“කෝ ඔපරේෂන් වලට ඉන්න අය එන්න”
හෙදියක් කෑගසා හඬ ගෑම නිසා ඉරේෂා නැගී සිටියා ය .කවීශ මල්ලී දැක ගත්තා පමණි.කතාකලේ වචන දෙක තුනකි.අම්මාට පහත්වී වැන්ඳ ඉරේෂා කවීශ ගේ දෙපා හිතින් අල්ලා වැන්දාය .ඔහු වැඳ ආශිර්වාද ලබා ගැනීමට තරම් උතුම් මිනිසෙකි .නෙතට නෙත ගැටුනේ හිස ඔසවන විටය .ඒ ඇස් වලත් ක ඳුලුය .
“බය වෙන්න එපා එදා මගෙත් එක්ක යනවයි කියපු ගමන යන්න ඔයා වෙනුවෙන් ඉන්නව මම “
“බුදු සරණයි මගෙ මැණික ..පරිස්සමෙන් “
අම්මාට රහසින් කවීශ ඇගේ මුදු සුරත අදරින් සිපගත්තේය .හිතේ අනියත බියක් ජනිත වී ඇත.සැත්කම පුරාවට ඔය ළඟින් හිඳින්නට තිබුණා නම්.
කවීශ සහ අම්මා ඔපරේෂන් කාමරය දක්වා ඉරේෂා ගේපසු පසින් ආහ.,එතනින් එහාට එන්න එපා යැයි හෙදියක් අණ කල නිසා අකමැත්තෙන් වුවත නවතින්නට සිදුවිය .ඈට අත වනා කවීශ සහ අම්මා එන්න ට හැරුණ මොහොතේ දෙතොල් උල් කර කවීශ ට ආදර ඉඟියක් පෑවාය.
මුලින් ඇතිවූ සංවාදය නිසා තවදුරටත් රෝහලෙ රැඳී සිටිය නොහැක.එසේ නොවන්නට කවීශ සිතා සිටියේ ඈ එනතුරු දොර ළඟට වී මග බැලීමටය.අම්මා කොහේ යනවාදැයි දැන ගතහොත් තමාට ඉන්නට උනත් පුලුවන.
“අම්මා මොකද කරන්නෙ ගෙදර ගිහින් එනවද”
“නෑ පුතා මොකුත් ඕනේ උනොත් එහෙම මම කෙල්ල වාට්ටුවට ගේනකල් ඉන්නව..පුතා ට පරක්කුත් ඇති”
ඒ පල නොකිය පලා බෙදීමකි.ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ ඉඳල ආව නම් ඉවරනේ බම්බුව.
“ඔව් මම ගිහින් එන්නම් අම්මා පුලුවන් උනොත් යන ගමන් එනව”
“හොඳයි”
ඒ මුහුණේ තිබූ නුරුස්නා බව කවීශ හඳුනා ගත්තේය.මාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි.ඉරේෂා අක්කා කියූ පරිදි අම්මාගේ සිතේ ඇත්තේ ඈව ඉන්දික නැමති සල්ලාලයාට බැන්ද වීමටය.සමහරවිට අපේ ගෙදරිනුත් ප්‍රශ්න වෙයි කියල වෙන්න ඇති.
කවීශ රෝහලින් පිටතට එන ගමන් සපුමල් ව ඇමතුවේය.
“හෙලෝ සපුමල් ..මම යනව මචං පොඩ්ඩක් කෙල්ලව බලපං හොඳද ගෙදරින් දන්නෙ නෑ සීන් එක ඒක හින්ද හවසට තමා එන්න වෙන්නෙ මාව පොඩ්ඩක් අප්ඩේට් කරපන් පුලුවන් නම්”
“හරි සුදා මම කියන්නම් උඹට ..මම කොහොමත් තියට එකේ ඉන්නෙ”
හිතට යන්තමින් හෝ සැනසීමක් ඇත්තේ සපුමල් නිසාය.කවීශ රෝහලෙන් පිටතට විත් හෝටලයකට වැදුනේ මොනවා හෝ කෑමට උනත් හිතේ පිරියක් නොමැති නිසා ගත් ආප්ප දෙකත් කුණු කූඩයට දමා එන්නට ආවේය.හිතේ එකලාසයක් නැත දළදා මාලිගාවට ගොස් එන්නට සිතුවත් එතරම් දුරට යන්නට මොකක්ද වාගේ කියා කවීශ ට සිතුණි.හදිස්සිය ක් උනොත් මේ අවටම ඉන්නව කවීශ සිතා ගත්තේය.රෝහල් පරිශ්‍රයේ සිටීමට නොහැකි නිසා කවීශ අරමුණකින් තොර ව කන්ද පහළට බැස ආවේය.ගුඩ් ශෙඩ් හන්දියේ නිසොල්මනේ සමාධි සුවයෙන් වැඩ ඉන්නා බුදු සමිදුන් දෙස බලා කවීශ ප්‍රාර්ථනා කලේ ඉරේෂා අක්කාට කරදරයක් නොවන්නට කියා ය.කවුදෝ ඇවිත් ඇඟේ හැපුණු නිසා සිතුවිලි දාමය බිඳ වැටුණි .කවිශ සොරි කියා තව ටිකක් පිළිම වහන්සේ දෙසට ලං වුනේය .වේලාව නවය පසුවී ගොසිනි..තවම ඉවර නැද්ද දන් නෑ.අම්මා තියා කවුරු හිටියත් දවල්ටත් යනව මොන රෙද්දක් ද යකෝ මගේ කෙල්ල මට බලන්න බැරි නම්.ආදරය ආවේගයක් ලෙසද මතු විය හැකිය.කවීශ ඇඟිලි ගනිමින් සිටියේ දොලහ පසුවන තුරුය.දුරකථන ඇමතුමකි...අපොයි මදාරා.ඔහු එය විසන්ධි කර දැමුවේය.තවත් ස්වල්ප මොහොතකින් දුරකථනය නාද වන්නට වූ නිසා ඔහු දුරකථනය අතට ගත්තේ හරුපයක්ද් කියාගෙනය..සපුමල්
“හෙලෝ කවීශ උඹ කොහෙද ඉන්නෙ ..කලබල වෙන්න එපා පොඩ්ඩක් පුලුව්න් නම් සිං ගාල වෝඩ් එක ගාවට වරෙන්”
“ඇයි ඇයි බං මොකද උනේ”
“පොඩ්ඩක් බ්ලීඩ් වෙන්න ගත්ත ඩ්‍රග් එකක් අ උට් සයිඩ් ගෙන්න ගන්න ඕන උඹ වරෙන්කො..කවුරු හරි ඇහුවොත් මගෙ නම කියල වරෙන්”