සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කවීශ කියූ පරිදි මදාරා රථය නැවැත්වූ වාය.ගමන පිටත් වන්නට පෙර තිබු සතුට හොරු අරන් ගොසිනි.යන ගමන ගැනද දැන් ඇත්තේ නොකැමති ගතියකි.සිතේ වේදනාවෙන් කිසිදෙයක් කල නොහැකිය.
    මදාරා ගේ මුහුණ අඳුරු වී ඇති සැටි කවීශ ට පෙනුනත්,කිව යුත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකිය.උදේ පාන්දරම යන්නට යන ගමන හිත නොහොඳ කරගෙන යන්නට බැරිය.
    “මැඩම් මොනවද කන්නෙ”
    මදාරා කිසිත් නොකියා ඉවත බලා සිටියාය
    ගෑණු හුරතල් කරන්නත් උනානෙ මගුල කවීශ මුවින් නොබැන කෑම ඇනවුම් කලේය.
    ඉරේෂා අක්කා සිහිවූයේ දැන්‍ ය.හිතට නැගුනේ වරදකාරී බවේ හැඟීමකි .වහා ඈව ඇමතුවත් ඈ පිළිතුරු දුන්නේ නැත.දෙවරක්ම උත්සාහ කලද ප්‍රතිචාරය එලෙසම විය.ඊයේ කරදරයක් උනා කියූ කෙල්ල අද දුරකථනය වෙත නොඑන්නේ මන්දැයි සිතූ කවීශ ට බියක්ද දැනිණි .
    හෝටලයේ සේවක කොලුවකු කෑම වේල බන්දේසියක් මත තබාගෙන විත් ඔවුන් හිඳ සිටි මේසය මත තැබුවේ ය.
    “මොනවත් බොනවද”
    ඊටත් ඈගෙන් ප්‍රතිචාරයක් නැත .කවීශ ට කේන්ති ගියේ වේටර් කොලුවා ඉදිරියේ සවුත්තු වීම ගැනය.
    “බොන්න මොකුත් එපා මල්ලි”
    වේටර කොලුවා පිටව ගියේය.
    අම්මපා මේ ගෑණුන්ගෙ නරි කෝලං
    “මැඩම් මම සොරි කියල කිව්වනෙ මොකක්ද වෙලා තියෙන්නෙ මූණ කොරහක් වගේ හදාගෙන ඉන්නෙ.මම යන්නද යන්න”
    කවීශ අසුනින් නැගිට්ටේ කේන්තියෙනි .සැබෑවටම තිබුණේ මේ ගමන නෑවිත් ඉන්නටය.කරගත්තේ වරදකි ඉල්ලං නා ගන්නවා කියන්නේ මේවාටය.
    “අනේ කවීශ මට බනිණ්න එපා..ඉඳගන්න ප්ලීස්” ඈ කවීශ ගේ අතේ එල්ලුනාය.
    නාටක රඟදැක්වීමට අනවශ්‍ය නිසා කවීශ ඉඳගත්ත ද ඈ අල්ලාගත් අත අත්නෑරම සිටියාය.
    “ප්ලීස් අත ගන්නවද”
    අම්මෝ තියෙන නපුරු කම .අතිං ඇල්ලුවට ගෙවෙනවද .ඈ තම සුරත ලිහිල් කලාය.
    “උදෙට තේ එකක් නොබී කන්න පුලුවන් ද”
    “කලිං අහපුවම බකංනිලාගෙන හිටියෙ එහෙනම් “
    “ඒ ඉතිං පොඩ්ඩක් ගණන් උස්සල හිටියෙ මහත්තයා ට කේන්ති යනවද බලන්න”
    මදාරා කවීශ ගේ මූණ ට එබුනාය .
    දෙන්න හිතෙනව හොම්බට එකක්..කවීශ ඒ දෑස මගහැර ඉවත බලාගත්තේය.මේ සම්බන්දය දුර දිග යනවා වැඩිය.
    ඉන්දික පිටත්ව ගිය පසු හිතට දැනුනේ සහනයකි .ඔහුගෙන් ගැලවෙන්නේ කෙසේදැයි ඊලඟට සිතිය යුතුය.ජීවිතේ ඇත්තේ ප්‍රශ්න ම පමණි .කවීශ මල්ලි හා ගෙවුණු ඒ පැය කීපය වුවත් කෙතරම් සතුටින් ගෙවුනාද.මගහැරුණු ඇමතුම මතක් වූයේ දැන්‍ ය.කොල්ල බය වෙලා ඇති.මේ විඩාබර ජීවිතේ හැමදාම ඔබ ළඟින් ඉන්නට ඇත්නම්.
    කෑම අවසන් කර වාහනයට ගොඩවැදුනේ තරමක් නිවුණ සිතිනි.දුරකථනය නාද වුන නිසා කවීශ දුරකථනය අතට ගත්තේය.ඉරේෂා අක්කා...කොහේ ගියත් දෙබලකි.දැන් වාහනය තුළ ඉඳන් ඈ හා හරි හමන් විදියට කතා කරන්නටද බැරිය.
    “හෙලෝ කියන්න අක්කා .. මොකද උනේ.”
    “අපේ අප්පච්චි පොඩි ප්‍රශ්නයක් දාගෙන”
    පසුබිමින් ඇහෙන ශබ්දයන් නිසා ඔහු කොහේ හෝ යමින් සිටින බව ඉරේෂා සිතුවාය .
    “මල්ලි ඩ්‍රයිව් කරන ගමන් ද “
    “නෑ ගමනක් යන ගමන් නම් තමා”
    “අපිට කියන්න බැරි ගමනක් ද ?”
    මදාරා ඉදිරියේ බොරු කීමටද බැරිය කවීශ පත්වූයේ මහත් අපහසුතාවයකටය.
    “මේ අපේ බොස් එක්ක වැඩකට යනව අක්කා”
    පසුගියදා තරහකාරයෙකු ලෙස හැඳින්වූ කෙනා සමඟ යන ගමන කුමක්ද.මට නොකියන දේවලුත් තියෙනව එහෙනම්.
    “අනේ සොරි මල්ලි තියන්නම් එහෙනම්”
    “ඉන්න..”කවීශ කියන්නටත් පෙරම ඉරේෂා දුරකථනය තැබුවාය .ඔහුට කතා කලේ හිත නිදහස් කර ගැනීමටය.ඒ වෙනුවට දරන්න බැරි බරක් හිස මත තැබූ හැටි.ආයෙමත් දුකකි.
    මා හිතින් මගේ කරගත්තාට අපි අපේ කියා එළඹි ගිවිසුමක් නැත.ඔබ තවත් ළඳකට ලං වනවා දරා ගන්නට අමාරුය.ආදරේ හැටි එහෙමය.ඔබව කා සමඟවත් බෙදා හදා ගැනීමට මට උවමනා නැත.හිතේ දහසක් හැඟුම් තෙරපේ.කවීශ මල්ලි ට කතාකර මේ කොහේ යන්නේ දැයි කෙලින්ම අසන්නට සිතුනත්.එහෙම අහන්නට මට අයිතියක් තියෙනවද.
    ඉරේෂා අක්කා සමග සංවාදය කෙලවර වූයේ හොඳින් නම් නොවේ.ඇයට තරහ ගන්නට පූර්ණ අයිතිය ඇත.අනවශ්‍ය ගමනක පැටලී වැරද්ද කරගත්තේ තමාමය.එක්කො කලින් කියන්නට තිබුණා .ගිය නුවණ ඇතුන් ලවා තියා ඩෝසර් දමා වත් ඇද්දවිය නොහැකිය .
    දුරකථනය ත් සමග කවීශ ගේ ගනුදෙනුව මදාරා කෑම ට නතරවූ තැන සිටන්ම නිරීක්ෂණය කලාය.කාට කතා කරනවද.යමක් කියන්නට පෙර අනෙක් පසින් දුරකථනය විසන්ධි කල වගත් එයින් කවීශ දුකට පත්වු වගත් තේරුම් ගැනීමට අපහසු නැත.කවුද ඒ කියා අසන්නට හිතුනත් එය හොඳ නැතැයි මදාරා ඊලඟට සිතුවාය .මම හොයා ගන්නම්කො .
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මග දිගට කතාබස් කෙරුනේ නැති තරම්ය .දෙදෙනාගේම හිත්වල කහටය.
    කුරුණෑගල නගරයේ සිට තවත් කිලෝමීටර් විසි පහක් පමණ ගියවිට කැලෑබද පෙදෙසක පිහිටි ආරණ්‍යයක මදාරා අම්මා වැඩ සිටියාය.රතු දුඹුරු පැහ චීවරය සියොලඟම වැසෙන සේ දරා සිටි ඈ තුලින් දිස්වූයේ නිවුන බවකි.අම්මා දුටු විගසම මදාරා ඉකි ගසා හැඬුවත් ඈ නිසොල්මන්ව සිටියාය.ඈ මේ බන්ධනය හැර දමා ආවේ බොහෝ කලකට පෙරය .තමා දැන් යන්නේ නිවීම සොයාගෙන ය මේ බැඳීම ඒ ගමනට බාධාවක්ම පමණකි .
    මදාරා අම්මාගේ දෙපා අල්ලා වැඳ වැටුනාය.කවීශ ද දෙදන බිම ඔබා වැන්දේය.
    “සුවපත් වේවා තිසරණ සරණයි !”
    බෝධීන් වහන්සේගේ ළදලු බෝපත් සොලවමින් හමා යන්නේ මද සුළඟ කි.බාහිර ලෝකයෙන් වෙන්වූ නව මානයක සිටින්නා සේ හිතට සැහැල්ලුවක් දැනේ .අම්මා දැකීමෙන් සිතේ මුලින්ම ඇතිවූයේ දුකක් වුවත් එය් අවබෝධයක් දක්වා ගෙනයන්නට ඇගේ බණ පද වලට හැකිවිය.ලැබීම් නොලැබීම් අතර දොලනය වන ජීවිතය විඳීම හෝ විඳවීම තීරණය කරන්නේද අපේ ක්‍රියාවන්‍ ය.වැලි මලුවේ පා ඔබා යන මදාරා පිටුපසින් කවීශ ගමන් ගත්තේ ය.ඈ සිටින්නේ දුකිනි.අපට අපේ ළඟ සිටින අයගේ අගය දැනෙන්නේ ඔවුන් ළඟින් නොමැති විටය.ඒ ළඟ උන් කෙනා අම්මා නම් කාරනාව තව්ත් බරපතලය .
    “කවීශ..”
    “කියන්න මැඩම්”
    “අපි මුණ ගැහුණ දවසේ ඉදල මේ දක්වා මගෙන් ඔයාට වරදක් කරදරයක් උනානම් මට සමාවෙන්න “
    “එහෙම දෙයක් නෑ මැඩම්”
    “අපිට සල්ලි තිබුණට මමත් ඔයා වගෙම දුකට අඬන සතුටට හිනාවෙන සාමාන්‍ය මනුස්සයෙක් ඒත් ඔයාලට් නැති ප්‍රශ්න ගොඩක් මට තියෙනව..මට ඕනම කාලෙ අම්මා අපෙන් වෙන් උනා ..ඩැඩී කියන්නෙ කවුද කියල තේරුම් යනකොට අම්මා අපෙන් ගොඩක් දුර ගිහින් අද අම්මා මට ළං වෙන්නවත් බැරි තැනකයි ඉන්නෙ..රට හිටපු කාලෙ ඔහේ ජීවිතේ ගෙව්වා මට ඕනෙ හැටියට ගොඩක් වැරදිත් කලා ..මට මේව ඔයාට කියන්න ලැජ්ජා නෑ කවීශ ..මට හරි වැරැද්ද කියා දෙන්න කවුරුත්ම හිටියෙ නෑ..මේ ජීවිතේ පළවෙනි වතාවටයි මම පිරිමියෙක් නිසා වෙනස් වුණේ ...ඒ ඔයා නිසා කවීශ ..ඔයාට ගොඩක් පිං මේ අසරණීට උදව් කලාට.”
    කොපුලෙන් බේරී වැටෙන කඳුලු වැලි පොළවේ සැගව යන්නේ ඒහා බැඳුනු දුකත් අරගෙනය.
    “අපි මොන සමාජ තලේක හිටියත් අපි හැමෝටම එන ප්‍රශ්න ටික එකවගේම තමයි මැඩම් ..අපි කරපු වැරදි ගැන හරි අපේ ජීවිත වල අඩු පාඩු ගැන හරි හිත හිත හිටියොතින් අපිට ඉස්සරහට යන්න බැරි වෙනව.. වැරැදි හදාගෙන ආයෙ ඒව නොකර හිටියනම් ඇති එතකොට වරදින්න විදියක් නෑ”
    බෝධීන් වහසේටත් චෛත්‍යය ටත් වැඳ නමස්කාර කොට ඔවුන් නික්ම ආහ.ගල්තලාව බැස ආවේ කවීශ ගේ අත් වාරුවෙනි.ඇත්තටම ඔබට පිං.

    නවවන පරිච්ඡේදය
    “අක්කි බබා තරහ වෙලා නේද?”
    කවීශ කෙටි පණිවිඩයක් තැබුවේ ඉරේෂා දුරකථනය ට පිලිතුරු නොදෙන නිසාවෙනි.ඇගේ හිත බිඳී ගොසිනි.ආදරය කියන්නේ ආත්මාර්තයේ තවත් මුහුණ කි.නිවසට ළඟාවන විට සවස හයට ආසන්නය.මදාරා කෙරේ ඇත්තේ අනුකම්පාව කි.හවස පුරා හඬා වැටුණු ඇගේ ඇස් කලු ගැසී ඇත.
    “මේ තේ එක බොන්න මැඩම්”
    “අනේ අම්මා එදා දුව අද මැඩම් වුනේ කොහොමද “
    මදාරා කීවේ අම්මා පිළිගැන්වූ තේ කෝප්පය අතට ගනිමිනි.
    “එහෙම හරි නෑනෙ”
    “මේ අම්මත් නැති දරුවට අම්මෙක් වෙන එකේ හරි නැත්තෙ මොකද්ද”
    ඈ කතා කරන්නේ මුහුකුරාගිය එකියක් පරිද්දෙනි .
    අම්මා ගේ හිතද උණුවී ගියේ ඇගේ කතාවටය.
    “එහෙම හිතන්න එපා දරුවෝ අද අම්මා කොහේ හිටියත් ඔයා මේ ත්ත්වෙට ගන්න ඒ අම්මා කරපු කැපකිරීම් අනන්ත අප්‍රමාණ ඇති..ඒක තේරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන”
    මදාරා යන්තමින් සිනාසුනා ය.
    “දැං තනියම යන්න පුලුවන් ද”
    සාවදානව කතාව අසා සිටි අප්පච්චි ඇසුවේ දෑස් ලොකු කරගෙනය.
    “ගාණක් නෑ අංකල් පැය දෙකයිනෙ හෙමින් යනව”
    ඈ ප්‍රාඩෝ රථයට ගොඩවන තුරු කවීශ මිදුලට වී බලා සිටියේය.
    “ගුඩ් නයිට් කවීශ මම ගිහින් මැසේජ් එකක් දාන්නම් “
    ඈ අතවනා නික්ම ගියාය.
    අම්මාටත් අප්පච්චි ටත් අහන්නට බොහෝ දේ ඇති බව පෙනුනත් කවීශ කාමරයට වැදුනේය.මදාරා යනු මේ ජීවිතය ට පැමිණි අහඹුවක් ය.ඈ කෙරේ කවදාවත ආදරයක් ඇතිවී නැත.මුලින් තිබූ වෛරය නම් දැන් හේම වී ගොසිනි.
    ඉරේෂා අක්කා ට කීපවරක්ම කතා කලත් ඈ පිළිතුරු දෙන්නේ නැත.තවමත් නිමා නොවූ දවස ජීවිතේ මතක හිටින සිදුවීම රැසක් සිදුවී හමාරය.
    හිත මේ තරම් බොළඳ වූ කාලයක් මතක නැත .ඔහු ගියේ රාජකාරී ගමනක් නම් .ඒත් ඒ දෙන්න විතරක් යන්නෙ මොන බම්බුවටද.වරින් වර පැමිණි ඇමතුම් විසන්ධි කලේ පලිගන්නටය.බූරූ පැටිය එක එකා එක්ක දවස තිස්සෙ රවුම් ගහල දැං එනව මෙතන.මේ සොඳුරු තරවටුවකි.ඔහු මෙතරම් තමාට කතා කරන්නට වෙරදරන්නේ තමාට ඇති ආදරය නිසාය.
    “හෙලෝ අක්කා”
    “ම්ම්ම් “
    “අනේ යාලුවෙන්නකො “
    “ගමන හොඳයි ද..බොසී මොනවද අරං දුන්නෙ”
    ඇගේ නෝක්කාඩු ව හොඳින් ම දැනේ පුරුදු ලෙංගතු කම අහලකවත් නැත.
    “දුන්නා මට උම්මා එකක්”
    හැඬුම ආවේ නිරායාසයෙනි .
    ඈ ඉකිලන හඬ කවීශ ට ඇසුනි.
    “අනේ ඉරේෂා අක්කා ඇයි මේ ..විහිලුව ක්නෙ කලේ”
    “ඔයා සතුටින් ඉන්න මල්ලියෝ ..ම්හ්”
    “අනේ මගෙ සුදු අක්කො මේ ජීවිතේ සතුට තියෙන්නෙ ඔයා ගාව වෙන කා ගාවවත් නෙවේ”
    හැඬුම වැඩි වූයේ සතුටටය.
    “ආයෙ කෙල්ලොත් එක්ක ගමන් යන් නෑ කියන්න..බූරු පැටියා”
    “ආයේ අවසන් ගමන් යනකල් සියලු ගමන් යන්නෙ මගෙ අක්කි බබා එක්ක විතරයි”
    “මට ඇත්තටම ආදරෙයිද”
    “හ්ම්ම් ගොඩාක්..”
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මදාරා නිවසට පැමිණි යේ රෑ බෝවී උනත් ඒ ගැන සොයා බැලීමට කිසිවෙකුත් උනන්දු වූයේ නැත .ඇගේ සෙල්ලක්කාර ජීවිතයේ තවත් එක් දවසක් කියා කවුරුත් සිතන්නට ඇත.එනමුත් ඈ ඇතුලතින් බොහෝ වෙනස් වී උන්නාය.අම්මා නමින් රස මතක පිරවූ ඈ අද තමා ළඟ නැත.අම්මා කීවේ එකම දෙයකි ගිහි ජීවිතය හැම විටම ඇත්තේ කෙලෙස් ගින්නේ දැවෙමිනි එතුල සිටින තුරා ගින්නෙන් තොර සැපත අත්විඳින්නට නොහැකිය.ගිහි ජීවිතේ ගිනි දලු තම ඇස් මත්තේම ඇතැයි ඈ කල්පනා කලාය.
    මේ හැමදේටම නිමිත්ත වූයේ කවීශ ය.
    “මම ගෙදර ආවා.ගුඩ් නයිට්” කියා ලීවේ යුතුකමක් ලෙස සිතාය.
    “ඕකේ කියා කවීශ එවූ පිලිතුර ඈ කියෙව්වාය.ඕකේ පැටියෝ කියන්න බැරිද මැට්ටො.
    පසු දාට පහන් වූයේ නව පණක් සමඟිනි.මීදුම බිඳගෙන හිරු කිරන පොළොව සිපිමින් සිටී.බඩේ කැක්කුම ගනණ් නොගෙනම ඈ අවදි වූවාය.හිත පුරා සතුට තැවරී ඇත.ඕනම් දේකට ළඟින් ඉන්නට ආදාරණීයයෙක් මට ඇත.හිතේ ඇති ගොඩක් දේ වචන වලට ගන්නට බැරිය.කේතලය රත් වෙන්නට තබා හාල් ගරන්නට සූදානම් වන විට අම්මා අවදි වී ආවාය.
    “කෝ මෙහෙට දෙන්න ඔය ලෙඩ එක්ක මහන්සි නොවී”
    “ලොකු අමාරුවක් නෑ අම්මා තේ ටික හදන්නකො”
    ලොක්කී සතුටින් ඉන්නා බවක් පෙනේ.ඇතැම්විට ඉන්දික කෙරේ ඇගේ කලින් තිබූ අදහස වෙනස් වී ඇති.දන්නා කෙනෙකුට කෙල්ලව දෙන එක වඩා හොඳයි .
    “අප්පච්චි හරියට කලකිරිල ඉන්නෙ වෙච්චි සිද්ධිය ගැන..ඉන්දික පුතා නොඉන්න තවම හිරේ “
    ඉරේෂා කිසිත් නොකියා සිටියේ එය එසේ නොවෙයි කියන්නට බැරි කමටය.ඔහු කලේ උදව්වක් බව හැබෑය ඒත් ඔහු හිලව්වට ඉල්ලන්නේ මගේ ජීවිතය ය.අම්මා සැරසෙන්නේ ඔහුගේ ගුණ ගයන්නට ය.කවීශ මල්ලී ගැන කියන්නට බැරිය.
    “මොනව උනත් එයාව ඕනෙවට වඩා ලං කරගන්න නරකයි”
    “ආ ඒ මොකද ..ඕන ලොක්කෙක් අදුනනව යකාටවත් බය නැති කොල්ලෙක් මට මතකයිනෙ පොඩි කාලෙ ඉඳලම ඔහොම තමා”
    “අඳුරනව කියල කියනව ඉතිං”
    “අනේ ලොක්කියෙ දැං මොකද්ද ඒ දරුවගෙ තියෙන අඩු පාඩුව..තාමත් ඔයා ගැන හිතේ තියාගෙනයි ඉන්නෙ.”
    බලළා මල්ල ඉරාගෙනම පැන්නේය.
    “ඒ උනාට මගේ හිතේ නම් තාමත් එයා නෑ”
    “පවට පින දෙන්න බෑ ඉතිං”
    “මේ පව්කාරිට පාඩුවේ ඉන්න දෙන්නකො”
    ඉරේෂා සිටිතැනින් නැගිට ආවේ තවත් මේ කතාව කරගනයන්නට නූමනා නිසාවෙනි.කවීශ මල්ලීට මේ සියලු විස්තර පවසා නිදහස් විය යුතුය.ඕනෑම දෙයක් පුලුල් ලෙස හිතා බලා කරන කවීශ මල්ලි මාව තේරුම් ගනීවි.ඉරේෂා කාමරයට විත් පාසල් යන්නට සුදානම් වූවාය.කවීශ මල්ලි මුණගැහෙන්නට ඇත්නම් කියා සිතුනේ හිතේ උපන් තනිකම නිසාවෙනි.ඒ උණුහුමට තුරුලු වී මගෙ දුක කියන්නට බලාපොරොත්තුවක් ඇත.
    කවීශ කාර්‍යාල යට ආවේ වෙනදාට වඩා උද්වේගයෙනි.සිතුවාටත් ඉක්මනින් ඇගේ සිත ඉල්ලා ගන්නට ලැබීම සතුටට කරුණකි .ඈව දැක ගැනීමට දැවෙන ආශාවක් මතුවී ආවත් එය ඉටු කර ගැනීමේ මගක් නොපෙනේ.
    “මම ස්කූල් ආව පැට්ටො ඔයා වැඩට ගියාද”
    “ඔව් අක්කි කොටේ මේ ආව විතරයි”
    “හම්ම් ..දවල්ට කෝල් කරන්නම්.උම්මා”
    ජීවිතේ වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ .මේ විඳින්නේ නුහුරු රසයකි.
    කවීශ ට තම අතිජාත මිතුරා සිහිවූයෙන් ඔහුට ඇමතුමක් ගත්තේ සුභ ආරංචි ය පැවසීමට ය.
    “හෙලෝ පසියා..වැඩද”
    “වැඩ නම් තමා කියපං මොකෝ වෙන්නෙ”
    “අර වැඩේ ගොඩ ගියා බං”
    “මොන වැඩේද..?”
    “අක්කි බබාගෙ වැඩේ”
    “අඩෝ සිරාවට..එතකොට හිටපු එකා”
    “ඌ බූට් එකක් දීල අයින් වෙලා ජරා සතෙක් අක්කගෙ ඔපරේෂන් එකෙන් පස්සෙ බබෙක් හැදෙන එක ඩෞට් ෆුල් කීවාම තමා මෑන්ස් අයින් වෙලා තියෙන්නෙ”
    “ඉතිං ඇත්තටම එහෙම සීන් එකක් තියෙද “
    “ඔව් ඉතිං ෆිෆ්ටි ෆිෆ්ටි වගේ චාන්ස් එකක් තියෙන්නෙ ඒත් දරුවෙක් කියන්නෙ ජීවිතේ නෙවෙයිනෙ බං”
    “ඒකනම් එහෙම තමා ඕව ප්‍රශ්න වෙන්නෙ ගෙවල් වලටනෙ බං උබට අවුලක් නැත්තං කමක් නෑ .ගෙදරට කීවද.”
    “පිස්සුද බං තාම නෑ “
    “බොස් කෑල්ලට මොකද උනේ “
    “ඒකෙත් තව සීන් එකක් උනා මම පස්සෙ කියන්නම්..තියන්නද මම”
    “අඩෝ තියන්න නෙවේ පාටියක් ඇරේන්ජ් කරපං”
    “හරි හරි සෙට් වෙමු හෙට අනිද්දට”
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කවීශ කාර්‍යාල යට පැමිණි මොහොතේ පටන් කලබලෙන් නමුත් තුටින් සිටින බව මදාරා දුටුවාය.දවසටම මූණ හරියට බලාගන්නට වුනේ නැත.ඔහුව කාමරයට ගෙන්වා ගන්නට හේතුවක්ද නැත.කවීශ ගේ අම්මා දුවේ දරුවෝ කියා ආදරෙන් කතා කල හැටි ඇගේ සිහියට ආවේය.කවීශ තමන්ට හොඳ ස්වාමියෙකු සේම අම්මා කෙනෙක්ද ලැබෙන බව ඈ සිතුවාය.එදා කාගෙදෝ දුරකථන ඇමතුමක් නිසා මුහුණ නරක් වුණා මතකය.කෙල්ලෙක් වත් ඉන්නවද.හිත පපුව දැවී ගියා සේ දැනුණේ ඒ සිතුවිල්ල නිසාය.ඔයා මගේ විතරයි.
    රෝහල් ගත වීමට තිබෙන්නේ අනිද්දාටය කවීශ මල්ලි සොයා දුන් තැනට හෙට හවසට යා ගත යුතුය.අම්මා නම් කීවේ මාලිගාවට හෝ ගැටඹේ පන්සලට ගොස් පඬුරක් අයින් කරමු කියාය.ඒ ගමනට ඔබත් මගේ ළඟ ඉන්නවානම් අගනේය.ඒත් එහෙම එන්නට කියන්නත් බැරිය.අම්මාට යම් සැකයක් මතුවුව හොත් හොඳ නැත.ඇගේ අදහස ඇත්තේ තමාව ඉන්දික ට බන්දා දීම නිසා මෙවන් සම්බන්ධ යකට ඇය කිසිසේත් රුකුල් දෙන්නේ නැත.හරි කාලෙ ආවාම කියනව ඈ තමාට මුමුණා ගත්තාය.අප්පච්චි පොලීසියෙන් රැගෙන ගිය කතාව ඉරේෂා කීවේ සමාධි ට පමණි .සමාධි විදේශ ගතවී සති දෙකකට වැඩිය .කවීශ මල්ලි සමඟ ඇතිකරගත් සම්බන්දය නිසා සමාධි සමග කතා කරන්නත් මොකක්ද වාගේය.තමාගේ පවුලත් දුප්පත්කම ගැනත් හොඳ හැටි දන්නා සමාධි මේ සම්බන්දය ගැන කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි සිතා ගත නොහැකිය.කවීශ මල්ලි නම් කියන්නේ කවුරුත් කියන කරන දේ වැදගත් නැති වගය.ඒත් අපට ප්‍රශ්න ඇති කරන්නේ අප අවට සිටිනවුන් විසිනි.
    “හෙලෝ අක්කෝ..”
    “ම්ම්ම්..”
    “ඔයාව බලන්න ඕන මට”
    “මටත් ආසයි මුණ ගැහෙන්න ඒත් කොහොමද ?”
    “මම ගම්පොළ එන්නද”
    “එපා පැටියො තේරුමක් නෑ පුලුවන් නම් මගෙ ඔපරේෂන් එක දවසට එන්න ඒ ඇති නැත්තම් අම්මලා උනත් වැරැදි යට හිතයි”
    “එදාට කොහොමත් එනව නේ .වැරදියට හිතන්නේ මොනාද අපි ගෙදරට කියමු මේ ගැන හැංගි හැංගි ලව් කරන්න පොඩි එවුන් නෙවේනෙ”
    “දැම්ම බෑ මගෙ කොල්ලෝ ඒ ගොල්ලො හිතන පතන විදිය මම දන්නව ඒ නිසා පොඩ්ඩක් ඉවසල ඉම්මු අපි”
    “අනේ මන්ද..”
    “සමාධිට කතා කලා ඊයෙ මොකක්ද වගෙ මට”
    “පිස්සු අනේ ඔයාට..ඔයා ලව් කරන්නෙ අයියටනම් ඔන්න අවුල් යන්න ඕන “
    “ඔන්න කිව්ව ඉතින් මම තියන්නම් මල්ලි ප්‍රින්සිපල් මැඩම් කතා කරනව”
    පාසලේ විදුහල් පතිනිය විවේක කාමරයේ සිටි තමාට අතින් එන්නට කියනු ඉරේෂා දුටුවාය.
    “ඉරේෂා කොහොමද කෙල්ලෙ හෙටද යන්න තියෙන්නෙ”
    “ඔව් මැඩම් හෙට යනව ඉං අනිද්ද තමා ඔපරේෂන් එකනම්”
    “මොකුත් ප්‍රශ්න යක් නෑ නේද ..ඔයා ටික කාලෙකට හරි නැති වෙනව කියන්නෙ ලොකු පාඩුවක් ඉතිං.තව පොඩි දෙයක් කියන්න එක්ක කතා කලේ කලබල වෙන්න එපා ඔයාගෙ තාත්තට මොනව හරි ප්‍රශ්නයක් උනාද”
    එය මැඩම්ට ආරංචි වුනේ කොහොමද .
    “ඔව් මැඩම් පොඩි ප්‍රශ්න යක් නිසා අප්පච්චිව ඇරෙස්ට් කලා ඒත් එදාම රිලීස් කලා”
    දෑස තෙමී ගියේ නොදැනීමය.
    “දෙමව්පියො කීපදෙනෙක් මට කතා කරල කිව්ව ඔය ගැන නරකකට කීව නෙවෙයි ඒත් ගුරුවරු විදිහට අපි ඉන්න විදියක් තියෙනව නෙ ඒකට හානියක් කරගන්න එපා”
    “මගේ පෞද්ගලික ප්‍රශ්නෙකට කතා කරන්න ගිහින් තමයි එහෙම උනේ මැඩම් ඒක එහෙම උනේ අප්පච්චි මට තියෙන ආදරේ නිසා..මේ සිද්ධිය නිසා ඉස්කෝලෙ නමට මොනව හරි හානියක් වෙලා තියේ නම් මම අස්වෙලා යන්නම් අප්පච්චි වෙනුවෙන් මට එහෙම කරන්න බැරි කමක් නෑ”
    “නෑ නෑ කලබල වෙන්න එපා දරුවො මම ඔයාට දැනගන්නයි කීවෙ හෙට ගිහින් ඔය වැඩේ කරගන එන්නකො “
    ඉරේෂා පහත්වී මුල්ගුරුතුමියට වැන්දාය.

    දහවන පරිච්ඡේදය
    කවීශ උදේ පාන්දරින්ම පිටත් වූයේ රෝගීන් බලන වේලාව පහුවීමට කලින් රෝහලට යාගත යුතු නිසාවෙනි.ගෙදරට කීවේ නුවර ශාකාවේ වැඩකට යන බවය.හයයි කාල වනවිට රෝහලට යාගන්නට හැකිවිය.කවීශ දුවගෙන ගියේ හිතේ කලබලයෙනි.නාරි වේද වාට්ටුවේ ඈ සිටි ඇඳ අංකය සොයා දෙවරක්ම ඇවිද්දත් ඈ දැකගන්නට ලැබුණේ නැත.හිතට වේදනාව ක් ආවේ අනාරාදිතවය .ආපසු එන්නට හැරුනේ ඔපරේෂන් කාමරයට වත් ගොස් බලන්නට හිතාගෙනය.කවුරුන් හෝ පිටට තට්ටු කරනු දැනී ආපසු හැරුනේ කවුදැයි බැලීමටය.
    “අප්පට සිරි කවීශ යා..මෙහෙ මොකද “
    සපුමල් බණ්ඩාර ගමේ ඉස්කෝලෙ එකට ඉගෙනගත් මිතුරා.
    “සප්පා මෙහද වැඩ..අම්මෝ දෙයියෝ දැක්ක වාගෙ”
    “මෙහෙ තමයි බං ඇයි කවුද ඉන්නෙ කෑල්ලද”
    “හ්ම් ..ඉරේෂා සෙව්වන්දි කියල අද ඔපරේෂන් එකට ඉන්න ගර්ල්”
    “අප්පා අර හාවි වගේ සුදු දැරිවි නේද යකෝ උඹ්ත් හොයාගන්න කෙල්ලො මෙහෙ වරෙන්”
    සපුමල් ශිෂ්‍යත්ව විභාගය සමත්ව නගරයේ පාසලකට ගිය පසු මුණගැසුනේ දහම්පාසලේදී පමණි .ඔහු වෛද්‍ය පීඨයට තේරුනු පසු පවුලම ගමෙන් ගිය නිසා සබඳතාවක් රැඳී තිබුණේ සයිබර අවකාශයේ සමාජ ජාල වලින් පමණි .ඒත අදටත් ඔහු පැරණි ලෙංගතුකමින් ම සිටිනු දැනේ.ඔහු වාට්ටුවේ සිටීම හිතටද සවියකි.සපුමල් පසුපස්සේ ගිය කවීශ ට ඔපරේෂන් සඳහා සූදානම් කල රෝගී පෝලිමේ ඉරේෂා අක්කා සිටිනු දැක ගත හැකි විය අම්මාත් ළඟින් සිටි නිසා හිතේ චකිතයක් ද ඇතිව ඔහු ඈ ළඟට ගියේය.දෝතට දරා සිපගැනීමට තරම් ආදරයක් දැනුණත් ඔහු මද සිනාවක් පමණක් පෑවේ අම්මා ළ්ඟ සිටි නිසාවෙනි .
    “මෙයානෙ ලෙඩා ඕන තරම් බලා ගනින්”
    “හරි මචන් තෑන්ක්ස්”
    “තෑන්ක්ස් වැඩක් නෑ පාටි පාටි ඈ”
    සපුමල් ඉරේෂා දෙසද බලා කීවේ කවීශ ගේ බඩටද පහරක් ගසමිනි.මූ තවත් හිටියොත් ගම කනවා කවීශ ට සිතුනේ අම්මා අමුතුවට බැලූ හෙයිනි.
    “කොහොමද අක්කා”
    “බඩ ගිනියි අප්පා..ඩොක්ට ඔයාගෙ යාලුවෙක් ද?”
    “යාලුවෙක් කියන්නෙ වැලි කෙලියෙ පටන්...ඔයා නම් බඩගින්නෙ ඉන්න ඕන කෙනානෙ අම්මා කාලද?”
    “ඔව් කාල ආවෙ පුතා දවල්ටත් කෑම හදල දුන්නා පුතාලගෙ ගෙදරින් “
    අම්මා වෙනසක් නොපෙන්වා කීවද කවීශ දුටු මොහොතේ පටන් කල්පනා කලේ කවීශ දූ බලන්නට ආවේ ඇයිදැයි කියාය.
    “මේ දරුව කොහෙ හරි යන ගමන්ද?”
    අම්මාගේ පැනය නිසා කවීශ වික්ශිප්තව ගියේය.
    “ඔව් අදත් ලෙක්චර් එකක් අක්කා අද එනවයි කියපු නිසා නිකමට ආවෙ”
    ඔහු කියන්නේ බොරුවකැයි අම්මා සිතුවාය.ලොක්කි ඉන්දික ට අකමැති වන්නටත් හේතුව මේ කොලුවා වන්නට පිලිවන.කිසිත් විමසීමට සුදුසු වේලාව නොවූ නිසා ඈ නිහඬව සිටියාය.අල්ලන්න බැරි අතු අල්ලන්න ගිහින් එක පාරක් මට්ටු උනා මදිවට ලැජ්ජාවක් නෑනෙ මේකිටත්.