සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සිහිනයකි ජීවිතේ (නවකථාව )

    පළමු පරිච්ඡේදය

    "ආ ඔය ඉන්නෙ රජෙක් වගේ"
    උඩරට මුල් ඇඳුමින් සැරසුනු අය්යාගේ දෙවුරින් අල්ලා ගනිමින් අප්පච්චි පවසනු කවීශ ඈත සිට බලා උන්නේ සතුටිනි .
    "එතකොට මම පුරෝහිත වෙන්න ඇති"
    "හරි හරී පොඩිත් රජ වෙයි හෙට අනිද්ද ම" ලොකු මාමා ද කතාවට හවුල් උනේ දුර ඉදන්මය.
    "හොඳයි හොඳයි කට්ටිය පිටත් වෙමු නැකත  හරි..දකුණු කකුල ඉස්සර කරල ගෙයින් එලියට බහින්න පුතේ"
    අයියා මිදුලට පිවිසෙන විට පිළිගන්නට පිච්ච මල් දැමූ වතුර වීදුරුවක් අතින් ගෙන කවීශ ගේ මව සූදානම් ව සිටියා ය.
    ලොකු මාමා ගෙනා මංගල යෝජනාවට මුලින් අදි මදි කල අයියා මේ තරම් ඉක්මනින් විවාහ වේ යැයි කවීශ නිකමටවත් සිතුවේ නැත.ගුරුවරියක වූ සමාධි අක්කා අයියා බලාපොරොත්තු වූවාටත් වඩා ගතිගුණ අතින් යහපත් කෙනෙක් වීමත් ඊට බලපාන්නට ඇතැයි කවීශ සිතුවේය.උදෑසන හයයි අටට යෙදුනු සුභ නැකතින් පිටත්ව ආ මනාල පාර්ශ්වය ගම්පොළ පිහිටි මනාලියගේ නිවසට ලගා වන විට දහය පමණ වී තිබිණි .
    දෙවන මනාලයා ලෙසින් සැරසීගත් කවීශ අතින් මල් කළඹ සමාධි වෙත පිලිගැන්වූ පසු පිළිගැනීමේ ගී ගයා මනාලයා පිලිගනු ලැබිණ .
    දවසේ කටයුතු අරඹමින් තේ මේසය විවෘත කර නෑ පිරිවරට සංග්‍රහ කර සියල්ලෝම පෝරුවේ චාරිත්‍ර සඳහා සූදානම් වූහ.
    පෝරුවේ චාරිත්‍ර අවසන් වූ පසු මංගල යුවලට මද විරාමයක් ලැබිණි .
    "අනේ බං තව කොච්චර වෙලා මේක හිර කරන් ඉන්න ඕනෙද"
    කවීශ ලද ඉස්පාසුවේ අයියා ගේ කනට කර ඇසුවේය.
    "ඉදපං යකෝ ෆොටෝ ටික ගැහුව ගැලෙව්ව "
    "මල්ලි මොකෝ කියන්නෙ ."සමාදි ද දෙදෙනා ගේ කසු කුසුව විමසා බැලුවාය.
    "මේකට මේක හිර කරන් ඉන්න බෑ කියන්නෙ"
    "අනේ කොල්ලො තව පොඩ්ඩනෙ..ඒක නෙවේ මේ  ඔයාගෙ මනමාලි එක්ක කතා කරන්නෙ වත් නැද්ද ..."
    "වෙඩින් එක ප්ලෑන් කරන කොටම කිය කිය හිටියේ ලස්සන දෙවෙනි කෙනෙක් ගන්නෙ නැත්තම් මෙයා එන්නෙ නෑ කියල"
    සමාධි තම යෙහෙළිය ට කීවේ ඇසින් ඉගි කරමිනි...
    "කොහොම ද ලස්සන යි ද?"
    "කෝ ඉතින් ඔයලා දෙන්න මැදින් හිටියම අපි කතා කරන්නෙ වත් කොහොමද ?"
    කවීශ ලැජ්ජාව අතරින් නගා ගත් සිනාවෙන් ම පිලිතුරු දුන්නෙ අක්කා දෙසට නැඹුරු වෙමිනි.
    "පුතාලා නෑදෑයො කට්ටියට කතා කරල ඉම්මු නේද එතකොට කෑම මේසෙ ලෑස්ති කරන්න පුලුවන් ඊලඟට "
    සමාධි ගේ පියා පැමිණි නිසා කවීශ ට පිලිතුරු දෙන්නට සමාධි ට ඉඩ ලැබුණේ නැත.
    "හරි අප්පච්චි "
    දෙදෙනා අසුනින් නැගිට යමින් කීවේය.
    "හා දැන් ඇති තරම් කතා කරගනිල්ලකෝ"අයියා කවීශ ට කියාගෙන ගියේය..
    කවීශ දෙවනි මනාලියගේ මුහුණ හරි හැටි දුටුවේ දැන්‍ ය.සමාධි අක්කා කියූ ලෙසින්ම හැඩකාරියක් තෝරා ගෙන තිබේ .සිහින් දිගටි මුහුණේ ඇත්තේ අහිංසක බවකැයි කවීශ ට එකවරම සිතුනේ ය.කහ පාටට කිට්ටු පාටැති ඈ සමාධි අක්කාට වඩා කැපී පෙනෙතැයි කවීශ ට නිකමට සිතුනේ ය.
    "මම ඉරේෂා ...ඔයා කවීශ නේද? "සිනා වතින් ම ඈ අසන විට කවීශ කතාව ට මුලපුරන්නට ප්‍රශ්නයක් සොයමින් ය සිටියේ.
    "ආ ඔව් ඔව්..අක්කා ද කිව්වෙ..ඔයා මොනවද කරන්නෙ ?"
    "මාත් ටීචිං තමයි කරන්නෙ ...අක්කාගේ බැච් එකේම යි"
    "අපොයි ඔයත් අක්ක කෙනෙක් එහෙනම්.."
    කවීශ ගේ මුහුණ අඳුරු වු හැටි ඉරේෂා හදුනා ගත්තාය .
    "මොකෝ කොල්ලො අප්සට් උනේ දෙවනි මනාලිවත් ඒ ගෙදරට ම එක්ක යන්න නේද  හිතුවේ"
    "අයියෝ නෑ අප්ප මොකට අප්සට් වෙන්නද"
    "මොකෝ නැත්තෙ ඔන්න කදුලු ත් ඇවිත්"
    හමුවී පැය කීපයක් වුවත් කලක් තිස්සේ හදුනන කෙනෙකු මෙන් දොඩමළු වන ඈ දෙස කවීශ බලා සිටියේ ආශාවෙනි.නැතැයි කීවත් හිතේ යම් දුකක් තැවරී තිබේ.ගෑණු කම් ලග පිරිමි හිත් බොළඳ වන හැටි පුදුමාකාර ය.
    "මල්ලී කොහොමද යාලුව හොඳයි ද?" සමාධි ගේ පැනයෙන් කවීශ ගේ සිතුවිලි දාමය බිඳී ගියේය .
    "කොහෙද ඉතින් අක්කෙක් වනෙ සෙට් කලේ" කවීශ සිනාසෙමින් කීවේ ඉගි කරමිනි.
    "මල්ලි අවුල් වෙලා ඉන්නෙ හොඳටම" ගින්නට පිදුරු අහුරක් දැම්මේ ඉරේෂා ය.
    "අක්කල තමයි නෙ හොඳ බං"
    "ආ ඇත්ත ද...?...බලන්නකො ඉරේෂා " සමාධි කීවේ අයියා ගේ කතාවට බොරු තරහක් මවා ගනිමිනි .
    "අපොයි වලියක් යන්න යන්නෙ අපි පැත්තකට වෙමු ඉරේෂා අක්ක "
    "අනේ ඔව් වලි බේරන්න නම් අපි නෑ"ඉරේශා සිනාසෙමින් කීවාය.
    ගෲප් ෆොටෝ ටික ගම්මු ද මිස්ට දෙනගම....ඡායාරූප කරු පැමිණි නිසා සිනාසෙමින් ම පිරිස නික්ම ආහ.
    එක් එක් කෝණ වලින් බලමින් ඡායාරූපකරුට අවැසි පරිදි ඉරියව් මවන්නට වීම කවීශ ටන්ම් දැනුනෙ වදයක් ලෙසිනි.
    "මෙන්න මේ කපලෙත් ෆොටෝ එකක් ගන්න .."
    "ඒ ඩබලත් මැචින් නේද?"සමාධි ඇසුවේ ඡායාරූප ය සඳහා ලඟින් සිටගෙන උන් කවීශ සහ ඉරේෂා දක්වමිනි
    "ඉරේෂට බෝයි කෙනෙක් ඉන්නව නේද ?"
    "ඔව් අපේ සීනියර් අයියා කෙනෙක් ...මට නම් අල්ලන් නෑ "
    "ආ ඔයා අල්ලන්න ඕනෙ නෑ ඉරේෂා අල්ල ගනී ඒව"
    "අපෝ ඔන්න කිව්ව ඉතින්"
    දිවා ආහාරයෙන් පසු මංගල සභාවේ දෙපාර්ශවයේම කතා වලින් පසුව මනාලියව ඒ දෙමාපියන් විසින් මනාලයා ගේ පවුලට භාර කරවීමේ චාරිත්‍ර ය සැමගේ නෙතට කදුලු ක් ගෙනාවේ ඒ දරු පෙම එතරම්ම ප්‍රබල වූ නිසාමය .කුසින් වදා කවා පොවා උස්මහත් කල තම දරුවා පිටස්තරයෙකුට පවරා දීමට දෙමාපිය සිත් කෙතරම් පරිත්‍යාගශීලී විය යුතු ද.යහලුවන්ගේ උසුලු විසිලු මැද මනාලා යුවල පිටත්ව ගිය පසු දෙපාර්ශවයේම නෑදෑයන් ද එකිනෙකා ගෙන් සමුගත් හ.කවීශ පිටත්ව යෑමට පෙරාතුව වට පිට බැලුවේ ඒ තරු දෑස තව වරක් දැකීමේ ආශාවෙනි.
    "අපි ගිහින් එන්නම් අක්කා එහෙනම් "
    "හරි මල්ලියෝ ...බුදු සරණයි ..!"
    ඒ ලගන්නා ලෙංගතුකම පිරි වදන් සමගින් කවීශ ඉරේෂා ට සමුදුන්නේය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මගේ පළමු නවකථාව ...වෙලාව තියෙන විදියට කොටස් එක් කරන්නම් ..ගුණ දොස් කොටා යනවනම් වටී
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Sulaga Wagee Ewidin.....beluwata passe tawat e wage ekakda manda.......keep it up bro....
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දෙවන පරිච්ඡේදය

    මංගල උත්සවයේ දෙවනි දිනයත් ඉතා ඉහලින් සැමරුනත් කවීශ ගේ හිතේ නම් තිබුණෙ බලාපොරොත්තු කඩවීමේ සංතාපයයි.තම මිත්තණිය ගේ අභාවය නිසා ඉරේෂා ට දෙවනි දිනය සඳහා සහබාගී වීමට ලැබුනේ නැත.මේ ලතැවිල්ලට ඇත්තේ කුමන අර්ථයක් දැයි සිතීමට කවීශ වෙහෙසුනේ නැත.
    "මේ ගෑනිත් අදම සොත්තපොච්චි උනානෙ..ලබ්බ" හිතට එන කෝපය වදන් වලට නොනගා ගිලගත් කවීශ දුක් වූයේ ඇගේ දුරකථන අංක ය වත් ඉල්ලා නොගත් නිසාවෙනි .සමාධි අක්කාගෙන් එය ඉල්ලා ගැනීමට යාමද නුවනට හුරු නැත...සිතිවිලි සමග පොර අල්ලමින් අවිවේකී දවස ගෙවී ගියෙන් නිවසේ කලබලය යම්තාක් සමනය වී තිබේ .
    සිත මෙතරම් බොළඳ ලෙස වැලපෙන්නේ මන්දැයි කවීශ විටෙක කල්පනා කලේය.අප අතර නිස්චිතව සටහන් කල බැදීමක් නොමැත.ඒ රුව කෙරේ උපන් කෑදර කමක් නොවේද මේ???
    *******
    මිත්තණිය ගේ මරණය ත් සමගින් කාර්‍ය බහුල වූ ඉරේෂා ට නම් කවීශ මතක් වූයේ නැති තරම්‍ ය.මිත්තණිය රැකබලා ගැනීමට කිසිම දරුවකු ඉදිරිපත් නොවුනත් ළඟ දීම මහ ගෙදර අයිතිය වෙනුවෙන් අප්පච්චි ට යුද වදින්නට වන බව ඈ දැන සිටියාය .පහළ යාය කුඹුරු අක්කර දෙකත් ගොඩවෙල ඉඩමත් බලෙන්ම බාප්පා විසින් අල්ලා ගෙන ඇති නිසා අප්පච්චි ට ලැබුණේ මහ ගෙදර වත්තත් කන්නයකට වරක් වගා කෙරෙන කුඹුරු අක්කරයත් පමණි.
    මලගමේ කටයුතුවලට පවා එතරම් උනන්දු නොවූ බාප්පා සහ පුංචි අම්මා හත් දවස ගෙවෙන්නටත් පෙර නිවසින් පිටව යෑම පිළිබඳව සැවොම පසු වූයේ නොසතුටිනි.
    "අම්මෝ බලන්න එපැයි අරුන්ද ගෙ සව්ද ම ... පිට එකෙක් වගේ එහෙට මෙහෙට වෙවී ඉදල යන්න ගියා..හරියට කතා බහක් වත් කලාද නෑයෙක් එක්ක"
    අම්මා හිතේ නෝක්කාඩු ව කියවාගෙන ගියාය.
    "දුවගෙ වර්ණනාව අහං ඉන්න තමා ඊට අමාරු ...ඉන්ටර්නැෂනල් කොලේජ් යන්නෙ එයාගෙ ළමයි විතරයි වගේ"
    "අනේ අපිට ඕවගෙන් වැඩක් නෑනෙ අම්මා.."මේ කතාව තව දුර යනවාට ඉරේෂා කැමති වූයේ නැත.
    "වැඩක් වෙන්න තිබුණා අප්පච්චි ඔක්කොම ටික උන් ඩැහැ ගන්නකල් බලා නොහිටියා නං"
    අප්පච්චි කිසිත් නොකියා පිටව යන්නෙ හිතේ වේදනාවෙන් බැව් ඉරේෂා දනී.ජීවිතේ පුරාවට දුකම විදි අම්මාගේ නෝක්කාඩු වලට ද වටිනාකමක් ඇති බව දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඉරේෂා දැන උන්නාය.යමක් කමක් තිබූ පවුලේ වැඩිමලා වූ අම්මා අප්පච්චි සමග පිටමං වී ආවේ ඒ සියලු සැප සම්පත් අතැර දමා අප්පච්චි හා සතුටින් ජීවත් වීමට වුවත් මහ ගෙදරට විත් විදින්නට වූ නේ ක අකටයුතුකම් ගැන ඉරේෂා දැන උන්නාය.තත්ත්වය වඩා දරුනු වූයේ දේශපාලන පලිගැනීමක් ලෙස අප්පච්චි ගේ රස්සාව අහිමිවීමත් සමගය.
    මේ අතීත කුණු වැලලී තිබේ නම් ඒ වඩා හොඳ ය.
    බිද වැටී ඇති පවුලෙ වගකීම තමා වෙත ඇති බව ඉරේෂා නිරන්තරයෙන් සිතුවාය.පොඩ්ඩීට උගන්වා හොඳ තැනකට යැවීම උදෙසා ඉරේෂා හැකිතාක් වෙහෙසුනේ තමාවත් අම්මාවත් විදි දුක් ඈට ද උරුම නොවිය යුතු යන හැගීම හිතේ දරාගෙනය.
    *******
    "හෙලෝ පසියා...මොකෝ වෙන්නේ?"
    "මොනා වෙන්නද බ්‍රෝ...තෝ හිවල මගුල් කාලා කාලා කැවුමක් වත් ගෙනාවද අපිට ...කැයන්නා"
    "ඒක තමයි බොල තො ඉන්නවද ගෙදර මේ එන්න අහන්නෙ "
    "අනේ රත්තරන් ඔය කන්න තියෙන ඒව අරන් වරෙන්කො එහෙනං"
    පසිදු කවීශ ගේ හොඳ ම මිතුරා වූයේ පාසල් කාලයේ පටන්මය.විශ්වවිද්‍යාලයයේ ද රූමා වූ ඔවුනතර ඇත්තේ සහෝදර බැදීමකි.
    කවීශ අම්මා සකසාදුන් කෑම පාර්සලය ද රැගෙන යතුරු පැදියෙන් පසිදු සොයා පිටත් වුණේ ය.
    "ආ වඩින්න වඩින්න සපුමල් කුමාරය බැදල මහන්සි වගේ"
    පසිදු කවීශ ගේ මල්ල උදුරා ගනිමින් කීවේ ඔහු ගෙට ගොඩ වීමටත් පෙරාතුව යි.
    "කොහොමද පුතා...වෙඩින් එක හොඳින් කෙරුනලු නේද අම්මා කතා කලා ඊයේ"පසිදුගේ මව කවීශ පිලිගත්තේ පුරුදු ලෙංගතුකමිනි.
    "ආ ඔව් ආන්ටි වරදක් නෑ"
    "ඉන්නකො මං තේ ටිකක් හදන්නම් පුතාට"
    "මේ මේ මේ පුතත් ඉන්නව හොඳ ද"
    "පේන ව පේනව"
    මව එතැනින් නික්ම ගියේ සිනා වතින්මය.
    "අඩෝ ඒක නෙවේ දෙවනි බඩ්ඩ කිරි ටොයියෙක් වගේ හිටියද"
    "බඩ්ඩ බඩ්ඩ කියන්න එපා හරිය මගෙ සුදු අක්කි බබාට"
    "නෙදකින් අක්කෙක්ද ...ඇයි බං උබට එහෙමවත් ලස්සන නංගි කෙනෙක් සෙට් වෙන් නැත්තෙ"
    පසිදු කීවේ ඔලොක්කුවටය..
    "අනේ පල ..උඹ ට ඉන්නවනෙ නංගි ල දුසිමක් ලව් කරන්න ..රෙද්ද තමයි"
    "ආ මෙන්න බලපන් හැඩ අක්ක උනාට" කවීශ තම ජංගම දුරකථන යේ වූ සේයාරුව පසිදු ට දක්වමින් පැවසුවේ ආඩම්බර ලෙසිනි.
    "සිරාවටම හැඩයිනෙ බං ...බලපංකො සුද...කතා එහෙම කරනවද ඉතිං"
    "අහවල් එකටද කතා කරන්නෙ නොම්බරේ දන් නැතුව" කවීශ කට ඇදකර හිතේ දුක කීවේය.
    "අපෝ ගෙවලයා නම්බ එක දුන්නෙ නැද්ද ...හපෝ උඹ නම් බං..fb සර්ච් කලාද"
    "Fb න්වේ මොන රෙද්දෙ වත් නෑ බං ඒකි..."
    "අක්කගෙන් ඉල්ලපංකො වදේ"
    "අක්කගෙන් ඉල්ලන්න පුලුවන්ද බං..රෙද්ද ක් ඇදන් "
    "අනේ උඹේ සබ්‍යත්වෙයි සාරදර්මෙයි එක්ක ලව් කරන්න වෙන් නෑ"
    අම්මා තේ සූදානම් කරගෙන පැමිණි නිසා කතාව එතැනින් නතර විය...
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔන්න දැම්ම ...ෆ්‍රෙන්ඩ්ස් ...අදත් නයිට් චේන්ජ් කරගන්න රූම් එකට ආපු ටිකට කෙටුවෙ අකුරු එහෙම වැරැදි තිබුනොත් සොරි වෙන්න ඕන..
     

    wasanthahwr

    Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    ගෑණු කම් ලග පිරිමි හිත් බොළඳ වන හැටි පුදුමාකාර ය.

    ඒක පට්ට....