං හඳිස්සියට වරදින්න ඇති ඔහොම්මම තියටර් එකට වරෙන්”
    කවීශ අඩියට දෙකට තරප්පුව බැස ඈ සොයා දිව ගියේය.සපුමල් කොරිඩෝවට වී මග බලා සිටියේය.
    “සොරි මචං..මේකයි සීන් එක ඕපන් කරාම වැඩේ හිතුවට වඩා සීරියස් මචං යුටරස් එකයි එක ඕවරියක් හරි ප්‍රිසර්ව් කරන්න සර් ට්‍ර්‍ය් කලෙ ඒත් බ්ලීඩ් වෙන්න ගත්ත බං වෙන ඔප්ශන් එකක් නෑ යුටරස් එක අයින් කරන්න උනා කොල්ලො”
    “මොකක් අයින් කරල හරි මට මගෙ කෙල්ලව බේරල දීපන් මොකක්ද කෙරෙන්න ඕන දැන් “
    කවීශ කීවේ හැඬුම් මුසුවය.මෙතරම් බලාසිට ඈව දිනාගත්තේ මියෙනා තුරු ළගින් සිටීමටය.ඔබට තරම් මා කාටවත් පෙම් කර නැත.ඔබ මට අහිමි කරගත නොහැකි වස්තුවකි.මගෙ රත්තරං ඉක්මනට සනීප වෙන්න.
    “හරි හරි බං බය වෙන්න එපා දවසකට විතර අපි ඉරේෂා ව අයි සී යූ එකට දාල ඔබ්සර්ව් කරනව ඊට පස්සෙ ගෙදර එක්ක යන්න පුලුවන් “
    කවීශ ගේ හැඟුම් තේරුම්ගත් සපුමල් කවීශ වැළඳ ගත්තේය .
    සපුමල් ලබාදුන් බෙහෙත් වට්ටොරුව රැගෙන කවීශ දුව ආවේය.
    ඉරේෂා ශල්‍යාගාරයට ගත් පසු කරන්නට දෙයක් නැති නිසා අම්මා මදක් ඒ අසල රැඳී සිට වාට්ටුව දෙසට ආවේ හිතේ උපන් සැකය තව තවත් වඩවමිනි.කොහොම උනත් කවීශ ගේ දෙමව්පියොත් අර බන්දුල යගෙ එවුන් වගේ කතා කරාම තමා අපේ එකීට තේරෙන්නෙ.ඉන්දික පුතා කියන දේකට පිටින් ඒ ගෙදර උන් යන්නෙ නෑ.අම්මා දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ ය.
    “හෙලෝ ඉන්දික පුතා වැඩකද “
    “නෑ නැන්දෙ කියන්න “
    “අද කෙල්ලගෙ ඔපරේෂන් එකනෙ මම මේ නුවර ඉන්නෙ තියටර එකට ගත්තා දැං”
    “ආ අද එනවයි කිව්වනෙ නේද බලමු මම හවසට එන්නම් නැන්දෙ”
    කවීශ ඉන්න වෙලාවක ආවොත් හොඳයි ඒත්තු ගන්නන්නත් එක්ක බදින්න කෙනෙක් ඉන්නව කියල.කලබලයෙන් ඉදිරියට එන කවීශ දුටුවේ අහම්බෙනි.යනවයි කියල ගියපු මිනිහා ආයෙ මොකද බොරුනෙ කියල තියෙන්නෙ.
    “අම්මා කොහෙද ගියේ ?”
    කවීශ සැරෙන් ඇසුවේ චෝදනාත්මක ස්වරයෙනි.මහ ලොකුවට මටත් යන්න කියල මෙයා රවුම් ගහනව.හිතේ තරහකි.
    ඔහුගේ ස්වරයට අම්මා බිය වූවාය .මොකක් හෝ නරකක් වෙලා වත්ද.
    “ඇයි පුතා “
    “අක්කට ටිකක් අමාරු වෙලා ඔපරේෂන් එකේදි දැං අයි සී යූ දානව මම මේ බේත් වගයක් ගේන්න යනව අම්මා ඒ පැත්තට යන්න”
    “අනෙ මගෙ දරුවා..”
    “බයවෙන්න දෙයක් නෑ මම ගිහින් එන්න්ම්”
    “හරි හරි පුතා..”
    කවීශ ෆාමසි කීපයකම සොයා බලා අදාල ඖෂධය සොයාගෙන ආවේය.ඒ වනවිට ඉරේෂා ව දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබුණි.

    කාර්‍යාල ය පුරාම මහා මූසල ගතියක් දැනේ.මදාරා කවීශ දැකගන්නට නොමැතිකමින් දුක් වූවාය.ඔහුටත් හොරෙන් ගත් ඡායාරූප කීපය කීපවරක් බැලුවත් සෑහීමකට පත්වන්නට බැරිය.හිත ඔහු වෙනුවෙන් මෙතරම් බොළඳ වන්නේ ඇයි දැයි ඈ නොසිතුවාය.ජීවිතේ එකම පරමාර්තය ඒ ආදරය දිනා ගැනීමය.කලින් ගත් ඇමතුම විසන්ධි කල නිසා නැවත කතා කිරීමට ඈ මැලි උනාය.වැඩකද දන්නෙ නෑ.කරදර කිරීමට ගොස් ඔහු තරහගස්සවා නොගත යුතුය.

    දැඩි සත්කාර ඒකකයට එක්වරකට රෝගියා බැලීමට යා හැක්කේ එක් අයකුට පමණක් නිසා කවීශ සතුටු උනේය .අම්මාට බයේ සිටිය යුතු නැත.මදින් මද සිහිය ලබමින් සිටි ඉරේෂා වේදනාවෙන් ඇඹරුණාය.ඒ තරුඇස් මුහුණේ ගිලී මලානික පෙනුමක් ගෙන ඇත .කවීශ ළඟින් හිඳගෙන ඇගේ හිස මෘදුව අතගෑවේය.ඇගේ කොපුල් තෙමාගන කඳුලක් පල්ලම් බැස්සේය.
    “ම..මල්ලි පැටියෝ”
    ඈ අපහසුවෙන් වචන ගැලපුවාය.කවීශ අත තබා සෙමින් ඇගේ මුව වසා නිහඬව ඉන්නැයි ඉඟි කලේය.ඉරේෂා ඒ උණුසුම් අත්ලට ඇගේ කොපුල බර කලාය.
    “හැමදේම හරියයි මගෙ මැණික”
    අම්මාට ඇති වූයේ මහත් වරද කාරී හැඟීමකි.කවීශ ත් ඔහුගේ මිතුරු වෛද්‍යවරයා ත් නොහිටින්නට තමාට ඉරේෂා වෙනුවෙන් කිසිවක් කරගන්නට බැරි වන්නේය.නුවර කඩයක්වත් තමා දන්නේ නැත.ඔහු දුව පැන කැපවී වැඩ කල නිසා ලොක්කීට අවශ්‍ය දේවල් කරගන්නට ලැබුණි.එනවයි පොරොන්දු වූ ඉන්දික තවමත් නැත.ඔහු ආවත් කවීශ ගැන කියන්නට යා යුතු නැත.ලොක්කී ලෙඩ වූ දා පටන් කවීශ උදව් කල වග අමතක කරන්නට බැරිය.
    හෙදියක් විත් රෝගීන් බලන වෙලාව ඉවරයි කියූ නිසා අකමැත්තෙන් කවීශ නැගිට ආවේ තම අත්ල මතම යලි නින්ද ට වැටුනු ඉරේෂා අක්කාව සීරුවට කොට්ටය මතින් තබමිනි .හෙට උදේට එන්නම් මැණික කවීශ හිතින් කීවේය.

    එකලොස් වන පරිච්ඡේදය
    කවීශ ට ගෙදර යාමට හිතක් නැත .පොඩි මාමලාගේ ගෙදර යන්නට ගියොත් තවත් ප්‍රශ්න ගොඩකට උත්තර බඳින්නට වෙන නිසා වෙන විකල්පයක් සොයා ගත යුතුය.

    “හෙලෝ වයිරා උඹ තාම කැම්පස් එකේද ඉන්නෙ”
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කතිකාචාර්ය තනතුරක් හොබවන තම මිතුරා කවීශ ට මතක් විය.
    “අප්පට සිරි ටකයා වෙන කොහෙ යන්නද බං ජයතිලකෙ පරණ රූම් එකේමයි මොකෝ සීන් එක”
    “නෑ බං රෑට පොඩ්ඩක් ඉන්න තැනක් බැලුවෙ උදේම පොඩි වැඩක් තියෙ “
    “ආ ඕක අහන්න දෙයක්ද බං වරෙං මම ඉන්නව”
    “හරි මචං”
    කවීශ රාත්‍රී කෑම පාර්සල් දෙකක් ද ගෙන පේරාදෙණිය දෙසට කාරය පැදෙව්වේය.
    දවස පුරාම උත්සාහ කලත් කවීශ ව සම්බන්ධ කරගන්නට නොහැකි වූ නිසා මදාරා සිටියේ වික්ශිප්තව ය.මොකුත් කරදරයක් වත් ද.ඈ නැවත ඇමතුමක් ගත්තාය.
    “හෙලෝ අම්මා මම මදාරා “
    “ආ කියන්න දුවේ..”
    “අංකල්ට බෙහෙත් ගත්තද අම්මා”
    “මොන බෙහෙත් ද දරුවො “
    අම්මා කියූ කතාව නිසා මදාරා කල්පනාවකට වැටුනාය.අප්පච්චිට බෙහෙත් ගන්නට යන්න නිවාඩු ඕනෑ බව කිව්වා හොඳ හැටි මතකය..මටත් ගෙදරටත් බොරු කියා කොහේ ගියාද.
    “ආ නෑ නෑ වැරදුනා මගෙ යාලුවෙක් ගෙ තාත්තත් ලෙඩ වෙලා ඒකෙ කල්පනා කර කර හිටියෙ..කෝ කවීශ ඉන්නවද අම්මා”
    “නෑ දරුවො නුවර ගියා වැඩකට කියල යාලුවෙක්ගෙ ගෙදර නතර වෙලා හෙට උදෙන් එනව කිව්වෙ..මම හිතුවෙ දුව දන්නව කියල”
    “ආ ඔව් මට කිව්ව “
    මදාරා ඔහු රැකීමට බොරු කීවාය .
    ඔහු මේ කරන සෙල්ලම මොකක්දැයි නොදැනේ.
    “ඔයා හැමෝටම බොරු කරල කොහෙද ගියෙ කවීශ ..මම යන්තම් ශේප් කරගත්ත අම්මල.ඇත්තටම කොහෙද ඉන්නෙ”
    මදාරා කෙටි පණිවිඩයක් තැබුවාය.

    අම්මාට බොරු කියා ඈවේ සිතකින් නොවේ ඒත් ඉරේෂා අක්කා බල්න්නට යනවා කියා කියන්නේ කොහොමද .ඒ මොනවා උනත් මගේ ජීවිතය ට ඇඟිලි ගසන්නට මදාරා ට ඇති අයිතිය කුමක්ද.එක්කො පැහැදිලි කරල කියනව මොන බම්බුව ක්ද.
    “හෙලෝ මදාරා මැඩම්”
    “කොහෙද කවීශ ඉන්නෙ ඔයා මොකද මට බොරු කිව්වෙ”
    “ඇයි මම ඉන්න තැන හොයන්නෙ මගෙ කවුද ඔයා “
    “මම ඔයාගෙ කවුරුත්ම නෙවෙයිද කවීශ “
    “නෑ ඔයා මගෙ බොස් විතරයි ඒකත මම මේ ජොබ් එකේ ඉන්නකල් විතරයිනෙ”
    මදාරා ට කෑ ගසා හඬන්නට සිතුනාය.කඳුළු වලින් ඇස් බොඳව ගොසිනි.මේ තරම් දරුණු උනේ කොහොමද .
    “සොරි කවීශ රියලි වෙරි සොරි ආයෙ ඔයාට කරදර නොකර ඉන්නම්”
    “තෑන්ක්ස්”
    කවීශ දුරකථනය තැබුවේ ය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මචංලා බස් එකේ යන ගමන් ටයිප් ක්ලේ ..හෙට ඉඳන් දවස් හතරකට අප්ඩේට් කරන්න බැරි වෙයි ට්‍රිපක් යනව.නූල අත ඇරල යන්න එපා ආපු ගමන් ආයෙ දානව.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචංලා බස් එකේ යන ගමන් ටයිප් ක්ලේ ..හෙට ඉඳන් දවස් හතරකට අප්ඩේට් කරන්න බැරි වෙයි ට්‍රිපක් යනව.නූල අත ඇරල යන්න එපා ආපු ගමන් ආයෙ දානව.

    පරිස්සමින් ටේක් කෙයා :P